දරුවාගේ චාර්වක දතට විශේෂ අවධානයක් යොමු කරන්න
චාර්වක දත් පිළිබඳ හැඳින්වීමක් කළොත්?
ස්ථිර දතක් වශයෙන් මුඛයට මුලින්ම පැමිණෙන දත චාර්වකය ලෙස හඳුන්වනවා. අවුරුදු හයේදී පමණ මේ දත මුඛයට එනවා. මේ දත පිහිටන්නේ හක්කේ දතක් ලෙසයි. සාමාන්‍යයෙන් ඕනෑම කෙනකුගේ මුඛයේ චාර්වක දත් 12ක් තිබෙනවා. හකු පෙදෙසේ එක් පැත්තක දත් තුන බැගින් පිහිටනවා. වයස අවුරුදු හයේදී පමණ පළමු චාර්වක දත අපේ මුඛයේ පිහිටනවා. වයස අවුරුදු 12 දී පමණ දෙවැනි චාර්වකය එනවා. තෙවැනි චාර්වක දත අපේ මුඛයේ පිහිටන්නේ අවුරුදු 18දී පමණ.
හරිම පරෙස්සමෙන් චාර්වක දත් ආරක්ෂා කර ගත යුතුයි නේද?
චාර්වක දතක් මුඛයට ආවිට ඒ දත ස්ථිරයි. කිරි දත් වගේ වැටෙන්නේ නැහැ. හක්කේ කෙළවර මේ දත පිහිටනවා. යම්කිසි අයෙකුට මදින්න, සුද්ද කරන්න අමාරුම තැනක තමා මේ චාර්වක දත් පිහිටන්නේ. ඒ නිසාම තමයි මේ දත්වලට අපි විශේෂ අවධානයක් යොමු කළ යුත්තේ. දතේ ස්වභාවය අනුව මතුපිට රැළි සහිතයි. ඒ නිසා එම දත්වල හරිම ඉක්මනට කෑම රඳා පවතින්න බලනවා.
අපේ මුඛයේ ඉස්සරහා දත් හොඳින් ආරක්ෂා කර ගැනීමට අප පෙළඹී සිටිනවා. ඇත්තම කියනවා නම් ඉදිරිපෙළ දත් ආරක්ෂා කර ගන්න අප ඉබේම පෙළඹෙනවා. ඒවායේ ස්වාභාවය අනුව කෑම රැෙඳන්නෙත් නැහැ. පැණි බීමක් බිව්වත් ස්වාභාවිකවම කෙළවලින් සේදිලා යනවා. හක්කේ දත්වල ඒ පැණිබීමේ විවිධ සංඝටක රඳා පවතිනවා. එම දත්වල කෙළ පිරුණත් ඒවා එහෙමම රඳා තිබෙනවා. ඒවා ස්වාභාවිකව සේදිලා යන්නේ නැහැ. මේ සියලුම අහිතකර බලපෑම් චාර්වක දත්වලට බලපානවා. චාර්වක දත කටේ මතු වෙලා මාස දෙකක් ගත වීමට පෙර ඇතැම් දරුවන්ගේ දත් දිරායාමට ලක්වෙනවා. චාර්වක දත් පිළිබඳව තිබෙන අවධානය අඩුකම මීට හේතු වී තිබෙනවා. මේ හේතු නිසා අපේ කටේ තිබෙන චාර්වක දත් පරෙස්සමින් ආරක්ෂා කර ගත යුතුයි.
දරුවගේ මුඛයේ හක්කේ පළමුවැනියට එන චාර්වක දත ස්ථිර දතක් කියලා දෙමාපියන් දැනුවත් කළ යුතුයි නේද?
ඔව්, අනිවාර්යයෙන්ම මේ ගැන දෙමාපියන් දැනුවත් කළ යුතුයි. අපේ අම්මලා බොහොම දෙනෙක් මේ ගැන දැනුවත් වී නැහැ. දරුවගේ කටට වයස අවුරුදු හයේදී මේ දත එනවා. කිරිදත් 20ට අමතරව තමයි මේ දත එන්නේ. දරුවා වැඩිහිටියකු බවට පත් වන විට ඝන ආහාර අපේ කෑමට එකතු වෙනවා. මේ ඝන ආහාර විකන්න, අඹරන්න, පොඩි කරන්න ඕන. ඒ සඳහා තමයි අපේ කටේ චාර්වක දත් පිහිටන්නේ. මේ දත් ජීවිතාන්තය දක්වා ආරක්ෂා කර ගත යුතුයි. වෙනත් වචනයකින් කියනවා නම්, මිනිසෙක් අවුරුදු 80ක් ජීවත් වෙනවා නම් චාර්වක දත අවුරුදු 74ක්ම කටේ තිබෙනවා.
දරුවාගේ මුඛය පුංචි වුණාට චාර්වක දත ලොකුවට එනවා. දරුවා වැඩිවියට පත්වන විට මේ දත ප්‍රමාණයෙන් විශාල වන්නේ නැහැ. දත මුඛයට එන ආකාරයටම තමයි පවතින්නේ. පුංචි කිරි දත් මදින්න තමයි අපේ දෙමාපියන්, දරුවන් පෙළැඹී සිටින්නේ. අහිතකර සාධක වැඩිපුරම බලපාන්නේ මේ දතට. ඒ නිසා මේ දත ගැන විශේෂ අවධානයක් යොමු කරලා පිරිසිදුව තබා ගත යුතුයි.
චාර්වක දත් මුඛයෙන් ඉවත් කරන්නට වුවහොත් අපේ මුඛයේ තිබෙන සෙසු දත් ඉක්මණින්ම ගෙවී යාමට ලක්වෙනවා කියන්නේ ඇත්තද?
චාර්වක දත්වලින් තමයි හක්කේ කෙළවර හනු දෙක අතර ඉඩ රඳවාගෙන තිබෙන්නේ. චාර්වක දත් නොතිබුණේ නම් හනු අතර ඉඩ පරතරය අඩු වෙනවා. එවිට ඉදිරිපස දත්වලට වැඩි පීඩනයක් ගෙන දෙනවා. මේ නිසා ඉදිරිපස දත් ගෙවී යාමේ අවදානමක් පවතිනවා. උඩහනුව සහ යට හනුව ක්‍රියාත්මක වන්නේ කන අසල තිබෙන සන්ධියෙන්. උඩ හනුව අචලයි. නිතරම ක්‍රියාත්මක වන්නේ යට හනුව. හරියට තේ අඹරන යන්ත්‍රයක් වගේ තමයි මේ හනු දෙක ක්‍රියාත්මක වන්නේ. ආහාර විකන්න, අඹරන්න, පොඩි කරන්න අප පුරුදු වී සිටින්නේ මේ හනු දෙකේ ක්‍රියාකාරිත්වය හරහායි.
චාර්වක දත් ගැලෙව්වාම ඉස්සරහා දත්වලින් හපන්න පුරුදු වෙනවා. එවිට කන අසල තිබෙන සන්ධියේ චලනය වෙනස් වෙනවා. හන්දියේ බරපතළ ඉදිමුමක් ඇති වෙනවා. එය හරිම වේදනාකාරියි. ඒවාගේම ඉස්සරහා දත්වලින් විකන්න පුරුදු වුණාම එම දත් ගෙවීයාමේ වැඩි අවදානමක් පවතිනවා.
වයස අවුරුදු 12 දී දෙවැනි චාර්වකය පිහිටනවා. කිරි දත් කටට එන කාලයේදී පැණි රස කෑම කන එක අඩුයි. එහෙත් චාර්වක දත් කටේ පිහිටන කාලයේ දරුවන් වැඩිපුර පැණි රස කෑමට පුරුදුව සිටිනවා. චාර්වක දත් පහසුවෙන් පිරිසිදු කළ නොහැකි නිසා පැණි රස ඇතුළු ආහාර දත වටේ රැස්ව තිබෙනවා. ඒ දත් නරක් වුවහොත් මුඛයෙන් ඉවත් කරන්නට සිදුවෙනවා. දත් පරෙස්සමෙන් ආරක්ෂා කර ගත යුතුයි.
තෙවැනියට මුඛයේ පිහිටන චාර්වක දත ඉවත් කිරීම මුඛ සෞඛ්‍යයට ගැටලුවක් නොවේද?
අපේ කටේ චාර්වක දත් 12ක් තිබෙනවා. අන්තිමට එන එනම් තෙවැනි චාර්වකය ඥාන දත කියලා හඳුන්වනවා. බොහෝ වේලාවට ඥාන දත එන්නේ හරහාට. හනුවේ පවතින ඉඩ මදිකම ඊට හේතු වෙනවා. ප්‍රාග් ඓතිහාසික යුගයේ සිටි අපි‍්‍රකානු නීග්‍රොයිඩ්ලාගේ හනුව හරි දිගයි. මේ යුගයේ ජීවත් වූ අපේ අයගෙත් හනුව දිගයි. ඒ නිසා කටේ දත් 32ම රඳවා ගන්න ඉඩ තිබුණා. මානව පරිණාමයත් සමඟ උඩ හනුවේ සහ යට හනුවේ දිග අඩු වෙමින් පවතිනවා.
චීනයේ, කොරියාවේ ජීවත් වන්නේ දියුණුම මානව කොට්ඨාසයන්. ඔවුන්ගේ හනු කුඩා වෙලා. මානවයා දියුණු වෙමින් පරිණාමය වන විට හනුව කුඩා වෙනවා. එවිට කටේ දත් 32 ම රඳවා ගන්න අමාරුයි. ඒ නිසා අන්තිම චාර්වක දත හරහට එනවා. මුඛයේ නිරෝගී පැවැත්මට එය හානියක්. සැබැවින්ම මුඛයේ නිරෝගී පැවැත්මට අවශ්‍ය වන්නේ දත් 28 යි. කිරිදත් වෙනුවට පැමිණි දත් 20 යි චාර්වක දත් 8 යි තිබුණාම, එය මුඛයේ නිරෝගී පැවැත්මට හොඳටම ප්‍රමාණවත්.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (දන්ත සේවා)
විශේෂඥ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර
උපුටා ගැනීම දිනමිණ
අලියන්ට ළමයින්ට දගලන්ටමයි හිත. ඕනෑම දරුවෙක් දගකාරයි. දගකාරකම කියන්නේ නිරෝගී කමේ ලක්ෂණයක්. නමුත් අසාමාන්‍ය ලෙස ඔබේ දරුවා දගකාර නම් එය අසනීප...
“දොයි දොයි දොයි දොයිය බබා” “බයි බයි බයි බයිය බබා”දරුවන් හඬන විට නළවා ගන්නට අතීතයේ සිට මව්වරුන්ගේ මුවඟ රැඳෙන එකම සුගායනයට කුමන...
පුංචි දරුවන්ගේ මොළයේත් ගෙඩි හටගන්නා බව ඇසුවහොත් ඔබ පුදුමයට පත්වේවි. අපේ ශරීරයේ පිහිටා තිබෙන ඉන්ද්‍රියයන් අතරින් මොළය වඩා සංකීර්ණ වූ ක්‍රියාවලියක්...
විටමින් සී ගත්තාට අමුතු ගුණයක් නෑ වැහිබර ස්වභාවය, සීතල සුළං, දුහුවිල්ල, වියළි කාලගුණය ආදී වරින්වර මාරුවන කාලගුණික තත්ත්වයන් නිසා මේ දිනවල ශ්වසන...
"අප්පච්චි, අයියා මා එක්ක කතා කරන්නෙ නැහැ. අයියට කියන්න මාත් එක්ක සෙල්ලම් කරන්න එන්න කියලා." අයියාගේ හැසිරීමේ අසාමාන්‍ය ස්වභාවය පළමුවෙන්ම දැනුණේ...
බොහෝ දරුවන් තම කුඩා අවධියේදී ඇඟිලි ඉරීමට විශේෂයෙන් මහපට ඇඟිල්ල ඉරීමට යොමු වන්නේය. මෙම තත්වය තරුණ මව්වරුන්ට අත්දැකීම් රහිත නිසා යම්...