Biz Log
Classifields
Biz Log
Classifields

සෙම්ප්‍රතිෂ්‍යාව කියන්නෙත් සෙම රෝගයක්

සෙම්ප්‍රතිෂ්‍යාව කියන්නෙත් සෙම රෝගයක්

සෙම්ප්‍රතිශ්‍යාව යනූවෙන් හඳුන්වන්නේ සොටූ දියර වැනි ශ්‍රාවයන් නාසයෙන් ගැලීමයි. මෙය වැළඳිය හැකි එක් ක්‍රමයකි. වයිරස් ආසාදන. වයිරස් වර්ග බොහොමයක් තිබිය හැකියි.  එකක් ඉන්ෆ්ලුවන්සා වයිරසය. මේ වයිරස ශරරගත වූ විට ස්වසන පද්ධතියේ සෛල වලට බලපෑම් ඇති කරයි. එවිට මේ සෛල වලින් ප්‍රතික්‍රියාවක් ඇති වෙනවා. එසේ සිදුවන්නේ ශරීරයෙන් මේ විෂබීජය මර්දනය කර ඉවත් කිරම සඳහායි. මේ ප්‍රතික්‍රියාවේදී උණ ඇති වේ. නාස් පූඩූවලට මේ වයිරසය බලපෑම් ඇති කළ විට එහි සිවියේ ඇති සෛල වලින් ශ්‍රාවයක් පිට කරයි. මේ ශ්‍රාවය සොටූ දියර ලෙස පිටතට පැමිණෙයි. එසේම මෙම ප්‍රතික්‍රියාවේදී එම සෛල ඉදිමෙයි. සෛල වල ඉදිමීම හා සොටූ ඇතිවීම හේතුවෙන් නාසයේ සිරවීමක් ඇති වේ. කිවිසූම් යාම මේ අවහිරය අඩූ කර ගැනීමට ශරරයේ ඇතිවන ප්‍රතික්‍රියාවකි. නාසයේ ඇතිවන සිරවීම මේ මගින් අඩූකරයි. සොටූ නාසයේ රැඳී තියෙන්නේ නැහැ. එය එවේලේ සෑදී පිටතට පැමිණෙන දෙයක්. මේ ශ්‍රාවය පිටතට එනවා වගේම නිදාගෙන සිටින විට ආපස්සට යන්නට පූළුවන්. පිටූපසට ගොස් උගුරේ ක්‍රියාවලින්ට බාධා කළ විට කැස්ස ඇති වෙනවා.

මූහූණේ විශේෂයෙන්ම නාසය වටෙි අස්ථිවල පිහිටා ඇති කුහරවල විෂබීජ හෝ අසාද්මිකතා හේතුවෙන්, සිවිවල ශ්‍රාවයන් ගැලීම වැඩි වී ඇතිවන පීඩනය නිසා හිස කැක්කුම ඇතිවන්නට පූළුවන්. එය සයිනූසයිටිස් (ඉරුවාරදය) ලෙස හැඳින්වෙනවා. මේ ක්‍රියාවලිය උගුරට බලපෑම් ඇති කළ විට ස්වරාලය වටා ඇති මස් පිඩූ හා සිවි ඉදිමීමට ලක් වී කටහඬ වෙනස් කරන්නට පූළුවන්. ඒ නිසාම හූස්ම ගැනීමට බාධා ඇති වී ශබ්දය ඇසෙන ලෙස හූස්ම ගන්න පූළුවන්.

විෂබීජ ස්වරාලයට, ස්වාසනාලයට හා ස්වාසනාලිකා වලට බලපෑවොත් බ්‍රොන්කයිටිස් රෝගය ඇතිවෙන්නට පූළුවන්. මේ හැරුණූ විට මේ හා සමාන රෝගී තත්ත්වයන් අසාද්මිකතාවයන් නිසාත් දූෂිත වායූ වැනි තත්ත්වයන් නිසාත් සෙම්ප්‍රතිශ්‍යාව ඇතිවෙන්නට පූළුවන්. ඒ අතර වාහන , ප්ලාස්ටික්, දර පිච්චෙන විට ඇතිවෙන දුම් ආදි දුම වර්ග තිබෙනවා. මේවා ඉතාම සූලබ තත්ත්වයන්. ඇතැම් විට මේවා වසංගත තත්ත්වයෙන් පැතිරෙන්නට පූළුවන්. එයට දේශගුණික වෙනස්කම්, රෝග කාරකයන්ගේ ප්‍රබලතාවය හේතු වෙනවා.

සෙම්ප්‍රතිශ්‍යාව ඉතාම බහූල රෝගයක්. කුඩා දරුවන්ට නිතරම ඇතිවෙනවා. නමූත් ඉතාම කුඩා මාස 5 - 6 පමණ බිළිඳුන්ට ඇති වීමෙන්, ඔවූන්ගේ ප්‍රතිශක්තිය ඉතාමත් අඩූ නිසා. සෙම්ප්‍රතිශ්‍යාවෙන් ආරම්භ වී දින 2 - 3 ක් ඇතුළත පෙනහළු දක්වා බලපෑම් ඇති කරන්නට පූළුවන්. මේ තත්ත්වය හඳුන්වන්නේ බ්‍රොන්කි යෝලයිටිස් යනූවෙන්.

සෙම්ප්‍රතිශ්‍යාව ඇතුළු ස්වසන රෝග බොහොමයක් බෝවෙන්නේ, එම රෝග කාරකයා සහිත පූද්ගලයෙක් කහින කොට, කිවිසූම් අරින විට, කතා කරන විට පිටවන කෙළ බිඳිති මගින්. ඒ නිසා වයිරස රෝග සම්බන්ධයෙන් කළ යූත්තේ ඇතිවීම වළක්වා ගැනීමයි. කුඩා දරුවන්ට මෙම රෝගී තත්ත්වය ඇති වූ විට ඉතාම අපහසූකාර තත්ත්වයකට මූහූණ පානවා. ඒ නිසා මව සැළකිලිමත් වෙන්නට ඕන දරුවා රෝගී තත්ත්වයන්ගෙන් වළක්වා ගන්නට.

දරුවෙකුට සෙම්ප්‍රතිශ්‍යාව ඇති වූ විට එම දරුවා විවේකයෙන් තබන්නට ඕන. දරුවාට උණ නැත්නම් , සීතල ගතියෙන් යූතු නම් දරුවාව උණූසූම් කර තබන්නට ඕන. උණ තිබේනම් එය පාලනය කර තබා ගන්නටත් ඕන. ඒ සඳහා පැරසිටමෝල් වර්ගයක් පාවිච්චි කරන්නට පූළුවන්. මෙය දිනකට නියමිත මාත්‍රාවෙන් වාර හතරකට වඩා නොදිය යූතුයි. පැරසිටමෝල් වූවත් වැඩිපූර ශරරගත වීමෙන් විවිධ අතුරු ආබාධ ඇතිවෙන්නට පූළුවන්.

වැදගත්ම කාරණය තමයි දරුවන්ට ආහාර ලබාදීම. දරුවන් සෑම තත්ත්පරයකම වැඩෙනවා. ඒ වැඩීම සඳහාත් රෝගයට ප්‍රතික්‍රියා දෑක්වීම සඳහාත් දරුවන්ට සමබල ආහාර වේලක් අවශ්‍යයි. අසනීප වූ විට දරුවන් ආහාර ගැනීම තරමක් අඩූකරනවා. නමූත් මව සෑම විටම වෙනදාට වඩා දියර වර්ග ලබා දීමටත් වෙනදට වඩා ආහාර ලබා දීමටත් උනන්දු විය යූතුයි. ඒ වගේම ඒ ආහාර උණූසූම් විය යූතුය. ළදරුවන්ට නම් ලබා දිය හැකි ප්‍රධානම ආහාරය මව්කිරි වේ. වෙනදාටත් වඩා ඔබේ බිළිඳාට මව්කිරි ලබා දෙන්න. වැඩිහිටි පූද්ගලයන්ට විෂබීජ ශරරගත වූ විට ඒවාට විරුද්ධව ප්‍රතිදේහ හදාගන්න පූළුවන්. නමූත් ළදරුවන්ට මේ ප්‍රතිශක්තිය ලබා ගන්න තරමක් කල්ගත වෙනවා. මව්කිරි දෙන විට මව සාදන ප්‍රතිදේහ ළදරුවාගේ ශරරයට ඇතුල්වන නිසා ළදරුවාට පහසූවක් වනවා රෝගවලින් ආරක්ෂා වෙන්නට.

දරුවාගේ නාසයේ සිරවීමක් තිබෙනවා නම් ඉතාම ප්‍රවේසමෙන් උණූ වතුර ටිකක් ගෙන ළදරුවාට දුම් අල්ලන්න පූළුවන්. නාස් පූඩූ තද වූණාම විශේෂයෙන්ම දරුවන්ට කිරි බීමට අපහසූයි. ඒ වගේම නිදා ගැනීමට අපහසූයි. ඉතාම කලාතුරකින් හැර නාසයේ සිරවීමට බෙහෙත් පාවිච්චි කරන්නේ නැහැ. නාසයට දියර වර්ග දෑමීම මගින් තාවකාලික සූවයක් ලැබූණත් ඊළඟ වාරයේ්් එයටත් වඩා තදින් සිරවීම ඇතිවෙන්නට පූළුවන්. ඒ වගේම නාසයේ සිවිවලට හානි සිදුවීමටත් පූළුවන්.

මේ ආකාරයට කටයූතු කිරමෙන් දින 5 -6 ක් ගතවන විට රෝගය ඕනෑම වයිරස රෝගයක් ලෙසින් සූව අතට හැරෙනවා. නමූත් දින 2 - 3 වඩා උණ තදින් තියෙනවානම් දරුවා ආහාර ගැනීම අඩූ කළා නම් නිතර නිදිමත ගතියෙන් සිටිනවා නම් හැසිරමේ වෙනස්කම් තිබෙනවා නම් හූස්ම ගැනීමේ වාර ගණන වැඩි වෙනවා නම් ශබ්දයෙන් හූස්ම ගන්නවා නම් දරුවාට වෛද්‍ය ප්‍රතිකාර ලබා දිය යූතුයි. මෙහිදී තවත් කාරණයක් මතක තබා ගන්න ඕන. වෛද්‍යවරයා දරුවාට බෙහෙත් ලබා දුන්නේ දින 6 ට නම් දින 2 ක් බෙහෙත් ලබාදුන්නට රෝගය සූව වෙන්නේ නෑ. ඒ නිසා තාවකාලිකව රෝගය සූව වී නැවත. ඇතිවෙන්නට පූළුවන්. ඒ වගේම ඊළඟ වාරයේදී එම බෙහෙත්වලින් සූවයක් නොලැබෙන්නටත් පූළුවන්.

මතක තබා ගන්න වයිරස රෝග ඇතිවන්නේ බෝවීමෙන් බව ඔබ දන්නවා. සෙම්ප්‍රතිශ්‍යාව ඇති වන්නෙත් රෝගය ඇතිවූ කෙනෙකු පිටතට දෑමූ කෙළ, සොටූ සෙම වැනි දෙයින්. ඒ නිසා ඔබ දරුවාට කුඩා කළ සිටම පූරුදු කරන්නට ඕන තැන තැන කෙළ නොගැසීමට සෙටූ සූරා පිටතට නොදෑමීමට කහින විට කිවිසූම් යවන විට ලේන්සූවක් පාවච්චි කිරමට. අපේ මව්වරුන් සෙම ගැන දක්වන උනන්දුව නිසා කැහැලා සෙම පිටතට දාන්න කියනවා. සෙම පිටතට දැමීමේ අවශ්‍යතාවක් නැහැ. මෙය ආමාෂයටත් ගිය පසූ එය විනාශ වෙනවා මිසක නැවත ශරිරයට එකතු වෙන්නේ නැහැ. අපි සෙම, සොටූ පිටතට දෑමීමෙන් කරන්නේ දෑනූවත්ව හෝ නොදෑනූවත්ව රෝගය පැතිරවීමයි. තව දෙයක් නාසයේ සොටූ ඇති වූ විට එය ඉහළට අදින්න හොඳ නැහැ. එය පිටතට එන ප්‍රමාණය සූරලා ගත්තට කමක් නැහැ.

Share This Article