Biz Log
Classifields
Biz Log
Classifields

රසයක් නැති ළදරු වියේ රස විදීම

රසයක් නැති ළදරු වියේ රස විදීමබොහෝ දරුවන් තම කුඩා අවධියේදී ඇඟිලි ඉරීමට විශේෂයෙන් මහපට ඇඟිල්ල ඉරීමට යොමු වන්නේය. මෙම තත්වය තරුණ මව්වරුන්ට අත්දැකීම් රහිත නිසා යම් ආකාරයක තමන් අපහසුවට පත්වන තමන් ලැජ්ජාවට පත්කරවන පුරුද්දක් සේ දකින්නට යොමු වුවත් මෙම ලිපියේ අරමුණ යම් උදව්වක් එම මව්වරුනට ලබා දෙමින්, එම තත්වයෙන් දරුවන් මුදවාලීමට ගත යුතු පියවර පිළිබඳව සාකච්ඡා කරලීමයි. සමහර දරුවා කළල අවධියේ සිටම ඇඟිලි ඉරීමට යොමුව ඇති බව අල්ට්‍රාසවුන්ඩ් ඡායාරූපයන් තුලින් පවා පැහැදිලිව ප්‍රකට වන්නකි. අළුත උපන් දරුවන්ගේ මැණික් කටුව හා ඇඟිලි වල බිබිලි තිඛෙනු දැකිය හැක්කේ මෙම කළලමය ඇඟිලි ඉරීම නිසාවෙනි. ස්වභාවයෙන්ම ළදරුවන් තුල ඇඟිලි ඉරීම දැකිය හැක්කේය. එයට එක සාධකයක් පමණක් බලනොපාන අතර කුසගින්න, හැගීම්වල අනාරක්ෂිත බව, සිරුරේ අවයව ස්පර්ශය බලපායි. මෙම පුරුද්ද විශාල වශයෙන් නිරීක්ෂණය කල හැක්කේ අලූත උපන් කාල සමයේ සිට දත් මතුවන කාල සාමය දක්වාය. එය මාස 18 - 21 අතර උපරිමයකට පත් වේ. බොහෝ දරුවන් මම පුරුද්ද ක්‍රමයෙන් අත්හරිනුයේ වයස අවරුදු හයේදීය. ඒ ස්ථීර දත් පැමිණීමට පෙරය. මෙම පුරුද්ද හැමවිටම කනින් ඇදීම, හිසකෙස් ඇදීම හෝ නාසය අතපත ගෑම සමඟ මෘදු ඇඳුම්, බෝනික්කන්, පෙරවනයන් ඉරීම සමඟද සම්බන්ධ විය හැකිය. මෙහිදී මතක තබා ගත යුතු වන්නේ මෙවන් දරුවන් මෙම ක්‍රියාව අත්හැර දමනු ලබන්නේ තමන්ගේම සම්මුතියක් අනුවය. මව් කිරි පානය කරන ළදරුවන් මෙම ක්‍රියාවට උධමු නොවන්නේ යන මතය සමහර විට සත්‍යකි. එයට හේතුව ඔවුන් නිතරම මව්කිරි ඉරීමට යොමුව සිටින නිසාවෙනි. ළදරුවාට තමන්ට උවමනා කාලයක් මව් කිරි ඉරීමට ඉඩ ලැඛෙන නිසා තව දුරටත් ඇඟිල්ල ඉරීමට යොමු නොවේ. ඔබේ ළදරුවා තවදුරටත් මව් කිරි පානය කලද ඇඟිලි උරන්නේ නම්, ඔබ ළදරුවාට ප්‍රමාණවත් තරම් කාලයක් මව්කිරි ඉරීමට ඉඩකඩ ලබා නොදෙනවා විය හැකිය. මෙහිදී වැඩි කාලයක් කිරි ඉරීමට ඉඩ ලබාදීම ළදරුවාට අවශ්‍ය සියලූ කිරි ලැඛෙන අතර ල විනාඩි 5 - 6 පමන පියයුරු දෙකෙන්ම කිරි ඉරීමට ඉඩසලස්වා දීම වැදගත්ය.

ඇඟිලි ඉරීමට දරුවා යොමුවන්නේ බෝතලයෙන් කිරි පෙවිමේදී විනාඩි දහයක් පමණ කාලයක් වත් බෝතලය ඉරීමට ඉඩ ලබානොදිමෙනි. ඔබේ දරුවා බෝතලයෙන් කිරිපානය කරමින් ඇඟිලි ඉරීමට යොමු වන්නේ නම්, ඔබ එම කිරි බෝතලය පරික්ෂා කරලමින් සුප්පුවෙහි විවරය විශාලද යන්න පරික්ෂා කල යුතුය. එවැන්නකින් ඉක්මනින් කිරි බෝතලය හිස්වීම ඇඟිලි ඉරීමට යොමු විය හැකිය. එනම් බෝතලයෙන් කිරි පෙවීමේ වේගය අඩුකරලීම දරුවාට වැඩි තෘප්තියක් ලබාදෙන්නකි. මෙහිදී සූප්පු විවරය වඩා කුඩා වීමද ළදරුවාට සියලූම කිරි පානයට අපහසුවක් ඇතිකරවන නිසාවෙන් ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුය. දරුවාගේ දත් පැමිණෙන විටදී ඇඟිලි ඉරීම තමන්ට පහසු කටයුත්තක් නොවන බව අවබෝධ වන්නේ විදුරුමස් වලින් දත් මතුවන නිසා ඇඟිල්ල ඉරීමෙන් වැළකීමට ඉඩ ඇත. මෙම කාල වකවානුව මෙම ඇඟිලි ඉරීම පුරුද්දක්ද නැතිනම් සාමාන්‍ය ඇඟිලි ඉරිමක්ද යන්න වටහා ගත හැකිය. එය සාමාන්‍ය පුරුද්දක් නම්, ඔබට ඇඟිල්ල සපන ආකාරයක් දැකිය හැකිය. මෙහිදී මව්වරුන් දිගින් දිගටම තම දරුවා ඇඟිලි ඉරීමට යොමු වන විටදී දත් ඉදිරියට නෙරා ඒමට ඇති ඉඩකඩ පිළිබඳව පසුතැවේ. මෙහිදී සත්‍ය නම්, ඉදිරි උඩ ඇන්දේ දත් ඉදිරියට පැමිණීමත් ඉදිරි පහල ඇන්දෙහි දත් ඇතුලට යොමු වීමයි. මෙය තීරණය වන්නේ දරුවා කොපමණ කාලයක් ඇඟිලි උරන්නේද සහ ඇඟිල්ල රදවා ගන්න ස්ථානය අනුවය. කෙසේ වූවත් ස්ථීර දත් පැමිණෙන විටදී මෙම දත් විකෘති වීම් තත්වයට පත් විය හැකිය. දරුවා කුසගින්නේ පෙලෙයි නම්, හැමවිටම දරුවා ඇඟිලි ඉරීමට යොමුවන අතර, දරුවාගේ ආහාරවේල සමීප නම් ඒ ගැන තැකීමක් නොකරන්න. නමුත් දරුවා අහාර ගන්නා අතරතුර සහ එයින් පසුවත් එම පුරුද්දට යොමු වන්නේ නම්, නිසැකවම ඔබ එම දරුවා ගැන අවධානය යොමු කල යුතුය. මෙම පුරුද්ද පැනනගින්නේ අනාරක්ෂිත බව හෝ වෙහෙසට පත් වූ ස්වභාවය හෝ නින්ද නොමැති නිසාය. ඔබ එම පුරුද්ද දැකීමට ප්‍රිය නොකලත්, දුක් නොවන්න. දරුවා එම පුරුද්දට වරින් වර යොමු වන්නේ නම් ඕන ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු නොකරන්න. නිසැකවම දරුවා එම පුරුද්ද අතහැර දමනු ඇත. කෙසේ වුවත් ඔබ දරුවාගේ ඇඟිලි ඉරීම නවතාලීමට ගතහැකි උපක්‍රම දහයක් මෙලෙස දැක්විය හැකිය. 

  1. ඔබ සන්සුන්ව සිටිමින් කටයුතු කරන්න. එම පුරුද්ද පිළිබඳව දරුවා පිඩාවට ලක්වන අයුරින් කටයුතු කිරීමෙන් සිදුවන්නේ ඔබේ දුක කනගාටුව දරුවා වෙත හුවමාරු වී දරුවා තුල වඩා වැඩි අනාරක්ෂිත බවක් නිර්මාණය වීමයි.
  2. ඔබේ දරුවා මුවට ඇඟිලි රුවාගන්නා හැම විටම එය ඉවත් කිරීමට උත්සුක නොවන්න. ඔබ එසේ උත්සාහයක් ගන්නා සෑම අවස්තාවකදීම දරුවා වඩාත් මුරණ්ඩු ලෙස හැසිරේ.
  3. බැන්ඩේජ්, කටුක රස ද්‍රව්ය, තින්ත රසැති දේවල් ඇඟිලි වල තවරන්න එපා. එය සාමාන්‍යයෙන් දරුවාටම හානි විය හැකිය.
  4. සෙල්ලම් භාණ්ඩයක් ලබාදීමෙන් දරුවාගේ අවධානය වෙනතකට යොමු කරන්න. එයට අත් දෙකම භාවිතයට ගැනීමට ඉඩ සලස්වන්න.
  5. දරුවා කටේ ඇඟිලි රදවා ගන්න විටදී අත් දෙකම භාවිත කරමින් සිදුකරන ක්‍රියාකාරකම් වලට යොමු කරවන්න. අත්පොලොසන් දීමට යොමු කරලීම වඩාත් උචිතය.
  6. ඇඟිලි උරන්නේ නැති විටදී යම් තිළිණයක් ලබා දෙන්න.
  7. පුරුද්ද අත්හරලීමට දිරියක් ම්ත්‍රශීලිව ලබා දෙන්න.
  8. පුරුද්ද පිළිබඳව දරුවා දැනුවත් කරන්න. කන්නාඩිය තුලින් දරුවා එම පුරුද්දට යොමු වූ විට පෙනෙන ආකාරය පෙන්වීම වැනි ක්‍රියා මාර්ග උචිතය. මෙහිදී ලැජ්ජාවට පත්කරලීමට හෝ අවමානයට ලක්කිරීම නොකළ යුතුය. 
  9. දරුවාගේ යහළුවන් අතර ගැවසීමට ඉඩ හරින්න. එය ඇඟිලි ඉරීමේ පුරුද්ද දුරස්කරලීමට ඉවහල් වේ.
  10. වෙනත් විකල්පමය ක්‍රියාකාරකම් වලට හැමවිටම යොමු කරවීම, එහිදී ක්‍රියාශීලිත්වය නංවාලීම මිස ලැජ්ජාවට පත්කරලීම නොකළ යුතුය.

වෛද්‍ය ජෝතියේන්ද්‍රන් කවුර්ගේ ලිපියක් ඇසුරිණි. 

උපුටා ගැනීම මනහර සඟරාව.

Share This Article