රෝග ගණනාවකට හේතුවන දරුවන්ගේ බඩේ කැක්කුම
මෙවැනි වයස්වල පසුවන දරුවන් පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් විය යුතු ලක්ෂණ තිඛෙනවාද?
දෙමාපියන් ලෙස දරුවන්ට ඇතිවන මෙවැනි රෝග පිළිබඳ ඔබ විශේෂයෙන් සැලකිලිමත් විය යුතු අවස්ථා බොහෝ පවතියි. ඒ අතර සාමාන්‍ය පරිදි හැසිරුණු දරුවෙකුට හදිස්සියේ බඩේ අමාරුවක් සමඟ උණ සහ වමනය වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරයි නම් හා මුළුමනින්ම දරුවා වේදනාව නිසා අපහසුතාවට පත්ව ඇත්නම් එය තරමක් බරපතළ රෝගයක පෙර නිමිත්තක් විය හැකියි. මෙවැනි අවස්ථාවකදී දරුවා හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර කරා යොමු කළ යුත්තේ එය ඇපෙන්ඩිසයිටිස් වැනි ඉක්මනින් ප්‍රතිකාර කළ යුතු රෝගී තත්ත්වයක් විය හැකි නිසයි. මීට අමතරව උණ සමඟ වමනය ඇතිවීම වැනි රෝග ලක්ෂණ මේ දිනවල බහුලව කතාබහට ලක්වන්නේ ඩෙංගු රෝගය නිසාවෙනි. මෙසේ යම් දරුවෙකුට උණ, වමනය ඇති වී ක්‍රමයෙන් උණ අඩු වී ගෙන යනවිට තද බඩේ කැක්කුමක් ඇති වේ නම් ඒ අවස්ථාවද දරුවා ඉක්මනින් රෝහල් ගත කළ යුතු තත්ත්වයකි. මක් නිසාද යත් ඩෙංගු රෝගයෙන් සුවපත් වනවිට බඩේ කැක්කුම එහි එක් සංකූලතාවක් ලෙස බලපෑමක් ඇති කරන බැවිණි. ඒ වගේම තද උණත් සමඟ පෙනහලුවල නිව්මෝනියා තත්ත්වයක් ඇති දරුවන්ට ඇතැම් විට බඩ කැක්කුමක් ලෙසින් නිව්මෝනියා රෝග තත්ත්වය පිටතට පෙන්විය හැකියි.
පණු අමාරු නිසාත් දරුවන්ට බඩේ කැක්කුම් ඇතිවිය හැකිද?
බොහෝ මව්වරු පණු අමාරුව නිසාත් දරුවන්ට බඩේ කැක්කුම ඇතිවිය හැකි බව සිතනවා. සාමාන්‍යයෙන් ලංකාව තුළ පණු අමාරුව දරුවන් තුළ දැකගත හැකි රෝග තත්ත්වයක්. නමුත් එය ඒ තරම්ම සුලබ දෙයක් ලෙස සැලකිය නොහැකියි. ඒ අනුව බොහෝදුරට හේතුවන්නේ දරුවන් තුළ පවතින අපිරිසුදුකම නිසා මෙවැනි තත්ත්වයන් ඇති වන බවයි. උදාහරණයක් ලෙස යම් දරුවෙක් අත් නොසෝදා පස් වැලි අතගෑමෙන් පසුව ආහාර ගන්නවා නම් එවැනි විටෙක පසුකාලීනව දරුවන්ගේ බඩේ පණුවන් ඇතිවිය හැකියි. නමුත් මේ වනවිට මව්වරු පණු ඛෙහෙත් අවශ්‍ය වේලාවටම ලබදෙන නිසා බඩේ කැක්කුමක් සෑදීමට තරම් ප්‍රබල ලෙස පණු අමාරු ඇතිවන්නේ නැහැ. නමුත් ඉඳහිට ඇතැම් දරුවන්ගේ අසූචි සමඟ පණුවන් පිටවන බව දක්නට ලැඛෙයි. ඒ වගේම පණුවන් විශාල ප්‍රමාණයක් බඩේ සිටිනවා නම් තද බඩේ කැක්කුමක් ද සමඟ වමනය මඟින් පණුවන් පිටතට පැමිණිය හැකියි. ඒ නිසා සුළු බඩ කැක්කුමක් පැමිණි විගස පණු අමාරුවක් යැයි වරදවා වටහා ගෙන මාස 3න් 3ට ඛෙහෙත් ලබාදීම එතරම් සුදුසු තත්ත්වයක් නොවේ. සාමාන්‍යයෙන් අසූචිවල පණුවන් දුටුවොත් පමණක් පණු ඛෙහෙත් ලබාදෙනවා හැරුණු විට සාමාන්‍යයෙන් අවශ්‍යම නම්, පණු ඛෙහෙත් ලබාදිය යුත්තේ අවුරුද්දකට වතාවකි. නමුත් පණු ඛෙහෙත් ලබාදිය යුතු නිවැරදි ක්‍රමය වන්නේ අසූචි පරීක්ෂා කර පණුවන් ඇති බව පරීක්ෂා කර අවශ්‍ය නම් ඛෙහෙත් ලබා දීමයි.
ආහාර නිසිවෙලාවට නොගැනීමත් දරුවන්ගේ බඩේ අමාරුවට හේතුවක්ද?
බොහෝදුරට පෙර පාසැල් හා පාසැල් යන වයසේ දරුවන්, පිළිබඳ සලකා බලන විට උදේ කාලයේ කිසිම ආහාරයක් නොගෙන පාසැල් යනවා. ඒ වගේම පාසැලට ගියත් කිසිදු ආහාරයක් නොමැතිව පැය ගණනක් නිරාහාරව සිටිනවා. ඇතැම් අය උදේ කිරි බීමට පවා මැලිකමක් දක්වනවා. මේ නිසා උදේ කාලය පුරාම ඔවුන් ගත කරන්නේ නිරාහාරවයි. මෙසේ ආමාශය වැඩි වේලාවක් හිස්ව පැවතීමෙන් ඔවුන්ට ද ගැස්ට්‍රයිටීස් වැනි රෝග අවස්ථා ඇතිවිය හැකියි. මෙසේ බඩේ ආම්ලිකතාව නිසා ඇතිවන ගැස්ට්‍රයිටීස් වැනි රෝග නිසා බොහෝ දරුවන්ට බඩේ කැක්කුමක් සමඟ උගුරට එන ස්වභාවය, වමනය, ආහාර ගත් විගස බඩ කැක්කුම පුරවා දැමීම වැනි ලක්ෂණ පෙන්විය හැකියි. මීට ප්‍රධාන වශයෙන් බලපවත්වන්නේ දරුවන් ආහාර ගන්නා වේලාවන් වෙනස් වීමයි. මෙය වැඩිහිටියන්ට තරම් සුලබව ඉතා තදින් කුඩා දරුවන් අතර දැකිය නොහැකි වුවත් මේ රෝගී තත්ත්වය නිසාත් දරුවන්ට සාමාන්‍ය වශයෙන් බඩ කැක්කුමක් ඇතිවිය හැකියි. කෙසේ වෙතත් එදිනෙදා හොඳින් ක්‍රීඩා කරන සාමාන්‍ය නිරෝගී දරුවෙකුට බඩේ කැක්කුමක් ඇති වූ පමණින් අනවශ්‍ය ලෙස බිය නොවිය යුතුයි. නමුත් ඇතැම් විට ඉතා තදින් කැක්කුම උණ වමනය සමඟ එම බඩේ කැක්කුම ඇති වුණේ නම් එය ඉතා ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතු තත්ත්වයක් බව හොඳින් මතක තබා ගන්න.
ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය, අමිතා මන්ත්‍රීරත්න
නුවන්ති කුලරත්න
උපුටා ගැනීම දිනමිණ පුවත් පත