අබලිව අතහැර දැමූ ටාටා ජීප් රියක් හදා ධාවනය කරවූ විලයායේ සිසු දරුවෝ
දිඹුලාගල කඳු ශිඛරයට එහා මාදුරු ඔයට සීමා මායිම්ව ඇති අරලගංවිල රටට බත සපයන සශී‍්‍රක බිම් කඩකි. රටේ පැවති යුද සමයේදී ත‍්‍රස්තවාදීන්ගෙන් අනවරතව සිදුවූ තාඩන පීඩන හමුවේ ගම් බිම් හැර නොගිය එහෙත් වෙහෙසකර දුෂ්කර ජීවිතයක් ගෙවූ මින්සුන් පිරිසක් ජීවත්වන ප‍්‍රදේශයකි මේ. රටේ පැවති දේශපාලන වතාවරණයත් සමග කොතරම් නොසලකා හැරීම් ප‍්‍රශ්න ආවද මෙහි ජීවත්වන දරුවන් කොතරම් වාසනාවන්ත දැයි මතු ඉදිරිපත් කරන කතාව සොයා ගිය අපට සිතුණේය. නිල්ල පිරුණු කෙත් වතු වලින් අඩුවක් නැති මේ බිමේ ජීවත්වන දුවා දරුවන් අකුරු කරන්නේ විලයාය ජාතික පාසලෙනි. අවම පහසුකම්ද යුද සමයේ පැවති නේක දුෂ්කරතා හමුවේද එදා ත‍්‍රස්තවාදී තර්ජිත ගම්මානවල පාසල් එකපිට එක වැසී යද්දී ඒ ගොඩට නොවැටුණු තක්සලාවක් ලෙස විලයාය ජාතික පාසල ප‍්‍රකටය. ඊට හේතුව ගම් බිම් හැර නොගිය ගම්මුන් සේම තම යුතුකම් කොටස මනා ලෙස ඉටුකළ ගුරුවරුන් පිරිසකගේ සෙවන විලයාය පාසලට ලැබීමය. අද ඒ අසීරු කැප කිරීමේ වටිනාකම ඔවුන් ලෝකය හමුවේ තබා ඇත්තේ විලයායෙන් ජාත්‍යන්තරය පවා ජයගත් සිසුන් පිරිසක් නිර්මාණය කිරීමෙනි. ගෙවුණු කාලය තුළ තාක්ෂණික විෂය තුළින් ඔවුන් පෙන්වා ඇති දස්කම් තාක්ෂණික විෂය පහසුකම් අවට පරිසරයේ පවා අඩුවක් නැති අගනුවර පාසල් පවා අභිබවා ඇත.
විලයාය ජාතික පාසලෙන් මෙවර උසස් පෙළට තාක්ෂණවේදය හැදෑරූ පසිඳු නිරෝෂන් අපට හමුවන්නේ එම ගමනේ එක් පුරුකක් ලෙසය. පාසලේදී තාක්ෂණික විෂය කි‍්‍රයාකාරම් සඳහා ලැබුණු භාවිතයට ගත නොහැකි ටාටා ජීප් රථයක කොටස් කැබලි එකතුවකින් ජීප් රියක් නිර්මාණය කරමින් එයට පණ දීමට ඔහු සමග සිටි තවත් සහෝදර සිසුන් දෙදෙනකුට හැකි විය.
‘‘උසස් පෙළට තාක්ෂණ විෂය ධාරාව තෝරාගැනීම නිසා තමයි මගේ ජීවිතය වෙනස් වුණේ. අපේ විෂය නිර්දේෂය අනුව විවිධ ප‍්‍රායෝගික කි‍්‍රයාකාරකම් කරන්න තියනවා. ඒ යටතේ පොලිස් දෙපාර්තමේන්තුවේ කුණ්ඩසාල ගැරේජ් එකෙන් ගර්හිත කියල කපා ඉවත්කරපු ජීප් රථයක් අපට ලැබෙන්නෙ කෑලි ගලවල ඉගෙන ගන්න. අපට වගේම අනෙකුත් පාසල් වලටත් ප‍්‍රායෝගික පුහුණුවීම් වලට මේ වගේ වාහනවල කොටස් ලැබෙනවා. හැමෝම කරන්නෙ ඒවා තව තව කොටස්වලට ගලවල ප‍්‍රායෝගික පුහුණුවීම්වලට යොදා ගන්න එක. නමුත් අපි කල්පනා කළා මේක ධාවනය කරන්න පුළුවන් තත්ත්වයට හදන්න.’’
පසිඳුලා මේ අදහස පැමිණි වහාම එය ඉටු කරගත හැකි සුදුසුම චරිතය හමුවට ගියේය. ඔහු විලයාය ජාතික පාසලේ තාක්ෂණික විෂය භාර අමිල ක‍්‍රිෂාන්ත ගුරුතුමාය.
‘‘සර් අපිට බැරිද මේක තවත් කෑලි වලට ගලවනවා වෙනුවට දුවන්න පුළුවන් තත්ත්වයට ගොඩ ගන්න.’’
සිසුන් තිදෙනෙක් පැමිණ තමන් හමුවේ ඉදිරිපත් කළ මේ යෝජනාව ගුරුවරයාගේ සිතද ධෛර්යෙන් ධෛර්යට පත්කළේය.
‘‘ඔව් ඒ වැඬේ කරන්න අපිට පුළුවන්’’ දරුවන්ගේ සිතුවිල්ල මොහොතකට හෝ අඩුතක්සේරුවකට නොදමමින් ගරුවරයා පිළිතුරු දුන්නේය.
ඒ මොහොතේ සිටම අමිල ක‍්‍රිෂාන්ත ගුරුවරයාගේ හිතේ වැඩ කළේ දරුවන්ට ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම දෙන අතර අබලි ජීප් රිය ධාවනය කළ හැකි රථයක් ලෙසට පරිවර්තනය කිරීමය. ඒ සඳහා සිදුවිය යුතු මූලික වැඩ කොටස කෙනෙකුට තවකෙක් නොදෙවෙනි ලෙස දිනපතාම සිදුවිය. එහෙත් මුල් අදියරේදීම සිසුන් දරුවන් වන ඔවුන්ට විසඳා ගැනීමට අසීරු අභියෝගයක් විලස නොසිතූ ගැටලූවක් ඉදිරියට ආවේය. ජීප් රියට පණ දීමට එකාවන්ව ක‍්‍රියාකළ හසිත කෞෂාන් ඒ මොහොත විස්තර කළේය.
‘‘ජීප් එක හදන්න අපට වුවමනාව තිබ්බට ඒකට අවශ්‍ය තාක්ෂණික දැනුම ලැබුණට අවශ්‍ය කරන කොටස් කිහිපයක් ගන්න සල්ලි තිබුණේ නෑ. දෙමාපියන් ළඟත් නෑ. ඒ නිසා ඉල්ලන්නත් බෑ. ඒ අභියෝගය ඇවිත් තියෙද්දිම පාසලේ වාර්ෂික ක‍්‍රීඩා උත්සවය පවත්වන්න දින තීරණය වුණා. ඒත් එක්කම අපිට හොඳ අදහසක් ආවා ක‍්‍රීඩා උත්සවේ දවසෙ මොනවා හරි විකුණල අවශ්‍ය මුදල් හොයාගන්න. අපි තුන්දෙනා වැඬේ ඔළුවෙ තියාගෙන ක‍්‍රීඩා උත්සවේ දවසේ පාසලේ අයිස්ක‍්‍රීම් විකුණල රුපියල් 27,000 හොයාගත්තා. ඒ සල්ලි තමයි වාහනේට අවශ්‍ය අමතර කොටස් ගන්න වියදම් කළේ. අනිත් ඒවා එහෙන් මෙහෙන් හොයාගත්තා.’’
ජීප් රිය ගොඩගැනීමේ ප‍්‍රධාන නියමුවා වූයේ මේ සිසුන් තිදෙනා අතර සිටි විමුක්ති ප‍්‍රියශාන් අනුරාධය. පාසලේ අනෙකුත් විෂය ඉගෙන ගැනීම් වලට බාධාවක් නොවන පරිදි තමන්ගේ සිහින රථය ගොඩ ගැනීමට ඔහු සැම විටම ක‍්‍රියා කළේය. ඔහු ඒ සඳහා කාල වේලාව සකස් කරගත්තේ පාසල් වේලාවෙන් පසුව සහ පාසැල් නිවාඩු දිනයන්හිදීය. ඒ වෙනුවෙන් විමුක්ති තම සගයන් දෙදෙනාද මෙහෙය වූවේය.
‘‘හැම විටම අපි මේ වැඬේ වෙනුවෙන් පාසල් පැවැත්වෙන්නෙ නැති වේලාවක් තමයි යොදා ගත්තෙ. ඒ නිසා අනෙකුත් ඉගෙනීමේ කටයුතු වලට බාධාවක් වුණේ නෑ. වාහනේ ධාවනය වන මට්ටමට හදල පේන්ට් එකත් අපිම කරල වැඩ අවසන් වෙනකන්ම අමිල සර් අපිත් එක්ක නිතරම හිටියා. අන්තිමේදි අපිට පුළුවන් වුණා අබලි කියල අයින් කරපු ටාටා ජීප් එක ධාවනය කරවන්න. පන්ති කාමරේදී සහ ලැබ් එකේදී ඉගෙනගත්තු න්‍යායාත්මක දැනුම
ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක කරන්න අපට මේ තුළින් අවස්ථාව ලැබුණා. අපි තුන් දෙනෙක් මෙය නවීකරණය කිරීමට මුල් වුණත් ඉංජිනේරු තාක්ෂණවේදය හදාරණ අපේ ඉස්කෝලේ හැම ළමයෙකුටම මෙම ජීප් රථය අලූත්වැඩියාව පාඩමක් වුණා.’’
මේ පාඩම පිටුපස සිටි යෝධ සෙවනැල්ල පාසලේ තාක්ෂණික ගුරුවරයා වූ අමිලට ක‍්‍රිෂාන්ත අබේරත්නය. වැඩ අවසන් වන විට කාටත් ආදර්ශක් වන විසල් කාර්ය භාරයක් ඔහු විලයාය පාසලේ දරුවන් වෙනුවෙන් සිදුකර තිබුණේය. අමතර කොටස් සොයාදීමේ සිට දරුවන් නිවැරදි දිශාවට යොමු කළේ ඔහුය. විලයායට නොපැමිණ අගනුවර ජනප‍්‍රිය පාසලකට වී සිටීමට පැවති අවස්ථාව මගහැර මේ දරුවන්ගේ අනාගතය පෑදු ඔහු අපේ කාලයේ දුයිෂෙන් කෙනෙකු වැනිය. ඉකුත් වසරකදි අබාන්ස් ගුරු බුහුමන් වැඩසටහනේදී රජයේ පාසල්වල ජනප‍්‍රියම ගුරුවරයා ලෙස සම්මානයට පාත‍්‍ර වූයේද මේ දුයිෂෙන් බඳු ගුරුතුමාය. ඒ වෙනුවෙන් ඔහුට හිමි වූ ලැප්ටොප් පරිගණකය පාසලේ දරුවන්ට ලබා දීමට ඔහු දෙවරක් සිතුවේ නැත. බමුණුකොටුව ප‍්‍රාථමික විද්‍යාලයෙන්ද ලීලාරත්න විජේසිංහ පාසලේද ආදි සිසුවෙකු වන ඔහු සිඹුලාගල අධ්‍යාපන කලාපයේ දරුවන්ට උගැන්වීම තොරාගත්තේ ආවේ ස්වෙච්ඡුාවෙන්ම බව කීවේය.
‘‘සියනෑ අධ්‍යාපන විද්‍යාපීඨයේ තුන් අවුරුදු ගුරු පුහුණුවට පස්සෙ ලංකාවේ සුපිරි යැයි සම්මත පාසලක පත්වීම ගන්න මට අවස්ථාව ආවා. ඒත් එහෙම තියෙද්දි මම 2013 වසරෙදි තෝරාගත්තෙ මේ නිර්ව්‍යාජ මිනිසුන් ජීවත්වෙන දිඹුලාගල කලාපය. එම වසරේම තමයි විලයාය පාසලේ දරුවන්ට මම තාක්ෂණවේදය විෂය උගන්වන්න පටන්ගත්තෙ. ඊට වසර දෙකකට පස්සෙ 2015 දී විද්‍යාලයේ පළමු සිසු කණ්ඩායම උසස්පෙළට ඉඳගත්තා. ඒ අය අතරින් ළමයි 13 දෙනෙක්ම විශ්වවිද්‍යාල සහ විද්‍යාපීඨවලට තේරුණා. ඒ අය අතරින් කෙනෙක් තමයි දැන් රුහුණු විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ඉන්න කේ. ටී. මෙත් දසුන් ශිෂ්‍යයා. එයා ඉදිරිපත් කළ නව නිපැයුමක් රටවල් 58 අතරින් පළමු තැන දිනා ගැනීමට සමත් වුණා. ඔහු නිර්මාණය කළේ ප‍්‍රති සුක්කානම් ගියර් පද්ධතියක්. ඒ වගේ ජයග‍්‍රහණ රාශියක් එදා සිට අපි ලබල තියනවා. සෑම වසරකම උසස්පෙළ විෂය ධාරාවේ දිස්ත‍්‍රිකයේ මුල් හතරපස්දෙනාට තේරෙන්නෙ විලයාය විද්‍යාලයේ දරුවෝ. ඒ තරමටම අපේ දරුවෝ දක්ෂයි. මේ වන විට අපේ පාසලේ තාක්ෂණ අංශය මගින් කළ නව නිපැයුම් 300 නිර්මාණය කර තිබෙනවා. එයින් වැඩි ප‍්‍රමාණයක් ජාතික, පළාත් සහ කලාප මට්ටමේ ජයග‍්‍රහණ ලබාගෙන තිබෙනවා. මේ ජයග‍්‍රහණවලට විද්‍යාලයේ විදුහල්පති තුමාගේ මෙන්ම ගුරු මණ්ඩලයේ සහයෝගයත් බලපෑවා. දරුවෝ ජයග‍්‍රහණය ලබනකොට එය මුදලින් මනින්න බැහැ. රටක් විදිහට ඉදිරියට යන්න නම් නව නිපැයුම් කළ යුතුයි.’’
උපුටා ගැනීම දිවයින