මම තාම කොල්ලෙක් තව යන්න දුර ගමනක් තියෙනවා…
- මේක නම් මට දේව හාස්කමක්…
- දවස් හතම එකම කතාවක රඟපාන්න ලැබෙයි කියලා හිතුවේ නෑ…
එකම පවුලෙන් සහෝදරයන් දෙදෙනෙක් එක රැයකින් තරු බවට පත්වෙලා කලා ක්‍ෂේත්‍රයේ දිගු ගමනක් යෑමට සිහින දකින අවධියක ඒ පවුලෙන් බිහිවුණු මේ පුංචි කොලුගැටයා තමයි ප්‍රභාත් විශ්වජිත්. අද වන විට ප්‍රභාත් ටෙලිනාට්‍ය දෙකක චරිත දෙකක් තුළ ජීවත් වීමට ගත් උත්සාහය ගැන ‘මව්රට’ ජාතික පුවත්පත තුළින් ප්‍රථම වතාවට මාධ්‍ය කතාබහකට සම්බන්ධ වුණා.
ප්‍රභාත් ඔබ සතියේ දිනවලත්, සති අන්තයේත් චරිත දෙකකින් අපිට සමීපවෙලා සිටිනවා?
මට මෙය නම් දේව හාස්කමක් බඳුය. මොකද ජීවිතයේ කිසිම දවසක මම හිතුවේ නැහැ චරිත දෙකකින් දවස් හතම එකම රූපවාහිනී නාලිකාවක මම රඟපාන ටෙලිනාට්‍ය දෙකක් විකාශ වෙයි කියලා. සතියේ දිනවල ‘වලවෙට්ටුවා’ ටෙලිනාට්‍යයේ ‘ගාමා’ ලෙසටත්, සති අන්තයේ ‘පානාමංකඩ ටෙලිනාට්‍යයේ ‘සුනිල්’ ලෙසටත් මගේ ආදරණීය ප්‍රේක්‍ෂකයන්ට මම සමීප වෙනවා.
ඔබ මේ නිරූපණය කරන චරිත දෙක අතර ලොකු වෙනසක් අපි දකිනවා?
ඇත්තටම ඒ වෙනස ගැන පහදන්නට කලින් මාව මේ තත්ත්වයට පත්කළ මගේ ආදරණීය ගුරු පියාණන්ට ආචාර කරන්න මම කැමැතියි. මොකද අද මම ගැන ඔහු නොබැලුවා නම් තව කල්පකාන්තරයක් යාවි මගේ සිහිනය සැබෑවීමට. ‘පානාමංකඩ’ ටෙලිනාට්‍ය තමයි මගේ පළමු ටෙලිනාට්‍යය. ‘වලවෙට්ටුවා’ එයට පසුවයි කළේ. ඉතින් මේ ටෙලිනාට්‍යය දෙකම කළේ එකම අධ්‍යක්‍ෂවරයෙක්. ඔහු රනිල් කුලසිංහ. මගේ දක්‍ෂතාවය දැන හඳුනාගෙන මගේ ගමන යෑමට පාර හැදුවේ රනිල් අයියා. ඔහු මගේ චරිත දෙක නිරූපණය කිරීමට උපරිම නිදහස දුන්නා. මටවත් නොතේරෙන විදියට මගේ සැඟවුණු හැකියාවන් ඔහු එළියට ගන්න ගොඩාක් මහන්සි වෙන්න ඇති කියලා මට දැන් තමයි තේරෙන්නේ.
‘සුනිල්’ සහ ‘ගාමා’ චරිත ස්වභාවය වෙනුවෙන් ඔබ මොන වගේ කැපකිරීමක් කළාද?
‘සුනිල්’ කියන්නේ හරිම අහිංසක චරිතයක්. ‘ගාමා’ කියන්නේ චණ්ඩියෙක්. මේ චරිත දෙක වෙනුවෙන් මගේ බාහිර ස්වරූපයම වෙනස් කරන්නට සිදුවුණා. ‘සුනිල්’ වෙනුවෙන් මගේ කොණ්ඩෙ, රැවුල සම්පූර්ණයෙන්ම කපන්න සිදුවුණා. ‘ගාමා’ වෙනුවෙන් කොණ්ඬේ, රැවුල දෙකම වවන්න සිදුවුණා. ඒ අභියෝගයත් එක්ක තමයි මම ජීවත් වුණේ.
ඔබ ප්‍රථම වතාවට තමයි පෙම්වතාගේ චරිතයක් රඟපාන්නේ. ‘සුනිල්’ ලෙසට ඔබට දැනුණු අසීරුව කොයි වගේද?
මම ඉතින් තරුණ කොල්ලෙක් නේ. ආදරය ගැන මම හොඳට දන්නවා. ‘සුනිල්’ ආදරය කරන්නේ ‘සුද්දි’ට. හැබැයි ‘සුද්දි’ගේ ආදරය මට හිමිකර ගැනීමට ලොකු සටනක් කරන්න වෙනවා. ඒ කතාව ගැන මම ප්‍රේක්‍ෂකයන්ට විඳින්නට ඉඩ හැරියොත් හොඳයි කියලා හිතනවා.
සාමාන්‍ය ජීවිතයේදී ඔබ ආදරය කරනවද?
ආදරයෙන් ජය, පරාජ අතර ජීවත් වුණු කෙනෙක් මම. හැබැයි මගේ ඒ ආදර කතාව දිගහැරීමට මම දැන්ම අවස්ථාවක් කරගන්නේ නැහැ. මොකද මම එය මගේ ඇස් දෙක වගේ රැකගන්නේ. මොකද මේ ක්‍ෂේත්‍රයෙන් මට යායුතු දුරගමනක් තියෙනවා. ඇයගෙන්, මවුපියන්ගෙන්, සහෝදරයන්ගෙන් ලැබෙන ආදරය, ශක්තිය මගේ ඉදිරි ගමනට ශක්තියක්ම කරගන්නයි මම උත්සාහ කරන්නේ.
ඔබ ජනප්‍රිය රංගන ශිල්පිනියක් සමග නර්තන පාසලක් පවත්වාගෙන ගියා, කොහොමද එහි වැඩකටයුතු මේ දවස්වල?
මේනකා පීරිස් අක්කා තමයි මාව නැටුම් ගුරුවරයෙක් කළේ. පොඩි කාලේ ඉඳලා තිබුණු සිහින දෙකක් තමයි නැටුම් ගුරුවරයෙක් වගේම රංගන ශිල්පියෙක් වෙන එක. ඉතින් රනිල් කුලසිංහ අයියා මාව නළුවෙක් කළා. කලා ක්‍ෂේත්‍රයේ මගේ මවුපියන් ලෙසට මම හැමදාමත් ගෞරවය කරන්නේ ඒ දෙදෙනාටයි. ඉදිරියේදී කලායතනයේ වැඩකටයුතු කිරීමට අදහසක් තියෙනවා. මේ කොරෝනා ප්‍රශ්නත් එක්ක ඒ වැඩකටයුතුකල්ගියා.
වසන්ත විතාරණගේඋපුටා ගැනීම මව් රට
නිරූපණ ශිල්පිනියක් ලෙස ක්ෂේත්රයට එක්වුණු නිලූ ටනාෂා මේ වනවිට රංගන ශිල්පිනියක්ද වෙනවා. ඇය ජාත්‍යන්තර කිරුළක් ජයග්‍රහණය කළ ශිල්පිනියක්. මේ දිනවල විකාශය...
තමන් ආපු ගමන්මග අමතක කරමින් විවිධ මාවත් හොයමින් යන බොහෝ රංගන කලා ශිල්පීන් අතර කලා ක්ෂේත්රයට හදවතින්ම ආදරය කරමින් මේ ගමන...
"එතකොට තාත්තා දන්නවා මට සිංදුවක් කියන්න වුවමනා වෙලා කියලා.." "ජනප්‍රිය කෙනෙක් මගේ බිරිඳ කර ගන්න පවා අවස්ථා මට තිබුණා.." "සමහරු වෙඩින් කරලා...
මේ දිනවල කාගේත් කතා බහට ලක්වෙන ටෙලි නිර්මාණයක් තමයි හිරු නාලිකාවේ විකාශය වන පාට කුරුල්ලෝ කියන්නේ. එහි ගඟුලිට රඟපාන්නේ නව පරපුරේ...
අප ජීවත් වෙමින් ඇත්තේ මහා කලා සම්ප්‍රදායන් විහීන සමාජයකය. එවැනි සමාජ වටපිටාවක විදග්ධ කලාවක් ප්‍රාර්ථනා කරන, ඒ වෙනුවෙන් අපේක්ෂා සහගතව කැපවන, අරගල...
කලා ක්ෂේත්රය තුළ විශිෂ්ට ගණයේ නිර්මාණ ශිල්පියෙක් ලෙස බොහෝ දෙනෙක්ගේ ආදරය, සෙනෙහස දිනාගත්ත චරිතයක් තමයි චාමර ප්‍රියදර්ශන කියලා කියන්නේ. ඔබ ඒ...