අපි නොදන්න කලාකරුවෙක්

නිර්මාණ ලොව හමුවේ ප්‍රදර්ශනය කළ ද තම අනන්‍යතාව ලොවෙන් වසන් කර තබා ගැනීමට ප්‍රිය කරන නිර්මාණකරුවෝ පිළිබඳවද අසන්නට ලැබේ. ඒ අතර ස්ටී්‍රට් ආටිස්ට්ස් හෙවත් වීදි කලාකරුවන් ලෙස හැඳින්වෙන්නන් කැපී පෙනෙයි. මහපාරේ බිත්තිවල හෝ වෙනත් ‍පොදු තැන්වල චිත්‍ර ඇඳීම හෝ වෙනත් නිර්මාණ කිරීම නීති විරෝධී බැවින් ‍පොලිස් ඇසට කට්ටි පනිමින් ඔවුහු රාත්‍රී කාලයට මේ චිත්‍ර හා නිර්මාණ කොට අතුරුදහන් වෙති.

‘අ බව්’ යන අන්වර්ථ නමින් හැඳින්වෙන නිර්මාණකරුවාද එවැන්නෙකි. ඔහුගේ චිත්‍ර හා වෙනත් නිර්මාණ ලොව පුරා අතිශයින් ජනප්‍රියය. කිසිදු විටෙක ප්‍රසිද්ධියේ පෙනී සිටින්නේ හෝ සිය නිර්මාණ අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමට හෝ පෙළඹෙන්නේ නැති අබව්ගේ නිර්මාණ ලොව හැම තැනම දැකිය හැක. ස්ථිර ලිපිනයක් හෝ නැති බව කියැවෙන අබව් පිළිබඳ ලෝකය දන්නා එකම තොරතුර වන්නේ ඔහු උතුරු කැලිෆෝනියාවේ උපන් වයස තිස්ගණන්වල පසුවන අයෙකු බවය. වීදි කලාකරුවෙකු වන ඔහු ද තම නිර්මාණ කරන්නේ අනවසරයෙනි. 1995 සිට ඔහු මෙසේ චිත්‍ර හා වෙනත් නිර්මාණ කරයි. 96 වසරේ දිනක අබව් යන වචනය පින්තාරු කළ ඔහු එතැන් සිට අබව් නමින් හැඳින්විනි. කැලිෆෝනියාවේ දුම්රියවල චිත්‍ර ඇඳීමෙන් තම රහසිගත නිර්මාණ දිවිය ඇරඹූ ඔහු වයස අවුරුදු 19දී පැරිසියට ගොස් තිබේ.

වරෙක ඔහු විද්‍යුත් තැපැල් පණිවුඩ හරහා සිදු කළ සම්මුඛ සාකච්ඡාවකදී කියා සිටියේ එදිනෙදා ජීවිතයේදී මුහුණ දෙන අභියෝගවලින් තම නිර්මාණවලට අදහස් උකහා ගන්නා බවයි. දශකයකට ආසන්න කාලයක් ස්ථිර නිවහනක් නොමැතිව, තමා සතු සියලු වත්කම් පිට මත එල්ලාගත් කදමල්ලක බහාගෙන සංචාරයේ යෙදෙන්නෙකුට එබඳු අභියෝග ඕනෑතරම් හමුවන බවට සැකයක් නැත.

මේ වන විට රටවල් හැටක පමණ මෙම අපූරු පුද්ගලයා සංචාරයේ යෙදී ඇති බව විශ්වාස කරන්නේ එම රටවල නගර සියයකින් හමුවී ඇති ඔහුගේ නිර්මාණ නිසාය. තමා යන කවර රටක වුවද තම අනන්‍යතාව සංකේතාත්මකව කියාපාන නිර්මාණයක් සකස් කර ඒමට අමතක නොකරන මෙම අපූරු කලාකාමියා දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නගරයේ දැවැන්ත ලෙස සිදුකරන නීති විරෝධී දියමන්ති වෙළෙඳාමට විරෝධය දැක්වූයේ එහිදී කළ තම නිර්මාණයක මෙම ප්‍රකාශය ඇතුළත් කරමිනි.

“දියමන්ති කාන්තාවන්ගේ හොඳම මිතුරාය. නමුත් පිරිමින්ගේ පරම සතුරාය.”

'අ බව්' ගේ වෙබ් අඩවියට පිවිසෙන්න මෙතැනින්.

උපුටා ගැනීම ලක්බිම

Share This Article

අපි නොදන්න කලාකරුවෙක්

නිර්මාණ ලොව හමුවේ ප්‍රදර්ශනය කළ ද තම අනන්‍යතාව ලොවෙන් වසන් කර තබා ගැනීමට ප්‍රිය කරන නිර්මාණකරුවෝ පිළිබඳවද අසන්නට ලැබේ. ඒ අතර...

ශ්‍රී ලංකාවේ දූරදර්ශී ව්‍යාපාරික නායකයෙක් වූ කෙන් බාලේන්ද්‍ර

මුල් ජීවිතය සහ අධ්‍යාපනයකන්ඩියියා "කෙන්" බාලේන්ද්‍ර 1940 පෙබරවාරි 3 වන දින කීර්තිමත් ශ්‍රී ලාංකික දෙමළ පවුලක උපත ලැබීය. ඔහුගේ පියා වන...

කෝටි සිය ගණකටවත් මිල කළ නොහැකි ලොව විශාලතම මැණික් නිධිය හමුවූ ලංකාවේ පවුලක අද කතාව.!

ධන නිධානයක් දෙපතුල මතට පතිත වුවද, වාසනාව නැති නම් එයින් ඵලක් නැත. කෝටි ගණන් ස්වීප් ටිකට් දිනුම් ලැබී අසීමිතව වියදම් කර...

කොවිඞ් හමුවේ ගැබිනි කාන්තාවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව රැකගැනීමට උපදෙස්

කොවිඞ්-19 වසංගතය ව්‍යාප්තිය හමුවේ ගර්භනී කාන්තාවන් වඩාත් අවධානයෙන් කටයුතු කිරීම ඉතා වැදගත්ය. ඒ සඳහා ඔවුන් සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රම තරයේ පිළිපැදීමත්, නිසි...

මම හතර වැනි පන්තියේ ඉගෙන ගන්නා කාලයේ ඉඳලාම ගැරඬියා හා ඇහැටුල්ලා වැනි විෂ රහිත සර්පයන් ඇල්ලුවා..

විෂඝෝර සර්පයෙක් දුටු විගස ඕනෑම අයකුගේ හිතේ තිගැස්මක් බියක් ඇති වෙන්නේ නිතැතින්මය. බොහෝ දෙනෙක් විෂඝෝර සර්පයකු දුටු සැනින් මරා දැමීමට පෙලඹෙන්නේද සර්පයාට තිබෙන බිය...