Biz Log
Classifields
Biz Log
Classifields

සුද්දව පන්නලා 77යි


සුද්දා පන්නලා මේ පෙබරවාරි හතරට අවුරුදු 77ක් කියල හරි උජාරුවෙන් සමරන අපි, මේ සමරන්නෙ සැබෑ නිදහසක්ම ද කියලනම් ආයෙත් පාරක් හිතන්න ඕනි. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි විතරක් නෙවෙයි ලංකාව වෙන්දේසි වලිනුත් බේරගත්ත දිනයක් ඉස්සරහට සමරන්න වෙයි කියල සාධාරණ බයක් දැන්නම් තියෙනවා.

නිදහස ලබද්දි දළ ජාතික නිෂ්පාදිතය ඉහළ අගයක් තිබූ ලංකාව ඒ වනවිට ආසියාවේ ඉහළින්ම තිබුණු, බලවත් රටක්. සිංගප්පූරුව නිර්මාණය කරන ලී ක්වාන් යූ වරක් ප්‍රකාශ කරනවා තමන් ලංකාව වගේ රටක් කවදාහරි නිර්මාණය කරනවායි යන්න. දැන් අපිට වඩා සිංගප්පූරුව පමණක් නොව ඉතියෝපියාව පවා දියුණුවෙන් ඉහළට ගිහින්.

නිදහස් දවසට, යුද ජයග්‍රහණය දවසට මතක් වෙන ජාතික වීරයන්ව, රණවිරුවන්ව අනිත් දවස්වලට අමතක වෙන රටක දියුණුව ගැන කවර කතා ද? Made in Chaina කියල ගහපු ජාතික කොඩියක් හරි අපූරුවට ගැටගහල, චීනෙන් හදපු ෆෝන් එකෙන් හැපි ඉන්ඩිපෙන්ඩන්ට් ඩේ කියලා අ‍ෙමරිකාවේ සකර්බර්ක්ගේ බුකියෙ දාන්නෙ හරි ආඩම්බරයෙන්. බලාගෙන යද්දි කොඩිය ගහපු ලී කෑල්ල විතරක් ලංකාවේ. ඔන්න ඕකයි වර්තමානයේ නිදහසට ලැබී ඇති සත්‍ය වටිනාකම.

නිදහස සමරන්නට රණවිරුවන් යොදාගෙන උත්සව පැවත්වූ පලියට නිදහස අරුත්බර ගැන්වෙනවා ද යැයි සිතිය යුතුය. රණවිරු සෙවණවල්වල දහස් ගණන් රණවිරුවන් සිටිද්දී ඒ පිළිබඳ එදිනටවත් අඩු ගානේ සොයා බැලිය යුතුය. මන්ද අද සියල්ලෝම නිදහසේ හුස්ම ගන්නෙ ඔවුන්ගේ ජීවිත, ලේ, මහන්සිය කැපකිරීමේ ප්‍රතිඵලයක් ලෙසටය. අනෙක් කරුණ නම් නිදහස් දිනය වර්ණවත් කරන්නට පැමිණෙන රණවිරු සොයුරු සොයුරියන්ට සැබෑ නිදහසක් තිබෙනවා ද යන්නත් සොයා බැලිය යුතුය.

කොහොම වුණත් මෑතකාලීනව දේශපාලනමය මැදිහත්වීම් නිසා රණවිරුවන් කෙරෙහි ඇති ගෞරවය යම්තාක්දුරට හෑල්ලුවීමක් සිදුව තිබෙන අයුරක් දකින්නත් පුළුවන්. මෙහි වගකීමෙන් වැඩි ප්‍රතිශතයක් අනිවාර්යයෙන්ම බැර කළ යුත්තේ තමන්ගේ වාසිය සඳහා පමණක් කටයුතු කරන දේශපාලකයන්ට බව අමුතුවෙන් මතක් කළ යුතු නෑ.

ලංකාවට නිදහස ලැබීම යනු වාහනයක් පදවන්නට නොහැකි රිළවුන් පිරිසකට වාහනයක් ලැබීම වැනි කරුණකි, මන්ද එහි සැබෑ වටිනාකම ඔවුන්ට ලබාගත නොහැකිය. වත්මන් ලංකාවේ තත්ත්වය ද එයමය. ලංකාවට නිදහස දෙන්නට අකැමැති වූ ආණ්ඩුකාරවරයෙක් පවසා ඇත්තේ ලාංකිකයන්ට නිදහස ලබා දුන්නෙ නම් එය සාර්ථක නොවන බවය. ඒ සඳහා ඔවුන්ට මොළයක් නොමැති හා එතැන් පටන් ලංකාව පාලනය කරනු ඇත්තෙ පවුල් කිහිපයක් බවය. මෙම කරුණු පිළිබඳ සත්‍ය අසත්‍යතාව පැහැදිලි කිරීමට කිසි සෙයිනුත් අවශ්‍ය නැත. ඡන්දයක් නිසා අල්ලපු ගෙදර එකා සමඟ මරාගන්නා උන්ගෙ මොළය ගැන කතා කළයුතුම නැත. මරාගන්නා දේශපාලුවෝ ඡන්දෙන් පසුව නැති බවත්, හදිසියේ වුවමනාවක් වූවිට ඉන්නෙ අල්ලපු ගෙදර එකා බව උන්ට අමතකය. රැකියා බලාපොරොත්තුවෙන් හෝ ඡන්දයට කඩේ ගිය එකාට අන්තිමට ඉතුරුවෙන්නෙ අපේක්ෂකයා සමඟ ගැසූ ඡායාරූපය පමණි. ඒ තරම්ම ලංකාවේ දේශපාලකයෝ ඡන්දදායකයන්ට ආදරය කරති.

වසර හැත්තෑහතක් රට කෑ දේශපාළුවෝ ඉදිරියටත් එයම කරනු ඇත. සුද්දා නිදහස නොදී එරට යටත්විජිතයක් ලෙසම ලංකාව තිබුණානම් මෙයට වඩා දියුණුය. ඒ ආර්ථික අතින් පමණක් නොව ආකල්පමය අතින් ද. කෙසේ හෝ අපි නිදහස දිනා ගත් අතර එදා සිට දේශපාලන හිරගෙදරකට වී කල්පනා කරමින් සිටින්නට වී ඇත. එන්න අපි හැමදාමත් අභිමානයෙන් නිදහස සමරමු.

ක්‍රිෂාන් ගයන්ත
උපුටා ගැනීම දිනමිණ

Share This Article

සුද්දව පන්නලා 77යි

සුද්දා පන්නලා මේ පෙබරවාරි හතරට අවුරුදු 77ක් කියල හරි උජාරුවෙන් සමරන අපි, මේ සමරන්නෙ සැබෑ නිදහසක්ම ද කියලනම් ආයෙත් පාරක් හිතන්න...

සිංහල අවුරුදු නැකැත් සීට්‌ටුව

අලූත් අවුරුදු උදාව : අපේ‍්‍රල් මස 14 වන බදාදා පූර්වභාග 02.33 ට සිංහල අලූත් අවුරුද්ද උදාවෙයි.පුණ්‍ය කාලය : අපේ‍්‍රල් මස 13...

මිතුරන්ගේ සාගිනි නිවන සුනඛ මිතුරා

සුනඛයා මිනිසාගේ හොඳම මිතුරාය. එය ඓතිහාසිකව ද සනාථ වී ඇත. එහෙත් සුනඛයින් හිතවත් කම දක්වන්නේ මනුෂ්‍ය වර්ගයට පමණක් නොවේ. තමා ඇසුරු...

ගාන්ධිතුමන්ගේ භෂ්මාවශේෂ කැලණි ගඟේ පාවී ගියදා

මරණයට බිය වීම හරියට පරණ දිරාපත් වූ වස්‌ත්‍රයක්‌ වීසිකර දැමීමට බය වෙනවා වගේය. යනු මහාත්මා ගාන්ධිතුමාගේ කියමන් අතර ශ්‍රේෂ්ඨ කියමනකි. භාරතයේ පියාණන්...

ලෝක මිහිකත දිනය අදයි

ලෝක මිහිකත දිනය (Earth Day) අප්‍රේල් මස 22 වන දා ලොව පුරා සමරනු ලබන්නේ, ලෝකයේ පාරිසරික ආරක්ෂාව මූලික කර ගනිමිනි. මෙවර...

නූතන අධ්‍යාපන ක්‍රමයේ නිර්මාතෘ ඇරිස්ටෝටල්

ග්‍රීක දාර්ශනියකයකු විද්‍යාඥයෙකු සහ ප්‍රායෝගික අධ්‍යාපන සංකල්පයන් පිළිබඳ නිර්මාතෘවරයෙකු ලෙසින් ඇරිස්‌ටෝටල්ගේ (384 - 322 BC). කාර්යභාරය පුළුල් පරාසයක පැතිරි ගියද ඔහුගේ...