මිතුරන්ගේ සාගිනි නිවන සුනඛ මිතුරා

dog

සුනඛයා මිනිසාගේ හොඳම මිතුරාය. එය ඓතිහාසිකව ද සනාථ වී ඇත. එහෙත් සුනඛයින් හිතවත් කම දක්වන්නේ මනුෂ්‍ය වර්ගයට පමණක් නොවේ. තමා ඇසුරු කරන වෙනත් වර්ගයේ සතුනට ද ඒ අයුරින් ම මිතුරු දම දක්වන අතර තම සත්ව මිතුරන්ගේ සාගින්න පවා නිවා දැමීමට තැත් කරන බව ඔප්පුවේ. මෙයට හොඳම උදාහරණය බ්‍රසීලයේ අනාථ බැල්ලක වන ලයිලිකා ය. අයිතිකරුවකු නොමැති ලයිලිකාට නිවහනක් ලැබුණේ අපද්‍රව්‍ය එකතු වන මධ්‍යස්ථානයක් බාරව සිටි නීල් වයිනා ඇන්ටොනියෝ ගෙනි.‍ ඒ ආසන්නයේ මේ බැල්ල පමණක් නොව තවත් සත්තු කීප දෙනෙක් ම නවාතැන් ගෙන සිටියහ. ලයිලිකා සහ ඇයගේ පැටවුන් මේ ස්ථානයේ සිටිය ද සියලු දෙනාටම ආහාර සැපයීම නීල්ට අපහසු කරුණකි. මෙය තේරුම් ගත් ලයිලිකා තම පැටවුන්ට ආහාර සොයා තැන් තැන්වල ගොස් නානාවිධ කෑම ගෙන ඒමට පුරුදුව සිටියා ය. උස් මහත් වන පැටවුන් දුටු අය සියලුම පැටවුන් ගෙන ගිය නමුත් ලයිලිකා කෑම සෙවීම නතර නො කළාය. ඒ කෑම ගෙන එන්නේ තම මිතුරන්ටයි‍. ඇයට මිතුරෝ කිහිප දෙනෙක් වූහ. බළලෙක් සුනඛයෙක් කුකුල් පැටවු කිහිප දෙනෙක් හා කොටළුවෙක් ඒ අතර වූහ. තම පැටවුන් නැති වූ පසුත් ලයිලිකා දිගටම සැතපුම් හතරක් පමණ ඈතට වාහන පිරුණ මහ මාර්ගයේ ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙමින් කෑම සොයා යන්නීය. සොයා ගන්නා ආහාර තමා ද අනුභව කොට තම මිතුරන්ට ද රැගෙන ඒමට ලයිලිකා පුරුදුව සිටියා ය.

ලයිලිකා බැල්ලට ලුෂියා හමුවූයේ මෙවන් අවදියකදී ය. ලුෂියා ගුරුවරියකි. දිනක් ලයිලිකා කුණු බක්කියකට ඉව කරන අන්දම දු ටු ලුෂියා ඇයට ආහාර සහිත බෑගයක් විසිකළා ය‍. එයින් කොටසක් අනුභව කළ ලයිලිකා ඉතිරි ආහාර සහිත බෑගය කටින් රැගෙන යන්නට ගියා ය. දෙවැනි දිනයේදීත් ලුෂියා එම ලෙසට ම ලයිලිකාට ආහාර දුන් අතර ලයිලිකා ද පෙර ලෙස ම කොටසක් කා ඉතිරි අහර මල්ල රැගෙන ගියා ය. ලයිලිකාගේ මේ ක්‍රියා කලාපය දින කීපයක් ම නිරීක්ෂණය කළ ලුෂියා ලයිලිකාට ආහාර දී ඈ පිටුපස ඇයට නොදැනී ගියා ය. ඇය දුටු දෙයින් ලුෂියාට ඇති වූ‍ෙය් පුදුමයක් හා අනුකම්පාවකි. ලයිලිකා රැගෙන ආ ආහාර බෑගය ඇයගේ මිතුරන්ට දෙන අන්දම ලුෂියා බලා සිටියේ සතුට හා අනුකම්පාව පිරි හදවතින් යුතුව ය. ඉන්පසුව ලුෂියාත් ලයිලිකාත් අතර මිතුරු සබඳතාවය දැඩි බැඳීමක් බවට පත් වීය. ලුෂියා කෑම සහිත බෑගය මගට ගෙන එන අතර එතැනට පැමිණෙන ලයිලිකා එය රැගෙන ඇයගේ මිතුරන්ට ගෙන යෑම දිගටම සිදුවන්නේ ය.

උපුටා ගැනීම සිළුමිණ

Share This Article

ලෝක මිහිකත දිනය අදයි

ලෝක මිහිකත දිනය (Earth Day) අප්‍රේල් මස 22 වන දා ලොව පුරා සමරනු ලබන්නේ, ලෝකයේ පාරිසරික ආරක්ෂාව මූලික කර ගනිමිනි. මෙවර...

සුද්දව පන්නලා 77යි

සුද්දා පන්නලා මේ පෙබරවාරි හතරට අවුරුදු 77ක් කියල හරි උජාරුවෙන් සමරන අපි, මේ සමරන්නෙ සැබෑ නිදහසක්ම ද කියලනම් ආයෙත් පාරක් හිතන්න...

අලුත්ම ගිනස් වාර්තා

මිටිම පූසා :ලොව මිටිම බළලකු ගැන පසුගියදා ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයෙන් වාර්තා විය. මුච්කින් රග් හගර් වර්ගයට අයත් ලිලිපුට් නම් වූ මෙම...

ගාන්ධිතුමන්ගේ භෂ්මාවශේෂ කැලණි ගඟේ පාවී ගියදා

මරණයට බිය වීම හරියට පරණ දිරාපත් වූ වස්‌ත්‍රයක්‌ වීසිකර දැමීමට බය වෙනවා වගේය. යනු මහාත්මා ගාන්ධිතුමාගේ කියමන් අතර ශ්‍රේෂ්ඨ කියමනකි. භාරතයේ පියාණන්...

මිතුරන්ගේ සාගිනි නිවන සුනඛ මිතුරා

සුනඛයා මිනිසාගේ හොඳම මිතුරාය. එය ඓතිහාසිකව ද සනාථ වී ඇත. එහෙත් සුනඛයින් හිතවත් කම දක්වන්නේ මනුෂ්‍ය වර්ගයට පමණක් නොවේ. තමා ඇසුරු...

භික්ෂුන් වහන්සේලා දවල්ටත් පෙනී නොපෙනී යන ආරණ්‍යය

බුද්ධ ධර්මයේත් සංඝයා වහන්සේගේත් අතීතය ගැන සොයා බලද්දී අසන්නට, දකින්නට ලැබෙන කාරණා අතර අහසින් වැඩම කළ හිමිවරුන් ගැනද කියැවේ. එසේම පෙනී...