රිතික් ගේ බිරිය ඩුබායි ගිහින්

රිතික් රෝෂන් ගෙන් වෙන්වුණු ඔහුගේ බිරිය වූ සුසෑන් රෝෂන් ගේ නවක තතු කොහොමදැයි බොලිවුඩ්පුරයේ බොහෝ දෙනෙකු විපරම් කරන්නට පටන් අරන්. ඇතැම් අය සුසෑන් හමුවී ඇගෙන් විමසා තිබුණේ නැවතත් රිතික් සමඟ සමඟි වී අනාගතය දෙස බලන්න කැමැත්තක් නැතිද කියලයි. මෙලෙස විමසන්නට හේතු වුණේ මෑතකදී රිතික් සහ සුසෑන් ගේ පියවරුන් දෙදෙනා රිතික් -සුසෑන් දීගයට නැවත හුස්ම පිඹින්නට උත්සාහ කළ බවට ආරංචි පැතිරී ගිය නිසයි. ඒත් සුසෑන් නම් පසුගියදා ප්‍රසිද්ධියේ කියා සිටියේ තමන් නැවතත් රිතික් සමඟ එකතු නොවන බවයි. ඔය අතරේදී කටකතාවක් පැතිරී ගොස් තිබුණා. කවුරුත් නොදන්නා කෙනෙකු සමඟ සුසෑන් ගේ සම්බන්ධයක් ඇති බවයි මේ කටකතාවෙන් කියවුණේ. ඒ වුණත් ඒ ආරංචියෙහි කිසිම ඇත්තක් නැති බවයි දින දෙක තුනකින්ම කාට කාටත් දැනගන්නට හැකිවුණේ. සුසෑන්ව හමුවන්න එක්තරා පුද්ගලයෙකු ඇගේ නිවෙසට පැමිණි බව නම් සත්‍යයක්. ඔහුගේ නම රාමන් මැකාර්. විවාහකයකු වන ඔහු, රිතික් සහ සුසෑන්ගේත් ඔවුන්ගේ දෙමවුපියන්ගේත් සමීප හිතවතෙක්. මීට දෙසතියකට පමණ පෙර සුසෑන් ඩුබායි රාජ්‍යය බලා පිටත්ව ගියා. ඒ ගමනට කලින් දිනයක දී රාමන් සහ ඔහුගේ බිරිය සුසෑන්ව හමුවී තිබෙනවා. සුසෑන් ඩුබායි ගියේ ඇයි? ඊළඟට බොහෝ දෙනෙකු එලෙස ප්‍රශ්න කරන්නට පටන් ගත්තා. ඇය ඩුබායි බලා පිටත්ව ගියේ තනිවම නොවෙයි. බොලිවුඩයේ කිං ඛාන් හෙවත් ශාරුක් ඛාන් ගේ බිරිය ගෞරී එක්කයි. කාන්තා ඇඳුම් පැලඳුම් සහ කාන්තාවන් භාවිතා කරන විසිතුරු අංගෝපාංග අලෙවි කරන සුපිරි වෙළෙඳ සලක් ඩුබායි හි ආරම්භ කරන්නයි ගෞරී සූදානම් වෙන්නේ. එම ව්‍යාපාරයට හවුල් වීමට සුසෑන් ද කැමැත්ත පළ කරලා. මේ සඳහා ඩුබායි හි පදිංචිව සිටින ගෞරීගේ සමීප මිතුරියන් කිහිප දෙනෙකුගේ ද සහාය ලැබෙන බවයි පැවසෙන්නේ. ගෞරී සහ සුසෑන් ව්‍යාපාරයක් ආරම්භ කරන්නට පැමිණෙන බව ආරංචි වූ ඩුබායි හි අංක එකේ ධනවත් ව්‍යාපාරිකයන් කිහිප දෙනකුම ඔවුන් පැමිණෙන්නේ කවදාදැයි දැන් නිරතුරුවම විමසුම් කරනවාලු. සුජීව තේවහෙට්ටිගේ උපුටා ගැනීම සිළුමිණ

Share This Article

මම්තා දැන් දෙවියන් යදී

මම්තා දැන් දෙවියන් යදී අනූව දශකයේ දී ගිනි සිළුවක් ලෙස තම රංගන රටාවන් මුදා හළ මම්තා කුල්කර්නි ඔබට මතකද? 1992 දී තිරගත...

ශාරුක් නිසා සල්මන් අර්පුන්ව ගෙදරින් එළියට දාලා..

මේ ලඟදි දවසක අර්ජුන් රාම්පල් සල්මන් කාන්ට කතා කරලා කියලා තියෙනවා අර්ජුන්ට සාලුව මුණගැහෙන්න ඕන කියලා. ඉතින් එදා හවසම දෙන්නා...

රිතික්ට ළංවූ නර්ගීස්

සුපිරි තරුවක් නොවුණ ද, උදේ චොප්රා බොලිවුඩ් සිනමා රසික පිරිවර අතර බෙහෙවින් ජනප්‍රියයි. සිනමා රංගනයේදී ඔහු වෙතින් මතුවන හාස්‍ය රසය මේ...

අනුශ්කා විරාට්ගේ ගෙදර

අනුශ්කා විරාට්ගේ ගෙදර බොලිවුඩ්පුරයේ කතා ෆැක්ටරිවලට දැන් තවත් උණුසුම් මාතෘකාවක් ලැබිලා. මෙහි ප්‍රධාන චරිත දෙක තමයි, සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාට් කෝලි සහ...

ජැකලින්ගේ රහස් ඡායාරූප කිහිපයක් ලීක්වෙයි

ජනප්‍රිය ගායිකා යොහානි මෙන් ලංකාවේ නාමය ලෝකයක් ඉදිරියට ගෙන ගිය තවත් තරුවක් වන්නේ ජැකලින් ෆර්නැන්ඩස්ය. ඈ බොලිවුඩයේ අති දක්ෂ රංගන ශිල්පිනියකි....

මූණවත් නොබලන පැරණි පෙම

බොලිවුඩ් පුරයේ ඇතිවන සැබෑ පෙම් බැඳුම් බිඳී විසිරී යන අවස්ථා අනන්තයි. එහෙම වෙන්වීම් සිදුවුණායින් පස්සෙ පෙම්වතා සහ පෙම්වතිය අතර කිසිදු කතාබහක්...