කට්රිනා පසුපස පැපරාසීන්
රන්බීර් කපූර් සහ කට්රිනා කායිෆ්, සැබෑ ජීවිතයේ පෙම්වතුන් ලෙස ගතකළ කාලයේදී පදිංචිව සිටියේ බන්ද්‍රා ප්‍රදේශයේ තට්ටු නිවාසයකයි.
රන්බීර් - කට්රිනා වෙන්වීමෙන් පසුව රන්බීර් නැවත පදිංචියට ගියේ තම දෙමවුපියන් වෙසෙන ක්රිෂ්ණ රාජ් බංගලාවටයි. කට්රිනා පමණක් තට්ටු නිවාසයෙහි තනි වුණා. දැන් ඇය වෙනත් නිවසක් සොයමින් සිටිනවා.
මෙතෙක් රන්බීර් සමඟ පදිංචිව සිටි තට්ටු නිවාසයේ නාන කාමරය, ජල කරාම මෙන්ම අනෙකුත් පහසුකම් අබලන් වී තිබීම නිසයි, කට්රිනා අලුත් තැනක් සොයන්නේ. සති කිහිපයක්ම සුදුසු නිවාසයක් සෙව්වත් ඇයට ගැළපෙන තැනක් මෙතෙක් ලැබී නැහැ. ඉතින්, කට්රිනා මේ දිනවල කාලය ගත කරන්නේ තරමක කනස්සල්ලකින්.
ඇගේ මේ හිත් අමාරුව කෝපයක් බවට පෙරළී ගිය අවස්ථාවක් පසුගිය දා කාටත් දැකගත හැකි වුණා. ඒ, ඇය නිවෙසක් සොයමින් ගමන් කරන අතරතුරදීයි. තම මෝටර් රථයේ නැඟී මඳ දුරක් ධාවනය කළ කට්රිනා එක්තරා ස්ථානයක නැවැත්තුවේ ඒ අසල නිවෙසක් ඇති බවට ලද ආරංචියක් අනුවයි. මෝටර් රථයේ දොර විවර කර එයින් බසින්නට යද්දී දුටු දර්ශනයෙන් ඇය තිගැස්සුණා. එතැන රැඳී සිටියේ ඇය වෙත කැමරා එල්ල කරගෙන සිටින පුද්ගලයන් කිහිප දෙනෙක්.
ඔවුන් දුටු හැටියේම කට්රිනා ඉක්මනින්ම රියෙන් බැස ඔවුන් වෙත දිව ගියා. ඔවුන්ට දැඩි ලෙස දෝෂාරෝපණය කළ ඇය පැවසුවේ තමන් පසුපස තවදුරටත් පැමිණියහොත් වහාම පොලීසියට පැමිණිලි කරන බවයි. ඇගේ ඒ ගෝරනාඩුවට පසුබැස්ස ‘පැපරාසීන්’ පිරිස වහාම එතැනින් නික්ම ගියා. මේ අතර බොලිවුඩයේ තැන් තැන්වල කෙරෙන කසුකුසුවලින් කියැවෙන්නේ කට්රිනාට සුදුසු නිවෙසක් සොයා දීමට ඇගේ හිටපු පෙම්වතා වන සල්මන් උනන්දු වන බවයි.මව්බිම
තාත්තා නිසා රිතික් දෙලොවක් අතර රුපියල් කෝටි ගණනින් මුදල් වියදම් කරමින් ප්රචාරක වැඩ සටහන් දියත් කරන්න බොලිවුඩ් පුරයේ චිත්‍රපට නිෂ්පාදකවරු පැකිලෙන්නෙ නැහැ....
සුරූපී නිළි ශ්‍රද්ධා කපූර් පසුගිය සතියේ රොක් සංගීතයට අනුව ගී ගැයීමට පුහුණු වුණා. ඒ ඇයට රඟපෑමට ලැබී තිබෙන චරිතයක් නිසයි. ෆර්හාන්...
රාජ් කපූර් හින්දි හා ඉංග්‍රීසි භාෂාවනට අමතරව දෙමළ, තෙළිඟු, මලයාලම් හා රුසියානු ආදි භාෂා රාශියක් දැන සිටියේය. “මම හුඟාක් භාෂා ඉගෙන ගත්තේ...
අනුශ්කා විරාට්ගේ ගෙදර බොලිවුඩ්පුරයේ කතා ෆැක්ටරිවලට දැන් තවත් උණුසුම් මාතෘකාවක් ලැබිලා. මෙහි ප්‍රධාන චරිත දෙක තමයි, සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාට් කෝලි සහ...
අපි අමාරුවෙන් හම්බකරපු සල්ලි මේ…ඉන්කම් ටැක්ස් ප්‍රශ්න යනු සුපිරි බොලිවුඩ් තරුවලට අලුත් දේවල් නොවේය. සෑම වසර කිහිපයක් පාසාම වාගේ සුපිරි තාරකාවන්...
අමාරුවෙන් ලබා ගත් දේ අමාරුවෙන් ලබා ගන්නා දේවල්වල වටිනාකම වැඩි කියලා කියනවානේ. බොලිවුඩ් තරුවකුත් අද එහෙම කියන්නේ තමන්ගේම ජීවිතය දෙස ආපසු හැරී...