සල්මන් විවාහ ගිවිස ගනී
ලූලියා වැන්ටර් රුමේනියාවේ ටෙලි නාට්‍ය නිළියක්. ඇය රුමේනියාවේ හිටියත් ඇගේ නම බොලිවුඩ් සුපිරි තරුවකගේ නමක් සමඟ පැටලුණා. ඒ, මීට වසර දෙකකට කලින්. ලූලියාව ඈඳුණේ සුපිරි නළු සල්මන් ඛාන් එක්කයි. විවිධ කටකතා, ඕපාදූපවලට හසුවූ මේ දෙදෙනා ඒ ගැන කතා කරන්නට උනන්දු වුණේ නැහැ. ටික කාලයක් ගතවෙද්දී සල්මන් - ලූලියා කතන්දරය යටපත් වුණා.
නැවතත් එය මතුවුණේ පසුගිය සතියේදීයි. අලුත් ආරංචියකුත් ඒ සමඟ දැවටී තිබුණා. එයින් කියවුණේ සල්මන් සහ ලූලියා රහසේම විවාහ ගිවිසගෙන ඇති බවයි. දෙදෙනාගේ විවාහ මංගල උත්සවය ලබන වසරේ මුල් භාගය තුළදී සිදු කිරීමට බලාපොරොත්තු වන බවක් ද ඒ සමඟම පැවසුණා. මේ ආරංචිය වඩාත්ම පැතිරී ගියේ ලූලියාගේ කළමනාකරුවකු රුමේනියාවේ බුකාරෙස්ට් නුවර සිට කළ ප්‍රකාශයකින් පසුවයි. ඔහු කීවේ ලූලියා සහ සල්මන් දැනටමත් විවාහ ගිවිසගෙන ඇති නිසා විවාහ මංගල්‍යය තවත් මාස කිහිපයකින් සිදු කිරීමට නියමිත බවයි.
කෙසේ වෙතත්, මේ ආරංචියෙහි කිසිඳු සත්‍යතාවක් නැතැයි, සල්මන්ගේ නැගණිය වන අර්විතා ඛාන් සිය ට්විටර් පිටුවෙහි සටහනක් තබමින් ප්‍රකාශ කළා. ඇය එවැන්නක් පවසද්දී රුමේනියානු රූපවාහිනී චැනලවලින් ප්‍රකාශ වූයේ ද සල්මන් සහ ලූලියාගේ රහසිගත විවාහ ගිවිස ගැනීමක් ගැනයි. කෙසේ වෙතත් මේ වන තුරු මෙහි ඇත්ත නැත්ත නිවැරැදිව තවමත් හෙළි වී නැහැ.සිලුමිණ
එකිනෙකාට මඩ ප්‍රහාර එල්ල කරගත්ත පෙම්වතුන් යුවළක් බොලිවුඩ්පුරයේ සිටියා. ඒ මීට දශක එකහමාරකට කලින්. කාලයක් තිස්සේ වැඩෙමින් තිබුණු ආදරයක් හිටි හැටියේම...
නේහා හදිසියේම ලංකාවට එයි ජනප්‍රිය නිළි බිපාෂා බාසුට වේදිකාවේ නටන්න බැරි වුණොත් ඇය වෙනුවෙන් නටන්න පුළුවන් කාට ද? නේහා ඩුපියාට පුළුවන්ලු දෙදෙනාගේ...
සජීඩ් නන්දියවාලා බොලිවුඩ් චිත්‍රපට අධ්යක්ෂවරයෙකි. 1990 දශකය ආරම්භයේ දී සිය මාමා කෙනකුගේ නිෂ්පාදන සමාගමක නිෂ්පාදක සහායකු ලෙස බොලිවුඩ් පුරයට පා තැබුවේ...
බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ නළුවකු වන සන්ජේ දත්, පෙනහලු ආශ්රිත පිළිකා තත්ත්වයකින් පීඩා විඳින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. සන්ජේ දත්ට පෙනහළු...
සුපිරි තරුවක් නොවුණ ද, උදේ චොප්රා බොලිවුඩ් සිනමා රසික පිරිවර අතර බෙහෙවින් ජනප්‍රියයි. සිනමා රංගනයේදී ඔහු වෙතින් මතුවන හාස්‍ය රසය මේ...
මම්තා දැන් දෙවියන් යදී අනූව දශකයේ දී ගිනි සිළුවක් ලෙස තම රංගන රටාවන් මුදා හළ මම්තා කුල්කර්නි ඔබට මතකද? 1992 දී තිරගත...