නඩු දෙකකට ප්‍රීටිට වරෙන්තු

තාත්තා නිසා රිතික් දෙලොවක් අතර
රුපියල් කෝටි ගණනින් මුදල් වියදම් කරමින් ප්‍රචාරක වැඩ සටහන් දියත් කරන්න බොලිවුඩ් පුරයේ චිත්‍රපට නිෂ්පාදකවරු පැකිලෙන්නෙ නැහැ. ඔවුන් එලෙස අත දිගහැර වියදම් කරන්නේ තමන් හැදූ චිත්‍රපටය තිරගත වන දිනය ළංවෙද්දී විතරක් නොවෙයි. එහෙමත් නැත්නම් චිත්‍රපටය තිරගත වන කාලයේ දී විතරක් නොවෙයි චිත්‍රපටය රූගත කෙරෙද්දීත් ඒ ගැන ප්‍රචාරයක් ලබා දෙන්න ඔවුන් කිසිදු ලෝබකමකින් තොරව වියදම් කරනවා. එලෙස අඬබෙර ගසා නිර්මාණය කළ චිත්‍රපටයක් තමයි, ‘කයිට්ස්'. මේ චිත්‍රපටය රූගත කරන්නටත් කලින් ඒ ගැන වගතුග මුළු ලෝකයේම අස්සක් මුල්ලක් නෑරම ප්‍රචාරය වුණා. රූගත කිරීමේදී සිදුවූ විශේෂ සිදුවීම් ඉන්දියාවේ මාධ්‍ය ඔස්සේ දිගට හරහට විසිරුණා. ඒ වුණත් ‘කයිට්ස්’ චිත්‍රපටය ආදායම් වාර්තා තැබුවේ නැහැ. චිත්‍රපටය නිෂ්පාදනය කළ රාකේෂ් රෝෂන් සහ අධ්‍යක්ෂණය කළ අනුරාග් බාසුගේ බලාපොරොත්තු බිඳ දමමින් ‘කයිට්ස්’ නිකම්ම නිකන් සරුංගලයක් සෙයින් සුළඟේ ගසාගෙන ගියා. ප්‍රධාන චරිතයක් රඟපෑ රිතික් රෝෂන් ගේ බලාපොරොත්තු බිඳ වැටුණා. මේ හේතුව නිසාදෝ අධ්‍යක්ෂ අනුරාග් බාසු සම නිෂ්පාදක රාකේෂ් රෝෂන් අතර තිබූ හොඳ හිත පලුදු වී ගියා. සමහරු නම් කියන්නේ ‘කයිට්ස්’ තිරගත වූ දා සිටම මේ දෙන්නා නොරොක්වී සිටිය බවයි. ‘කයිට්ස්’ තිරගත වූ 2010 සිට අද දක්වාම අනුරාග් සහ රාකේෂ් අතර පවතින්නේ දැඩි අමනාපයක්. පසුගිය අගෝස්තු 13 දා පැවැත්වුණු රාකේෂ් ගේ උපන්දින උත්සවයටත් ඔහු පැමිණියේ නැහැ. ඔහුට ආරාධනාවක්වත් යවා තිබුණේ නැහැ. මේ උපන් දින සාදය සංවිධානය කළේ රාකේෂ් ගේ පුත්, සුපිරි නළු රිතික් රෝෂන් මුම්බායි නුවර සුපිරි අවන්හලකදී පැවැත්වුණු මේ සාදයට බොලිවුඩ් සිනමාවේ දැවැන්තයන් රැසක්ම ඇරයුම් ලබා තිබුණා. ඒ ආරාධිතයන්ගේ ලැයිස්තුව සකස් කෙරුණේ රාකේෂ් ගේ අනුදැනුම මතයි. එහි මුලින්ම සටහන් වුණේ භච්චන් පවුලේ සියලුම දෙනාගේ නම්. ඒ අනුව අමිතාබ් ඇතුළු සියලු දෙනා රාකේෂ්ට සුබ පතන්නට පැමිණ සිටියා. ඊළඟට සටහන් වී තිබුණේ ඒක්තා කපූර්, ජිතේන්ද්‍ර සහ ශෝභා කපූර් යුවළ. ඉන්පසුව ප්‍රියංකා චොප්රා ඇතුළු වත්මන් යුගයේ තරු රැසකගේ නම් සටහන් වී තිබුණා. ඒත්, අනුරාග් බාසුගේ නම ඒ ලැයිස්තුවට ඇතුළත් වුණේ නැහැ. එය රාකේෂ් උවමනාවෙන්ම කළ දෙයක් බවයි පැවසෙන්නේ. මේ ගැන බලපෑම් කරන්නට ඔහුගේ පුත් රිතික් ඉදිරිපත් වුණේ නැහැ. ඔහු තම මව සහ සොහොයුරිය සමඟ උපන් දින සාදයේ සංවිධාන කටයුතු සිදු කළා. උපන් දින සාදය නිමාවට පත්වීමෙන් පසුව බොලිවුඩ්පුරයේ බොහෝ දෙනෙකු ගේ මාතෘකාව වුණේ රාකේෂ් ගේ උපන්දින සාදයට අනුරාග් බාසුගේ නොපැමිණීම ගැනයි. මින් පසුව තවත් විශේෂ දෙයකුත් සිදුවෙලා. ‘කයිට්ස්’ චිත්‍රපටය ඉංග්‍රීසි භාෂාවෙන් දෙබස් යොදා නිර්මාණය කිරීමට රාකේෂ් රෝෂන් තීරණය කරලා. ඒ වෙනුවෙන් එහි සංස්කරණ කටයුතු සිදුකරන්නට ‘කයිට්ස්’ පිටපතක් හොලිවුඩ් සිනමාවේ අධ්‍යක්ෂවරයෙකු වන බ්‍රෙට් රැට්නර් වෙත ලබා දෙන්නටත් රාකේෂ් කටයුතු කරලා. මෙය සිදුකර ඇත්තේ අධ්‍යක්ෂ අනුරාග් බාසුට කිසිදු දැනුම් දීමකින් තොරව බවයි ආරංචිවලින් කියවෙන්නේ. මේ විරසකය දිගින් දිගට ඇදී යද්දී රිතික් පසුවන්නේ දෙගිඩියාවකින්. ඔහු සහ අනුරාග් බාසු අතර අමනාපයක් නැහැ. ඒ නිසා ඔහු තරහ කරගෙනත් බැහැ. තාත්තාට විරුද්ධ වෙන්නටත් බැහැ. ‘කයිට්ස්’ චිත්‍රපටය ඔයාලා දැනටමත් බලලා ඇති. ඒ වුනත් බලපු අයට මතකය අලුත් කර ගන්නත් නොබලපු අයට ‘කයිට්ස්’ චිත්‍රපටය බලන්නත් හිතෙන්න trailer එක බලමු නේ...නඩු දෙකකට ප්‍රීටිට වරෙන්තු

ඉන්දියානු සිනමාව යනු ලෝකයේ අන් රටවල පිහිටි සිනමාවන්ගෙන් බොහෝ සෙයින් වෙනස්වන්නා වූ සංකීර්ණ ස්වරූපයකින් සමන්විත සිනමා කලාපයකි. මන්ද එක් රාජ්‍යයක් තුළ...
2021 දී සුනිල් ෂෙට්ටි නම් අහිසංක දඩබ්බරයා ලබන වසරේ අගෝස්තුවේදී සමරන්නේ හැට වැනි උපන් දිනයයි. ඔහු නිතරම ඉන්ස්ටග්රම් සමාජ වෙබ් අඩවියෙන්...
ඒ කඩවසම් තනිකඩ බවේ අසිරිය විඳගන්නට ලැඛෙන තරුණියන්ගේ නාම ලේඛනය නම් එන්න එන්නම දිගුවන හැඩය. අයිශ්වර්යා රායි, කත්රිනා කායිෆ් ළඟට සල්මන්...
බොලිවුඩයේ පුවත් මවන පවුල් අතර බච්චන් පවුලත් ඉන්නේ ඉදිරියෙන්. අයිශ්වර්යා අභිශේක් කියන්නෙත් ඉන්දියාව විතරක් නෙවෙයි මුළු ලොවම ආදරය කරන දෙන්නෙක්. විවාහයෙන්...
ශබානා ආස්මි සහ ජූහි චව්ලා බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය තරු දෙකක්. දෙදෙනා රංගනයෙන් දායක වූ චිත්‍රපට එකිනෙකට වෙනස් වුවද දෙදෙනාම ප්‍රවීණ නිළියන් බව...
71 වැනි වියෙහි පසුවන ආසියාවේ දීර්ඝකාලීනතම සුපිරි තරුව, තරුණ තරුණියන්ට පූර්වාදර්ශී චරිතයක් වන අතරම වැඩිහිටියන්ට පරමාදර්ශයක්ද වෙයි. තරුණ තරුණියන්ට පූර්වාදර්ශී...