The Wolverine

The Wolverine

“මගේ ආරම්භය එච්චර හොඳ එකක් නෙමෙයි. මම නාට්‍ය පාසලේ දී අසාර්ථක වුනු ශිෂ්‍යයෙක්. එත් එදා අසාර්ථක වුනේ නැතිනම්, මම අද මෙහෙම සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා සාර්ථකත්වය පිටුපස හැම වෙලාවකම තියෙන්නේ අසාර්ථකත්වය කියලයි මට හිතෙන්නේ..” ප්‍රථම වතාවට Les Miserable’s චිත්‍රපටය වෙනුවෙන් හොඳම නළුවාට හිමි ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය දිනාගත් සම්මානනීය නළුවා වන හියු ජැක්මන් එසේ පවසන්නේ අතිසාර්ථක ලෙස තවමත් ලොව පුරා තිරගත වන X-men චිත්‍රපට මාලාවේ හයවැන්න The Wolverine හි ලෝගන් හෙවත් වොල්වරින් ලෙස ප්‍රේක්ෂකයන් අමානන්දයට පත් කරමිනි. 2013 වර්ෂයේ ජූලි මස 24 වන දින ලොව පුර තිරගත වීම ඇරඹුණු The Wolverine හි නිර්මාණකරණය පිලිබඳ කතිකාවත ඇරඹෙන්නේ 2009 වසරේදීය. ජස්ටින් ලින්, ගැවින් ඔකොනර්, ජේම්ස් මැන්ගොල්ඩ්, ඇන්ටොයින් ෆුකා, සහ හැරී ෂෝ වැනි බොහෝ අධ්‍යක්ෂකවරුන් අතර අතින් අතට තරඟයක් වුනු තිරගතවූ චිත්‍රපටයේ අවසන් අධ්‍යක්ෂකවරයා ලෙස ෆොක්ස් චිත්‍රපට සමගම තෝරා ගත්තේ ජේම්ස් මැන්ගොල්ඩ් ය. ඇත්තවශයෙන්ම මෙය 1982 හි ප්‍රකාශයට පත්වුණු ක්‍රිස් ක්ලේයාමොන්ට් සහ ෆෑන්ක් මිලර් ගේ Wolverine චිත්‍ර කතා මාලාව ඇසුරෙන් නිර්මාණය වූ මෙහි ප්‍රධාන චරිතය වන්නේ ජනප්‍රිය මාවල් චරිතයක් වන ලෝගන් හෙවත් වොල්වරින්ය. දෙවතාවක් තිරපිටපත් රචනා වුනු, දෙවරක් රූගත කිරීම් ඇරඹුණු මෙය ඇමෙරිකානු - ඕස්ට්‍රේලියානු සම නිෂ්පාදනයක් ලෙස ඇරඹුනද, එහි රූගත කිරීම් ඔස්ට්‍රේලියාව, ඇමෙරිකාව මෙන්ම ජපනයේදීද සිදු කෙරිණි. 1945 සමයෙහි ජපානයේ නාගසාකි නුවරට ඇමෙරිකානුවන් පරමාණු බෝම්බ හෙලන මොහොතෙහි යශිඩා බේරා ගන්නා ලෝගන් නොමැරෙන මිනිසෙකු වේ. පසුව තම ආදරවන්තිය වන ජෝන් ග්‍රේ නොදැනුවත්ව තමා අතින් මියයාම පිළිබඳව කලකිරීමෙන් හුදෙකලා දිවියක් ගෙවන ලෝගන් සොයා ජපන් යුවතියක් පැමිණේ. ඒ වසර ගණනාවකට පෙර සිදුවූ න්‍යෂ්ටික පිපිරුමෙන් තම ජීවිතය බේරා ගත් ලෝගන්ට කෘතගුණ දැක්වීමට මියයමින් සිටි යශීඩා හට අවශ්‍ය වූ බැවිනි. එහිදී යශීඩාගේ දුවක වන මරිකෝ මුණගැසේ. ලෝගන්ගේ දිවිය වෙනස් වන්නට පටන් ගන්නේ එතැන් පටන්ය. ඉතා විශාල ලෙස ක්‍රියාදාම දර්ශන ඇතුලත් නොවන මෙහි, දෘශ්‍ය ප්‍රයෝග සඳහා Weta Digital, Rising Sun Pictures, Iloura, සහ Shade VFX යන දෘශ්‍ය නිර්මාණකරන ආයතන එක්ව සිටී. The Wolverine චිත්‍රකතා මාලාවේ ප්‍රබල රසිකයකු වූ හියු ජැක්මන් තරයේ විශ්වාස කලේ ලෝගන් හෙවත් වොල්වරින් මාවල් චරිතයට අසාධාරණයක් නොවන ලෙස ප්‍රේක්ෂකයන්ට පිළිගත හැකි සත්‍ය චරිතයක් ලෙස බිහිවිය යුතු බවයි. ඒ අනුව X-men චිත්‍රපට මාලාවේ හයවැන්න මෙන්ම X-men origins: Wolverine හි දෙවැන්න ලෙසත් නිෂ්පාදනය වුනු The Wolverine හි තිර රචනය ක්‍රිස්ටෝපර් මැක්කෝරි, ස්කොට් ෆ්‍රෑන්ක් සහ මාක් බොම්බැක් අතින් සිදුවුවකි. පැය දෙකයි මිනිත්තු 35ක් පුරා දිග හැරෙන මෙම කතාවෙහි ලෝගන් හෙවත් වොල්වරින් ලෙස හියු ජැක්මන්, මාරිකෝ ලෙස ටාඕ ඔකමොටෝ, ෂින්ගෙන් යශීඩා ලෙස හිරාවුකි සනාඩා, යුකියෝ ලෙස රිලා ෆුකුෂිමා රංගනයෙන් දායක වේ. Twentieth Century Fox’s Marvel Films ලෙසින් නිෂ්පාදකවරුන්ගේ අදහසින් නිකුත් වුනු The Wolverine චිත්‍රපටයේ කවුද හරි, කවුද වැරදි යන්න අවසානය වනතෙක් කුතුහලයකි. සිත්මල්යායෙන්

Share This Article

Split

මෙය 7.3/10 IMDB අගයක් ලැබූ 2016 වර්ෂයේ නිකුත් කල Thriller/Horror වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැයකුත් විනාඩි 57ක් වේ."කේසි කුක් කුඩා...

මෙගා අපහාසයක් නොවේ උපහාසයක් පමණයි - අධ්‍යක්‍ෂ දමින්ද මඩවල

ඔබ කැමැතිද මෙගා නාට්‍ය බලන්න? අවුරුදු ගණන් කොටස් හාර පන්සීයක් තරම් දිගට ඇදෙන මෙගා නාට්‍ය බලන්න ඔබ කැමැතිද? ඔබ කැමැති වුණත්,...

Crimson Peak

මෙය 6.5/10 IMDB අගයක් ලැබූ 2015 වර්ෂයේ නිකුත් කල Horror/Mystery වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැයකුත් විනාඩි 59ක් වේ."1887 දී නිව්...

Insidious

මෙය 6.8/10 IMDB අගයක් ලැබූ 2010 වර්ෂයේ නිකුත් කල Horror/Thriller වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැයකුත් විනාඩි 43" විවාහක යුවළක් වන...

The Mist

මෙය 7.1/10 IMDB අගයක් ලැබූ 2007 වර්ෂයේ නිකුත් කල Horror/Sci-fi වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැය දෙකකුත් විනාඩි හතක් වේ." ගිගුරුම්...

Drag Me to Hell

මෙය 6.5/10 IMDB අගයක් ලැබූ 2009 වර්ෂයේ නිකුත් කල Horror/Supernatural වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැයකුත් විනාඩි තිස් නවයක් වේ."1969 පැසඩෙනා...