විජේ ද්විත්ව රංගනයක Kaththi
හොලිවුඩ් සිනමාවේ පෙරමුණේම සිටින නළුවන් කිහිපදෙනා අතරින් අයකු වන විජේ ද්විත්ව රංගනයක යෙදෙන නවතම චිත්‍රපටයක් දැන් බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙළමින් ප්‍රදර්ශනය වෙමින් තිබේ. ‘කත්ති’ නම් වූ එය තිරරචනය ලියා අධ්‍යක්ෂණය කර ඇත්තේ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂ ඒ.ආර්.මුරුගදෝස්ය. ත්‍රාසය හා කුතුහලය මුසුවූ ක්‍රියාදාම චිත්‍රපටයක් වන ‘කත්ති’ හි විජේ කදිරේශන් හෙවත් ‘කතීර්’ නමැති අපරාධ කරුවා ලෙස ද ජීවානන්දන් හෙවත් ‘ජීවා’ ලෙස ද රංගනයේ යෙදෙයි. කල්කටා බන්ධනාගාරයෙන් පලාගොස් චෙන්නායි වෙත යාමට තීරණය කරන කතීර්ට ගුවන් තොටුපළේ දී හමුවන්නේ අන්කිතා නමැති රූමතියයි. කතීර් ඇයට ප්‍රේම කරයි. ඒ අතරතුර තවත් අපරාධකරුවකු වූ ධානු සමඟ කතීර් දකින්නේ දාමරික කල්ලියක් විසින් වෙඩි තබනු ලැබූ ජීවාය. ජීවාගේ පෙනුම තම පෙනුමට සමාන බව වටහා ගන්නා කතීර් සිහි විසඥව සිටින ජීවා රෝහල් ගතකොට එතැන් පටන් ජීවා ලෙස පෙනී සිටියි. එසේ පෙනී සිටිමින් ධානු සමඟ ජීවා පවත්වාගෙන ගිය වැඩිහිටි නිවාසයකට ඇතුළු වන්නේ එතැනින් රුපියල් ලක්ෂ 25ක මුදලක් සොරාගැනීමේ අරමුණ ඇතිවය. එහිදී කතීර් වටහා ගන්නේ කොමියුනිස්ට් අදහස් දරන ජීවා පශ්චාත් උපාධිධාරියකු බවය. ජීවා තිරුනාවේලි දිස්ත්‍රික්කයේ ජල ගැටලුව විසඳීමට සැලසුම් සකසා තිබුණත් කර්මාන්තශාලා හිමියකු වන චිරග් ඊට එරෙහි ව සිටින්නේ ගැමියන්ගේ ඉඩම් කුණු කොල්ලයට ගනු පිණිස බව ද කතීර් අවබෝධ කරගනියි. ඔහු සූදානම් වන්නේ ජීවා ලෙස පෙනී සිටිමින් චිරග් හා සටනට පිවිස ගැමියන්ගේ සුබසිද්ධිය සලසා දෙන්නටය. රෝහලේ දී සිහි ලබන ජීවාට සිදුවන්නේ කතීර් ලෙස බන්ධනාගාර ගතවන්නටය. කල්කටා බන්ධනාගාරයේ සිටින විවේක් කතීර් මරා දැමීමේ අධිෂ්ඨානයෙන් පසුවන්නෙකි. ජීවා ගේ සත්‍ය කතාව අසන විවේක් ජීවාට බන්ධනාගාරයෙන් පැනයන්නට කටයුතු සලසයි. මේ වන විට ජීවා ලෙස පෙනී සිටින කතීර්ගේත් චිරාග් ගේත් සටන උග්‍ර අතට පත්ව තිබේ. චෙන්නායි වෙත පැමිණෙන සැබෑ ජීවා චිරාග් විසින් පැහැර ගනු ලබයි. ජීවා තම සිර අඩස්සියේ සිටියදී ජීවා ලෙස පෙනී සිටින කතීර් රූපවාහිනියේ සජීවී සම්මුඛ සාකච්ඡාවකට මුහුණ දෙන අයුරු චිරාග් දැකගනියි. චිරාග් මුහුණ දෙන්නේ උභතෝකෝටිකයකටය. ජීවා තම අත්අඩංගුවේ නම් සජීවීව රූපවාහිනියෙන් ජනතා සුබසාධනය ගැන කතා කරන ජීවා කවුරුන්ද? චිරාග් ගේ අත්අඩංගුවේ පසුවන ජීවා බේරා ගන්නට පැමිණෙන කතීර් අතින් මිය යන්නේ චිරාග් ද? සැබෑ ජීවා ද? කතීර්ගේ අනාගත ඉරණම කෙබඳු වේද? විජේ, සමන්තා රූත්, නීල් නිතින් මුකේෂ්, ටෝටා රෝයි චෞද්රි සතිෂ්, රූපේෂ් ගුප්තා වීරා මෙන්ම අධ්‍යක්ෂ ඒ.ආර්.මුරුග දෝස් ද මෙම චිත්‍රපටයේ චරිත නිරූපණය කරති. ගීත හතකින් යුත් ‘කත්ති’ හි සංගීත අධ්‍යක්ෂණය අනිරුද් රවිචන්දර් ගේය. පසුගිය ඔක්තෝබර් 22 දා ප්‍රදර්ශනය ඇරඹූ මෙම මසාලා චිත්‍රපටය එදින පමණක් ලොව වටා ඉපැයූ ආදායම ඉන්දීය රුපියල් ලක්ෂ 3280කි. ඉන්දියාවේදී පමණක් එය ප්‍රදර්ශනය ඇරඹූ පළමු දිනයේම ඉන්දීය රුපියල් ලක්ෂ 1540ක් උපයා ඇත. ඇමෙරිකාවේදී විජේ රඟපෑ චිත්‍රපටයක් ලැබූ හොඳම ආදායම ලෙස එය ප්‍රදර්ශනය වූ පළමු දින ඇමෙරිකානු ඩොලර් 142,805ක් උපයා තිබේ. බ්‍රිතාන්‍ය පුරා ‘කත්ති’ චිත්‍රපටයේ පිටපත් 70ක් ප්‍රදර්ශනය වෙයි. බොලිවුඩ් චිත්‍රපට පමණක් නොව කොලිවුඩ් චිත්‍රපට ද මේ වන විට ජාත්‍යන්තර වෙළෙඳපොළ ජයගෙන අවසන්ය. උපුටා ගැනීම සිළුමිණ
සත්‍ය සිදුවීමක් ඇසුරෙනි.මෙය 7.5/10 IMDB අගයක් ලැබූ 2013 වර්ෂයේ නිකුත් කල Horror/Thriller වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැයකුත් විනාඩි 52ක් වේ."...
මෙය 7.1/10 IMDB අගයක් ලැබූ 1998 වර්ෂයේ නිකුත් කල Action/Horror වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැය දෙකක් වේ."1967 දී ගර්භනී...
මෙය 7.1/10 IMDB අගයක් ලැබූ 2006 වර්ෂයේ නිකුත් කල Horror/Drama වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැය දෙකකුත් විනාඩි 01ක් වේ."වර්ෂ 2000...
මෙය 7.2/10 IMDB අගයක් ලැබූ 2020 වර්ෂයේ නිකුත් කල Horror/Thriller වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැය දෙකකුත් විනාඩි 05ක් වේ."ධනවත් දෘෂ්ටි...
මෙය 6.5/10 IMDB අගයක් ලැබූ 2009 වර්ෂයේ නිකුත් කල Horror/Supernatural වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැයකුත් විනාඩි තිස් නවයක් වේ."1969 පැසඩෙනා...
මෙය 7.0/10 IMDB අගයක් ලැබූ 2005 වර්ෂයේ නිකුත් කල Horror/Fantasy වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැය දෙකකුත් විනාඩියක් වේ." මෙක්සිකානු ගම්බද...