බියොන්සෙ ගේ හිනාව කැමරාවට විතරයි

බියොන්සෙ ගේ හිනාව කැමරාවට විතරයිජනප්‍රිය ගායිකා බියොන්සෙගේ විවාහ ජීවිතය අඳුරු වෙන්නට පටන්ගෙන තිබෙනවා. ඇය විවාහ වී සිටින්නේ ඇමෙරිකානු රැප් ගායකයකු සහ ව්‍යාපාරිකයකු වන ජේ ඉසෙඩ් සමඟයි. ඔවුන් දෙදෙනා විවාහ වුණේ 2008 දීයි.

වයස අවුරුදු 4ක දියණියකගේ මවුපියන් වන මේ යුවළ දික්කසාදයකින් තම විවාහය කෙළවර කරගන්නට යන බවක් වාර්තා වෙනවා.

මේ හේතුවෙන් ලබන මාසයේදී ඇරැඹීමට සියල්ල සූදානම් කර තිබූ ‘ෆෝමේෂන්’ නම්වූ බියොන්සේගේ සංගීත ප්‍රසංග මාලාව අවිනිශ්චිත තත්ත්වයකට පත්වෙලා. කෙසේ වෙතත් තවමත් බියොන්සේ සහ ජේ ඉසෙඩ් යුවළ තම දෛනික ජීවිතයේ වැඩ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරමින් සිටිනවා.

විශේෂයෙන්ම, දෙදෙනාගේ ව්‍යාපාර කටයුතු අඩාළ නොවන්නටයි වග බලාගෙන ඇත්තේ.

බොහෝ දෙනා පවසන්නේ කැමරාකරුවන් ඉදිරියේ බියොන්සේ සහ ජේ ඉසෙඩ් සිනාමුසු මුහුණුවලින් පෙනී සිටිය ද දෙදෙනා අතර කිසිදු සුහදකමක් නොමැති බවයි.

පසුගිය මාසයේ මුල් භාගයේ දිනකදී ලොස් ඇන්ජලීස් නුවර පැවැති සාදයකට එක්වූ බියොන්සෙ ප්‍රකාශ කර ඇත්තේ තම විවාහ දිවිය කෙළවර වී ඇති බවයි.සිලුමිණ

Share This Article

ජනප්‍රිය ගායිකා ශකිරා දැන් දෙදරු මවක්...

දරුවන්ගෙන් ෆුට්බෝල් ටීම් එකක්.ජනප්‍රිය ගායිකා ශකිරා දැන් දෙදරු මවක්. ඇයට පුතුන් දෙදෙනෙකු සිටිනවා. වැඩිමලාගේ නම මිලාන්. ඔහුගේ වයස අවුරුදු දෙකයි. දෙවැනි...

ක්‍රිස්ටෝපර් ලී සමුගනී

සුරූපී කාන්තාවන්ගේ ගෙල පෙදෙසින් ලේ උරා බොන ඩ්‍රැකියුලා බාල, තරුණ මහලු කවුරුත් හොඳින් හඳුනනවා. ඩ්‍රැකියුලා චරිතය දශක ගණනාවක් තිස්සේ ජනප්‍රිය වී...

මිරැන්ඩා පැකර්ට ළං වෙයි

පෑන් කේක් තරම් ලේසි නැහැ සුපිරි නළු මයිකල් ඩග්ලස් තම බිරිඳ කැතරින් සීතා ජෝන්ස් ගෙන් වෙන්වුණේ මෑතකදීයි. දෙදෙනා වෙන්වී සිටියත් උදය කාලවලදී...

සුපිරි නිළියට වැඩිම මනාප

ගෝරිල්ලන් බලන්න ක්ලින්ටන් ඇවිත් කීර්තිමත් ඔස්කා සම්මානයකට ද නිර්දේශව තිබෙන ‘විරුන්ගා’ නම් වූ වාර්තාමය චිත්‍රපටය පසුගිය දා නිව්යෝක් නුවර චිත්‍රකලා කෞතුකාගාරයේ දී...

එළිසඛෙත් ටේලර්ගේ රහස් ප්‍රේමයක්

එළිසඛෙත් ටේලර් නම් ගිනි සිළුව ඉදිරියේ පළගැටියකු නොවන කඩවසම් හාදයා කවුරුන් ද? ජනප්‍රිය නළු කොලින් ෆෙරල් එළිසඛෙත් ටේලර් සමඟ අසාමාන්‍ය, අපූරු...

බියොන්සෙ ගේ හිනාව කැමරාවට විතරයි

ජනප්‍රිය ගායිකා බියොන්සෙගේ විවාහ ජීවිතය අඳුරු වෙන්නට පටන්ගෙන තිබෙනවා. ඇය විවාහ වී සිටින්නේ ඇමෙරිකානු රැප් ගායකයකු සහ ව්‍යාපාරිකයකු වන ජේ ඉසෙඩ්...