කට්රිනා පසුපස පැපරාසීන්

කට්රිනා පසුපස පැපරාසීන්රන්බීර් කපූර් සහ කට්රිනා කායිෆ්, සැබෑ ජීවිතයේ පෙම්වතුන් ලෙස ගතකළ කාලයේදී පදිංචිව සිටියේ බන්ද්‍රා ප්‍රදේශයේ තට්ටු නිවාසයකයි.

රන්බීර් - කට්රිනා වෙන්වීමෙන් පසුව රන්බීර් නැවත පදිංචියට ගියේ තම දෙමවුපියන් වෙසෙන ක්‍රිෂ්ණ රාජ් බංගලාවටයි. කට්රිනා පමණක් තට්ටු නිවාසයෙහි තනි වුණා. දැන් ඇය වෙනත් නිවසක් සොයමින් සිටිනවා.

මෙතෙක් රන්බීර් සමඟ පදිංචිව සිටි තට්ටු නිවාසයේ නාන කාමරය, ජල කරාම මෙන්ම අනෙකුත් පහසුකම් අබලන් වී තිබීම නිසයි, කට්රිනා අලුත් තැනක් සොයන්නේ. සති කිහිපයක්ම සුදුසු නිවාසයක් සෙව්වත් ඇයට ගැළපෙන තැනක් මෙතෙක් ලැබී නැහැ. ඉතින්, කට්රිනා මේ දිනවල කාලය ගත කරන්නේ තරමක කනස්සල්ලකින්.

ඇගේ මේ හිත් අමාරුව කෝපයක් බවට පෙරළී ගිය අවස්ථාවක් පසුගිය දා කාටත් දැකගත හැකි වුණා. ඒ, ඇය නිවෙසක් සොයමින් ගමන් කරන අතරතුරදීයි. තම මෝටර් රථයේ නැඟී මඳ දුරක් ධාවනය කළ කට්රිනා එක්තරා ස්ථානයක නැවැත්තුවේ ඒ අසල නිවෙසක් ඇති බවට ලද ආරංචියක් අනුවයි. මෝටර් රථයේ දොර විවර කර එයින් බසින්නට යද්දී දුටු දර්ශනයෙන් ඇය තිගැස්සුණා. එතැන රැඳී සිටියේ ඇය වෙත කැමරා එල්ල කරගෙන සිටින පුද්ගලයන් කිහිප දෙනෙක්.

ඔවුන් දුටු හැටියේම කට්රිනා ඉක්මනින්ම රියෙන් බැස ඔවුන් වෙත දිව ගියා. ඔවුන්ට දැඩි ලෙස දෝෂාරෝපණය කළ ඇය පැවසුවේ තමන් පසුපස තවදුරටත් පැමිණියහොත් වහාම පොලීසියට පැමිණිලි කරන බවයි. ඇගේ ඒ ගෝරනාඩුවට පසුබැස්ස ‘පැපරාසීන්’ පිරිස වහාම එතැනින් නික්ම ගියා. මේ අතර බොලිවුඩයේ තැන් තැන්වල කෙරෙන කසුකුසුවලින් කියැවෙන්නේ කට්රිනාට සුදුසු නිවෙසක් සොයා දීමට ඇගේ හිටපු පෙම්වතා වන සල්මන් උනන්දු වන බවයි.මව්බිම

Share This Article

රිතික්,ශාරුක් අභිබවා ෆර්හාන්ට හොඳම නළුවා සම්මානය

59 වන ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගැනීමට ''බාග් මීකා බාග්'' චිත්‍රපටියේ රංගනයෙන් දායක වූ ෆර්හාන් අක්තාර්...

ගී ගයන්නත් දක්ෂ සොනාක්ෂි

නිතරම දකින බොලිවුඩ් තරුවක් නොවුණත් සොනක්ෂි සිංහ නම් වූ මේ රූපවන්තිය වත්මන් යොවුන් පරපුර අතර වඩාත්ම ජනප්‍රියයි. ඇය රංගනයට මෙන්ම නර්තනයටත්...

ඉන්දු- පාකිස්ථාන ක්‍රිකට් විචාරයට අමිතාබ්

අමාරුවෙන් ලබා ගත් දේ අමාරුවෙන් ලබා ගන්නා දේවල්වල වටිනාකම වැඩි කියලා කියනවානේ. බොලිවුඩ් තරුවකුත් අද එහෙම කියන්නේ තමන්ගේම ජීවිතය දෙස ආපසු හැරී...

ෂාරුක්ගේ කොණ්ඩ විලාසිතා

ෂාරුක්ගේ කොණ්ඩ විලාසිතා ෂාරුක් ඛාන් ජනප්‍රිය වෙන්න එක හේතුවක් තමයි ෂාරුක්ගේ කොණ්ඩේ. මොකද ෂාරුක් මුලින්ම රඟපාන්න එන කාලෙදි ෂාරුක්ගේ කොණ්ඩේ වෙනස්කරගෙන...

බොලිවුඩ් ගොසිප් කියවමු..

නේහා හදිසියේම ලංකාවට එයි ජනප්‍රිය නිළි බිපාෂා බාසුට වේදිකාවේ නටන්න බැරි වුණොත් ඇය වෙනුවෙන් නටන්න පුළුවන් කාට ද? නේහා ඩුපියාට පුළුවන්ලු දෙදෙනාගේ...

ප්‍රියංකා වර්ජනයක

‘අයිෆා’ හෙවත් ‘Indian International Film Awards’ සිනමා සම්මාන උලෙළ මෙවර පැවැත්වුණේ මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර. මේ සඳහා එක්වූ බොලිවුඩ් තරු අතර ප්‍රියංකා චොප්රා ද...