බොලිවුඩ් සිනමාවේ සාර්ථකම ගැහැනිය ඓශ්වර්යා රායි

බොලිවුඩ් සිනමාවේ සාර්ථකම ගැහැනිය ඓශ්වර්යා රායි1994 අවුරුද්දෙ මිස් වර්ල්ඩ් වුණු ඓශ්වර්යා මේ වෙද්දී එක්දරු මවක්. ඓශ්වර්යාගේ රසිකයන් ඓශ්වර්යා ගැන නොදන්න කරුණු කීපයක් ගැන තමයි මේ කියන්න හදන්නෙ.

දුලංජලී මුතුවාඩිගේ

1. බොලිවුඩ් සිනමාවේ සාර්ථකම කාන්තාව විදියට සැලකෙන්නේ ඇයයි.2. 2009දී ඇය ඉන්දියානු රජයෙන් පද්ම ශ්‍රී සම්මානය දිනාගත්තා.3. ඇය ප්‍රංශ රජයෙන් ජනප්‍රිය කලාකරුවන් සඳහා වන සම්මානයත් දිනාගෙන තිබෙනවා.4. ඇය අදටත් ලොව ලස්සනම කාන්තාව ලෙස හඳුන්වනවා.5. පාසල් කාලයේ සිටම නිරූපිකාවක් ලෙස ඓශ්වර්යා කටයුතු කර තිබෙනවා.6. ඇය පළමුවෙන්ම රඟපෑවේ සිනමාවෙ නෙවෙයි වෙළෙඳ දැන්වීම්වල.7. වරක් 1994ට පෙර ඇය මිස් ඉන්දියා තරගයකදී දෙවැනි ස්ථානය දිනාගත්තා.8. ඇය පළමුවෙන්ම රඟපෑවේ දෙමළ ප්‍රහසන නාට්‍යයක.9. 1999දී ඇය චිත්‍රපට දෙකක් වෙනුවෙන් හොඳම නිළිය සම්මාන 2ක් දිනාගත්තා.10. ඇය පුණ්‍යාධාර ආයතන කීපයකම බ්‍රෑන්ඩ් එම්බැසඩර් බවට පත්වී සිටිනවා.11. ඓශ්වර්යා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකාවක්.12. ඇය සල්මන් ඛාන් සමඟ පෙමින් බැඳී සිට තිබෙනවා.13. සුප්‍රසිද්ධ දිල් කා රිෂ්ටා චිත්‍රපටය ඇගේ සොහොයුරාගේ නිෂ්පාදනයක්.14. ඇය ඉතා විශාල ලෙස ආගමට නැඹුරුවක් දක්වනවා.15. ඓශ්වර්යා ඉන්දියානු නර්තනය හදාරන්නේ අවුරුදු පහේ සිටයි.16. ඇය කැමැතිම විෂය සත්ත්ව විද්‍යාව.17. දෙවතාවක්ම ඇය වෛද්‍ය විද්‍යාලයට යන විභාගයට මුහුණ දී තිබෙනවා.18. වෛද්‍ය වෘත්තිය හැරුණු කොට ඇය කැමැත්තෙන් සිටියේ ගෘහ නිර්මාණ ශිල්පිනියක් වෙන්නයි.19. වෝග් සඟරාවේ සුපර් මොඩ්ල් වෙද්දී ඇගේ වයස අවුරුදු 17යි.20. ඇගේ පළමු ප්‍රසිද්ධ රංගනය අමීර් ඛාන් එක්ක පෙප්සි ඇඩ් එකක්.21. අවුරුදු 9දී ඇය පැන්සල් හා සම්බන්ධ ඇඩ් එකක පෙනී සිටියා.22. එකවර පෙප්සි සහ කොකාකෝලා ඇඩ්වල පෙනී සිටි එකම නිරූපිකාව ඇයයි.23. ඇය නිරූපණය කළ ජාත්‍යන්තර මට්ටමේ වෙළෙඳ දැන්වීම් සංඛ්‍යාව 16ක්.24. කෑන්ස් සම්මාන උළෙලේ ජූරියේ සාමාජිකාවක වූ පළමු බොලිවුඩ් නිළියත් ඇයයි. ඒ 2003දීයි.මව්බිම

Share This Article

බොලිවුඩයේ තොරතුරු

අමීර් හිටිගමන් ගණන් උස්සයි ෆර්හාන් අක්තාර්, ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්. ඔහු ළඟදීම අලුත් චිත්‍රපටයක් නිර්මාණය කරන්න සැලසුම් කරමින් සිටිනවා. මේ චිත්‍රපටයේ නිෂ්පාදකවරයා වන්නේ...

ජුහී සමඟ ශබානා කේන්තියෙන්

ශබානා ආස්මි සහ ජූහි චව්ලා බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය තරු දෙකක්. දෙදෙනා රංගනයෙන් දායක වූ චිත්‍රපට එකිනෙකට වෙනස් වුවද දෙදෙනාම ප්‍රවීණ නිළියන් බව...

නඩු දෙකකට ප්‍රීටිට වරෙන්තු

තාත්තා නිසා රිතික් දෙලොවක් අතර රුපියල් කෝටි ගණනින් මුදල් වියදම් කරමින් ප්‍රචාරක වැඩ සටහන් දියත් කරන්න බොලිවුඩ් පුරයේ චිත්‍රපට නිෂ්පාදකවරු පැකිලෙන්නෙ නැහැ....

අදිරා බිලිඳියට සුබ පැතුම් ප්‍රවාහයක්

ආදිත්‍ය - රාණි කතන්දරය පටන් ගත්තේ මීට අවුරුදු කිහිපයකට කලින්. ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂ ආදිත්‍ය චොප්රා සහ ජනප්‍රිය නිළි රාණි මුඛර්ජි අතර...

ජැකලින් පිඹුරකු සමඟ රඟපායි

මේ දිනවල රූගත වන චිත්‍රපටයක් තමයි, ‘ඩිෂූම්’. එය අධ්‍යක්ෂණය කරන්නේ රෝහිත් ධාවන්. මෙහි ප්‍රධාන චරිත රඟන්නේ ජෝන් ඒබ්‍රහම්, වරුන් ධාවන් සහ...

සල්මන්ගේ අලුත්ම පෙම්වතිය

ඒ කඩවසම් තනිකඩ බවේ අසිරිය විඳගන්නට ලැඛෙන තරුණියන්ගේ නාම ලේඛනය නම් එන්න එන්නම දිගුවන හැඩය. අයිශ්වර්යා රායි, කත්‍රිනා කායිෆ් ළඟට සල්මන්...