කරීනා කපූර් මවු පදවියට
“මම අම්මා කෙනෙක් වෙන්නෙ තව අවුරුදු දෙකකින් විතර. ඒ වෙන තුරු මවු පදවිය ලබන්න මගේ බලාපොරොත්තුවක් නැහැ.” මෙහෙම කියා තිබුණේ සුපිරි නිළි කරීනා කපූර්. ඒත්, කරීනා ට එච්චර කාලයක් බලා ඉන්න ඕනෙ වෙලා නැහැ. ඇය මේ වනවිට දරු සම්පතක් බලාපොරොත්තුව සිටින බවයි අල්ලපු රටෙන් උණුසුම් ආරංචියක සටහන් වී තිබුණේ. ඇෙග් සැමියා, සායිෆ් ද ඒ ගැන බලාපොරොත්තු සහගතව සිටින බවත් ඒ ආරංචියෙහි සටහන් වුණා.
ඇය කුඩා දරුවන්ට හරිම ආදරෙයි. තම සැමියා, සායිෆ් ගේ පළමු විවාහයේ දරුවන්ටත්, තම සොහොයුරිය කරිස්මා කපූර් ගේ සිඟිති දරුවන් දෙදෙනාටත් ඇය දැඩි සෙනෙහසක් දක්වනවා. විශේෂයෙන් ම, සොයුරිය කරිස්මාගේ දරු දෙදෙනා ව සුරතල් කරන්නට කරීනා හරිම කැමැතියි. ඒ දරු දෙදෙනාත් කරීනා ළඟ දැවටෙමින් ඇගේ උණුසුම ලබන්නට කැමැතියි.
කරීනා සහ සායිෆ්ගේ සමීප හිතවතකු ඉන්දීය වෙබ් අඩවියකට පවසා තිබුණේ මේ ආරංචිය ගැන නිවැරැදි කරුණු කරීනා ළඟදීම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනු නිසැක බවයි.සිලුමිණ
මම්තා දැන් දෙවියන් යදී අනූව දශකයේ දී ගිනි සිළුවක් ලෙස තම රංගන රටාවන් මුදා හළ මම්තා කුල්කර්නි ඔබට මතකද? 1992 දී තිරගත...
නිතරම දකින බොලිවුඩ් තරුවක් නොවුණත් සොනක්ෂි සිංහ නම් වූ මේ රූපවන්තිය වත්මන් යොවුන් පරපුර අතර වඩාත්ම ජනප්‍රියයි. ඇය රංගනයට මෙන්ම නර්තනයටත්...
නේහා හදිසියේම ලංකාවට එයි ජනප්‍රිය නිළි බිපාෂා බාසුට වේදිකාවේ නටන්න බැරි වුණොත් ඇය වෙනුවෙන් නටන්න පුළුවන් කාට ද? නේහා ඩුපියාට පුළුවන්ලු දෙදෙනාගේ...
ෂාරුක්ගේ කොණ්ඩ විලාසිතා ෂාරුක් ඛාන් ජනප්‍රිය වෙන්න එක හේතුවක් තමයි ෂාරුක්ගේ කොණ්ඩේ. මොකද ෂාරුක් මුලින්ම රඟපාන්න එන කාලෙදි ෂාරුක්ගේ කොණ්ඩේ වෙනස්කරගෙන...
අදට වඩා එදා කලාකරුවෝ සංවේදී හදවත් සහිත, හැඟුම්බර සෞන්දර්ය වාදී මිනිස්සු වූහ. එය එක් රටකට සීමා නොවූ ලෝකයටම පොදු වූ සත්‍යයක්...
අජේ දේව්ගන් සෑහෙන්න වෙනස් චරිතයක්. කාජල් කියන්නේ අජේට වඩා දස ගුණයකින් වෙනස් චරිතයක්. අහස පොළොව එකතු වෙන සිතිජ ඉම වගේ විවාහ...