සිහි බූද්ධියෙන් පිරිත් අහන්න. සැළකිලිමත් විය යූතු කාරණා
පිරිත අපේ බෞද්ධ සම්ප්‍රදායේ ඈත අතීතයේ සිට පැවත එන සිරිතකි. බූදුන්වහන්සේ පළමූවෙන්ම පිරිත් දේශනා කළේ විසාලා මහනූවර තුන්බිය දුරු කිරමටය. උන්වහන්සේ උගන්වා වදාල රතන සූත්‍රය දේශනා කරමින් විසාලා මහනූවර වටෙ ඇවිදිමින් පිරිත් පැන් ඉස්සේ අනද හිිමියන්ය. අනතුරුව බූදුන්වහන්සේ වඩින විට විසාලා මහනූවර මහ වැසි ඇදවැටී කැත කුණූ සේදී ගොස් දුර්භිකය දුරුව ගියේය.
අද වන විට පිරිත බෞද්ධයන්ගේ සංස්කෘතික අංගයක් බවට පත්ව තිබේ. එබැවින් අද මූල් තැනක් ලැබෙන්නේ පිරිතට අදාල චාරිත්‍ර වාරිත්‍ර ඉෂ්ඨ කිරමට මිස පිරිතේ සැබෑම වූ ලොව්තුරා ගුණය මතු කර ගැන්මට නොවේ. පිරිත් ශ්‍රවණය කරන ගිහියන් අතින් මෙන්ම පිරිත් දේශනා කරන ගිහි පිරිත් කණ්ඩායම් අතින්ද මේ වැරදි සිදු වේ.
ආනන්ද තෙරුන්වහන්සේ මෙන් මහාකරුණා ගුණයක් ඇතිවන ආකාරයට පිරිත් කියන්නැයි බූදුන්වහන්සේ දේශනා කර තිබූණද, අද ආටානාටිය පිරිතේ මහාප්‍රාණ පාලි වචන උච්ඡාරණය කරන්නේ එයින් අනවශ්‍ය භීතියක් ඇතිවන අයූරින්ය.
බූදුන්වහන්සේ කෙදිනකවත් පිරිත මගින් එවැනි අනවශ්‍ය භීතියක් මිනිසූන් තුළ ඇතිකිරමට අදහස් නොකරන ලද හෙයින් මෙය එක්තරා ආකාරයකට බූදුන්වහන්සේට කෙරෙන අපහාසයක් බව කිව හැක.
තවත් සමහර විටක පිරිත ඇද පැද තාලයකට කීම පමණක් අරමූණූ කරගන්නා බැවින් වචනයේ තේරුම වෙනස් වෙයි. මෙවැනි වැරදි සිදුවන්නේ පිරිත් කියන අය තුළ පාලි වදන් ගැන දෑනූම නැතිවී ගිය විටයි. පිරිතක ගුණ ලැබෙන්නේ් සිල්වත් ගුණවත් ස්වාමිවහන්සේලා විසින් දේශනා කරන විටය. ඔවූන් පිරිත කියන්නේ ඒ කෙරෙහි උපන් සැබෑම ගෞරවයකින් සග පිරිත් අසන්නන් පිළිබඳ උපන් සැබෑම කරුණාවකිනි.
එහෙත් කවූරු කොපමණ ගෞරව භක්තියකින් පිරිත් කීවද, අසන්නන් තුළ ඒ ගෞරව භක්තිය නොවේ නම් ඉන් පළක් නැත. කොපමණ සිල්වත් ගුණවත් භික්ෂූන් වහන්සේලා පිරිත් කීව ද ගිහි පිරිස එළියට වී කතා බහ කරමින්, බූලත්විට සපමින්, නිදි කිරමින් සිටී නම් ඒ පිරිත් දේශනාවෙන් පලක් වේවිද? තවත් සමහරු මේ වෙලාවේ කුස්සියේ වැඩය. තේ හැදීම, කැවිලි පෙවිලිවලින් පැමිණි අමූත්තන්ට සංග්‍රහ කිරම ප්‍රධාන අරමූණ කරගෙනය. කොපමණ වතුර වත් කළත් මූනින් නැමූ කලයක දිය නොරඳන්නා සේ පිරිත කෙරෙහි යොමූ වූ මනසකින් නොසිටින තැනැත්තාට පිරිතේ ගුණය පිහිටන්නේ නැත.
පිරිත් ශ්‍රවණය කරන විට පිරිසිදු එක හිතින් යූතුව එය කළ යූතුය. අසන්නා තුළ මේ බූද්ධ වචනයයි, මෙය ඇසිය යූතුයි යන ශ්‍රද්ධා භක්තිය පැවතිය යූතු අතර දේශනා කරන්නා තුළද මේ දේශනා කරන්නේ බූද්ධ වචනයයි යන අවබෝධය තිබීම වැදගත්ය.
සාම්ප්‍රදායික පිරිත් දේශනාවලදී කවූරුත් මහ පිරිත ශ්‍රවණය කරති. මහපිරිත නිම වූ පසූ අනෙක් අයට වගක්වත් නැත. මීට හේතුව ඇතැම් විට පිරිත ගැන නොදන්නාකමද විය හැක. පිරිතක් ශ්‍රවණය කරන්නට ආරාධනා ලැබූවිට පිරිත් පොතද රැගෙන එතනට යාම වැදගත් වන්නේ එබැවිනි. පිරිතට සම්බන්ධ විය යූත්තේ අසන්නන්වාලේ නොව පිරිත් පොතේ තේරුමද කියවමිනි. පිරිතේ ගුණ පිළිබඳ අවබෝධයක් ලැබෙන්නේද, පිිරිත ශ්‍රවණය කරද්දී සිතට සතුටක් නැගෙන්නේද එසේ අර්ථය දෑනගත් විටය. නොඑසේනම් පිරිත නිම වූ පසූ නිදාගෙන උන් තැනින් නැගිට පිරිත් නූල පමණක් බැඳගෙන ආවාට පළක් නැත.
පිරිත් නූල් බැඳ ගැනීමේදී වූවද කාන්තා පක්ෂය සැළකිලිමත් විය යූතු කාරණාවක් තිබේ. බොහෝ කාන්තාවෝ පිරිත් නූල් බඳින්න යයි කියමින් භික්ෂූන් වහන්සේලාට ගෙල පාති. වන්දනා මාන කරන්නට ගිය විටද වැඩි ශ්‍රද්ධා භක්තිය පෙන්වමින් ස්වාමීන් වහන්සේලාගේ දෙපා ස්පර්ශ කර වඳිති. එහෙත් භික්ෂූන් වහන්සේ යනූ බ්‍රහ්මචාරව සිටිමින් බූදුන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මය සරණ ගිය කෙනෙකි. ගිහි පින්වතුන් ඒ බ්‍රහ්මචාර වෘතය ආරක්ෂා කරන්නට උපකාර කරනවා විනා ඊට බාධා නොකළ යූතුය.
එහෙයින් පිරිත් නූල් බඳින්නැයි අතත් ගෙලත් නොපා, කාන්තා පක්ෂය භික්ෂූන් වහන්සේගෙන් පිරිත් නූල ඉල්ලා ගැනීමෙන් පමණක් සෑහීමකට පත්වන්නේ නම් අගනේය.
පූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද හිමි