Biz Log
Classifields
Biz Log
Classifields

බුදු පහන තැබීමේ දෝෂ නිසා අමනුෂ්‍ය කරදර

බුදු පහන තැබීමේ දෝෂ නිසා අමනුෂ්‍ය කරදරවැඳීම, පිදීම මිනිසුන් අතරද දිව්‍ය බ්‍රහ්ම ආදීන් අතරද පවත්නා උතුම් ක්‍රියාවයි. සමහරුන් මෙලොව පරලොව යන දෙලොවෙහිම සෙත පතාද බොහෝ අය ලෞකික සහ සදාකාලික සැප පතාද, ඇතැමකු ඒ කිසිවක් නිසා නොව දැයෙහි කුලයෙහි සමාජයෙහි දේශයෙහි සිරිත් ගරු කිරීමට ද වැඳුම් පිදුම් කරති.

තම නිවෙසේ වඳින පුදන තැන ගැන ඉතාම සැලකිලිමත් විය යුතුය. ඇතැමුන් බුදු පිළිමයක් ගෙන්වා අඩි 6ක් 7ක් උසින් අසුන සාදා තෙල්, මල්, පහන්, සුවඳ එක ගොඩක් ගසා වැඳුම් පිදුම් කරති. එය අන්ධ භක්තියයි.

පැන් බඳුන පවා පුරවා තබයි නම් එය අමනුෂ්‍ය පූජාවකි. එය අඩක් අඩුවිය යුතුය. එමෙන්ම සුවඳ කූරු දල්වා අස්න අළු වලින් අපිරිසුදු කිරීම, බාර පඬුරු, පැන් බෝතල්, තබා යන්ත්‍ර, සුර ආදිය ඒ මත තබා අපිරිසුදු කිරීමෙන් අමනුෂ්‍ය කරදර ඇති වෙයි.බුදු පහනේ ආලෝකය බුදු පිළිමය දෙසට නොව අප දෙසට හරවා ත්‍රිවිධ රත්නයට සහ සතර දෙවිවරුන්ට පූජා කරන්න. අසුන උස් වීමෙන් එහි අපිරිසුදු භාවය නොපෙනන අතර ඒ මත වැඳුම් පිදුම් කර පින් දීමෙන්ද එහි අමනුෂ්‍යයන් අරක් ගෙන නිවෙසට විවිධ කරදර එල්ල වෙයි.පවුලේ අසමඟියද, නිතර ඈනුම් යෑම හා අලස වීමද, ගමනක් යෑමට ගොස් බොහෝ දේ අමතක වී නැවැත පැමිණීමට සිදුවීමද, ගේ අවට හා ගේ තුළ කූඹින් ගැවසීමද, කෑම බීම පවා රස නැති වීමද, ධනය හානි වීමද, ඉදිරි දොර අරින වසන විට ශබ්ද ඇතිවීමද මෙම අගුණ දෝෂ අතරින් කීපයකි.

මල් අසුන උස් වැඩි වීම සුදුසු නැත. බුදුන් වහන්සේ තෙවරක් ලක්දිවට වැඩම වූ මහියංගණය, නාගදීපය, කැලණිය ආදී අති පූජනීය ස්ථානවලද, ඉදිකර ඇති මල් අසුන් අඩි 3, 4ක් උසින් සාදා වැඳුම් පිදුම් කරයි. උතුම් දන්ත ධාතුන් වහන්සේ උදෙසා මල් පූජා කරන අසුන සාදා ඇත්තේ අඩි 4ක් පමණ උසිනි. එබැවින් තම නිවෙසේ බුදුන් උදෙසා වතාවත් කරන පුදසුන තම නෙතට පෙනෙන සේ පිරිසුදු කළ හැකි අඩි 4ක් පමණ උසින් පූජා තබා අඟල් 9ක් පමණ උසැති පංච වර්ණ බුද්ධ ප්‍රතිමාවක් තබා ඒ මත වන්දනා නොකරන බෝධියකින් බෝ පත් 9ක් තබා බෝ පත මත "ඕං ශ්‍රී බුද්ධ ලෝක නාථ නාරායනේ ශ්‍රද්ධි වාය නම--"

යන බුද්ධ දැහැනද ඒ මැද නිවැසියන්ගේ නම්ද ලියා බුදු පිළිමය මත තබා "කකුසඳ, කෝනාගම, කාශ්‍යප, ගෞතම"

යන සතර බුදුවරුන් වහන්සේට මල්, පහන්, සුවඳ, දැහැත්, ගිලන්පස 4 බැගින් පූජා තබා පළමුව බුදුන් වැඳ පංචෝපචාර පූජා කර ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේද, අෂ්ටපල බෝධින් වහන්සේගේද පිහිට ආරක්ෂාව ඉල්ලා බෝධි වන්දනා කරන්න.

ඉන් පසු "සබ්බේ සත්තා සුඛිතා හොත්තු, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා"

යන බුද්ධ දැහැන් පාඨය 21 වර භාවනා කර සම්‍යක්දෘෂ්ටික දෙවියන්ට පින් දීමෙන් මෙත් වැඩීමෙන් නිවෙසට ද නිවැසියන්ටද දෙවියන්ගේ පිහිටද සෙත ශාන්තිය ද උදාවනු ඇත.

විශේෂ ගෞරව ස්වර්ණ පත්ම සම්මානලාභී ගුප්ත විද්‍යා මන්ත්‍රාචාර්ය කරුණාදාස මාරඹමව්බිම

Share This Article

සත් සති බෝධි පූජාව

බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේට බුද්ධත්වය ලැබීම සඳහා උපකාරී වූ බෝධිවෘක්ෂය ඇසුරු කරමින් සතිහතක් නොයෙක් පුද පූජා පවත්වමින් ඒ ඇසතු වෘක්ෂයට සිය...

කඨින පිංකම ගැනයි මේ...

බුදු සමයේ ප්‍රකට පූජා විධි ද්වයකි. එය සාමිස හා ප්‍රතිපත්තිමය වශයෙන් සමන්විත වන අතර තදනුබද්ධ පුජාවිධි හා පින්කම් රාශියකි. පරම පූජාව...

නවග්‍රහ අපල සඳහා නිවැරදිව බෝධි පූජා තබන්නේ මෙහෙමයි

ලෝකයේ පළමු බෝධි පූජාව ලෙස අනිමිස ලෝචන පූජාව ඉතිහාසයේ සඳහන් වේ. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේට බුද්ධත්වයට ලැබීම සඳහා උපකාරී වූ බෝධි...

දානයක් උයනකොට ලුණු ඇඹුල් බැලුවට පව් නෑ....

අද අපේ සාකච්ඡාවට යොමුවන්නේ ශ්‍රද්ධාව. ‘ශ්‍රද්ධාව’ කියන්නේ තෙරුවන් කෙරෙහි පැහැදීමයි. මෙහි කොටස් දෙකක් තිබෙනවා. එකක් අමූලිකා ශ්‍රද්ධාව, අනික ආකාරවතී ශ්‍රද්ධාව. අමූලිකා...

ටිකක් හෝ අතහරින්න

භාවනාව පුහුණු වන්නකුට අවශ්‍ය, ඉතා අවශ්‍ය උපදෙස් කීපයක් මේ ලිපියෙන් ලැබේ. සිතේ මැළිකම හා නොසන්සුන් බව එතරම් ගැටලුවක් නො වේ. සියුම් ලෙස...

බෝධි පූජා සාර්ථක වීමේ එකම රහස…

ජෝති යනු ආලෝකය හෙවත් බැබළීමයි. රාත්‍රී කාලයේ දී ආලෝකය විහිදුවන ග්‍රහ වස්තූන් හා දිවා කාලයේ ආලෝකය පතුරුවන හිරු දෙස බලා ඒවා...