Biz Log
Classifields
Biz Log
Classifields

ප්‍රේත පාදය කියන තරම් කළු නොවේ

ගල්ගුහාවල ජීවත්වූ මිනිසාගේ මොළය දියුණු වෙත්ම ඔවුන්ට ස්ථිර නිවාසයකට අවශ්‍යතාව දැනෙන්නට විය. ඒ අවශ්‍යතාව මතම ස්ථිර නිවාස ගොඩනැඟීමට උනන්දු වූහ. කාලයාගේ ඇවෑමෙන් දියුණුවට පත්වූ මිනිසුන් අතර අධිමානසික බලයෙන් යුතු මිනිසුන් බිහිවිය. ඉසිවරුන් යනුවෙන් හැඳින්වූයේ ඔවුන්ය. ඉසිවරුනට හොඳ නරක නිසිලෙස වැටහෙන බැවින් ඉන් ලැබෙන විපාක ගැන මනා අවබෝධයක් දැනෙන්ට වූහ. එසේ ඉසිවරුන් විසින් කියූදේ කට වහරින් රැගෙන ආ මිනිසා ඒවා ග්‍රන්ථාරූඪ කළේය. එම පොත පතේ තිබුණ අයුරින් සමහර නිවාස ගොඩනැඟීමේදී පිළිපැදිය යුතු කරුණු අදට ගැලපෙන හා නොගැළපෙන බව මගේ පරීක්ෂණවලින් සනාථ වී ඇත. නොගැළපෙන එක් කරුණක් නම් ප්‍රේත පාදය අත්හළ යුතුය යන්න පැරැණි පොත්වල සඳහන්ය. ඉඩමක් කොටස් 8කට පැති 4න් බෙදීමේදී වැට මායිමට හසුවන කොටස ප්‍රේත පාදය යනුවෙන් හැඳින්වේ. මූණ, කට සේදීම, හැළිවළං සේදීම, බුලත් කෙළ ගැසීම, වැසිකිළි, කැසිකිළි තැනීම ආදියට පාවිච්චි කරන බැවින් එම කොටස ප්‍රේත පාදය යනුවෙන් හඳුන්වා ඇත. අද නාගරික සමාජයේ පර්චස් හත, අටක ඉඩමක් ප්‍රේත පාදයට වෙන් කළ හැකිද? පර්චස් ‍ෙදාළහක පහළොවක ඉඩමක නම් ප්‍රේත පාදය ඉවත් කර කුඩා නිවෙසක් ගොඩනැඟීමට හැකියාව ඇත. ප්‍රේත පාදයට ගෙයක් හසුවීමෙන් ඔබ නැත්තටම නැතිවී මහත් දුක් කරදර සිදුවන්නේ නැත. සුළු රෝගී තත්ත්වයක් ඇතිවීමට හැකියාව ඇත. එයින්ද ඔබට නිදහස්වීමට අවශ්‍ය නම් සතියකට දෙවරක්වත් සුවඳ දුම් ගේ පුරා හා වත්ත වටේ උදේ හවස අල්ලන්න. මුළුතැන් ගෙය, නාන කාමරය, වැසිකිළිය පිරිසුදුව හා වියළිව තබන්න. වැහි වතුර ඊසාන දෙසට ගලා යෑමට සලස්වන්න. ප්‍රේත පාදය ගැන හිතා දුක් නොවිඳ යථාර්ථවාදීව අනාගතයට මුහුණ දෙන්න. ඉසිවරු විසින් පෙන්වා දුන් වාස්තු විද්‍යාව සෞභාග්‍යමත් නිවෙසක් ගොඩනැඟීමේදී මහත් පිටිවහලක් වේ. නමුත් පරීක්ෂණ මඟින් සියලු දේ වටහාගත යුතුය. එකිනෙකා කියන කතා විශ්වාස නොකර දක්ෂ වාස්තු විද්‍යාඥයකු ලවා ඔබේ නිවෙස පරීක්ෂා කරවා ගෙන සෞභාග්‍ය උදා කරගන්න. ඔබට ජය ශ්‍රී . වාස්තුවිද්‍යාචාර්ය ජගත් කුමාර සේනානායක, ගලහිටියාව. උපුටා ගැනීම මව්බිම පුවත්පත

Share This Article