සත් දිනකින් ඔබේ පැතුම ඉටු කරන්න පත්තිනි මෑණියන්ට මෙලෙස බාරයක්‌ වෙන්න

ජලෙනි දලෙනි මලෙනි සුරඹ උරෙනි උපන්නා

ගලෙනි කුළෙනි සළුවෙනි එක්‌ වරක උපන්නා

එවැනි සවැනි සත් වැනි රන් අඹෙනි උපන්නාමෙවැනි පතිනි දෙවිඳු මෙලක්‌ දිව බබළන්නා

කිරිඅම්මාවරු ඇදහීම පිදීම අප රටෙහි අනාදිමත් කාලයක සිට පැවත එන චාරිත්‍රාවිධි පිදුමකි. මේ වටා ගෙතී ඇති ඓතිහාසික මූලාශ්‍ර කථාවන් ඉතා රසවත්ය. අදත් ගම්බද ප්‍රදේශයන් තුළ කුඩා දරුවන් සඳහා ජන ඇදහිල්ලක්‌ වශයෙන් කිරිඅම්මා දානය පුදයි. කාන්තාවන්ගේ දරුවන් පිළිසිඳගැනීමට, දරුගැබ ආරක්‍ෂාවීමට දරු ප්‍රසූතියට පෙර දරුවා සුවසේ බිහිවීම සඳහා කිරි අම්මාවරුන්ට භාර වෙයි. කිරි අම්මාවරු දරුවන් සඟවාගෙන යන බවත් ඔවුනට රෝග පීඩාවන් පමුණුවන බවට මතයක්‌ද ඔවුනතර ඇත. විශේෂයෙන්ම අපේ රටේ කාන්තාවකට දරු ගැබක්‌ ඇතිවූ විට දරුවා මියයන්නේයෑයි යන බියට කිරි අම්මා වෙනුවෙන් දාන මාන පුද පූජාවන් පවත්වා බාර හාර වෙති. එසේ කරන්නේ දරුවාත්, මවත් සුවසේ රැකගැනීමට හා ආරක්‍ෂාකර ගැනීම උදෙසාය.

කිරි අම්මාවරු යන එන වේලේමල් වරුසාවක වැසපි එ වේලේඒ මල් අහුලා ගෙතුවයි මාලේකිරි අම්මා කල ලෙඩ නැත ආලේඅනේ මගේ කිරි අම්මා වරුණේබාල බිළිඳු අඬනා අඬ ඇසෙන්නේකාගේ ළඟදැයි මටදැන් නොඇසේලීලා කරන් කිරි අම්මා වරුනේ

මේ නිසා පත්තිනි පූජාව උතුම්ම පූජාවක්‌ ලෙස හැඳින්වේ. මෙම කවි පෙලෙන් කිරිඅම්මාවරුන්ගේ හාස්‌කම් විදහාදක්‌වයි. කිරි අම්මා පිදීමේදී පත්තිනි දේවිය මුල් කොට සලකන්නේ පතිවෘත බලය නිසාය. කිරි අම්මා යන වචනය ගිරි යන වචනයෙන් බිඳී ආවාසේ සැලකේ. මෝහිනීටද කිරි අම්මා කියනු ලබන විශ්වාසයක්‌ ද ඇත. භාරත වැසියෝ කිරි අම්මා පිදීමට කඳුවල ඇති උස්‌ ගල් පර්වත තෝරා පුද පිදීම කරයි. එසේ කරන්නේ කිරි අම්මාත්, මෝහිනිත් එකසේ සලකාය.

කිරිඅම්මාවරු පිදුම වැදි ජනයා අතර ඉතා බහුලව පාරම්පරික චාරිත්‍ර විධි අනුගමනය කරමින් නිසි ලෙස කරයි. ඔවුන් කිරි අම්මලා හත් දෙනකු පුදයි, මෙම හත්දෙනා වැදියක්‌ දෙවියන්ගේ භාර්යාවන් සේ සැලකෙන අතර ඔවුන් මෙම නම්වලින් හැඳින්වේ. මිරිය බැද්ද කිරිඅම්මා, පුෂ්පරාග කිරිඅම්මා, උනපාන කිරිඅම්මා, කොස්‌ගම කිරිඅම්මා, බෝවල ගෙදර කිරිඅම්මා, බාලගිරි කිරිඅම්මා, ගිනිජල් දේවතා කිරිඅම්මා කිරි අම්මාවරු වෙති. එමෙන්ම බෞද්ධයන් මේ කිරි අම්මාවරුන් පොළව මහී කාන්තාව, මුහුදු මහී කාන්තාව, සරස්‌වතී දේවිය, සීතා පරමේශ්වර දේවිය, අම්මා දෙවියෝ, වල්ලි අම්මා දේවිය, පත්තිනි අම්මා දේවිය යනුවෙන්ද හඳුන්වයි. ලංකාවේ විවිධ ප්‍රදේශයන් වල කිරි අම්මාවරු විවිධ නාමයන්ගෙන් හැඳින්වේ. එයින් මොණරාගල ප්‍රදේශයේ කිරිඅම්මලා පිදීමේදී එම යාගහෝග වලට කිරි අම්මාවරු දහතුන් දෙනකු වෙන් වෙන් නාමයන්ගෙන් හඳුන්වයි. එම අය ඉත මැල්ලේ අලුත් කිරිඅම්මා, දොඹගහවෙල අලුත් කිරිඅම්මා, ඉදිගස්‌ ඇල්ලේ අලුත් කිරිඅම්මා, පොල්ගහගම කිරිඅම්මා, තල්තොට කිරිඅම්මා, කුකුළාපොළ කිරි අම්මා, කොළොන් වින්නේ කිරිඅම්මා, දඹගල්ලේ අලුත් කිරිඅම්මා, ගෝන තලාවේ කිරි අම්මා, ඉහවේ කිරිඅම්මා, කාපුයායේ කිරිඅම්මා, මැදගොඩ කිරිඅම්මා, බිළිඳු කිරිඅම්මාවරුන් යන නමින්ය.

මෙම කිරිඅම්මලා අතරින් ඉඳිගස්‌ වැල්ල, බවට කුකුළාපොල හා බිළිඳු කිරි අම්මලා මා ඉහතින් සඳහන්කළ වැදියක්‌ අම්මලාට අයත් වේ. මෙයින් කුකුළපොල කිරි අම්මා නාමයෙන් වැදි ජනයා හඳුන්වන්නේ කුවේනිය කියා මතයක්‌ද ඇත. එදා ඇය විජය රජු අතින් දරු දෙදෙනාද තනිකර අතරමංවී මිය යැමෙන් පසු එවන් ඉරණමකට පත්වූ බවටද මතයක්‌ ඇත.

කිරි අම්මාවරු පිදීම පිළිබඳව ලංකාව සම්බන්ධව නොයෙකුත් රස කතාවන් පටබැඳී ඇත. කිරිඅම්මාවරුන් ලක්‌දිවට පැමිණීම මුල්කොටගත් එක්‌ කතාවක මෙසේ දැක්‌වේ. සෘද්ධි යකුන් හත් දෙනකු තම බිසෝවරු හත්දෙනා රන්රිදී ආභරණවලින් අලංකාර කර මහ මුහුදේ දියත් කර ඇත. පසුව ඔවුන් කිsසිම අනතුරකට මුහුණ නොපා සුවයෙන් මුහුද තරණය කර ලක්‌දිව වළවේ ගං තෙරට පැමිණ ඇත. මෙසේ පැමිණි බිසෝවරු රත්මත වැල්ලට වැඩම කර සුවඳවත් කස්‌තුරි ඇඟහි ගල්වා දිය නාමින් සිටින විට එය දුටු රොඩියෙක්‌, හුලවාලියෙක්‌ සැඬොල්කුලයට අයත් තරුණයකු දුවමින් දියනාන බිසවකගේ අතින් අල්ලා අදින ලදී. සැඩොලෙකු අතින් අල්ලූ නිසා ලැඡ්ජාවට පත්ව පිළිකුල්කර එම ජලාශයට පැණ මියගිය පසු එම කුමරියන් හත් දෙනා මහා බල සම්පන්න දේවත්වය ලබා එදා සිට කිරි අම්මාවරුන් පහළවූ බව සඳහන් වේ. එවන් තවත් කතාවක කියවෙන්නේ එකල දශ දිශාවේ බලය පතුරුවාගෙන හිටිය දඩ යක්‌කු හෙවත් සෘද්ධි යක්‍ෂාදි පතීන්ගේ බිසෝවරු හත් දෙනා බවත්, ඔවුන්ගේ අවසරය මත පිල්ලෝඩි දේශයේ සිට අපේ සිංහල දේශයට ගොඩබටවූ විශ්වාසයක්‌ ද ඇත.

කිරි අම්මා දානය පුදනවිට පළමුව කරන්නේ පොල්ගසක්‌ පට්‌ටා බැඳීමයි. මෙය පොල් ගසක කොළ බැඳීමයි කියති. එසේ කරන්නේ කිරි අම්මලාට දානයක්‌ දෙන බවට පොරොන්දුවකි. ඉන්පසු බුලත් අතට දී දරුවන් බිහිකළ අම්මාවරුන් හත් දෙනකුට ආරාධනය කරති. දානය පුදන දිනයේ කොළ බැඳි පොල්ගසේ ගෙඩි කඩා නොයිඳුල් තෙල්හිඳ කැවුම්, කිරිබත්, කෙසෙල් ගෙඩි සහ කිරිකෑලි නමින් හැඳින්වෙන විශේෂ පුපයද සහිතව එක්‌ වර්ගයෙන් හත බැගින් කෙහෙල් කොලවල තබා කිරි අම්මා වරුන්ට පුද පිරිනමයි.

ඉන්පසු කිරි අම්මලා පුද පිලිගෙන එක්‌ අතකින් දැල්වූ පහනක්‌ රැගෙන ඉතා රසවත්aව මිහිරව ගීතිකා, හා කාව්‍යයන් කියමින් යාදින්නාවන් කර සෙත් වඩති. එයින් නිවැසියන්ටත් ගැබිනි මාතාවටත් කිව නොහැකි සෙතක්‌ සැලසී සියලුම දුක්‌, රෝග පීඩාවන්ගෙන් මිදී ශාන්තිය සැලසේ. එය සත්‍යයි. වසංගත රෝග බෝනොවේ.

පත්තිනි දේව දානයේදී කියන කල්නලව් බොහෝය. ඉන් එකක්‌ මෙසේය.

“ස්‌වාමීනි….” දොහොත් මුදුන් තබා වඳිමින් උතුම් වූ කිරි අම්මා හත් දෙනා වහන්සේලාගේ නාමයට සැලකර සිටින කන්නලව්ව දිවෙස්‌ කරුණා එළියට ගෙන වදාරා අම්මාවරුන් මොවුන්ගේ සහ මොවුන්ගේ පවුල්වල නොදන්නා බාල මහලු සියලුම දෙනාටම මව්වරුන් හත්දෙනා වහන්සේලාගෙන් වැඳ පැමිණෙන්නාවූ අරිෂ්ඨ, පෝෂාන්ධකාර වෙතොත් එක්‌ සකල දොaෂාන්ධාකර වෙතොත් යම හිරු දුටු අඳුරක්‌ සෙයින් දුරගසා…”

ඕං නමෝ තෙද වරං සිඬි පත්තිනි දේව වර වර සත් පත්තිනි වර වර ගිනි පත්තිනි වර වර සිඬ පත්තිනි මහේෂවර කන්දස්‌වාමීණේ සුර අසුර දේවතාවෝ සානාති තෙද බලධාරී ශක්‍ර දෙව්රජ එව් කොස්‌ කණුවේ කොස්‌ පලගන්ඩ වරන් දුන් ඔබ විදුලියෙන්, අඹෙන්, පිනි බිංදුවෙන්, සළුපොටෙන්, නුග පත්‍රයෙන්, කදුරු පොත්තෙන් නයි කඳුලෙන්, සිනා රැල්ලෙන්, ගිනි කන්දෙන්, දෙමට මලෙන් හෙනෙන් උප්පත්තිය ලැබූ සෘධිමත් පත්තිනි දෙවියනේ ශ්‍රී බල නාග මාණික්‍යය දරාගෙන, පුන් කලසක්‌ අත දරාගෙන නවගමු දේවාලයට අධිගෘහිතව වැඩ වසන ඔබ දේවියනි සාක්‌කි මාගේ මේ කරුණ (කාරණ පවසන්ට) ඔබගේ සෘධි බලයෙන් දින හතක්‌ යැමට පෙර ඉෂ්ඨ කර දීමට දේවියනි ඔබට බාරයි. කියා පතයි. එසේම එය ඉටුවන බවටද අදත් අපට සාක්‍ෂි ඇතිව පත්තිනි දේවි නාමයෙන් කිරි අම්මා දානය පිදීමෙන් සත්‍ය වැටහේ.

උපුටා ගැනීම දිවයින

Share This Article

කිරිඅම්මාවරුන්ගේ දානයට ගත යුත්තේ චරිතවත් මව්වරුන් පමණයි

ග්‍රාමීය සමාජය තුළ වැසියන්ගේ පරමාර්ථ අතර ප්‍රමුඛස්ථානය ගන්නේ තම ජීවන කාර්යයට අවශ්‍ය පරිසරයක් ගොඩනගා ගැනීමයි. එබැවින් ග්‍රාමීය සමාජය තුළ ජන ජීවිතයට...

බෝධි පූජාවෙන් ග්‍රහ අපල නැතිකළ හැකිද?

බෝධිය යනු අවබෝධයයි. චතුරාර්ය සත්‍ය අවබෝධයට බෝධිය නැත්නම් බුද්ධ යෑයි කියයි. බෝධිය යනු බුද්ධියට ව්‍යවහාර කරන නාමයයි. බෝධි පූජාව වශයෙන් අප...

භූතයන් හැදෙන විද්‍යාත්මක සත්‍යය මෙන්න

ගමේ අප්පුහාමිගෙ ඉඳන් නගරෙ ජීවත් වන ප්‍රනාන්දු වෙනකන් හැම කෙනෙක්ටම නොපෙනෙන ලෝකය ගැන තියෙන්නෙ ඉහවහා ගියපු කුතුහලයක්. භූතයන්, ප්‍රේතයන් ඉන්නවද? ඇත්තටම...

පිළිකාවෙන් පෙළුණු ඒ යුවතිය වරින් වර සිහිනයෙන් දුටු ඒ නුපුරුදු ස්ථානය කුමක්ද?

යහපත් ජීවිත ගත කරන අයගේ ජීවිතවලට බලපාන නොයෙක් දුක් කරදරවලදී අදෘෂ්‍යමාන බලවේග ලෙසින් පිහිටට පැමිණෙන දෙවි දේවතාවුන් පිළිබඳ පුවත් බොහෝ විට...

අවතාර ගැන වැඩි දෙනෙක් නොදන්න කතා

සමූහ අවතාර සාමාන්‍යයෙන් අවතාර ස්ථානය හෝ වේලාව සම්බන්ධයෙන් තැකීමක් නොකරන බවට සැලකුණද සමූහ අවතාර පෙනී සිටින්නේ ඔවුන්ගේ නමින්ම ඇඟවෙන පරිදි පිරිසක් හෝ...