බොහෝ දෙනාගේ ආධ්‍යාත්මය හිස්...
අවසරයි මහනායක හාමුදුරුවනේ, ඔබ වහන්සේ ශත වර්ෂයකට ආසන්න කාලයක් දිවි පවෛතම ශාසනික, සාමාජයීය, ධර්ම ශාස්ත්‍රීය සේවාව වෙනුවෙන් කැප කරමින් කටයුතු කළා. ඔබ වහන්සේ යුග යුග රැසක අත්දැකීම් අනූනව දෙස් විදෙස් ගිහි පැවිදි කොයි කාගේත් ගරු සම්භාවනාවට පාත්‍රව වැඩ වෙසෙනවා. එදා සහ අද සමාජය ගැන කෙටි ආවර්ජනයක්ද සමගින් මෙම දහම් සංවාදය අරඹමු.
ඔව්. එදා සහ අද කියලා වෙන් වෙන්ව සමාජය දෙස බැලුවොත් ඕනෑම කෙනෙක් කියන පොදු කාරණාව වෙනස් වෙලා කියන එකනේ. ඇත්තෙන්ම ඔව්. මම එක්දහස් නවසිය මුල් ගණන් වල ඉපදිලා මේ ගත කර ගෙන ආ කාල සීමාව තුළ එය පැහැදිලිවම පෙනෙනවානේ. නවීන තාක්ෂණයේ අසීමිත දියුණුව, පුද්ගල දියුණුව ඇතුළු විවිධ කරුණු කාරණා නිසා අද සමාජයේ සෑම අංශයක්ම බොහෝ ලෙස වෙනස් වෙලා. මෙහි හොඳ, නරක වගේ විවිධ බලපෑම්ද දැකිය හැකියි. රටක සමාජයක දියුණුවේ හෝ පරිහානියේ මූලික හා අනිවාර්ය අඩිතාලම බඳු අධ්‍යාපනය ගැනත් කතා කළ යුතුමයි.
මහානායක හාමුදුරුවනේ. එහිද එදා සහ අද වෙනස්කම් වී තිබෙනවා. අතීතයේ අධ්‍යාපන තත්ත්වය බොහොම හොඳයි. වර්තමානයේ නරකයි කියනවා නමෛයි. එදා තිබුණේ මේ වගේ සල්ලිවලට අධ්‍යාපනය දුන්න කාලයක් නමෛයි. ගුරුවරයා ශිෂ්‍යයන්ට බොහෝම ආදරයෙන් ඉගැන්වූවා. ඉස්කෝලේ ඉගැන්වීම් වගේම හැදියාව, චාරිත්‍ර වාරිත්‍රද කියා දුන්නා. එදා දරුවන්ට පොත්පත් කිහිපයක් තිබුණා. සිරිත් මල්දම, සුභාෂිතය, බුද්ධ ගජ්ජය, නාමාෂ්ට ශස්තකය, ව්‍යසකාරය වගේ පොත් පත් ඉගැන්වූවා. මේවායින් සිරිත් විරිත්, හික්මීම විතරක් නෙවෙයි හොඳට යමක් උච්චාරණය කරන හැටි, ඒ ශබ්ද නගන හැටි කියා දුන්නා. එදා හොඳ කරුණාවෙන් ගුරුවරයා ඉගැන්වූයේ. ළමයා පාඨශාලාවට දවසක් ආවේ නැත්නම් ගුරුවරයා ළමයාව බලන්න ගෙදරට යනවා. මොනිටර් ක්‍රමයක් තිබුණ. ගුරුවරයාට ලොකු ගෞරවයක් තිබුණ. එදා පාරෙදි වුණත් ගුරුවරයා දැක්කම ගරු කරනවා. අද එහෙම නැහැ. අද සියල්ල කණපිට පෙරලිලා. එදා ලොවම පිළිගත් අධ්‍යාපනස්ථානත් මීට මහත් පිටිබලයක් වූවා නේද මහා නායක හාමුදුරුවනේ.
ඔව්. ඒ කාලේ මහා දීප්තිමත් පිරිවෙන් තමයි විදේයා්දය, විද්‍යාලංකාරය. ජාත්‍යන්තරය තුළත් එය දන්නවා. ඒ කාලේ ශීෂ්‍යයාට අවශ්‍ය විදියට පොත් පත් සකස් වෙලා තිබුණ. එදා ශිෂ්‍යයා පිරිවෙනින් පිටතට එන කොට මහා උගතෙක්, පඩිවරයෙක්, පාලි, සිංහල, සංස්කෘත ඇතුළු සෑම අංශයක්ම කෙරෙහිම හසල දැනුමකින් යුක්ත වූවා. අද බොහෝ දෙනා එහෙම නැහැ. සමහර අය “සික්ඛා පදං සමාදියාමි” ඒකත් කියන්නේ වැරදියටනේ. ඇතැම් දෙනා බොහෝ දේවල් නිවැරදිව දන්නේ නැහැ. ඒ වුණාට ඕන වෙලාවක ඇහුවොත් කාර්යබහුලයි. කාර්යබහුලයි කියලා තමයි කියන්නේ. මිනිසා විසින්ම බොරු කාර්යබහුලත්වයක් හිතින් හදා ගෙන බවයි මට නම් පෙනෙන්නේ. ඒ වගේමයි. අතීතයේ පාසලට අලුතෙන් ළමයෙක් ආවම මංගල සම්මත කරුණක් හැටියටයි සැලකුවේ. ඉස්සර ශිෂ්‍යයන් පන්තියකින් සමත් වෙලා ඊළඟ පන්තියට යන කොට පිළිගන්නට තොරණ් බැඳලා උත්සව කරනවා. අද මේ නවක වදය කියලා එකක්. ඒවායින් නවක සිසුන් පිළිගැනීමක් නමෛයි වෙන්නේ.
එදා සහ අද පිරිවෙන් අධ්‍යාපනය ගැනත් යමක් සඳහන් කිරීම සුදුසුයි මහානායක හාමුදුරුවනේ.
අතීතයේ භාෂා ශාස්ත්‍ර අධ්‍යාපනය, පිරිවෙන් අධ්‍යාපනය තුළින් පරිපූර්ණ මිනිසුන් බිහි වූවා. පාලි, සංස්කෘත, සිංහල, ඉතිහාසය, පුරා විද්‍යාව වැනි විෂයන් ප්‍රධාන විෂයන් වූවා. පසු කාලීනව අධ්‍යාපනය රැකී රක්ෂා තලයට පරිවර්තනය වීමත් සමග මෙහි වෙනස්කම් ඇති වී තිබෙන බව පෙනෙන්නට තිබෙනවා. අද විභාග සමත් වෙලා විශ්ව විද්‍යාල වලින් පිට වෙන දහස් ගණනකටම රක්ෂා දෙන්නෙ කොහොමද? ඇතැම් කෙනෙක් අද රැකියාව විතරමයි හොයන්නේ. ඊට ඉවහල් වන දේවල් කරන්නේ නැහැ. අතීතයේ නිතර දැනුම ගවේෂණය පර්යේෂණ වල නිරත වුණා. ග්‍රන්ථකරණයේ නිරත වූවා. නමුත් අද එවැනි දේ වනවා අඩුයි.
මහානායක හාමුදුරුවනේ අද ඇතැම් ප්‍රදේශවල මහා සඟරුවන නොමැති වීම නිසා විහාරස්ථාන වැසී යන බවක් අසන්නට ලැබෙනවා. ඒ වගේමයි අතීතයේ පටන්ම සමාජමය කටයුතු වලදී ගමේ විහාරස්ථානය එහි මාර්ගෝපදේශකයා වූවා. අද මෙම තත්ත්වය කෙබඳුද?
ඔව්. විහාරස්ථාන වැසී යාමේ කාරණාව ගැන නම් අපි අවධානය යොමු කළ යුතුයි. එසේ වුවොත් සමහර ප්‍රදේශවල ආගමික කටයුතු සිදු කිරීමේදී දුෂ්කරතා ඇති වේවි. අතීතයේ මිනිසාව හැදුවේ විහාරස්ථානයයි. භික්ෂූන් වහන්සේයි. ගමේ වැසියන් අවවාද, අනුශාසනා, ආශිර්වාද බලාපොරොත්තුවෙන් පැමිණියේ ගමේ පන්සලටයි. පුද්ගලයාගේ අධ්‍යාත්මය වගේම ගෙවතු, ළිං වැව්, පොකුණු හදන්නත් එම අවවාද අනුශාසනා බෙහෙවින් උපකාරී වූවා. “වැව් ළිං පොකුණු හැදුවෝද මෛත්‍රී බුදුන් දැක්කෝම” යනුවෙන් දැක්වෙනවා. මෛත්‍රී බුදුන් දකින්න කියලා හිතා ගෙන තමයි ඒ දේවල් කළේ. රට සංවර්ධනය කළෙත් බුදු දහම උපයෝගී කර ගෙනයි. අප බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය මෙලොව පරලොව කියන දෙලොවටත් නිවන් ලබන්නටත් තියෙන එකම මගයි. අතීතයේ වෙදකම කළෙත් ගමේ විහාරස්ථානයෙන්. ශුභ නැකත්, අකුරු කියවීම් හැම දේම කළේ විහාරස්ථානයෙන්. භික්ෂූන් වහන්සේ ගිහියා ගැන නිතර සොයා බැලුවා. නරකට යන්න දුන්නෙ නැහැ.
අද රටෙ පවතින සාමකාමී වාතාවරණය ගැන නම් අගය කළ යුතුමයි. මහානායක හාමුදුරුවනේ.
ඔව්. මේ රටේ විවිධ වකවානුවලදී විවිධ ගැටුම්, යුද්ධ වගේ දේවල් මම දුටුවා. 1940 ගණන් වල, ඒවාගේම ත්‍රස්තවාදී උවදුර වගේ ඉතා භයානක දේවල්. එම කුරිරු ත්‍රස්තවාදය අවසන් කිරීම ගැන නම් ජනාධිපතිතුමන්, ආරක්ෂක ලේකම් තුමන් විරෝධාර සෙබළුන් ඇතුළු ඊට සහ සම්බන්ධ වුණ සියලු දෙනාම කළ මහත් සේවය අගය කළ යුතුයි. රටක් වුණාම සියලුම ජාතීන්, ආගමිකයන් සමගියෙන් ජීවත් විය යුතුයි. සිංහල ජාතිකයන් වශයෙන් එය රැක ගැනීමට කටයුතු කරද්දී ජාතිවාදීන්, බුද්ධාගම රැක ආරක්ෂා කර ගන්නට යමක් කරනවා නම් ආගම්වාදීන් ලෙස යමෙක් කියනවා නම් එය ඉතාම වැරදි ප්‍රකාශයන් බවත් සිහිපත් කළ යුතුයි. ඒ වගේමයි තවත් කාරණාවක් කියන්න තියෙනවා. සමාජයට යමක් පුරුදු නැත්නම් එවැනි දෙයක් යමෙක් කරන්න ගියොත් එය විනය විරෝධීයි කියලා කියනවා. 1936 අපි විදේයා්දය ඉගෙන ගන්න කාලේ එයට කාර් එකක් ලැබුණම පිරිස් බණින්න ගත්තා කාර් හොඳ නැහැ කියලා. අද හැම විහාරස්ථානයකම වගේ වාහනයක් තියෙනවා. එය කාලීනව සිදු වන්නක්. 1959 භික්ෂුන් වහන්සේට පාසල් පත්වීම් ලැබෙන කොට ඒක හොඳ නැහැ කියලා බණින්න පටන් ගත්තා. (1959 නොවැම්බර් 09 දින පුවත්පතක පිටපතක් මහ නාහිමියන් පෙන්වයි) ඒත් අද විශ්ව විද්‍යාලයේ පටන් පාසල දක්වාත් අද එම තත්ත්වය වෙනස් වී තිබෙනවා. මීට ප්‍රධාන හේතුව සමාජයට පුරුදු නැති කමයි.
මේ සාකච්ඡාව අවසන් කිරීමට මත්තෙන් ගිහි පැවිදි සමස්ත සමාජයටම ඔබ වහන්සේ විශේෂ යමක් අනුශාසනා කළොත් එය බෙහෙවින් වැදගත් වේවි.
වසර 2550 කට වැඩි ලිඛිත ඉතිහාසයක් ඇති ලෝකයේ එකම රට අපේ මේ මාතෘභූමියයි. සිංහල අපේ රජවරු අපට ආඩම්බර විය හැකි සාඩම්බර ඉතිහාසයක් උරුම කර දී තිබෙනවා. පරගැතියන්ගෙන් අපේ රට බේරගන්න කොපමණ දේශප්‍රේමී සිංහල වීරයන් සහ වීරභටයන් ජීවිත පූජා කළාද? මෑත ත්‍රස්තවාදී කුරිරු උවදුර අවසන් කිරීමට වීර සෙබළුන් ජීවිත පූජා කළාද? සාමාන්‍ය ජීවිත කීයක් නම් අහිමි වුණාද? එම නිසා අප රටක් වශයෙන් අසමගියෙන් කටයුතු කළ යුතු කළ යුතුයි. ජාතීන් වශයෙන්, ආගමික වශයෙන් දේශපාලන පක්ෂ වශයෙන් බෙදා වෙන් නොවිය යුතුයි. එය රටේ දියුණුවටත් බාධාවක්. ඒක පාර්ශ්වික නොවී විවේචන නතර කොට කටයුතු කළ යුතුයි. අපේ මේ සුන්දර රට රැක ගැන්මට සංවර්ධනය කරන්නට ගුණවත් පුරවැසියන් වශයෙන් සිතට ගත යුතුයි. ඊට රටේ මහ සංඝරත්නය දේශපාලන අධිකාරීන්, නායක කාරකාදීන් ඇතුළු සියලු දෙනාම අවවාද අනුශාසනා උපදේශ, ආදර්ශ සැපයීම විශේෂයෙන්ම වැදගත් වේවි.
සාකච්ඡා කළේ ජනක හෙට්ටිආරච්චි උපුටා ගැනීම ලක්බිම