වරදට දඬුවම් දීම රෝම නීතියයි වරදට සමාව දීම බෞද්ධ නීතියයි
බෞද්ධ නීතිය මිනිසාට පමණක් සීමා වූවක් නොවේ. එය සියලු සත්ත්වයන්ගේ හා පරිසරයේ ආරක්‍ෂාව හා යහපත සඳහා සකස් වූවකි. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළ අවස්‌ථාවේ දේවානම්පියතිස්‌ස රජුට පැහැදිලි කළේ ඔබ මහ පොළොවේ භාරකරු මිස අයිතිකරු නොවේ. සියලු සතුන් හා පරිසරය ආරක්‍ෂා කිරීම ඔබගේ වගකීමක් කියාය. පරිසර නීතිය ගැන ලෝකයේ මුල්ම විග්‍රහය වශයෙන් එය සලකන්නට පුළුවන. ක්‍රිස්‌තියානි භක්‌තිකයකු වන සී. ජී. වීරමන්ත්‍රි විනිශ්චයකාරතුමා 1997 ජාත්‍යන්තර අධිකරණයේ පැවැති හංගේරියාව සම්බන්ධ පරිසර නඩුවකදී බුදුදහමේ මෙම නීතිමය තත්ත්වය පෙන්වා දී ඇත.
අන්‍යොන්‍ය බැඳීම යළිත් ඇතිකෙරෙන සංහිඳියාව, ප්‍රතිසන්ධානය සඳහා බටහිර මූලාශ්‍රවලින් ලබාගන්නා දැනුම ඒ සඳහා තිබෙන එකම ඥන ගබඩාව ලෙස සැලකිය නොහැකියි. සංහිඳියාව ඇතිකිරීම, ප්‍රතිසන්ධානය පිළිබඳ වැදගත් මූලධර්ම බෞද්ධ දර්ශනයේ පවතියි. රෝම නීතිය අනුව සිදුකරන්නේ වරදට දඬුවම් කිරීමයි. මරණ දඬුවම ලබාදීමයි. බටහිර ලෝකයේ ඒ සංකල්පය බෞද්ධ දර්ශනයට පටහැනියි.
යම් කෙනකු වරදක් කළොත් ඔහුට දඬුවම් කළයුතුය යන මතය රෝම නීතිය අනුව ගොඩනැගුනකි. තමන්ට කිසිවකු හිංසා පීඩා කළොත්, ඒ ආකාරයටම ඔහුට හිංසා කිරීම පැරණි සමාජයේ දක්‌නට ලැබුණ නීතියකි. කෙනකු තමන්ට හිංසාකොට දතක් ගැලවුවොත්, එයට දඬුවම් වශයෙන් තමන් ද ඔහුගේ දතක් ගැලවිය යුතුය යන දතට දතක් ලබාගැනීමේ න්‍යාය බටහිර පැරණි නීතියකි. ලෙයට ලෙයින් වන්දිය ලබාගැනීම එකල පැවතුණි. දෙපාර්ශ්වය අතර කිසිදු සංහිඳියාවක්, වරද අමතක කොට එකමුතු වීමක්, ප්‍රතිසන්ධානයක් එමගින් ඇතිවූයේ නැත. ඒ වෙනුවට සිදුවුණේ එකට එක කිරීමේ වෛරය, ද්වේෂය හා පළිගැනීමේ ෙච්තනාවන් සමාජයේ පැතිරීමයි. සමාජය විකාශනය වන විට පුද්ගලයා සතු වූ මේ දඬුවම් දීමේ අයිතිය සමාජයට නොගැලපෙන බවට මතවාද ඉදිරිපත් වූ නිසා දඬුවම් දීමේ ක්‍රමය සංශෝධනය විය. ඒ අනුව පුද්ගලයකු සිදුකළ වරදකට සිරගත කිරීම, මරණ දඬුවම් ලබාදීම රජය මගින් සිදුකිරීම ඇරඹුණි. දඬුවම් දීමේ මෙම ක්‍රියාදාමයට නම්‍යශීලි, සුබවාදී ස්‌වරූපයක් ලබාදුන් අතර, වරදකට දඬුවම් දෙන්නේ සමාජයට ප්‍රයෝජනයක්, සමාජයට යහපතක් සිදුකිරීමේ අදහසින්ය. එයින් බලාපොරොත්තු වන්නේ සමාජයේ සුරක්‍ෂිතභාවය ඇති කිරීමයි යන සංකල්පය රෝම නීතිය මගින් බටහිර ලෝකයේ තහවුරු කෙරිණි. ඒ අන්දමට දඬුවම් ලබාදීම සඳහා රජය ඉදිරිපත් වීම මගින් සිදුවුණේ සමාජය තුළ ද්වේෂය හා පළිගැනීම පැතිරවීම සඳහා රජය මැදිහත්වීමකි.
බෞද්ධ දර්ශනය මෙයට වඩා වෙනස් වූවකි. කෙනකු කළ වරදක් මුල්කරගෙන ඔහුගේ විනාශය සිදුවන අන්දමේ දඬුවම් ලබාදීමෙන් සංහිඳියාවක් ඇති නොවේ. එයට නිදර්ශනයක් පෙන්වන්නට පුළුවනි. දෙවන ලෝක සංග්‍රාමය අවසානයේ ජපානයෙන් පළිගැනීමේ ෙච්තනාවක් බටහිර ලෝකයේ රටවලට තිබුණි. 1951 අවුරුද්දේ ඒ සඳහා රටවල් එක්‌වුණු අවස්‌ථාවේ ජපානය හා ජර්මනිය සිදුකළ වරදට දඬුවම් ලෙස වන්දි ලබාගත යුතු යෑයි යෝජනා ඉදිරිපත් වුණි. ශ්‍රී ලංකාව වෙනුවෙන් එම සමුළුව නියෝජනය කළ ඡේ. ආර්. ජයවර්ධන මහතා ඒ අවස්‌ථාවේ නැඟී සිටිමින් කියා සිටියේ අපේ රට කුඩා රටක්. නමුත් අපට ජපානයෙන් හා ජර්මනියෙන් වන්දි අනවශ්‍යයි. අපට වටින්නේ ජපානයට හා ජර්මනියට යළි නැඟිටීමට ඉඩ ලබාදීමයි යනුවෙනි. නහි වේරේන වේරානි - වෛරයෙන් වෛරය සන්සිsඳෙන්නේ නැත යන බෞද්ධ දර්ශනයේ එන අදහස එතුමා සමුළුවට පැහැදිලි කර දුනි. අදත් ඒ ගැන අපේ රටට ජපානයේ කෘතඥතාවය පළකරයි. බෞද්ධ දර්ශනයේ සංකල්පය වන්නේ තමන්ට විපතක් කළ සතුරා විනාශ කොට තෘප්තිමත් වීම නොවෙයි. වරදක් කළ තැනැත්තා විපතට පත්කරන දඬුවම් කිරීම වෙනුවට බුදුදහම පෙන්වා දෙන්නේ ඔහු සමඟ සංහිඳියාව ඇතිකරගන්නා ක්‍රමයයි.
බෞද්ධ දර්ශනයේ සංහිඳියාව වැදගත් සංකල්පයකි. ඒ සඳහා භාවිත කළයුතු ක්‍රම රාශියක් එහි දැක්‌වෙයි. ගැටුම් නැතිකොට සංහිඳියාවක් ඇතිකර ගැනීම සඳහා සිතිවිලි තුලනය එක් ක්‍රමයකි. ශාක්‍ය කෝලිය දෙපිරිස අතර රෝහිණී නදියේ ජලය බෙදාගැනීම සම්බන්ධ ගැටුම පැවැති තැනට වැඩිය බුදුරදුන් ගැටුමට මුල් වූ දෙපිරිසගෙන් ඇසුවේ, වැඩියෙන් වටින්නේ ජලයද, මනුෂ්‍ය ජීවිතයද, යන ප්‍රශ්නයයි. ජලයට වඩා මනුෂ්‍ය ජීවිතය වටිනා බව අවබෝධ වුණි. සිතිවිලි තුලනය හෙවත් මතවාද, අදහස් සසදා බලා වඩා හරවත් දෙයට මුල් තැන දීමෙන් සංහිඳියාව ඇතිකරගත හැක. ගංගානම් නදියේ ජලය පිළිබඳ අර්බුදයක් බංගලිදේශය හා ඉන්දියාව අතර අද මතු වී ඇත.
කරුණු වැරදි ලෙස සලකා තීරණ ගැනීම ලෝකයේ දක්‌නට ලැබෙන දෙයකි. එයින් සංහිඳියාවක්, සහජීවනයක් ඇති නොවේ. තමන්ගේ මතය හරි, අනුන්ගේ මතය වැරදියි. ඒවා පරද්දන්නට කටයුතු කළ යුතු යි යන්න ලෝකයේ පවතින ස්‌වභාවයක් බව මඡ්Cධිම නිකායේ අලගද්දූප සූත්‍රයේ දැක්‌වේ. යම් දෙයක් වැරදි ලෙස ග්‍රහණය කළොත් එයින් ලැබෙන ප්‍රතිඵල අයහපත් වෙයි. මනුෂ්‍ය ජීවිතය ගලායන ගඟක් වැනියි. වර්තමානයේ පවතින ස්‌වභාවය ගැන පමණක් බලා ජීවිතය හා යමක් පිළිබඳ තීරණ හා ක්‍රියාමාර්ග ගන්න එපා යෑයි දාර්ශනික බර්ට්‍රන්ඩ් රසල් කියා ඇත. බුදුරජාණන්වහන්සේ ඊට වඩා හොඳින් එම කාරණය අංගුලිමාල පිළිබඳ සිද්ධියෙන් පෙන්වා දී තිබේ. ගමන් කරමින් සිටින බුදුරදුන් පසුපස අංගුලිමාල ලුහුබඳින අවස්‌ථාවේ උන්වහන්සේ අංගුලිමාලට පවසන්නේ මම නතර වූවෙමි. ඔබත් නවතින්න කියලයි. එහි තේරුම වන්නේ ගිජු බව, ලෝභය, මාන්නය නැතිකොට මම සියලු දුක් නතර කළෙමි. ඔබත් ඒවා නැතිකොට දුක් පීඩා විඳීමෙන් නතර වන්න යන්නයි. එයින් පැහැදිලි කරන්නේ සිදුවන ක්‍රියාවක්, සිද්ධියක් හා පවතින ස්‌වභාවයක් ගැන පමණක් සලකා තීරණ ගන්න එපා. දුරදිග සිතා බලා කටයුතු කරන්න කියන කාරණයයි.
සාමුහික තීරණය ඉතා වැදගත් දෙයකි. සාකච්ඡාව හා විසිරයැම ග්‍රීසියේ තිබුණ ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්‍ෂණයක් බව එඩ්වඩ් ගිබන් අධිරාජ්‍ය බිඳවැටීම නමැති පොතේ සඳහන් කොට තිබේ. ලිච්ඡවි රාජ්‍යය ආක්‍රමණය කිරීමේ අදහසින් යුද්ධයට සුදානම් වූ මගධ රජු ඒ ගැන බුදුරජාණන් වහන්සේගේ අදහස් දැනගන්නට ඇමැතිවරුන් යෑවූ විට උන්වහන්සේ ලිච්ඡවීන්ගේ පරිහානිය සිදුනොවන්නට හේතු සාධක වන කාරණා පෙන්වා දුන්හ. ලිච්ඡවි රජුන්ගේ ප්‍රතිපත්ති වන්නේ සමගියෙන් එක්‌රැස්‌වී සාකච්ඡා කොට සාමුහිකව තීරණ ගැනීම හා සමගියෙන් විසිර යැමයි. එසේ කටයුතු නොකිරීම හේතුවෙන් මනුෂ්‍ය සමාජයේ පරිහානිය සිදුවෙයි. බුද්ධ ධර්මයෙන් පෙන්වා දෙන්නේ පෞද්ගලික දෘෂ්ටිකෝණයෙන් බලා තීරණ ගන්නවාට වඩා පොදු දෘෂ්ටියකින් කටයුතු කිරීම සුදුසු බවයි. සමාජය සකස් වන්නේ සාමුහික බැඳීමකිනි. අෙන්‍යාන්‍ය බැඳීම ඇතිකරගන්නා ආකාරය සිඟාලෝවාද සූත්‍රයේ දැක්‌වෙයි. මවුපිය දූ දරු ස්‌වාමි - භාර්යා ගුරු ශිෂ්‍ය යුතුකම් හා අයිතිවාසිකම් එහි සඳහන් වෙයි.
ප්‍රශ්නවලට විසඳුම් සෙවීමේදී හදවතින් නොවෙයි නුවණින් ක්‍රියා කිරීම අවශ්‍යයි. ඉමෝෂන් හෙවත් හැඟීම්වලට අවනතව අප ක්‍රියා කිරීම හොඳ නැත. අද ලෝකයේ ලිබියාව, සිරියාව වැනි රටවල මිනිසුන් අතර ගැටුම් පවතියි. අප ඉන්නේ එවැනි ලෝකයකයි. අද අපේ රටට බටහිර රටවලින් එල්ල වී තිබෙන විරෝධය මුලදී සඳහන් කළ ආකාරයට දඬුqවම් කිරීමේ අරමුණින් සිදුවන්නකි. විදේශ ඇමැතිවරයා හැටියට මට ඒ ගැන කරුණු කීම අපහසුයි. ගැටලුවලට දීර්ඝකාලීන විසඳුම් ලබාදීමට නම් සිත් රිදවීමෙන් තොරව කළ යුතුයි. වෛරයෙන් හා පළිගැනීමේ ෙච්තනාවෙන් යුක්‌තව දඬුවම් කිරීමෙන් යහපතක් සිද්ධ වන්නේ නැත.
වර්තමානයේ අපට තිබෙන්නේ අෙන්‍යාන්‍ය විශ්වාසයෙන් යුතුව අපේ ජීවිත ඉදිරියට ගෙනයැම සිදුකරන්නේ කෙසේද? යන අභියෝගයයි. පසුගිය කාලයේ පැවති ගැටුම්කාරී තත්ත්වය අප කාටත් වේදනාකාරියි. නැවත ඒ තුවාලය පාරන්නට හොඳ නැහැ. එය වේදනා සහගතයි. සමස්‌ත සමාජයටම හිතකර පරිදි අප කටයුතු කළ යුතුයි. ඒ පදනමේ සිට තීරණ ගතයුතුයි. බුදුරජාණන් වහන්සේගේ දර්ශනය එයයි. දඬුවම් කිරීම හා වරදට සමාව දීම යන දර්ශන දෙකෙන් වැදගත්, ප්‍රයෝජනවත් වන්නේ කොයි එකද? දඬුවම් කිරීමෙන්, පළිගැනීමෙන් සමාජයට යහපතක් සිදු නොවේ. වර්තමාන ප්‍රශ්නවලට මධ්‍යකාලීන හා දීර්ඝකාලීන විසඳුම් ලබාදෙන, තීරණයන් පෝෂණය කරන අදහස් අවශ්‍ය වෙයි. ඒ සඳහා කාරණා බුද්ධ ධර්මයේ තිබේ. ඒවා අපේම දේවල්ය. අපි කාටවත් දෙවැනි නොවෙමු. ප්‍රතිසන්ධානය, සංහිඳියාව ඇතිකරන ක්‍රමය බෞද්ධ දර්ශනයේ විනය පිටකයේ ඇතුළත් වෙයි.
(2013 සැප්තැම්බර් 09 දින ලක්‍ෂ්මන් කදීර්ගාමර් ආයතනයේ පැවැති බෞද්ධ නීති මූලධර්ම පිළිබඳ සමුළුවේදී විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා ඉදිරිපත් කළ අදහස් ඇසුරින් සැකසුණි.)
පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි
මහනුවර අස්‌ගිරි මහා විහාරීය කාරක සංඝසභික
උපුටා ගැනීම දිවයින පුවත්පත