ඇත්තම ආදරයක් ප්‍රාර්ථනා කරනවා නම් සුබා මහරහත් තෙරණියට පැන් වීදුරුවක් පුදන්න


පෙර බුදුවරයන් වහන්සේගෙන් ලබන ලද විවරණ ඇතිව සසර බොහෝ කාලයක් පින් දහම් රැස්කොට දෙව් – මිනිස් සැප අනුභව කරමින් සිට අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි රජගහ නුවර එක්තරා රන් කරුවකුගේ මාලිගයක ඔහුගේ දුවණියකව ඇය උපන්නාය. ඇය නමින් සුබා වූවාය. ඇය මහත් වූ ශෝභාවකින් හා මනබඳනා රූ සපුවකින් හෙබි පිනෙන් ඉතා උසස් ස්ත්‍රි රත්නයකි. ගුණ දහම් දන්නා සුබා පින් දම් නිතර කළාය.

තම මවුපියන්ට කීකරුව වැඩුණු සුබාගේ රුව මුළු රජගහ නුවරටම ප්‍රිය විය. බුදුරජාණන් වහන්සේ මුල්වරට රජගහ නුවරට වැඩම කළ අවස්ථාවේ ඇයද උන්වහන්සේ දක්නට ගියාය. ඇයට ගැළපෙන සේ බුදු හිමියන් දහම් දෙසූහ. සෝවාන් වූ ඇයට ගිහි ගෙයින් මිදීමට දෙගුරුන්ගෙන් අවසර ලැබිණි.

ඇය සෝවාන් වූවාය. මහා ප්‍රජාපතී ගෞතමිය භික්ෂුණී ශාසනය ඇරැඹූ පසු එතුමිය සුබා තෙරණිය යන නමින් පැවිදි වූවාය. නිවන් සුව පතමින් ඇය විදසුන් වඩන්නට වූවාය. ඇයගේ නෑයෝ විටින් විට ඇය හමුවීමට ආහ. “ඔබ හරිම ලස්සනයි ධනවත්, මේ සිවුර විසිකොට මාලිගයට ඇවිත් සැප විඳින්න” ඔවුහු කීහ. දිනක් ඇය ඔවුන්ට ගිහි ජීවිතයේ ආදීනව දක්වමින් ගාථා විසිහතරක් දේශනා කළාය. ඔවුහු යළි යළි ගිහි සැප වැනීමට නොආහ. විදසුන් වැඩුමෙහි යුහුසුලු වූ සුබා තෙරණිය ඉක්මනින්ම උතුම් අරහත් බවට පැමිණියාය. එක් දිනක් සුබා රහත් තෙරණිය ජීවකයාගේ අඔ වනයෙහි දිවා ආහාරය පිණිස

යන කල්හි රජගහ නුවර  විසූ එක්තරා තරුණයකු විසින් දකින ලදීය. නව යොවුන් සුබා රහත් තෙරණිය දුටු මෙම සල්ලාල තරුණයා ඇගේ රූ සපුව නිසා කාමයෙන් මුසපත් විය. කාමයෙන් අන්ධ වූ සල්ලාල තරුණයා සුබා රහත් තෙරණින් වහන්සේ ඉදිරියට ගොස් සුබා තෙරණියගේ මඟ අවුරා සිට ගත්තේය. සුබා තෙරණිය මෙම තරුණයාගෙන් විමසුව ඔබ කුමක් නිසා මා යන මඟ අවුරා සිටින්නෙ දැයි විචාළාය. තරුණයා කවිකාරයෙකි.

මෙසේ සුබා තෙරණියට කීය. “ඔබ තවමත් තරුණයි ළාමක නැත. ඔය මහණ ජීවිතෙන් කුමක් කරන්ටද? පැත්තකට දමන්න ඔය කසාවත. එන්න මේ මල් පිපී ගිය වනාන්තරේ අප දෙදෙනා කම් සැප විඳිමු. ඔබ ගැන උපමා කියන්නටත් බෑ. සිනිඳු කසී සළුවෙන් සරසපු රත්තරන් රුවක් වැනියි. කිඳුරියක මෙන් මඳක් පුබුදු නෙත් යුගලක් නුඹට ඇත්තේය. ඒ නෙත් යුගල මා වශි කළේය. අපි දෙදෙනා රුක් ගොමුවකට වැදී සමහන් සුවය විඳිමු. නුඹට වඩා ප්‍රියකර වූ කෙනකු මා දැක නොමැත්තෙමි. නුඹගේ නෙත් මුවඟනකගේ ඇස් වැනිය. පර්වත අතුරෙහි හැසිරෙන කිඳුරඟනකගේ ඇස් වැන්න. නුඹගේ දෙනුවන්

දැක මාගේ කාම ගුණය වැඩෙයි. දිගු ඇස් පිය ඇත්තිය. පිරිසුදු ඇස් ඇත්තීය. නුඔ අෑතට ගියත් තොපගේ සුන්දරත්වයම මට එක් බඳුය. තොපගේ දෙනෙතට වඩා මට ප්‍රිය වස්තුවක් මේ ලොව තවත් නැත්තේය. මම ඔය ඇස් දෙකට තරම් වෙන කිසි දෙයකට ආශා නැත.”

කාමයෙන් මත් වූ මේ පුරුෂයාගේ වචනයට  ඒ පුණ්‍යවන්ත සුබා රහත් තෙරණිය දෙන පිළිතුර ආශ්චර්යයි. “පින්වත් පුරුෂ කුණු ගොඩවල් පිරිලා තිබෙන මේ ශරීරය ගැන අමු සොහොනම පුරවන මේ ශරීරය ගැන ඔබ ඔය විදිහට සාර වශයෙන් දකින්නේ කොහොමද? බිඳීයන ස්වභාවයෙන් යුක්ත

මේ ශරීරය ගැන දකින කොට මට නම් ඇති වන්නේ කලකිරීමමයි. ආයුෂ්මත ඔබ වැරැදි පාරකයි යන්න හදන්නේ. ඔබ ස½ද මඬලයි කෙළි බඩුවක් කරගන්න හදන්නේ. ඔබ මහමේරූ පර්වතේ උඩින් පැනලා යන්නයි හදන්නෙ. මාව තේරුම් ගන්න. ඔබ ඔය පතන මං බුදුරජාණන් වහන්සේගේ දියණියක්. මා තුළ රාගයක් ඇති කරවන්න පුළුවන්, කිසිම අරමුණක් මේ දෙවියන් සහිත ලෝකයේ නෑ. රාගය කියන්නෙ මොන වගේ දෙයක්ද කියලවත්

මා දන් නැත. නිවන් මාර්ගයේ ගමන් කරපු මං රාගය මුලින්ම නැති කරලා දැම්මා. නුවණින් කල්පනා නොකරන කාන්තාවක් නම් ශාස්තෘන් වහන්සේව ධර්මය තුළින් නොදැකපු කාන්තාවක්ව නම් අන්න එබඳු කාන්තාවක් නම් පොලොඹවා ගන්න පුළුවන් වේවි. නමුත් ජීවිතය අවබෝධ කරපු මාවයි ඔබ වෙහෙසවන්නෙ. ඒ සැප – දුක් දෙක අබියස මා සිහියෙන් ඉන්නෙ. මේ හේතූන්ගෙන් සකස් වූ දේවල් මං අසුබ වශයෙන් අවබෝධ කරගෙනයි ඉන්නේ.

ඔය කිසි තැනැක මාගේ සිත ඇලෙන්නේ නැත. පින්වත් පුරුෂය මම සුගතයන් වහන්සේගේ ශ්‍රාවිකාවක්. මම ගමන් කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නමැති යානයෙන්. මා රාග හුල් උදුරලා දැම්මා. ආශාව නැති කර දැමුවා. මාගේ සිත ඇලෙන්නෙ හිස් අවකාශය ඇති කුටියේ විතරයි.”

“නැත මා හට උපමාවක් සමකෙරුමට ඔබේ රූපෙට…
සිත ඔබ ළඟ නැවැතී ඇත යන්න නොහැක මඳ දුරකට…
රනින් සෑදූ රුවක් ලෙසට අඹුවක් නෑ පෙනුණි මට…
රුව ඇති දෙවඟනක් විලස නොයනු මැනවි හැර ඉවතට…
වසඟ වෙලා මා සිත නෑ මා හට දැන් වාවන්නට…
වෙන කවුරුද මේ වනයේ ඔබ හට තව ප්‍රිය වන්නෙ…
තරුණ වයස කුමකට ඔබ මේ සිවුරට විඳවන්නෙ…
මගේ ගෙදර ඇත සම්පත් දෙව්ලොව සිරි සර මවන්නෙ…”

මේ ඇස්වල තිබෙන්නෙ කඳුළු සහිත බුබුළක් කබ කඳුළුක් එක්ක එකට මිශ්‍ර වෙලයි. අතිශය සුන්දර රූ සපුවකට උරුමකම් කීවත් සුබා රහත් තෙරණිය කිසිම දෙයකට ඇලුණේ නැත. නිකෙලෙස් සිතකින් යුතු ඒ උතුම් උත්මාවිය ඒ නිමේෂයෙන්ම තමාගේ ඇඟිලි ඇහැ ඇතුළට දමා නහර වැල් බැමි කඩලා ඒ ඇහැ ගලවලා මෙන්න ඔබ කැමැති ඇහැ අරගෙන යන්න… යැයි අර පුරුෂයා වෙත පානවා… ඔහුගේ රාගය ඒ මොහොතෙ දුරුවී සුබා රහත් තෙරණින් වහන්සේ දෙපා මුල වැඳ වැටෙන්න තරම් ඒ සිදුවීම ඔහු සලිත කළේය. “බ්‍රහ්මචාරී පින්වන්තිය ඔබ සුවපත් වේවා… ආයෙ නම් මෙහෙම

දෙයක් සිදු වන්නෙ නැත. ආයෙ නම් මම ඒ වගේ කතාවල් කියන්නේ නැත” යැයි කීය. දැන් සුබා රහත් තෙරණිය රුධිරය වෑහෙමින් ඒ ඇසත් අතින් රැගෙන ඒ මොහොතේම වඩින්නෙ සැවැත්නුවරට අප ගෞතම බුදුරජාණන් වහන්සේ පෙනෙන සීමාවට ඇය වඩිනකොටම ඒ ඇහැ කලින් වගේම ප්‍රකෘතිමත් විය. සාදු සාදු සාදු සුබා තෙරණින් වහන්සේ සුවපත් වෙනවා නිකෙලෙස් සිතේ ආශ්චර්යය මෙයයි.

පිරිසුදු සිනා රැලි පෙන්වන දහම් සරී…
දිරිගෙන සුබා යයි දෙව්රම දෙසට හැරී…
හරි පුදුමයකි වඩිනා කල සෙනෙහෙ රැලී…
සිරි දෙව්දුවක් මෙන් තෙරණීය පිනෙන් පිරී…
ආලය නිසා තරුණයා රා ගිනි බැඳය…
රාගෙන් බැඳුණී ඔය ඇස්වල රස විඳය…
කී පසු තෙරණී කොපමණ එඩි බිඳය…
තරුණයා අතට දිය ගලවා ඇස් ලොඳය…

අතීතය වර්තමානය කියලා වෙනසක් නෑ. රාගය නිසා පවසන චාටු බස්වලට රැවටෙන කාන්තාවන්ට අවසානයේ උරුම වන්නේ දුකය. ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කර ගන්න බොහෝමයක් මිනිසුන්ගේ සිත් දියුණු නෑ. අතින් එකෙන් ගොඩාක් දියුණු නැහැ. ඉතින් ඒකෙන් ගොඩාක් මිනිසුන් ප්‍රයෝජන ගන්නවා. බොහෝමයක් කාන්තාවන්ට වගේම පිරිමි අයටත් ආදරය සහ රාගය වෙන් කර හඳුනා ගන්න බැහැ. අද සමාජයේ ගොඩක්ම දකින්න

ලැබෙන්නෙ ආදරයට වඩා රාගය මුල් වූ සම්බන්ධතාවන්. ඔබත් හොඳට සිතන්න සුබා රහත් තෙරණිය ඇය ඒ වන විට උතුම් රහත් භාවයට පත් වී සිටියේ නැත. නමුත් ඇය යථාර්ථය අවබෝධ කර ගත්හ. බොරු වදන්වලට රැවටුණේ නැත. ආලය කියන්නෙ පිවිතුරු දෙයක්. ආදරය කරන්න එපා කියා නෙවෙයි මා කියන්නෙ නියම ආදරය හඳුනාගන්න. දැන් ඔබ සිතයි කොහොමද අපි යථාර්ථය අවබෝධ කරගන්නෙ කියලා. ඔබට ඔය වගේ ගැටලුවක්

තිබේ නම් ඔබට තිබෙන්නෙ බුදුන් වහන්සේ වැඳ පුදා ආදරයෙත් පතිවතෙහිත් බඹසර සීලයෙහිත් ප්‍රතිමූර්තියක් බඳු වූ උතුම් යශෝධරා මෑණියන්වත් මහා ආශ්චර්යවත් නිකෙලෙස් ඇති සුබා රහත් තෙරණියවත් සිහිකොට පැන් වීදුරුවක් තබා ඔබේ ගැටලුව මෙනෙහි කරන්න. යථාර්ථය පෙන්වා දෙන ලෙස අයැද සිටින්න. ඔබේ සිතට සහනයක් ලැබෙනු ඇත. ඒ වාගේම වැරැදි පුද්ගලයන් ඉබේම ඔබේ ජීවිතයෙන් ඉවත් වී නියම පුද්ගලයන් පමණක් ළඟ රැ‍ෙ¼දනු ඇත. මේ මහ පින් ඇති සුබා රහත් තෙරණින් වහන්සේ වඳින්න, ආනුභාවය ලබා ගන්න.

තෙරුවන් සරණයි.

Share This Article

නව වසරේ ජය ලබන්න සත් සති බෝධි පූජාව

උදාවන වසර ඔබට යහපත් කර ගැනීම උදෙසා සත් සති බෝධි පූජාවක්‌ ඉදිරිපත් කරමු. ඔබගේ අපල දුරුවීමටත්, ජයග්‍රහණ විජයග්‍රහණයවීමටත් මෙම බෝධි පූජාව...

සැමට සෙත සදන පිරිත් දෙසුම

පිරිත් දේශනාව පිළිබඳ තොරතුරු විවිධ සූත්‍රවල දී මෙන් ම ජාතක කතා, ධම්මපද ගාථා යනාදියෙ හි ද දක්නට ලැබේ. බෝධිසත්ව චරිතය ගැන...

පහන් දල්වන්නේ ඇයි?

“පහන්” සිතින් “පහන්” දැල්වීම ඉතාම බලවත් පුණ්‍යකර්මයකි. පන්සලට, පල්ලියට, කෝවිලට ගොස් පහනක් දැල්වීම අපගේ පුරුද්දකි. මේ අප දල්වන “පහන” පිළිබඳ විමසීමේදී...

දානයේ අනුහස්

දානය ශීලය භාවනාව පන්සලේදී අපට නිතර, නිතර ඇසෙන වචන තුනකි. මෙයින් "දන්දීම" හෙවත් "දානය" පිළිබඳ බොහෝ දේ කීමට ඇත. දන්දීමේ අනුහස්...

සමන් දේව කන්නලව්ව

ඒ මීට වසර දහයකට පමණ පෙර විය යුතුය. "දිවයින" පත්‍රයේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් ඒ කාලයේ බොහෝ ජනප්‍රිය අංගයක්‌ විය....