Biz Log
Classifields
Biz Log
Classifields

ශබ්ද විද්‍යාවේ අරුමය සෙත් කවිය නිවැරැදි පබැඳුමෙන් ගැයුමෙන් විපුල ඵල ලැබේ

විද්‍යාවන් අතරින් ශබ්ද විද්‍යාවට හිමිවන්නේ ප්‍රමුඛස්‌ථානයකි. මෙයින් ඕනෑම ආගමිකයකුට මහ`ගු පල උදාකරගත හැක. විශේෂයෙන් මන්ත්‍ර ජප කිරීමේදී මන්ත්‍ර වේදියා නිසියාකාරව ශබ්ද අඩුවැඩි කර නිසි උච්චාරණයෙන් අදාළ මන්ත්‍ර ශ්ලෝක, පිරිත් ජපකර ගතයුතුයි. නැතිනම් අර්ථයන් මෙන්ම තරංගයන් වෙනස්‌ වේ. එවිට එම යන්ත්‍රය පළඳවා ගන්නා අයට ඉන් කිසිම ශුභයක්‌ උදා නොවේ. මෙම අක්‍ෂරයන් දෙස බලන්න. යාගාසනය සරසා හ්‍රඃ හ්‍රඃ හ්‍රඃ යන මන්ත්‍රයෙන් චත්ථි විධියට ආරම්භ කොට ප්‍රථම විදියෙහි හ්‍රඃ යන මන්ත්‍රයෙන් ආතුරයින් හිඳවා දුතියන් දෙවන වීදියෙහි හ්‍ර• මතුරෙන් පිරිත් හූයක්‌ බැඳල යන්න. මෙහි ඇති අක්‍ෂරවල මහා අර්ථ හා හැ`ගුම් ඇති ආකර්ශණ බලයක්‌ ඇති, කියවන විට ශබ්ද තරංගයන් ඇ`ගට උරා ගන්නාක්‌ මෙන් බලයක්‌ ඇත. ඒ බලය ලබා ගැනීමට නම් නිවැරැදි උච්ඡාරණයෙන් කිවයුතුයි. එනිසා මන්ත්‍ර ජප කිරීමේදී මන්ත්‍රයක්‌, ශ්ලෝකයක්‌, පිරිතක්‌, සෙත් කවියක්‌ ශබ්ද තරංග ඇතුළුවන ලෙසට අදාළ මන්ත්‍රයෙන් ජප කර යංත්‍රයක්‌, අඳුනක්‌, තෙලක්‌, නූලක්‌, සිසිල් වතුර හෝ ඕනෑම දෙයක්‌ ජපකර සකසා ගත යුතුයි. එසේ නොමැතිනම් ඉන් පලක්‌ නොලැබේ. සංගීතයට මුල්වන අක්‍ෂර හත වන ස, රි, ග, ම, ප, ධ, නි යන සප්ත ස්‌වරවලින් මිනිසා නැටවීමට, නින්ද යැමට, නින්ද නොයැමට, කන පිනවීමට, ඇස පිනවීමට, මනස අවුල් කර ගැනීමට හා සංසිඳුවා ගැනීමේ බලයක්‌ ආකර්ශණයක්‌ එදත් අදත්, ඉදිරියටත් නොවෙනස්‌ව පවතී. එය මිනිසාට පමණක්‌ම නොව සතා, සිවුපාවා, උරග, පක්‍ෂින්ටද සප්ත ස්‌වර හතේ ආකර්ශණයක්‌ ඇති බව අපට පෙනේ. සෙත් කවියකින්ද සිදු වන්නේත් එවන් ආකර්ශණ බලයක්‌ මය. යම් කෙනෙකුගේ ජන්ම පත්‍රයක යෙදෙන යම් ග්‍රහ අපලයක්‌ සමනය කර ශුභ පල උදාකර ගැනීමට සෙත් කවි කියවීම අතීතයේ පටන් අද දක්‌වාම බෞද්ධයාගේ චාරිත්‍රයකි. එය ශබ්ද ශාස්‌ත්‍රය හා බැඳේ. ප්‍රථමයෙන්ම අදාළ දෙවිවරුන්ට පුද පූජාවන් තබා සෙත් කවි ඔප්පු කරයි. එසේ කරන්නේ දේවාලයක, විහාරස්‌ථානයක නැතහොත් තම නිවසේ පිරිසිදු ස්‌ථානයක නැගෙනහිර, උතුර, ඊසාන දිශාවට මුහුණලා සෙත්කවිය සත් වර, විසිඑක්‌ වර, පනස්‌ හතරවර එකසිය අටවර ආදී වාර ගණනක්‌ කිව යුතුයි. සෙත් කවියකින් බලාපොරොත්තු වන්නේ වැළඳී ඇති මාරාන්තික රෝග සුවවීමට, ලැබීමට ඇතිදේ ඉක්‌මනින් ලබා ගැනීමට, ග්‍රහ අපල, ඒරාෂ්ඨක අපල දුරුවීමට හා තමාගේ දියුණුව ලබාගැනීම ආදී සුබ කටයුතුය. වායු ගෝලයේ එක්‌වන ශබ්ද තරංගවලින් වැඩි ප්‍රමාණයක්‌ සෙත් කවියෙන් සෙත ලබන්නාගේ සිරුරට ඇද ගැනීමෙන් ඔහුට පූර්ණව සෙත සැලසේ. එනිසා සෙත් කවිය කියවන විට ප්‍රතිග්‍රාහකයා කවිය කියවන්නා ඉදිරියේ ලංව සිටිය යුතුයි. එවිට ඔහුගේ ශරීරයට තරංග පහසුවෙන් ඇතුළුවේ. ශබ්ද ශාස්‌ත්‍රය බිහිකළ විද්වතුන්ගේ උපදෙස්‌ අනුව අපට පෙනී යන්නේ ශබ්දතරංග පහසුවෙන් මිනිස්‌ සිරුරට ඇද ගැනීමට සැලසිය යුතු බවයි. එසේනම් සෙත ලබන්නාගේ සිරුර විවෘත කර සිටිය යුතුයි. එවිට ශබ්ද තරංගයන් ඇ`ග ඇතුළට ඇතුළුවීම සිදුවේ. ශරීරය සර්ව සම්පූර්ණයෙන්ම විවෘතව නිරුවත්ව සිට සඡ්ජායනය කිරීමෙන් තරං`ග පහසුවෙන් සෘජුව ඇතුළුවේ. අදත් භාරතීය ඉන්දියාවේ හිංදුන් නිරුවත්ව ස්‌ත්‍රෝත්‍ර කියවන්නේත් ජපන්, චීන ජාතිකයින් නිරුවතින් බිම දිගාවී ගයන්නේත් මේ නිසා වන්නට ඇතැයි සිතිය හැක. ඒ නිසා ශරීරය පිරිසිදු කිරීමෙන් හා ආශ්වාස ප්‍රශ්වාස කිරීමෙන් පමණක්‌ම නොව සම මතු පිටින්ද ශබ්ද තරංගයන් ශරීරගතවී සුවයක්‌ සෙතක්‌ සැළසේ. සෙත් කවියකින් සෙතක්‌ නොලැඛෙන්නේ කාව්‍යහි රචනා දෝෂ හා කියවන්නාගේ වචන මාලාවන් නිසි අයුරින් උච්ඡාරණය නොකිරීමෙන්ද දුර්වලතාවය හා බලවත් දෝෂ ඇතිවේ. මීට මූලික හේතුව වශයෙන් බලපාන්නේ මිනිස්‌ සිරුරෙන් විහිදෙන කිරණවල බල පෑමයි. මිනිස්‌ සිරුරෙන් ඉතා ප්‍රබලව මෙම කිරණ විහිදීමේදී සෙත්කවියෙන් විහිදෙන ශබ්ද තරංග මාලා හා මිනිස්‌ සිරුරෙන් විහිදෙන රශ්මි මාලා හා ගැටීම් ඇතිවීම නිසා ශබ්ද තරංග මාලාවන් අඩපනවීමේ හේතුන් නිසා බව පැහැදිළිවේ. මේ නිසා නිරුවත් වීමට අප කවුරුත් ලඡ්ජාව නිසා මැලිවන හෙයින් අඩුම වශයෙන් සෙත් කවියට සවන්දෙන විට උඩුකයවත් නිරුවත්කොට සිටීම වැදගත්වන අතර ශබ්ද තරංග පහසුවෙන් ශරීර ගත කර ගැනීමට එය ඛෙහෙවින් උපකාරවනු ඇත. එනිසා සෙත් කවියෙන් හොඳ ප්‍රතිඵල ලබාගැනීමට පහන් ආලෝකය අඩුකළ යුතුයි. පහන් ආලෝකය වැඩිවුවහොත් එම ශබ්ද තරංගයන් පහන් ආලෝක ධාරාවන් හා එක්‌වීමෙන් විනාශවේ. සෙත්කවි වාරගණනක්‌ වැඩියෙන් කියවීමෙන් ශබ්ද තරංගද වැඩියෙන් සිරුරට ඇද ගැනීමෙන් ඉක්‌මන් ඵල ලැබේ. බලාපොරොත්තු ඉටුවේ. කොළඹ නුවර පාරේ මාවනැල්ල නගරයට ආසන්න හි`ගුල නමැති ගමේ මරීනා නමැති මුස්‌ලිම් තරුණියට ලියුකේමියා නම් රෝගය හැදී සුවයක්‌ නොවී බරපතළ අසාධ්‍ය තත්ත්වයෙන් පෙළුන නිසා ඇය කොළඹ මහ රෝහලෙහි විශේෂඥ වෛද්‍යවරයකුගේ දැඩි උත්සාහයෙන් දිවා රෑ කළ ප්‍රතිකාරවලින්ද කිසිම සුවයක්‌ නොලැබුණු අතර අවසාන වශයෙන් කී වචනය වූයේ ඇය ජීවත්කරන්නට බැරිය යන වචනය පමණි. එය ඇසූ ඇගේ පියා සහ මව ඇයගේ ජීවිතය බේරාගැනීමට සෙත් කවිවල පිහිට පැතූහ. එහෙත් ඇය මුස්‌ලිම් නිසා ඇයට ජන්ම කේන්ද්‍රයක්‌ නොවීය. නමුත් ඇගේ පියා ඈ ඉපදුනු වේලාව, දිනය, වසර, මාසය ආදිය ඔහුගේ කුඩා දිනපොතක සටහන් කර තිබූ නිසා එය රැගෙන ජ්‍යොතිෂඥයා ගේ උපදෙස්‌මත ජන්ම කේන්ද්‍රය සකසා ගුප්ත විද්‍යාවේදියකුට එය දී ඒ අනුව සෙත් කවියක්‌ සකසා සත් දිනක්‌ උදේ සවස ගායනා කළේය. එහි යොදා ඇති අක්‍ෂර හා වචන. එලිවැට, ආදියෙන් බැඳුනු ශබ්ද ශාස්‌ත්‍රය මගින් ඇයට දිගාසිරි ලබාදීමේ ආකාරයට මේ සෙත් කවිය ගායනා කළේය. ළඉඝරණ මිණි මුතු ගෙළ පැළැ දුව ලෝදා සත්වය සුරකින කඳ සුරනිඳ සිත පුබු දුව පැද හි`ගුලේ මරීනගේ රුධිර රෝග හැ දුව බාදා ඒරාෂ්ඨක දොස විස සෙත දෙත් අමරවෙ දුවළරැඉඝ තද බල ඒරාෂ්ඨක අපලයක්‌ වැළැඳී මෙම රෝගය උත්සන්නව මාරයාගේ කටට ගොදුරුව මාරයා සමඟ සටනින් මාරයා පරාජය කර ජය ගැනීමට බලැති කතරගම දෙවියන්ගේ අභිවෘද්ධිය සෙත උදාවුනු බව පැහැදිලිය. මේ සිද්ධිය දුටු වෛද්‍යවරුන් හා අන් හැමදෙනාම පුදුමයට පත්විය. උතුපරිජාත ලක්‍ෂණ උත්කෘජං අන්දමින් යොදා ඒරාෂ්ඨක අපල විද්ධං ශනය කර දිගාසිරි ලබා දීමේ ඒකායන මාර්ගය අනුගමනය කරමින් රචනා කර ඇති මේ සෙත් කවිය ඇය ගොදුරුකර ගන්නට පිළිගන්නට ආ මාරයා පරාජයට පත්කරන්ට සමත්වූ බව පැහැදිළිය. ඒරාෂ්ඨක අපල ආදියෙන් හා වෙනත් අනිටු බලපෑම් ආදියෙන් වැළඳුණු මාරාන්තික රෝගයන්ගෙන් මුදා ගැනීමට වෛද්‍ය ප්‍රතිකාර කොතරම් කළත් බැරිය. ගුණයක්‌ද නොලැබේ. එසේනම් ඒ උපද්‍රවයන් සමනය වීම සඳහා යෝග්‍ය ශාන්තිකර්ම, බෝධි පූජා ආදිය පවත්වා සෙත්කවි කියවීමෙන් පසු වෛද්‍ය ප්‍රතිකාර කිරීමෙන් අදාල ඛෙහෙත් පත්තියම් වීමෙන් පූර්ණ ගුණය හා සුවය ලැබේ. එය සත්‍යයකි. සෙත් කවිය ශාස්‌ත්‍රීය දේව ශාන්තියකි. එනිසා සෙත් කවි රචකයා අර්ථවත්, රසවත්, කවියකින් තම අභිමතාර්ථයන් මුදුන් පත් කරදෙන ලෙස දෙවියන්ගෙන් ඉල්ලා සිටීමට සෙත් කවියක්‌ රචනා කිරීමේ දැනුම් සම්භාරයකින් පෝෂණය වී සිටිය යුතු අතර කාව්‍යකරණය, ජ්‍යොතිර් විද්‍යාව, සිංහල භාෂාව සාහිත්‍ය ව්‍යාකරණ රීති පිළිබඳව අවබෝධයකින් යුතුව පිළිවෙත් ගරු කරනා දැහැමි අයකු විය යුතුයි. සෙත් කවියක්‌ රචනයේදී පළමුව කාව්‍ය නායකයාගේ නැකැතට සීහෙන දිනයක පක්‍ෂියා රජ හෝ භෝජන අවස්‌ථාවක පෙරවරුවේ සුබ මොහොතකදී පුර පක්‍ෂයේ ඇරඹිය යුතුයි. ආවට ගියාට කිරීමට බැහැ. එසේ වැරැදි ලෙස රචනා කළ එක්‌ සෙත් කවියක්‌ මෙසේය. මෙය ව්‍යාපාර බංකොලොත් වූවකුට ගායනා කළේ ව්‍යාපාර යථාතත්වයට පත්ව දියුණුවීම සඳහාය. එහෙත් සිදුවුණේ ඉන් අනිකකි. තිබුණු තත්ත්වයෙනුත් පහළට පත්ව දිළිඳු වීමයි. එම කවිය මෙසේය. පුබුදු ගුණැන දෙවිඳු සොබන සසුන සුරැක රැඳී යහ ගොස තරිඳු මෙතැති සැම සත වෙත මෙඔබ එසිරි ගුරු ලිඳු තොස දැනිඳු අපල ලජෙ..... ය වෙත කර තොස සිරිඳු සැපත සළසනු මැන ඔබ බුදුවේ එපිනෙන යස මෙහි අභිධානයට අයත් මුල් ඡේZ අක්‍ෂරයත් අග ලසල අක්‍ෂරයත්ය, මෙම කවිය ආරම්භ කර ඇත්තේ දේව ගණයෙනි. අභිධානයට අයත් අක්‍ෂර සංඛ්‍යාව අටකි. අභිධානය දෙපස යොදා ඇත්තේද දේව ගනය නිසා එක්‌වරම වරද නොපෙනේ. නමුත් අභිධානයේ මුල් අක්‍ෂරය ඡේ සපුනා හෙවනා හෙවත් නාග යෝනියට අයත්ය. ඊට පෙර ඇති වචනයේ (අපල) අග අකුර zලZ මුගටි හෙවත් නකුල් යෝනියට අයත්ය. මුගටි, නාග ප්‍රතිවිරුද්ධ යෝනි නිසා සෙත ලබන්නාට අනර්ථයක්‌ සිදුව ඇත. මෙහි අපල දුරකරනවා වෙනුවට අපල කරන ලෙස හැගීමක්‌ද ශබ්ද විද්‍යාවේ සඳහන්ව ඇත. එමෙන්ම තවත් වෙනත් දෝෂ දුර්වලතාවන් කිහිපයක්‌ ඇත. එනිසා ඒ හේතුවෙන් ඔහුට සැප වෙනුවට දුක හිමිකරදුන් එක්‌ කවියක්‌ බව සෙත් කවි රචකයන්ට හැෙ`ග්. එනිසා සෙත්කවිවලින් නිසිඵල හරියට සෘජුවම ලබා ගැනීමට නම් සෙත්කවිය හරියටම රචනා කර තිබිය යුතුය. රඹුක්‌කන ජිනදාස එදිරිසිංහ දිවයින

Share This Article