ගංගා ඇත්තටම යක්ෂණියක වී ලේ බොන්න ආවාද ?
ගංගා රූපයෙන් ඉතාමත් ඉහළ තරුණියකි. ගමේ තරුණයන් බොහෝ දෙනකු ගංගා ගැන බලාපොරොත්තු තබාගෙන ඇය හා කුලූපග වීමට නොගත් වෙහෙසක් නැති තරම්. හොඳින් අධ්‍යාපනය ලබා තිබූ ගංගා තමා ගැන උනන්දුවෙන් සිටි තරුණයකු වන ප්‍රියන්ත සමඟ ආදර සම්බන්ධතාවක් පටන් ගත්තාය. ප්‍රියන්ත තරමක් ඉගෙන ගත් අයෙකු වුවද ස්ථීර රැකියාවක් නොමැතිකම නිසා ගංගාගේ මවුපියෝ මෙම සම්බන්ධයට තරමක් විරුද්ධ වූහ. ඉන්පසු කෙසේ හෝ ගංගාගේ මවුපියන්ගේ කැමැත්තද රැගෙන මොවුහු විවාහ වූහ. විවාහයෙන් පසුව දෙබරවැව ප්‍රදේශයේ පිහිටි ප්‍රියන්තගේ නිවසේම නතර වීමට තීරණය කර සියලූ දෙනාගේ ආශීර්වාද මැද ඔහුන් එම නිවසේ පදිංචි වූහ. දහසක් පැතුම් සිත් තුළ දරාගෙන මොහුන් අලූත් ජීවිතයට හුරු වූහ. මෙලෙස වසර එකහමාරක් දෙකක් යන විට මොවුන්ට දරු සුරතල් බැලීමේ කාලය උදා විය. මොවුන් පිරිමි දරුවකු ලැබිණි. නමුත් මේ සෑම දෙයින්ම සතුටු වුවද ප්‍රියන්තගේ මව හා අවිවාහක අක්කා මොවුන්ගේ සතුටට බාධා කරන්නට වූහ. එන්න එන්නම ගංගාගේ ක්‍රියාකලාපය ප්‍රියන්තගේ මවට පෙනුනේ වැරැදියටමය. ප්‍රියන්තගේ අක්කාටද එලෙසය. ගංගා කෙරෙහි ඊර්ෂ්‍යාවක්ද ඇයට ඇති විය. දැන් වන විට ළමයාගේ සියලූ වැඩ මෙන්ම ප්‍රියන්තගේ ගෙදර අයගේ වැඩද සිදු කරන්නට වෙලා තිඛෙන්නේ ගංගාටය. ඒ කොපමණ ඒවා කළද අන්තිමේදී සිදුවන්නේ නැන්දම්මාගෙන් හා නෑනාගෙන් ගෝරනාඩු ඇසීමටය. දාසියක් මෙන් වැඩ කිරීමට සිදුවීමත් මොවුන්ගේ කෙනෙහිලිකම් ඉවසා සිටීමටත් බැරිම තැන මේ ගැන ප්‍රියන්තට කියන්නට ගංගා තීරණය කළාය. පුතා - මව හා සහෝදරිය අතර ගැටුමක් ඇති නොවන සේ බොහෝ සෙමින් ගංගා මේ බව ප්‍රියන්තට වටහා දුණි. නමුත් මේ ඇසූ ප්‍රියන්ත තරමක් කලබල විය. තමන්ගේ බිරිය මේ තරම් හොඳ කරලත් මව හා සහෝදරිය ඇයට මෙලෙස සිදු කිරීම ගැන මවගෙන් හා සහෝදරියගෙන් කෙළින්ම ඇසීය.
"උඹටත් එහෙනම් අපිට වඩා ගෑනි ලොකු වුණා" කියමින් මව හා සහෝදරිය ප්‍රියන්තට බැන වැදිණි. "උඹේ ගෑනිගේ වැඩ උඹ හරිහැටි දන්නේ නෑනේ, ගෙදර ඉන්න අපිනෙ ඕවා දන්නේ" කියමින් ගංගා ගැන හිතාගන්නත් බැරි බොරු ගොඩක් ප්‍රියන්තට ගොතා කීවෝය. ප්‍රියන්ත සම්පූර්ණයෙන්ම ඒවා නොපිළිගත්තද සුළු වශයෙන් ගංගා පිළිබඳ අප්‍රසාදයක් ඇති කර ගත්තේය.
ප්‍රියන්ත මේ බව මවගෙන් ඇසූ දින සිට ඔවුන්ගෙන් ගංගාට වන හිරිහැර තවත් වැඩි විය. ගංගා තව තවත් අසරණ වූවාය. මොනතරම් අසරණ වුවද මේ බවක් ගංගාගේ මවුපියන්ට කීමට නොහැකිය. මන්ද ඇයගේ මවුපියන් මේ විවාහයට එතරම් කැමැත්තක්ද දැක්වූයේ නැති හෙයිනි. ගංගාට එන්න එන්නම ජීවිතය කලකිරුණි. මේ නිසාම ළමයාගේ වැඩ පල පවා ඇයට අතපසු විය. ඇය මුහුණ කට සේදීම ලස්සනට පිරිසුදුව සිටීම පවා ප්‍රතික්ෂේප කළාය. නිතරම ජීවිතයේ ඇති නීරස පෙනෙන්නට විය. මේවා දරාගත නොහැකි තැන ඇය ජීවිතයෙන් සමුගන්නට තීරණය කළාය. එක් දිනක ඇති වූ ආරවුලක් නිසා ගංගා කෘමිනාශක බෝතලය විවෘත කර කටට හලා ගත්තාය. නිවසේ අන් අය මෙය දැනගත්තේ පැය 1/2 කට පමණ පසුවය. වහාම ත්‍රිරෝද රථයක් ගෙන්වා ගංගා රෝහල කරා ගෙන ගියෝය. වෛද්‍යවරුන් මොනතරම් උත්සාහ දැරුවද එක දිනක් රෝහලේ ගත කළ ගංගා මෙලොවින් සදහටම සමුගත්තාය. ගංගා මෙවැනි දෙයක් කරගන්නට යන බවක් කිසිවකු හීනෙකින්වත් සිතුවේ නැත . ප්‍රියන්තට මෙය දරා ගත නොහැකි තත්ත්වයක් විය. ප්‍රියන්තගේ මවට හා සහෝදරියටද මේ මරණය මහා බයක් ගෙන දෙන්නට විය. ගංගා මැරුණේ තමන් කළ වෙනස්කම් විඳ දරා ගැනීමට නොහැකිවීමෙන් බව ඔවුන්ගේ සිත්වලට වද දෙන්නට විය. මරණය පිළිබඳ ගංගාගේ මවුපියන් ප්‍රියන්තලාට චෝදනා කළ මුත් මාස කිහිපයක් යන විට ඒවා සියලූ දෙනාගේම සිත්වලින් ඉවත්ව ගියේය.
ප්‍රියන්ත දරුවාද සමඟ ගංගා හා ආදරය කළ සුන්දර කාලය මතක් කරමින් දුක්වෙමින් කාලය ගත කළහ. මෙලෙස ගත වූයේ මාස කිහිපයකි. නිවසේ තැනින් තැන අත්භූත දේවල් සිදුවෙන්නට පටන් ගත්තේය. නිවසේ තැනින් තැන අඩි ශබ්ද ඇසේ. ගංගාගේ කටහඩට සමාන කටහඩකින් උගුර පාදන හඩ ඇසේ. ප්‍රියන්තගේ අම්මා නිතර නිතර ලෙඩ වෙන්නට පටන් ගත්තේය. අමුතුම විදියේ කරදර සහිත කාලයක් උදාවිය. දිනක් රාත්‍රියේ ප්‍රියන්තගේ සහෝදරිය නිදා සිටින විට ඇයගේ කාමරයේ දොර ටිකෙන් ටික ඇරුණේය. එලෙස දොර ඇරීමත් සමඟ එම දොරෙන් පිටුපසට ගමන් කරමින් කාන්තාවක් ඇඳ අසලට පැමිණියාය. ප්‍රියන්තගේ සහෝදරිය බයේ බිරාන්ත වී එම කාන්තාව දෙස බලා සිටියාය. පිටුපසින් දකින විට ගංගාගේ හැඩ රුවට සමාන රූපයකි. ඇඳ අසලට පැමිණ එක්වරම ප්‍රියන්තගේ සහෝදරිය දෙසට හැරිණ. පිටුපසින් මනුෂ්‍ය රුවක් ලෙස පෙනුනද ඇයගේ මුහුණ මහා බියකරු යක්ෂණියකගේද මෙනි. දත් දික් වුණු ඇස් ලොකු දිව ඇදගත් කළුම කළු යක්ෂණියකි. මෙම යකින්න හැරුණු ගමන් ප්‍රියන්තගේ සහෝදරියගේ ඛෙල්ලට පැන ලේ උරා බොන්නට විය. ඇය කෑගසන්නට උත්සාහ කළද කටහඩ පිට නොවේ. මෙලෙස ලේ බී යකින්න මැය ඇඳට තල්ලූ කර දමා නැවත ඇතුළුවුණු දොරෙන්ම යන්නට ගියාය. ඒ වන විට මැයගේ ශබ්දය ඇසී ප්‍රියන්තගේ මවත් පියාත් කාමරයට දුව ආවෝය. මොකද වුණේ කියමින් අසන විට සියලූ විස්තර වෙව්ලමින් ගොතගසමින් අන් අයට කියන්න වූවාය. ගංගා යක්ෂණියක් වී පැමිණ තමන්ගේ ඇගේ ලේ උරා බිව් බව ඇය කීවාය.
"මොන විකාරද ඒ ගෑනි එච්චර පව් කරපු ගෑනියෙක් නෙවෙයි. අපි තමයි ඒකීව මරාගෙන පව් කරගත්තේ" යනුවෙන් ප්‍රියන්ත තරහෙන් කීය. නමුත් තමා දුටු දේ වෙනස් කරන්නේ කොහොමද ? ඒ විතරක් නොව ඛෙල්ලේ ඇති නියපොතු පාරවල් හොඳින් පෙනිණි. මේකි මැරිලවත් අපිට ඉන්න දෙන්නේ නෑ කියමින් ප්‍රියන්තගේ මවද දුවගේ පැත්තට එක් වූවාය. පසුදා උදේ වන විට ප්‍රියන්තගේ සහෝදරියට හොඳින් උණ ගැනී තිබිණි. බියෙන් වෙව්ලමින් විකාර කියවන්නට වූවාය. සවස් වන විට ක්‍රමයෙන් බිය අඩුවී සාමාන්‍ය තත්ත්වයට පත් විය. එදින රාත්‍රි වේලාව හරියටම 12.20 ට පමණ ඇත. ප්‍රියන්තගේ සහෝදරියගේ කාමරයේ දොර සෙමින් සෙමින් ඇරිණි. යකින්න ප්‍රියන්තගේ සහෝදරියගේ ඇඳ අසලට පැමිණියාය. පෙරෙදා මෙන්ම පැනපු ගමන් ඛෙල්ල හපා ලේ උරා බොන්නට වූවාය. ඇය කෙතරම් කෑ ගැසුවද ඇයගේ කටහඩ පිට නොවිණි. ලේ උරා බී යකින්න ඉවත්ව ගියාය. පසුව ඇගේ කෑගැසිල්ල අන් අයට ඇසිණි. එදිනද සියලූ දෙනා වටවී බැලූවද කිසිවකු සොයාගත නොහැකි විය. නමුත් එදිනද ඛෙල්ලේ නියපොතු පාරවල් පෙනෙන්නට විය. මෙයින් බේරීමට හැකියාවක් නැති බවක් පෙනේ. උදේ වන තෙක්ම කිසිවකුට නින්දක් නැත. පසුදා උදේ ඇදුරකු ගෙන්වා තෙල් සාත්තුවක් සිදු කළේය. යන්තම් යකින්නගේ බලපෑම ඉවත් විය. ගත වූයේ දින 3 කි. යළිත් යකින්න ප්‍රියන්තගේ සහෝදරිය සොයා එන්නට වූවාය.
එක්තරා දිනක ප්‍රියන්තගේ මව නිදා සිටින තැනටද යකින්න ආවාය. ඇයගේ සිරුරට පැන යකින්න ලේ බොන්නට වූවාය. ඒ සමඟම බියෙන් කෑ ගසා අවදි වේ. මව හා දුව ළඟට මාරුවෙන් මාරුවට යකින්න පැමිණ ලේ උරා බොන්නට වූවාය. ශාන්ති කර්ම, තෙල් මැතිරිලි, වින කැපිලි කොපමණ කළද යකින්න මොවුන් දෙදෙනා සොයා පැමිණේ. මේ වන විට ප්‍රියන්තගේ සහෝදරිය ඉතාමත් කෙට්ටු වී ඇත. සෑම වෙලේම බයේ බිරාන්ත වී කල් ගෙවයි. මවටද කිසිදු සහනයක් නැත. සැමදාම කුමක් හෝ රෝගයකි. බැරිම තැන ශාස්ත්‍රයක්වත් ඇසීමට මොවුන් තීරණය කර දේව වරමින් ශාස්ත්‍ර කියන කපු මහතකු සොයා ගියෝය. එම කපු මහතා මළවුන් ගෙන්වීමේ ගජ හපනෙකු ලෙස ප්‍රසිද්ධ වී ඇත. මොවුන් ගොස් එම කපු මහතා හමුවී සියලූ විස්තර පවසා ඒ ගැන ශාස්ත්‍රයක් ඇසීය. ගංගා වෛරයෙන් මියගොස් ඇති බවත් එම ශාපයෙන් ඇය යකින්නක වී ඉපදී ඇති බවත් ශාස්ත්‍රයට කියවිණි. ඇය හීනෙන් ඇවිත් ලේ බීම නිසා ප්‍රියන්තගේ සහෝදරියගේ ශරීරය එන්න එන්නම දිරාපත්වන බවත් ශාස්ත්‍රයේදී කියැවිණි. මෙය ඉවත් කිරීමට නම් විශාල වශයෙන් පුද පූජා පැවැත්විය යුතු විය. කෙසේ හෝ මින් ඉවත් විය යුතු නිසාම විශාල මුදලක් වැය කර පුද පූජා පවත්වා යකින්න එළවා දැමීය. නමුත් ගතවූයේ දින 4 කි. නැවතත් යක්ෂණිය හීනෙන් විත් ප්‍රියන්තගේ සහෝදරිය හා මව බිය වද්දන්නට වූවාය. යක්ෂණිය මොවුන් දෙදෙනාගේ ඛෙල්ල ප්‍රදේශය කටින් කඩා ලේ උරා බොන බවක් මොවුන්ට සිහිනෙන් පෙනෙන්නට විය. දින සති මාස ගණන් මෙලෙස ගත වුවද සිහිනෙන් මොවුන්ට කරන්නා වූ කරදර අඩුවක් නොවීය. මාරුවෙන් මාරුවට මවත් සහෝදරියත් යක්ෂණියගේ ග්‍රහණයට හසුවූහ. මෙලෙස කාලය ගෙවී යන අතරතුර ශාන්ති කර්ම හෝ පුදපූජා කිසිවකින් මේ යක්ෂණිය පලවා හැරීමට නොහැකි බව ප්‍රියන්තටත්, සහෝදරියට මෙන්ම මවටත් ප්‍රත්‍යක්ෂ වී තිබිණි. මේ අතරතුර විශ්වවිද්‍යාල කථීකාචාර්යවරයකු මාර්ගයෙන් මෙම තිදෙනා මනෝ චිකිත්සක වෛද්‍ය පී. එන්. විද්‍යාකුලපති මහතා වෙත යොමු කෙරිණි. පසුව ප්‍රියන්තගේ සහෝදරිය මෝහන නිද්‍රාවකට භාජන කෙරිණි. මෝහන නිද්‍රාවේදී සහෝදරිය පැවසුවේ මෙවන් කතාවකි.
"මං පිළිගන්නවා මම අපේ අම්මත් එක්ක එකතු වෙලා ගංගාට වෙනස්කම් කළා කියලා. ඒ දේවල් මං කළේ අපේ අම්මාගේ කීමට" ගංගා ජීවතුන් අතර සිටියදී මේ අම්මා හා දුව ඇයට කළා යැයි කියන වෙනස්කම් පිළිබඳ සියලූ කරුණු අනාවරණය කර ගැනීමට තරම් කුලපති මහතා සමත් විය. මවගේ කටින්ද කියැවුණේ ඒ හා සමාන දෙයකි. මෙහිදී මවගේ හා දියණියගේ ශරීරයේ ඇති වුණා යැයි කියන නියපොතු පහරවල් වැදීමට හේතු ලෙස කුලපති මහතා මෙලෙස පහදා දුණි. මේවා මොවුන්ගේ නින්දේදී තමාගේ නියපොතුවලින්ම ඇති වූ පහරවල්. නමුත් මේවා සම්බන්ධව දැනුමක් මොවුන්ට නැහැ. ගෙල ප්‍රදේශයේ ඇති වන වේදනාවත් සමඟ මොවුන්ගේ නියපොතුවල වේදනාව මොවුන්ට නොදැනී ගොස් තිඛෙනවා. ප්‍රතිකාරය අවසානයේදී නිගමනය වූයේ ගංගා ජීවතුන් අතර සිටියදී ප්‍රියන්තගේ මව හා සහෝදරිය ඇයට වෙනස්කම් කර ඇති බවත්, ගංගා හදිසියේ වස පානය කර මිය යෑමට තමන් කළා වූ වෙනස්කම් සෘජුවම බලපාන්නට ඇතැයි සහෝදරිය හා මව සිතා තිඛෙන බවත්ය. එපමණක් නොව ගංගාට සිදු කළ මේ වෙනස්කම්වලට කෙදිනක හෝ ගංගා තමන් දෙදෙනාගෙන්ම පළිගන්නා බවද මොවුන්ගේ යටි සිත තුළ තදින් කිඳා බැස තිබිණි. මෙලෙස ඇති වූ චිත්ත චෛතසිකය නිසා සිහිනෙන් මොවුන් නිතර පෙනී ඇති බවත්, මොවුන්ට කරදර කරන්නා සේ සිහිනෙන් පෙනී ඇති බවත් වෛද්‍යතුමන්ගේ නිගමනය විය.
අවසානයේ විද්‍යාකුලපති මහතා විසින් ප්‍රියන්තගේ සහෝදරිය හා මවගේ යටි සිත තුළ තැන්පත්ව තිබූ මේ සිතිවිල්ල මෝහන නිද්‍රාව තුළදීම පහකර දැමූ අතර නැවත කිසිදිනෙක ගංගාගේ මරණය පිළිබඳ මෙවන් සිතිවිල්ලක් සිතට ඇතුළු නොවන බව ප්‍රත්‍යක්ෂ කරමින් මොවුන්ගේ සිත් තුළට යෝජනාවක්ද ඇතුළු කරන්නට විය. ප්‍රතිකාරය මෙලෙස නිමවූ අතර දැනට වසර 5 ක් පමණ මේ වන විට ගතවී ඇති නමුදු කිසිදිනෙක සහෝදරිය හෝ මව හෝ ඉහත කී ආකාරයේ සිහිනයක් දැක නොමැති බව මොවුහු සාක්ෂි දරති. සියලූ නම් ගම් මනකල්පිතයි.
ඉමදුව - ටී. විතානවසම් උපුටා ගැනීම මවුබිම පුවත්පත