දස වසරකට පෙර කුරුණෑගල පළාතේ දුෂණය කර ගෙල මිරිකා ළිඳට දැමූ ඇඟලූම් සේවිකාව කවුද?
"අනේ මෑණියනි මාව මරපු එකාට කොහොම හරි දඩුවම් දෙන්න.. මම මේ දුක් විදින්නේ ඒකා හින්දා.. මෑණියන්ට බුදු බව අත්වෙයි.." 17 හැවිරිදි යුවතිය පරලව මෑණියන් ඉදිරියේ හඩා වැටෙමින් අයදින්නීය. ඇය සිටින්නේ පුදුමාකාර වේදනාවකිනි. සිදුවීම දෙස බලා සිටින ඇත්තන්ගේ පවා දෑස් කදුළින් තෙත් වී ඇත්තේ මේ යුවතිය වේදනාවෙන් අයදින අයැදීම ගැනය. ඇය කුරුණෑගල ප‍්‍රදේශයේ යුවතියක් ගැන කියයි. ඒ ආවේශව සිටින්නේ කුරුණෑගල ප‍්‍රදේශයේ දී මින් දස වසරකට ඉහත එක්තරා නරුමයකු දුෂණය කර ගෙල මිරිකා ළිදකට දමා මරා දැමූ අහිංසක ඇගලූම් සේවිකාවගේ ආත්මය අයදින්නේ ඇයට මේ අපරාධය කළ අපරාධකරුට දඩුවම් කරන ලෙසය. ඔබ ඔහු දන්නවාද? අපිට ඇයට පිහිට විය හැකිද. ඒ මිය ගිය අද මළ පෙරේතයෙක්ව සිටින ඇයට පිහිට වන්නේ කෙසේද? අපි දැන් අනුරුද්ධ බණ්ඩාර මෑණියන් වෙතට හැරෙමු.
"කොහොමද උඹ මැරුනේ?" මෑණියන් ඇසුවේය.
"මාව ඒකා දුෂණය කළා.."
"ඊට පස්සේ.."
"ඊට පස්සේ බෙල්ල මිරිකලා ළිඳකට දැම්මා.." ඇය හඩමින් කීවාය.
"කෝ දැන් ඌ... "
"ඒකා ඔය අගේට ඉන්නේ..." බොහොම දුකින් කියන්නීය.
"නීතියෙන් ඒකාට දඩුවම් ලැබුණේ නැද්ද...? "
"නැහැ මෑණියනි.." ඇය කෙදිරි ගායි.
මේ කතා පෙළ හිතලූවක්යැයි ඔබට එක්වරම සිතෙන්නට පුළුවන. නැතහොත් පොලිස් අත්අඩංගුවට පත්වුණ අයකු විසින් කරනු ලබන පාපෝච්චාරණයක් දැයි දැනෙන්නට ඉඩහසර ඇත. නැත ඒ සිතුවිලි දෙකම වැරදිය. අද මා ඔබට තවත් එක් සත්‍ය කතාවක් තුළින් ලියන්නේ භද්‍ර යෞවනියකට අත්වුණ ශෝචනීය ඉරණමක් පිළිබඳව මෙන්ම ඇය ඒ දුකින් මුදවා ගත් ආකාරයවේ.
ඓතිහාසික ඇතුගල් පුරවරයේ ඒ මහා ඇතුගල පෙනෙන මානයේ ජීවත් වූ නන්දසේන අතිනත ගත්තේ මධුවන්තී සමගය. දින සති හිරු සදු මාරුකරන විට මේ කැදැල්ලට කිරි සුවඳ රැගෙන ආවේ වසර දෙකකකින් අනතුරුවය. ඒ සිගිත්තිය වූයේ අද අපේ කතිකාවතේ නායිකාව වන විශාඛාය. ඇය පාසල් ගියේද කුරුණෑගල ප‍්‍රදේශයේම පිහිටි ප‍්‍රධාන විද්‍යාලයකටය. විෂයය කටයුතුවලට මෙන්ම ඇය බාහිර ක‍්‍රියාකාරකම්වලටද උපන් හපන්කම් ඇත්තියක් වීම දෙමාපියන්ට මෙන්ම ගුරුභවතුන්ටද සොම්නස දායාද කරවීය. "විශාඛා දක්ෂ ළමයා ඕනම වගකීමක් බයක් නැතිව බාර දෙන්න පුළුවන් අපටත් ලොකු හයියක් මේ වගේ ළමයෙක් පන්තියේ ඉන්න එක" යැයි ගුරුවරුන් ඇය පිළිබඳව ඇගේ දෙමාපියන්ට පැවසූ වාර අනන්තය. අපේ සොදුරු කැදැල්ලට නිරන්තරයෙන්ම වාසනාව රැගෙන එන්නේ කට ඇති පුතුත් රුව ඇති දියණියත්ය. ඒ වාසනා ගුණය විශාඛාට උපතින්ම හිමි විය. ඒ නිසාම ඇයට පවුලේ උදවිය මෙන්ම අසල්වාසීන්ද ආදරයට ඇමතුවේ සුද්දී යන සුරතල් නාමයෙනි.
සුද්දී සුදුය. රූමත් බවින් අගතැන්ය. ඒ නාමය ඇයට මෙන්ම නමටද ගැළපේ. සාමාන්‍ය පෙළින් අනතුරුව උසස් පෙළ පන්තියට ඇය ඇතුළත් වූයේ තව දුරටත් අධ්‍යාපන කටයුතුවල නිරත වී අනාගතය පැහැබර කර ගන්නටය. එහෙත් විශාඛාට විශ්ව විද්‍යාලයට යන්නට වරම් අහිමි වූයේ කඩඉම් ලකුණු කීපයක් ලබා ගැනීමට නොහැකි වූවෙනි. ඇය නිවසට වී කාලය ගත කරන්නට කිසිවිටකත් අකැමැතිය. ඒ නිසාම ඇය ඇගළුම් කර්මාන්ත ආයතනයක සේවය සඳහා පිටත් වූයේද අම්මාගේත් තාත්තාගෙත් ආශීර්වාදය ඇතිවය. "කමක් නැහැ සුද්දිගේ කැමැත්තනේ.. ඔහේ ගියදෙන්. බැරිනම් නතර වෙයිනේ.. ටික දිනකින්ම විශාඛාට යහළු යෙහෙළියන් රාශියක්ම හදුනා ගැනීමට හැකිවිය. තේ බොන වෙලාවේත් කෑම පැයේදීත් විශාඛා ඔවුන් මග සතුට සයුරක පිහිනීය. "ඈ බං විසා උඹට තාම බෝයි කෙනෙක් එහෙම නැද්ද?" යැයි මිතුරියන් විමසන විට ඇය ලැජ්ජාවෙන් බිම බලා ගත්තාය. "හරි හරි අපි දන්නවා උපාසක බළල්ලූ ගැන... නටන්නේ එළියෙනේ ඇතුළෙ වෙස්බැන්දට.. කමක් නැහැ කමක් නැහැ" යෙහෙළියන් කීහ. මෙසේ මාස කිපයක් ඇය පැමිණ ගත වූ අතර එක් දිනක ඇය තනියම කතා කරන්නට විය. මෙය දුටු යෙහෙළියන් ඇයට විහිළු කරන්නට වූහ. "ඇයි? බං විසා.. උඹ තනියෙන් කියවන්නේ... උඹේ සර්කිට් අප්සට් ගිහිල්ලද?" යැයි කියා මිතුරියන් පවසන විට ඇය බලාගත් අත බලාගෙන සිටින්නට විය. මේ සිදුවීම එන්න එන්නම විශාඛාගේ වැඩිවිය. දෙමාපියන්ට මෙන්ම මිතුරියන්ටද කිසිවක් සිතා ගැනීමට නොහැකි විය. තවත් දිනක ඇය සිහිමූර්ජා වී බිම ඇද වැටිණ. "ඕකි ඔය වැඩ කරන්න වෙනවට අද බොරු කලන්තේ අල්ලලා වැටෙන්න ඇත්තේ.." තැන් තැන්වල සමහර කතුන් වැඩ කරන අතරේ කතිකාවන්නටද ඇයව ලක් කර ගත්හ. ඇය එදින රෝහල් ගත කෙරිණ.. කළ යුතු පරික්ෂාවන් කළ වෛද්‍යවරු ප‍්‍රකාශ කළේ ඇයට කිසිදු රෝගී තත්ත්වයක් නොමැති බවත් ඇයට ඇත්තේ මානසික රෝගයක් බවත්ය. ඇය එම ප‍්‍රතිකාර සදහා ද දක්ෂ මනෝ වෛද්‍යවරුන් ළඟටද යොමු කරවීය. එහෙත් කිසිදු සුවයක් නොමැති වූ අතර රෝගී බව තව තවත් වැඩි විය. වෙදකමින් සුව නොලද තැන ඇයට හෙදකමේ සරණ සොයා යන්නට දෙමාපියන් ඥාතීන් තීරණය කිරීමෙන් පසු තොවිල්පවිල්වලින් අඩුවක් නන්දසේනගේ නිවසේ විශාඛා වෙනුවෙන් නොවීය.
"අන්න නන්දයාගේ කෙල්ලට හොදටම පිස්සු තද වෙලාලූ.. ඊයෙත් ලොකු තොවිලයක් කරලා.. ඒත් හොද වෙලා නැහැ.." ගමේ හැමදෙනා තැන තැන පවසන්නට වූ කයි කතන්දරවලින් අඩුවක්ද නොවීය. අවසනදී අප ආරාමය පිළිබඳව තතු දැන සෙනසුරාදා මෑණියන් හමුවට පැමිණියේ විශාඛාගේ දෙමාපියනුත් සමගමය. ආරාමයට පැමිණි මොහොතේ සිට විශාඛා අන්දමන්ද වූ ලොවක තනි වූ ආකාරයෙන් හැසිරෙන්නට වූ අතරම ආරාමයේ සිටි බොහෝ දෙනකුටම අමුතු ආකාරයේ දසුන් මවන්නක් විය. පූජාව පවත්වන හෝරාව උදා වූයෙන් සියලූ දෙනාම මෑණියන් සමග ඒ සඳහා යොමු විය. විශාඛා ඇතුළු සියලූ දෙනා ද ඊට සම්බන්ධ විය. අනතුරුව විශාඛාගේ වාරය පැමිණි කළ මෑණියන් ඉදිරියට ඇය පැමිණියා පමණි ඇය ගැහෙන්නට විය. මොකද මේ දරුවා ගැහෙන්නේ? ඒත් ඇය නිහඬය. ඉන්පසු මෑණියන්ගේ දකුණත ඇගේ හිස මත තැබුවා පමණි. ඇය ක්ෂණයකින් ප‍්‍රලය විය.
"දැන් ඉතින් කතා කරපන්. කවුද මේ ඉන්න දෙන්නා?" යනුවෙන් මෑණියන් විමසන්නට විය.
"මම... මම මේකිගේ ආච්චි...."
"එතකොට උඹ කවුද?"
"මම සමදරා සමදරා...."
"සමදරා කිව්වේ?"
"මම තමයි අර අරූ මාව දුෂණය කරලා මැරුවේ. ආන් එයා මම."
"ඇයි මේ දරුවා ළඟට ආවේ?"
"මේකිත් මං වගේම ලස්සනයි. මම ඉතින් ආවා. මේකිත් අරන් මම යනවා."
"ආ හිටපන් උඹලා දෙන්නටම මේ දරුවා අරන් යන්න. උඹලට මම පින් දෙන්නම් වෙන කන්න බොන්න ඕන දේවල් කියපල්ලා ඒවත් දෙන්නම්.."
"මට ඕනෑ කිරිපැණි කොමඩු මට බත් ඕනෑ බුලත් විට ඕනැ.... ඒවා දුන්නොත් අරන් යනවා....."
"හරි මම ඒවා මේ දරුවන්ට කියලා හදලා දෙන්නම් ළගදීම දවසක උඹලා යන්න ඕනෑ කලා බීලා....” විශාඛාගේ අම්මාත් තාත්තාත් ළඟට කැඳවූ මෑණියන් මේ ආත්ම දෙක ඉවත් කිරීම සදහා දිනයක් නියම කරවූ අතර එදිනට ඔවුන් සියලූ දෙනාටම පැමිණෙන්න ඇරයුම් කරමින් විශාඛාට ඇප නූලක් දමා නැවත ප‍්‍රකෘති සිහිය ලබා දෙන ලදී. සමන්ත මල්ලී ඔන්න හොද සෙල්ලමක් ලබන සෙනසුරාදා තියෙනවා. අනිවාර්යෙන්ම එන්න. එදවස උදාවිය. වේලාව සවස පහ පසුවිය. බුදුන් උදෙසා පූජාව ඇරඹී අවසන් වූවා පමණි. විශාඛාගේ වාරය පැමිණ මෑණියන් ඇයගේ හිසට අත තැබුවා පමණි. ඇය යළි ප‍්‍රලය වන්නට විය.
"ආ මේ කවුද ඉන්නේ?"
"මම... මම.... සමදරා.."
"ආ සමදරාද...... කොහොමද උඹ මැරූවේ?"
"අනේ මෑණියනි මාව මැරුවේ අරූ. මාව දුෂණය කරලා බෙල්ල මිරිකාලා ළිඳට දැම්මා... අනේ හාමුදුරුවනේ ඌට දඩුවම් දෙන්න. ඒකා හින්දා තමයි මම මේ දුක් විදින්නේ..."
"මම උඹට හොද ආත්මේකට යන්න පින් දෙන්නම්. අන්න එදා ඉල්ලපු කෑමබීම ගෙනල්ලා තියෙනවා. දැන් කාපන්." මේ වන විට සමදරාගේ ආත්මය විශාඛාට ආරූඪ වී ඇති අතර මෑණියන් පළමුව එම ආත්මය සමග කතිකා කර කෑමබීම ලබාදීමෙන් අනතුරුව සමදරාගේ ආත්මයෙන් බොහෝ කරුණු කරණා ලබා ගත් අතර තවමත් ඇයව දූෂණය කළ අය නීතියෙන් බේරී සිටින බවත් ඔහු කවුරුන්ද යන්න පවා හෙළි කළ අතර එම තොරතුරු නීතිමය ගැටලූ මත ඉදිරිපත් නොකරන්නට වගකිව යුතු පුවත්පතක් වශයෙන් අප වගබලා ගත් අතර ඉන්පසු එම ආත්මය විශාඛාගෙන් පිරිත් නූලක් දමා ඉවත් කරන ලද අතර විශාඛාට පියවි සිහිය ලැබිණ. ඇය නීරෝගිව මේ වනවිට සතුටින් සිටින්නේය. විශාඛාගේ ශරීරයෙන් ආච්චිගේ ආත්මය ඉවත් කළ අන්දම ලබන කලාපයෙන්.... නම් ගම් පමණක් මනඃකල්පිතයි!
ශාස්ත‍්‍රපති හපුගම්මන සමන්ත රණසිංහ
උපුටා ගැනීම රිවිර පුවත්පත