ඬේසිව හැර එළොව ගිය සැමියා ඬේසිට දැන් පෙම් කරන්න පටන් අරන්
මෙම කතා ප‍්‍රවෘත්ති ලියනු ලබන්නේ මෙම මෑණියන් නමින් අමතන මහත්මා විසින් මෙම ආතුරයන් අමතන හා ඒ ඒ අය දෙන උත්තර ඒ ආකාරයෙන්ම ලියන නිසා යම් ග‍්‍රාම්‍ය බවක් දැනෙනන්ට පුළුවන. කෙසේ වුවත් මෙම සත්‍ය කතා පුවත්වලට මේ නිසා යම් වෙනසක් වන්නේ නැත. ඬේසි සුවපත් කළ අන්දම මා ඔබට පසු ගිය වතාවෙත් පෙන්වා දුන් අතර ඬේසිගේ ස්වාමියා වන ආනල්ඞ්ට අත් වූ ඉරණම කුමක්ද විමසීම වැදගත් වනුයේ බුදුන් අබියස එදා ඔහු දිව්රන ලද ආකාරයටයි.
පසු ගිය කතාවේ පළවු සිද්ධිය පිළිබඳ මෙනෙහි කිරීමේදී ඬේසිගේ මියගිය අම්මා ඇයට බැල්ම හෙලා තම දියණිය බේරා ගන්නට උත්සාහ කළ අතර එයට මූලික වස්තු බීජ දමන ලද්දේද ආනල්ඞ් විසින්ය. ආනල්ඞ් දකින දකින මල්වල වසා රොන් සුනු උරන්නට ආසාවක් මෙන්ම රුචියක් දක්වන අනංග මනාලයෙකි. ඇහැට කනට පේන්න සිටින අඟනක් දුටු විට ආනල්ඞ්ගේ දැහැන් ඔහු නොදැනුවත්වම සිඳ බිඳ දා ගෙන තහනම් ගසේ ගෙඩි කාටත් හොරා කඩා කන්නට සමත් කමක් ඔහු ජන්මයෙන්ම ලබා ඇත. එය මෙලොව ජිවත්ව සිටින ඬේසිට නොවැටහුන අතර වෙනත් ලොවක සිටින ඬේසිගේ අම්මා හොඳින් දැක ඇත. ඒ නිසාම තම දියණියට වන අනාගත විපත්තිය දැක තම සුජාත දියණිය මෙලොව තනි කර තබනවාට වඩා තමා සිටින ලොවට ඇයද රැගෙන යාමට අම්මා සිතන්නට ඇත. ආදරය සෙනෙහස මෙන්ම දාරක පේ‍්‍රමය තුළින් මතු වු ඒ ඇල්ම ඇය පරලොව ගොසින් වුවද අංශූ මාත‍්‍රයකින් වත් අඩු වී නොමැත. මේ අයුරින් සංසාර ගමන තුළ මළ පෙරේත ආත්ම මෙන්ම භුතාත්ම හොඳට සිටියත් නරකට සිටියත් අවසනදී අත්වන්නේ අයහපතය. එය බොහෝ දෙනා නොසිතන පැති කඩකි.
ඬේසිට වැලදී ඇති රෝගී තත්ත්වයන්ගෙන් ඇය නිදහස් කිරීමට මෙන්ම ඇයට හෙලන බැල්ම මෙන්ම වින කිරීම නවතාලන්නට ඇයගේ අම්මා පොරොන්දු කරවා ගත්තේ අප මෑණියන් ආනල්ඞ් බුදු කුටිය තුළ දිවුරා ලීමෙනි. එදායින් පසුව ඬේසිට කිසිම රෝගී තත්ත්වයක් ඇති නොවීය. ඬේසි ආනල්ඞ්ට නිතර නිතර ආදරයෙන් සෙනෙහසින් පැවසුවේ පෙර පුරුදු අත් හැර තමා මෙන්ම දරුවන් සමඟ හොඳින් ජීවත්වන ලෙසය. ඇයගේ මෙම වදන් වම් කණින් අසා දකුණුනින් බැහැර කර අමතක කර දමන්නට ඔහු ඬේසිට හොරා කටයුතු කළේය. ආනල්ඞ්ට ටික දිනක සිට කළේ පැන් නැවුම් බවක් ඇති නොවීය. ඔහු යළිදු පෙර දින චර්යාව මෙන්ම ස්ත‍්‍රීධූර්ත භාවයට ඇදෙන්නට වුයේ පහන් එළියට ඇදෙන පළඟැටියෙකුසේය. තටු ගසා ඒ පහන් වටාවට රැඟුමන් දක්වන්නට වූයේ පෙර සියලූ දැ අමතක කර දමාය. තම පෙම්බර බිරිඳට මුසා බස් පවසමින් ඔහු තම රැඟුමන් සිත් සේ රඟ දක්වන්නට විය. එහෙත් ඔහු නොදන්නා කරුණක් යථාර්ථයේ සැඟව ඇති බව ඔහු කිසිවිටකත් සිතුවේද නැත. එසේ සිතන්නට ඔහුට කිසිදු අවශ්‍යතාවක් ඇත්තේද නැත. දැන් දැන් ඔහු දෙවියන් මෙන්ම බුදුන්ද අමතක කර දමා පැණි කන්නට විය. බුදුන් ඉදිරියේ දෙඅත් තබා දිවුරා සපත කළ ආනල්ඞ්ද මේ සිටින්නේ වරක ඔබට සිතෙනු ඇත.
මිනිස් සිත් සන්තානයේ සැඟව ඇති ගූඪ චෛතසික ධර්මතාවන් කුමන මොහොතක මතුවේදෝ යැයි කෙනෙකුට කිසිසේත්ම පවසන්නට හෝ සිතන්නට කිසිදු ඉඩක් නොතබා හිටිවනම ඒවා මතු වී මිනිසුන් නොමිනිසුන් වී මොහොතින් තිරිසනෙකු බවට පත්වන්නේ ඒ නිසාවෙනි. ඒ ඉරණමට ඔහුද දිනෙන් දින ළඟාවන බව ආනල්ඞ් කිසිවිටක සිතුවේද නැත. තව තවත් රාගයෙන් අන්ද වී ඔහු යා යුතු මාවත වරද්දවා ගත්තේය. තුන් වන සික පදය අමු අමුවේ කඩා දමන්නට ඔහු පෙළඹිණි. දිනෙන් දින ඔහු සුරාමේරයද තම තොල් පෙති මත තබන්නට විය. දින සති මාස ගෙවෙද්දී ඬේසි සමඟ අක්‍ෂ දබරද සුළු වශයෙන් ආරම්භ වී මොහොතින් ඒවාද දිග්ගැස්සෙන්නටද විය. ආනල්ඞ් කාටත් හොරා එක් දිනක සිහි විකල්ලෙන් මෙන් වස පානය කළේය. අසල්වාසීන් ඔහු කුදලාගෙන රෝහලට රැගෙන ගියද ඔහු ඒවනවිටත් සිටියේ මිය ගොසිනි. ආනල්ඞ් නිවසට වස රැගෙන ඒමවත් කිසිවෙකුත් නොම දැන සිටියාය. කිසිවක් කතා නොකරම ඔහු යළි නොඑනා ගමන් ගියේය.
ඬේසි සමඟ දරුවන් තනිවිය. ඉන් පසු පවුලේ බර කරට ගන්නට සිදු වුයේ ඇයටය. කෙසේ හෝ තම දරුවන් සමඟ ජීවන සයුර තරණය කරන්නට සිතා ගත් ඇය එන ඕනෑම රළ කට මුහුණ දෙන්නට පන්නරය ලැබීය. මම මගේ දරුවන් සමඟ පුළුවන් විදිහට ජීවත් වෙනවා”යි යැයි ඇය උදේ සවස කල්පනා කළාය. ජීවන බර කරටගත් ඇය එය බොහෝදුර ඔසවා ගෙන යන්නට වෙර වෑයම් යෙදුවාය. දරුවන් දෙදෙනා ටිකෙන් ටික ලොකු මහත්වන අතර ඇයගේ අප‍්‍රතිහත ධෛර්යය නොවන්නට ඔවුන්ද ඇයට අවනතව කීකරුව සමාජගත වන්නට විය. මෙසේ අම්මා සමඟ සතුට සෙනෙහස දෝරේ ගලාන නිවස තුළ ජිවත් වන ඔවුනට කිසිවකින් අඩුවක් නොවූයේ නෑදැ හිත මිතුරන්ද ඕනෑ එපාකම් නිසිකලට සොයා බලා ඉටු කළ නිසාම වේ.
”දැන්නම් ඔන්න අර කරුමක්කාරයා නැතුවාට පස්සේ ඬේසි ළමයි දෙන්නත් එක්ක දෙයියනේ කියලා ජීවත් වෙනවා.. අරූ ඉන්න කම් කළේ ඉතින් අර වැඩ නෙමේනෙ..” යැයි ගමේ සමහරක් පැවසූ වාර අනන්තය. එහෙත් ඔවුන් ඉවසා සිටියේ මොනවරද කළත් ඒ අපේ තාත්තා යන සිතුවිල්ල හද තුළ කාටත් හොරා සඟවාගෙනය. මෙසේ වසර කිහිපයක් ගත වන විට නොසිතු අන්දමින් ඬේසි අසනීප වන්නට විය. පපුවේ වේදනාව මෙන්ම කොන්දේ රුදාවද එක්වරම සැදුන අතර වෛද්‍ය වරුන් හමු වී ප‍්‍රතිකාර කළ වාර ද අනන්තය. එහෙත් ඒවායින් කිසිදු ගුණයක් නොවූ කළ හෙළ වෙද කම දෙසද විමසිලිමත් වී එයින්ද ප‍්‍රතිකාර ලබා ගන්නට විය. මේ කාලය තුළ ඬේසිගේ සිතට ආනල්ඞ්ගේ යම් යම් ක‍්‍රියා කළාපයන් මතකයට නැගෙන්නට වූ අතර සමහර දිනවල රාත‍්‍රී කාලයේදි ඔහුගේ රුව නිදියහන තූළින් ඇය දකින්නටද විය. රෝගී තත්ත්වයද සුව නොවී දරුණු වන්නට විය. ඬේසිගේ පවුලේ උදවියට යළිත් වතාවක් අප ආරාමයේ මෑණියන් සිහිපත් වී පැමිණෙන්නට වූයේ හද තුළ සැක සංකාවන්ද සඟවාගෙනය. මෑණියන්ගේ ආරාමයට පැමිණි සියලූදෙනා ආගමික වතාවත්වල නිරත වෙමින් සුපුරුදු පරිද තම වාරය පැමිණෙන තෙක් බලාසිටිය අතර ඬේසිලාට ආරාමය නොපුරුදු තැනක්ද නොවීය. තම වාරය පැමිණීමෙන් අනතුරුව ඬේසි මෑණියන් ඉදිරියේ දන නමා නමස් කාර කර බුදුන් වැන්දා පමණ’. ඇය යළිත් ප‍්‍රලය වන්නට විය.
"ආ.. මේ සැරේ කවුද මේ ඇවිල්ලා ඉන්නේ?"
"මම අරයා"
"අරයා මෙයා කිය කියා ඉන්නේ නැතුව කවුද කියලා කිව්වා නම් තමයි හොඳ.. මට තව පිහිට වෙන්න අය ඉන්නවා.. කවුද කියපන්මේ ඉක්මනට."
"මම මම මෑණියනි ආනල්ඞ්"
"ආ ඔය ඇවිල්ලා ඉන්නේ යස අගේට මම කිව්වා නේද එදා බුදුන් ඉදිරියේ බොරුවට දිව්රන කොට උඹට මතකද ඒවා."
"අනේ ඔව් මෑණියනි මම ඒවා එදා ගණන් ගත්තේ නැහැ.. මම බොරුවට දිව්රුවේ."
"ඉතින් උඔ මැරුනේ කොහොමද?"
"මම වහ බිව්වා මම ඒවා කොහොම ගෙනාවද කියලාවත් මතක නැහැ.. එක පාරටම බී ගෙන බී ගෙන ගියා.. මම ඉස්පිරිතාලෙට ගෙනියන කොටත් පණ ගිහින්.. හැබැයි මැරෙන මොහොතේ මට මේකි මතක් වුණා.. මොකද මම මේකිට බොරු කළා ද්‍රෝහි වුණා.. ඒවා තමයි මට මේ පල දුන්නේ. මලරේතයෙක් වුණේ. ඒ පව් මට ගෙවා ගන්න අමාරුයි මම මේකිට ආදරෙයි. මේකිත් එහාට ගෙනිහින් මේකි එක්ක වත් ජීවත් වෙන්න තමයි කල්පනාව.. ඒකයි මේකිට මේ ලෙඩ කරලා අර ගෙන යන්න හදන්නේ. අනේ හාමුදුරුවනේ මට ඒකට ඉඩ දෙන්න."
"ජීවත්ව ඉන්න කම් පව් කරලා කරලා මලපෙරේතයෝ වෙලත් තවත් පව් පොදි බඳිනවා ඉන්න අයටත් කරදර කරකර උඹට හොඳ ලෝකයකට එන්න අපි පින් දෙන්නම් උඹ කැමතිද මේ පෙරේත ආත්මයෙන් අත් මිදෙන්න."
"අනේ හාමුදුරුවෝ කියනවා නම් මම කැමතියි."
"එදා මෙතන බොරුවට දිව්රලා ගිහිල්ලා අර ගෑණු ආයේ ඇසුරු කළා නේද?"
"ඕව් හාමුදුරුවනේ... මට උන් නැතුව ඉන්න බැරිව ගියා..මම මහා පව් කාරයෙක් මම මේකිට ආදරෙයි."
"ඉන්නකම් උඹ මේකිට ද්‍රෝහිකම් කරලා දැන් තමයි ආදරය කරන්න පටන් ගන්නේ අනේ උඹලා වගේ මළ පෙරේතයෝ.. උඹ මෙතන නලවා නලවා ඉන්න මට බෑ අර පේනවා නේ තියෙන දේ. දැන් මේ පරාණෙන් අයින් උනේ නැත්තම් ඒකෙන් හම්බ වෙයි.. තේරුණා ද හා දැන් අයින් වෙනවා කියලා බුදුන් ඉදිරියේ දිව්රපන් හැබැයි බොරුවට බැහැ දන්නවානේ උඹ බොරුවට දිව්රලා කර ගත්ත විපත්තිය.."
"අනේ මම යනවා හාමුදුරුවනේ මට පින් දෙන්න පිරිතක් කියලා.. මම දැන් යනවා මට මේකිත් එපා ඬේසියේ උඹ හොදින් ජීවත්වෙයන් මම තරහ නැහැ මට සමාවෙයන් උඹට කරදර කරලා ලෙඩ කලාට මම ඒ ලෙඩ සේරම අරන් දැන් යනවා..”"
මෙතෙක් වෙලා ප‍්‍රලය වී සිටි ඬේසිට පිරිත් පැන් ඉසීමෙන් අනතුරුව පියවි සිහිය ලද අතර පිරිත් පැන් පානයෙන් අනතුරුව ඇය ගේ ගෙලට මෑණියන් විසින් පිරිත් නූලක් දැමීමෙන් පසුව ඇයගේ ශරීරයේ ඇතිවී තිබුණ රෝගී භාවය පහව ගිය අතර ඬේසි ඇතුළු පවුලේ සැම සතුටින් ජීවත්වේ. නම් ගම් පමණක් මනඃකල්පිතයි!
ශාස්ත‍්‍රපති හපුගම්මන සමන්ත රණසිංහ
උපුටා ගැනීම රිවිර.