ටෙලි නාට්‍ය බලන්න පුරුදුවූ ප්‍රේත ආත්මයක්
ඒ ගෙදර ප‍්‍රධානියා උගත්, ධනවත්, සමාජයේ පිළිගත් කෙනෙකි. එහෙත් මරණාසන්න මොහොතේ ගේ දොරට ආසාවෙන් මළ නිසා එහිම පේ‍්‍රතයෙකුව උපන්නේය. නිවෙසේ සද්ද බද්ද, ලෙඩ දුක්, කරදර එළැඹි බැවින් ඔහුගේ බිරිය හා දරුවෝ ආධ්‍යාත්මීය ප‍්‍රතිකාර පතා පැමිණියහ. නිවෙස තුළ යමකු ගමන් කරන ඡායාවක්, දුර්ගන්ධයක් පවතින බව ඔවුහු පැවැසූහ. විශේෂයෙන්ම එක්තරා ජනප‍්‍රිය රූපවාහිනි ටෙලිනාට්‍යයක් විකාශනය වන කාල පරිච්ෙඡ්දය තුළ නිවෙසේ සාලයෙන් දුර්ගන්ධය පැතිරෙන බවත්, මියගිය පියා ජීවත්ව සිටියදී හිඳගත් පැද්දෙන පුටුව ඒ කාලය තුළ සෙලවෙන බවත්, පැද්දෙන බවත් පැවැසූහ. ඒ ජීවත්ව සිටියදී එම ටෙලිනාට්‍යය නොබලාම බැරි තත්ත්වයට පියා ඇබ්බැහි වී සිටිය නිසාය. පේ‍්‍රතයකු වී උපත ලැබුවත් ඔහු ඒ වේලාවට එම ටෙලිනාට්‍ය නරඹන බව පැහැදිලි වේ. පාප මිත‍්‍ර සේවනය, ආහාර පාන, ඇඳුම් පැලඳුම්, සුරාපානය ආදී ආශ‍්‍රිත හා පරිභෝජනයන් කෙරෙහි දැඩි සේ ඇලීම (උපාදානය) දුගතිගාමීවීමට හේතුවක් වන බවටත් මෙන්ම සීමාව ඉක්මවා රූපවාහිනියට ඇබ්බැහිවීම ද දුගතිගාමී වීමට හේතුවක් වන බවටත් තවත් කතාවකි මේ.
නිලන්ති ගම්පහ ප‍්‍රදේශයේ පදිංචි තිස්පස් හැවිරිදි අවිවාහක තරුණියකි. මේ පවුලේ සහෝදර පිරිස හය දෙනෙකි. එයින් හතර දෙනෙක්ම කාන්තාවෝය. දැඩි ඇගපත වේදනාව මාසික අපිරිසුදු රුධිරය පිටනොවීම, හිටි හැටියේ සිහිසුන්ව වැටීම, ශරීර කෙට්ටු වීම, ආහාරවලට වැලි මිශ‍්‍රවීම, ඡායාවක් නිවෙසේ එහා මෙහා ගමන් කරනු දැනීම මේ නිවෙසේ අයට පැවැති දුක් කරදරය. විවිධ පිළිවෙත් කළත් සුවයක් සහනයක් නොලැබූ බැවින් ‘‘මව්බිම’’ පත‍්‍රයේ පළවන ‘‘මළවුන්ගේ හෝරාව’’ විශේෂාංගයේ සඳහන් ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා නිලන්ති සිය සහෝදරියත් සමග ගියාය. ආධ්‍යාත්මීය උපදේශක කසුන් නාගොඩවිතාන මහතා ඉදිරියේදී නිලන්ති ප‍්‍රලය වී කෑ ගසා හඬා වැළපෙන්නට වූවාය. දින විසි එකක් ගමේ පන්සලේ බෝධි පූජා පවත්වා නැවැත පැමිණෙන ලෙස ඔවුන්ට උපදෙස් ලැබුණි. ඊළග දිනයේද නිලන්ති දිෂ්ටි ගැන්වූ විට "මට ඕනෑ දේ දීපල්ලා. මම ඉල්ලන දේ දීපල්ලා, එතකොට මම යන්නං" යැයි භූතාත්මය කීවේය. නැවැතත් දින හතක් බෝධි පූජා පවත්වා එන්නැයි උපදෙස් දුන්නේය. තුන්වැනි දිනයේ පවුලේ සහෝදර පිරිස හය දෙනාම පැමිණියහ. එදිනද නිලන්ති දිෂ්ටි ගැන්වූ විට අවදි වූ භූතාත්මය කතා කරන්නට පටන් ගත් අතර නාගොඩවිතාන මහතා ප‍්‍රශ්න කළේය.
‘‘කවුද මේ ශරීරයට රිංගා ගෙන ඉන්නේ?’’
‘‘මම පියසීලි’’
‘‘කවුද පියසීලි කියන්නේ?’’
‘‘මේ ළමයින්ගෙ පුංචි අම්මා’’
‘‘ඇයි මේ ළමයින්ට කරදර කරන්නේ?’’
‘‘මම කරදර කරන්නෙ නෑ. මේ මගේ අක්කගෙ දරුවෝ. මේ දරුවන් පොඩි කාලෙම අම්මා තාත්තා දෙන්නා නැතිවුණා. මමයි මේ දරුවන් හදා වඩා ගත්තේ. මගේ ජීවිතයම මේ අයටයි කැප කළේ. මම විවාහ වුණෙත් නෑ මේ අය නිසා.’’
‘‘තමුන් රස්සාවක් කළාද?’’
‘‘ඔව් මම නර්ස් කෙනෙක්. ඒ රස්සාවෙන් තමයි මේ හය දෙනාම නඩත්තු කළේ.’’
‘‘ඉතින් පියසීලිට මොකද වුණේ?’’
‘‘මම හිටි හැටියේ අසනීප වුණා. අන්තිමේ නැගිට ගන්න බැරුව ඇඳටම වැටුණා. මේ දරුවෝ තමයි මට සාත්තු සප්පායම් කළේ. කොයි තරම් සාත්තු සප්පායම් කළත් මගේ ආසාවට මුන් මම ඉල්ලන දේ දුන්නේ නෑ. ඒක නිසා මේ කෙල්ලන්ගෙ ලේ උරා බොන්න සිද්ධ වුණා.’’
‘‘ඉතින් ඒක හොඳ වැඩක්ද?’’
‘‘හොඳ නැති බව දන්නවා. ඒත් මමත් ජීවත්වෙන්න ඕනෑ. මම ආහාරයට ගන්නේ මේ කෙල්ලන්ගේ මාසික අපිරිසුදු ලේ.’’
‘‘ඉතින් තමුන් මොනවද මේ අයගෙන් ඉල්ලන්නේ?’’
‘‘මට ඕනෑ අමු මස්, ලේත් එක්ක අමුමස්. ඒවා නුදුන් නිසා තමයි මෙහෙම කරන්න සිද්ධ වුණේ.’’ තවත් දින දහහතරක් බෝධි පූජා පවත්වා නැවැත එන්නැයි නියම කළේය. ඉන් පසුව පැමිණි දිනයේද නිලන්තිට පුංචි අම්මාගේ ආත්මය ආවේශ විය.
‘‘දැන් කොහොමද පියසීලී. මේ අයව අතහැර යන්න කැමැතිද?’’
‘‘බෑ.... බෑ..... මං ඉල්ලන දේ මට දුන්නේ නෑ.’’
‘‘ඉස්සරත් පියසීලී මස්, මාළුවලට කෑදරද?’’
‘‘නෑ නෑ මම ඉස්සර මස්, මාළු කෑවෙ නෑ’’
‘‘එහෙනම් දැන් මොකද?’’
‘‘මහත්තයා මම අසනීප වුණාම දොස්තර මහත්වරු මට මස්, මාළු කන්න කීවා. ඉතින් මේ දරුවොත් මට මස්, මාළු ගෙනැත් දුන්නා. මමත් කෑවා.’’
‘‘කොයි තරම් කාලයක් අසනීපයෙන් හිටියාද?’’
‘‘මතක නෑ. ඇඳටම වෙලා අවුරුදු එකහමාරක් නැගිට ගන්න බැරුව හිටියා.’’
‘‘ඒ කාලෙ ඇඳට වෙලා ආගම දහම සිහි කළාද, භාවනා කළාද?’’
‘‘නෑ.’’
‘‘එහෙනම් මොනවද කළේ?’’
‘‘ඇඳ ඉස්සරහින් ටී.වී. එකක් තියාගෙන බැලූවා.’’
‘‘නිතරම?’’
‘‘වෙන මොනවා කරන්නද? උදේ හිටන් රෑ වෙනකම් ටී.වී. බැලූවා.’’
‘‘ඒකටම ඇබ්බැහි වුණා?’’
‘‘ඔව්’’
‘‘මොනවද බලන්න කැමැති වැඩසටහන්?’’
‘‘වෙළෙඳ දැන්වීම්’’
‘‘මොනවා?’’
‘‘ඔව්. ඒවායේ බැදපු මස්, මාළු පෙන්නනවා. දවසක් රෝස්ට් කරපු කුකුළෙක් පෙන්නුවා. ඒක මගේ හිතට වැදුණා. ඉතින් මම ඒකට හරිම ආසයි. ඒ දැන්වීම කොයි වෙලාවෙ පෙන්නයිද කියලා ආසාවෙන් බලා හිටියා.’’
‘‘ඒ දැන්වීම දැක්කම මොනවද හිතුණේ?’’
‘‘මගේ කටට කෙළ ඉනුවා. බැදපු කුකුල් මස් කන්න ආසා හිතුණා. මම ළමයින්ට කීවාම මට බැදපු කුකුල් මස් නිතරම ගෙනැත් දුන්නා. මමත් ආසාවෙන් කෑවා.’’
‘‘ඊට පස්සේ?’’
‘‘බැදපු මස් නිතරම කනකොට මට හිතුණා මේ මස් අමුවෙන් කෑවොත් තවත් ගුණ ඇති. තවත් රස ඇති. ලේත් එක්ක කෑවොත් කොයි තරම් රස ඇතිද කියලා හිතුණා.’’
‘‘ඉතින් ඒකට මොකද කළේ?’’
‘‘මම ඔවුන්ට කිව්වා අමු මස් ලේත් එක්ක කන්න ආසයි මට ගෙනැත් දෙන්න කියලා. මුන් ගෙනැත් දුන්නෙ නෑ. අර වෙළෙඳ දැන්වීම දකින හැම වෙලාවෙම මුන් එක්ක තරහක් ඇති වුණා.’’
‘‘අමු මස් කන්නෙ කවුද?’’
‘‘.......’’ ප්‍රේතිය නිහඬය.
‘‘උත්තර දෙන්න. අමු මස් ලේත් එක්ක කන්නෙ කවුද?’’
‘‘........’’ ප්‍රේතිය නිහඬය.
‘‘කොටි, වලස්සු, බල්ලෝ, බළල්ලූ, නරි එහෙම නේද?’’
‘‘හ්ම්....’’
‘‘බලන්න පියසීලි කොයි තරම් හොඳ කෙනෙක්ද? හෙදියක් වශයෙන් රෝගීන්ට සාත්තු සප්පායම් කළා. රෝගීන් සුවපත්වෙලා රෝහලෙන් පිටවෙලා යනකොට කොයි තරම් සතුටක්ද? පිනක්ද? ඒ ගැන ටිකක් හිතන්න. බුදුහාමුදුරුවොත් දේශනා කළා ගිලනුන්ට සාත්තු කරන එක තමන් වහන්සේට කරන සාත්තු සප්පායමක් උපස්ථානයක් වගෙයි කියලා.’’
‘‘ඉතින් මට වැටුපක් ලැබුණනෙ?’’
‘‘ජීවත් වෙන්න රජයෙන් වැටුපක් දෙනවා තමයි. ඒක වෙනම දෙයක්. රෝගීන්ට සාත්තු කිරීම පින්කමක්. කුසලයක්. සාදු කියන්න.’’
‘‘සාදු සාදු’’
‘‘තමන්ට ලැබුණු වැටුප වියදම් කළේ මේ දරුවන් පෝෂණය කරන්න. උගන්නන්න. ඒකත් කොයිතරම් පින්කමක්ද? කුසලයක්ද? මහා දානයක්. සංසාර ගමනෙදි දිව්‍ය සැප ලැබෙන පින්කමක්.’’
‘‘සාදු සාදු...’’
‘‘ඒ විතරක්ද? මේ ළමයින් නිසා පියසීලී කොයිතරම් දේ අතහැරියද? තරුණ හැගීම්, ආසාවන්, විවාහය අතහැරියා. කොයිතරම් උතුම් පරිත්‍යාගයක්ද, කුසලයක්ද?’’
‘‘සාදු සාදු...’’
‘‘ඒ විතරක්ද? පියසීලි මේ ළමයින් වෙනුවෙන් තමන්ගෙ මිය ගිය අක්කා වෙනුවෙන් තමන්ගේ වටිනා ජීවිතය කැප කළා. පූජා කළා. ඒක ආත්ම පරිත්‍යාගයක්. කොයි තරම් කුසලයක්ද?’’
‘‘සාදු සාදු...’’
‘‘අමුවෙන් මස් කන්නෙ බල්ලො, බැල්ලියෝ. දැන් පියසීලිට අමු මස් ඕනැද?’’
‘‘එපා එපා. මට එපා’’
‘‘එහෙනම් මොනවද ඕනෑ?’’
‘‘මහත්තයා මට දැන් හරි සතුටුයි. කුසල් සිත් මතුවුණා මට හොඳ තැනකට යන්න ඕනෑ.’’
නිවෙසේ මස්, මාළු, කරවල, බිත්තරවලින් තොර සාංඝික දානයක් පිරිනමා පුංචි අම්මාට පින් අනුමෝදන් කොට සුදු නෙළුම් මල් වට්ටියක් රැගෙන නැවැත එන්නැයි උපදෙස් දුන්නේය. එසේ පැමිණි විට භූතාත්මය සුදු නෙළුම් මල් වට්ටියට සම්බන්ධ කොට අනුරාධපුරයට යැවීය.
මතුගම මහින්ද විජේතිලක.
උපුටා ගැනීම මව්බිම.