ආදරය කියන්නේ මනෝමය බැඳීමක්
ආදරය කියන අකුරු හතරට සුවිශේෂී වූ ගුණාංගයන් ඉතා පුළුල් ලෙස විහිද විසිර පැවැතෙනවා. නමුත් වත්මනේ සියල්ලෝම ආදරය කියන කරුණ මුල්කරගෙන ගනුදෙනු කරන්නේ එහි නියම අරුත සහ වටිනාකම නියමාකාරයෙන් නොදැන බව නම් සත්‍යයක්. මන්ද ඒ තුළ ගැබ්ව තියෙන පිරිසුදු ක්‍රමවේදයන්ට අනුකූලතාවක් නොදක්වා තමාගේ සිත තුළ පැනනගින නොයෙක් ආකාරයෙන් වූ විකාරරූපී හැගීීම්වලට ඉඩදීමක් පමණයි පෙන්නුම් කරන්නේ. අපේ තාරුණ්‍ය මේ වෙනකොට ආදරය කියන කාරණාව නිවැරැදි ආකාරයෙන් කියැවීමකට ලක්කරලා නෑ. ආදරය යන ඒකකය ගොඩනැගීී ඇති පදාර්ථ ලෙස ඔවුන් හඳුනාගෙන තියෙන්නෙ ආශාව, තණ්හාව, රාගය වැනි වූ අංගයන්. නමුත් පැහැදිලිවම ඒ තුළින් දකින්නට තියෙන්නේ අපි කතා කරන ආදරය නෙවෙයි. මිනිස් සිත් දෙකක් එකට බද්ධ කරන සුන්දර වූ ආදරය නෙවෙයි. මෙතැන තියෙන්නේ අනිවාර්යයෙන්ම සිත තුළ පවතින විකාරරූපී අදහස් මුල් කරගෙන ක්‍රියාවට නටවන්නා වූ තවත් එක් ක්‍රියාවක් විතරයි.
නොයෙක් දෙනා සඳහන් කරනවා බුදුන් වහන්සේ ළග මහත් වූ ආදරයක් තිබුණා කියලා. නමුත් හිතන්න, උන්වහන්සේ ළග පැවැතියේ ආදරය නෙවෙයි. මහත් වූ කරුණා බලමහිමයයි. ලෝකවාසී සියලු දෙනා වෙතට එක සිතින් විදාහළ උතුම් වූ කරුණාවයි. උන්වහන්සේ කරුණාව කියන දේ පමණක් ගෙන එය හැමදෙනා වෙතම විහිදුවා පැතිර හැරියා. සියලු දේ සම්පිණ්ඩනය කරලා එය පැටලුණු නූල් බෝලයක් වගේ කරගත්තේ නෑ. නමුත් මේ මොහොත වෙනකොට බොහෝ දෙනා නොයෙකුත් කරුණු පටලවගෙන ක්‍රියාකරන්න පෙලැඹිලා තියෙන්නෙ. දැන් බලන්න ආදරය හා සෙනෙහස, කරුණාව හා මෛත්‍රිය, රාගය මේ හැමදෙයක්ම එකට ගොනු කරගෙන අනාගැනීමක් කරල තියෙන්නෙ. මේ මොහොත වෙනකොට තරුණ තරුණියො ආදරය කරන්න පෙලැඹිලා තියෙනවා. එය වැරැදි දෙයක් නෙවෙයි. කොතැනකවත් සඳහන් වෙලා නෑ එය අකුසලයක් හෝ වෙනයම් දුරාචාරයක් කියලා. නමුත් සිදුවෙන්න ඕන නියමාකාරයෙන් එය හඳුනාගැනීමට උත්සාහ ගැනීමයි. වර්තමාන තරුණ ජීවිත තුළ ඔවුන් විසින් හඳුනාගත් ආදරය කියල කියන්නෙ බලවත් තණ්හාව. ඒ හා සමානව බැඳිලා තියෙන අනෙක් දේ තමයි ඊර්ෂ්‍යාව හා රාගය. හිතන්න වසර ගණනාවක් එකට ආදරය කළ කෙනා මොනයම් හෝ හේතුවක් නිසා ගහන්න, මරන්න, පිහියෙන් අනින්න පෙලැඹෙනවා නම් පිළිගන්න පුළුවන්ද එතැන ආදරයක් රැඳිලා තිබුණා කියලා. එතැන තිබුණේ රාගය, ආශාව මිස ආදරයේ සුවඳ නෙවෙයි. එතැන තනිකරම බිහිවුණේ ද්වේෂයක්. ඒ ද්වේෂයට හේතුව ආදරය කියන උතුම් වූ කරුණ නොතිබීම. පාසල් කාලෙ ඉඳලම අපේ දරුවන් ආදරය කරන්නට පෙලැඹෙනවා. නමුත් ඒ දරුවො එය කරා යොමුවෙන්නෙ ආදරය පිළිබඳ මනා කියැවීමකින් තොරව. බලන්න සිද්ධාර්ථ, යශෝදරා චරිත දිහා. මුළු අනාදිමත් කාලයක ඉඳලා ඔවුන් අතර ආදරය කියන දේ අන්‍යොන්‍ය අවබෝධයකින් යුතුව බැඳී තිබුණු දෙයක්. ඔවුන් දෙදෙනා මුළු සංසාරයක් පුරා ඇවිත් තියෙන්නෙ ආදරය හා සෙනෙහස සමග අත්වැල් බැඳගෙන. ඔවුන් තුළ රාගයක්, ද්වේශයක්, තණ්හාවක් කිසිවිටෙකත් පැවැතුණේ නෑ. ඒ නිසාවෙන්ම සසර චක්‍රය පුරාම ඔවුන් එකම ආකාරයට උපදින්නට වරම් ලැබුවා. සඳකිඳුරු ජාතකයේ කිඳුරා සහ කිඳුරිය ලෙසත් උපත ලැබුවේ පෙර ආත්මභවවල සිට ඔවුන්ගේ ආදරයේ බලමහිමයෙන්. මේ වෙනකොට පාසල් වියේ දරුවො ආදරය කියන වචනයට මුවාවෙලා ආදරය කියන මායාව තුළ තමයි සැරිසරන්නෙ. තමන්ගෙ හිතේ ඇතිවුණු කුමක් හෝ හැගීමක් ප්‍රකාශයක් ලෙස තවත් අයකුට ඉදිරිපත් කිරීම මිසක් ඉන් එහා ගිය ආධ්‍යාත්මික බැඳීම් මාලාවක් ඒ තුළ ඇත්තෙ නෑ. මේ විදියට නිවැරැදි ලෙස එය හඳුනාගන්නට නොහැකි වූ තැන අධ්‍යාපනය පවා මේ දරුවො විනාශ කරගන්නවා. ඒ අයගේ ආදරය කියන මායාව තුළ තියෙන යම් යම් දේවල් සන්තර්පණය කරගන්නට නොහැකි තැන තමයි ඔවුන් විසින් තමන්ගේ අධ්‍යාපන ඉලක්කයන් පවා අසාර්ථක කරගන්නෙ. ඉන්පසු පෙළ ගැසෙන සිදුවීම් මාලාවත් නිවැරැදි ආදරය නොකියැවීම තුළ අධ්‍යාපනය කියන දේ කඩාකප්පල් කර ගැනීමෙන් සිදුවන දේවල්. පසුව සිද්ධ වෙන්නෙ මේ දරුවො තම පවුලට මහා බරක් වෙන එක. මන්ද... වෘත්තීය සුදුසුකමක් හෝ අධ්‍යාපනයක්වත් නැහැනේ රැකියාවක් කරන්න. ආර්ථික, සමාජයීය, ගැටලු ගණනාවක් ඔහු හෝ ඇය පසුපස පෙළගැසෙමින් එන්නට පටන් ගන්නවා. විවාහයන් සිදුවෙනවා. අඩු ජීවන තත්ත්වයන් යටතේ උපදින දරුවො පවා මවුකුසින් බිහිවෙන්නෙ වෛරය, ක්‍රෝධය, පළිගැනීම කියන දේ හිතේ දරාගෙන. අපි නිවැරැදි විදියට නිවැරැදි දේ හඳුනානොගෙන කටයුතු කළ නිසා යැයි කියල මේ අය ඒ දේවල් හිතනකොට සියල්ල සිදුවී හමාරයි.
හොඳින් හිතල බලන්න දෙන්නෙක් එකතු වෙන්නෙ මොනවහරි යම්කිසි බැඳීමක් හින්ද නේද කියලා. ඒ බැඳීම් ඇතුළෙ ආදරය කියන දේ වගා කරලා විවාහය තෙක් යන්නට පිළිවන්. කෙනෙක් විවාහ වෙන්න කැමැත්තෙන් ඉන්නෙ කවුරුන්ද ඒ කෙනාට අවසර තියෙනවා තමා කැමැති කෙනා සමග විවාහ වෙන්නට. හැබැයි ඒ දේ එහෙම වෙන්නෙ නම් කොන්දේසි කිහිපයක් මත තමයි එය සිද්ධ වෙන්න ඕන. ඒ දෑ තමයි තනි පවුලක් ගොඩනගන්නට නම් ඒ ඇත්තන්ට හොඳ ආර්ථිකයක් තියෙන්න ඕන. ඒ සඳහා නම් යහපත් අධ්‍යාපන මට්ටමක් ලබාගත යුතු වෙනවා. අංක 1 විය යුත්තේ අධ්‍යාපනයයි. නමුත් ආදරය වුණත් ගැටලුවක් වෙන්නෙ නෑ, එය නිවැරැදි ලෙස හඳුනාගැනීමට ලක්කරගෙන ඉන්නවා නම්. ඉතින් හැමදෙනාම හිතාගන්නට ඕනෙ ආදරය කියන්නෙ තණ්හාව, ආශාව, රාගය නෙවෙයි. එය මනෝමය බැඳීමක් මත පදනම් වෙන දෙයක්. ආදරය කියන දේ නිවැරැදි අයුරින් හඳුනාගෙන එයට ප්‍රවිෂ්ට වුණා නම් මේ හා බැඳුණු කිසිදු ගැටලුවක් ඇතිවන්නේ නෑ. ඇතිවන්නට පදනමක් ගොඩනැෙගන්නෙත් නෑ. කිසිම වෙලාවක උත්සාහ ගත යුතු නෑ තමාගේ අදහස්වලට කැමැති නොවන ඒ සඳහා අනුකූලතාවක් නොදක්වන විෂම අදහස් හා හැගීම් තිඛෙන අය හා සම්බන්ධතා ඇතිකර ගන්නට. මන්ද එතැනදී සිද්ධ වෙන්නෙ ආදරයේ මායාව හා ඔබ එක්තැන්වීම් මිස සැබෑ ආදරය සොයා යන්නට මංපෙත් විවර කර නොගැනීමයි. එනිසා පාට ගෑවුණු හීනවලින් මිදී යථාර්ථවාදී වූ පිරිසුදු හැගීම්වලින් පිරි ආදරය හඳුනාගැනීමට ඔබ සියලු දෙනාත් උත්සාහ ගන්න.
ශාස්ත්‍රපති මඩුල්ලේ විජිතනන්දා මෙහෙණිය උපුටා ගැනීම මව්බිම පුවත් පතඇසුරෙනි.