විවාහ දිවියේ තතු හෙළිකරන විවාහ රේඛාව

විවාහ දිවියේ තතු හෙළිකරන විවාහ රේඛාව

ජීවිතයේ සුන්දර අත්දැකීම විවාහයයි. යොවුන් වියට පත් තරුණ තරුණියන් ඒ අත්දැකීම විඳගන්න සිහින මවන්නේ මොනතරම් ආශාවකින්ද. තමාට මොනවිදියේ සහකරුවෙක්‌, සහකාරියක්‌ ලැබෙයිද, විවාහය සාර්ථක වෙයිද මේ වගේ සිතුවිලි ඔවුන්ගේ මනසේ සිතුවම් වීම ස්‌වභාවිකයි. කරදර බාධකවලින් තොරව ජයග්‍රහණය කරා යැමට හවුල්වන විවාහ සහකරුවෙක්‌ හෝ සහකාරියක්‌ හමුවීම ජීවිතයේ ලොකුම භාග්‍යයකි. ඔබට වීමට හැකිද, නොහැකිද යන්නත්, ඔබ දැනටමත් විවාහක නම් ඉදිරි ජීවිතය සතුටින් ගත කිරීමට හැකිද යන්නත් ඔබට ප්‍රශ්නයක්‌ විය හැකිය. විවාහය සම්බන්ධ මේ හැම කරුණක්‌ ගැනම පිළිතුරු සටහන් වී ඇති රේඛාවක්‌ ඔබේ අත්ලේ සටහන්වී ඇත. විවාහ රේඛාව, සම්බන්ධතා රේඛාව, මංගල රේඛාව යනුවෙන් එම රේඛාව හඳුන්වනු ලබයි.

අත්ල අයිනේ සුලඟිල්ලේ මුලටත්, හෘදය රේඛාවටත් අතර පිටි අල්ලේ සිට ඉහළට පැමිණ බුධ මණ්‌ඩලය දෙසට සමීපව මෙම රේඛාව දැකිය හැක. ඇතැම් අත්වල මෙම රේඛා කීපයක්‌ම ඇතත් සමහර අත්වල තනි රේඛාවක්‌ පමණක්‌ දැකිය හැක. යමෙකුගේ අත්ලක මෙම රේඛා නොමැතිනම් ඔහුට ප්‍රේම සම්බන්ධතා නොමැති බැව්ද කියෑවේ. මෙම රේඛා කීපයක්‌ අතක දක්‌නට ඇතොත් හෙතෙම දුටු දුටුවන් කෙරෙහි ප්‍රේම සිතිවිලි ඇතිකර ගන්නා ස්‌වභාවයක්‌ පෙන්නුම් කරයි. රේඛාවක ගැඹුර සෘජුබව අනුව ප්‍රේම සම්බන්ධතාවයන් ගණනද, ඒවායේ ස්‌ථිර භාවයද, තීරණය කළ හැකිවේ. මේ අයුරින් රේඛා කීපයක්‌ ගැඹුරු ලෙස පැහැදිලි ලෙස සටහන්වී ඇත්නම් ඉන් සබඳතා කීපයක්‌ ඇතිබව පැහැදිලි වෙයි. මෙම රේඛාව කෙළවර උඩු අතට තැබීම විවාහයට බාධා වන බව ප්‍රකට වෙයි.

විවාහ රේඛාවේ කෙළවර හෘදයරේඛාව දෙසට (1) බෑවුම් වූයේ නම් සහකාරයාගේ හෝ සහකාරියගේ වෙන්වීමක්‌ හෝ මරණයක්‌ පෙන්නුම් කරයි. අග බෙදුණු (කරුවක්‌මෙන්) විවාහ රේඛාවද මොනයම් හේතුවක්‌ නිසා හෝ අඹුසැමි වෙන්වීම හෙළි කරන්නෙකි. නමුත් වෙන්වීමට හේතුව ස්‌වාමි පුරුෂයා රැකියාවක්‌ හෝ ව්‍යාපාරයක්‌ සඳහා ඈත ප්‍රදේශයක හෝ රටක වූයේ නම් ඔවුනට ප්‍රශ්න පැන නොනඟී. නමුත් එකට ජීවත්වීමේ දී සාමය නැතිවූ නිසාම හෝ ප්‍රේමයේ පළුදුවීමක්‌ නිසානම් දික්‌කසාදයකට ඇති ඉඩකඩ බලවත්වේ. විවාහ රේඛාව අග උඩින් සමාන්තරව ඇති කෙටි රේඛාවකින් පෙන්නුම් කරන්නේ විවාහයට පසු ඇති කරගන්නාවූ ප්‍රේම සම්බන්ධතාවයකි. මෙයි ස්‌ථිර අනියම් සම්බන්ධතාවක්‌ විය හැකිය. විවාහ රේඛාවේ අග යටින් සමාන්තරව ඇති කෙටි රේඛාවෙන් පෙන්නුම් කරන්නේ, විවාහයට පෙර ඇති කරගත් සම්බන්ධතාවයක්‌ තවදුරටත් පවත්වාගෙන යන බවයි. මෙම අවස්‌ථා දෙකේහිදීම රේඛා පැහැදිලි ලෙස පෙන්නුම් කරයි නම් සම්බන්ධතා ශක්‌තිමත් වේ. නමුත් එම අයගේ අධිෂ්ඨාන ශක්‌තිය මත එම ප්‍රතිඵල වෙනස්‌විය හැක. එවිට වෙන්වීමේ සලකුණු නොපෙනී යනු ඇත.

(2) විවාහ රේඛාව හෘදය රේඛාවට ලංව පිහිටීම ඉක්‌මන් විවාහයකට හේතුවක්‌ ලෙස සැලකේ. තවද එම රේඛාව හෘදය රේඛාවට ලංව පිහිටීමෙන් දායාදවලට වඩා ආදරය මුල්කරගත් විවාහයක්‌ද, විවාහ රේඛාව සුලඟිල්ලට ලංව පිහිටීමෙන් ආදරයට වඩා දායාද වලට කැමැත්තෙන්ද විවාහයක්‌ සිදුවේ.

විවාහ රේඛාවේ මුල් කොටසේ දූපත් සලකුණක්‌ ඇතිවී නම් (3) විවාහයට පෙර නොමනා හැසිරීම්වල යෙදුණ බව ප්‍රකටවෙයි. නැතිනම් සැමියාගේ පෙර පැවැති නොමනා හැසිරීම් නිසා ප්‍රශ්න මතුවී වෙන් වන්නට සිදුවේ.

විවාහ රේඛාව දෙකඩ වී නම් (4) විවාහ දිවියේ හදිසි බිඳ වැටීමක්‌ එයින් පෙන්නුම් කරයි. සමහර අයගේ විවාහ රේඛාවේ හරස්‌ ඉරිවලින් කැපී ඇති බව දැකිය හැක. එවැනි පිහිටීම්වලින් දික්‌කසාදවීම් හෝ වෙනත් විදියේ ගැටීම් ආදිය පෙන්නුම් කරයි. එම රේඛාව දම්වැල් ආකාරයේ ලක්‍ෂණවලින් යුක්‌තනම් විවාහ දිවිය ශෝකාන්විත සිදුවීමකින් කෙළවර විය හැක.

විවාහ රේඛාව කීර්ති රේඛාවට සම්බන්ධ වී ඇත්තේ නම් (5) ඔහුට හෝ ඇයට ධනවත් අයෙකු හා විවාහවීමට ලැබෙන බව ප්‍රකටකරයි. නමුත් විවාහ රේඛාව කීර්ති රේඛාව ඡේදනය කරමින් ඉදිරියට යැම සුබ නොවේ. විවාහය නිසා නොයෙකුත් දුෂ්‍යමාන කතා පැතිර යැම එයට හේතුවක්‌ වේ. කවාකාරව උඩට නැමුණු විවාහ රේඛාවක්‌ ඇති අයෙකුට අන් අයගේ ඊර්ෂ්‍යාව ඇති කිරීමට තරම් ගැළපෙන සහකරුවෙකු හිමිවෙයි. සහකාරයා කොතරම් සුදුස්‌සෙකු වුවත් එම අය හා ආදරයෙන් ජීවත් නොවුව හොත් එම රේඛාව වැඩිකල් යැමට පෙර පහතට නැමේ. එම තැනැත්තා සතුටට පත්වූවත් සහකරු අසතුටු තත්ත්වයකට පත්විය හැක.

ඒ නිසා යහපත් බිරිඳක්‌ හෝ ස්‌වාමි පුරුෂයෙකුවීමට උත්සාහ කිරීම වැදගත්ය. බොහෝ විවාහ රේඛා ඇති අය පෙන්නුම් කරන්නේ බොහෝ ප්‍රේම සම්බන්ධතා ඇති බවය. මෙම අය අනිත් පක්‍ෂයේ අය හා නිතර සම්බන්ධතා ඇතිකර ගනියි. කෙසේ වෙතත් විවාහ රේඛා වැඩිවූ තරමටම නැවත නැවත විවාහ සිදු නොවේ. පැහැදිලිව දිග්ව පිහිටි රේඛාව විශේෂයෙන් විවාහය පෙන්නුම් කරයි. විවාහ රේඛාව නිතරම වෙනස්‌වන සුළුය. මෙම රේඛා සැලකිල්ලෙන් පරීක්‍ෂාකර එවැනි සිදුවීම් හා අවස්‌ථා මැඬපවත්වා ගැනීමට උත්සාහ කළ යුතුයි. උත්සාහයන්ගේ නිසි පල ලැබෙනවිට රේඛාව වෙනස්‌ වනු ඇත.

උපුටා ගැනීම දිවයින

Share This Article

අල්ලේ පිහිටන රේඛා හා සලකුනු මගින් හෙළිවන වැදගත් තොරතුරැ..

අත්ල පරීක්‌ෂා කිරීමෙන් හා අත්ලේ පිහිටන රේඛා ලක්‌ෂණ සලකුණ ආදියෙන් කෙනෙකු තුළ බලපවත්නා රෝග ලක්‌ෂණ කලින් දැනගැනීමට හැකිය.  අත්ලක පිහිටන ප්‍රධාන...

සිහිබුද්ධිය,  ව්‍යාපාරික දක්‌ෂතා හෙළිකරන බුධ මණ්‌ඩලය

සුළැඟිල්ල නමින් අපි හඳුන්වනු ලබන ඇඟිල්ල බුධ ග්‍රහයාට අයිති වේ. බුධ ඇඟිල්ල කියන්නෙත් මෙම ඇඟිල්ලටමයි. එම ඇඟිල්ලට පහළින් උස්‌ව ඇති ගොඩැලි...

අල්ලේ ලියවුණ ඔබේ දෛවය

කෙනෙකුගේ අත්ලේ ප්‍රධාන රේඛාවන්ට අමතරව පිහිටන තවත් ලුහුඬු රේඛා කීපයක්‌ පිළිබඳවයි අද විස්‌තර කරන්නෙ. පළමුව ඉහත සඳහන් පරිදි සිකුරු චක්‍ර රේඛාව...

ධන සම්පත් සහ බාධක හෙළි කරන දෛවය රේඛාව

අත්ලේ මුල වූ මැණික්‌ කටුව ප්‍රදේශයෙන් ආරම්භ වන ශනි රේඛාව හෙවත් දෛව රේඛා අත්ලේ මැද කුජතලාව හරහා මැදඟිල්ල දෙසට විහිදයයි. මෙය...

කථිකත්වය උද්‍යෝගය  චිත්ත ආවේග හෙළිකරන සුළගිල්ල

අද අපි විස්‌තර කරන්නේ අතක පුංචිම ඇගිල්ල වූ සුළැගිල්ල පිළිබඳවයි. මෙම ඇගිල්ල බුද ග‍්‍රහයාට අයිති බැවින් බුධ ඇගිල්ල යනුවෙන් හඳුන්වන අතර...

දරු සම්පත් හෙළිකරන දරුඵල රේඛා

අද අපි කතා කරන්නෙ විවාහ රේඛාවලටම සම්බන්ධ තවත් රේඛාවක්‌ පිළිබඳවයි. ඒ තමයි දරුඵල රේඛා. විවාහ ජීවිතයට එළැඹුන යුවලකගේ එකම ආශාව, බලාපොරොත්තු...