එයා මල්වරවූයේ මැයිද?

යුවතියක මැයි මාසය හෙවත් වෙසක් මාසයේ මල්වර වූයේනම් ඇය ඉතා වාසනාවන්තියක ලෙස සැලකේ. ජීවිතයේ කුඩා කල නොලද සියලු සැප සම්පත් තරුණ වියේදී ලබන්නට වාසනාව ලබන්නීය. ශරීර සොබාව දිනෙන් දින වැඩෙන්නේය. උපන් ස්වභාවයට වඩා හාත්පසින් වෙනස් සුන්දර රූසපුවක් හිමිකර ගන්නට වාසනාව ඇත්තියක වෙයි. සමාජය තුළ කැපීපෙනීමත්, සමාජයේ අන් අය අභිභවා පෙරට ඒමට හැකි වීමත් සමාජයට බියෙන් සැකයකින් තොරව මුහුණ දීමට හැකි වීමත් ඇයගෙන් දක්නට ලැබේ. කිසිදු අවස්ථාවක පසුබට නොවන්නීය. ඉදිරියට තැබූ පියවර පසුපසට ගැනීමේ පුරුද්දක් ඇයට නැත. එක අරමුණකට යෑමට කටයුතු කරන අතර නිතරම සිය වගකීම ගැන සිතයි.

තරුණ වියට එළඹෙත්ම නිසි කලවයසේදී විවාහයකට හිමිකම් කියයි. ධනය, බලය ඇති සුදුසු සහකරුවකු හිමිවේ. සහකරුට සියලු සැප සතුට ලබාදෙන්නියක ලෙස ආදර ගෞරවයට පාත්‍ර වන්නීය. කිසිදු තැනකදී ඔහුගේ ඉල්ලීම් පැහැර නොහරින්නීය. එසේ විවාහයෙන් පසුව ජීවිතයේ එතෙක් නොලැබුණු සියලු සැප සම්පත් ලබන්නට වාසනාව ඇත. විශේෂයෙන්ම රටට දැයට වැඩදායී දරුවන් ලබන්නීය. එමගින් නිසි කීර්ති ප්‍රශංසා ලබන්නට වාසනාව ඇත්තීය. ජීවිතයේ අවසන් භාගය දක්වා ඉතා වාසනාවන්ත කාලයක් ගතකරන්නට හැකි වන අතරම දරුවන්ගේ ආදර ගෞරවයද නොඅඩුව ලබන්නට පින් ඇත්තීය.

උපුටා ගැනීම මව් රට

Share This Article

ඔබේ ලග්නය අනුව ලැබෙන භාර්යාව හඳුනාගන්න

යම් පුරුෂයකු උපත ලබන මොහොතේදී හිමිකර ගත් ලග්න රාශිය සහ එහි ග්‍රහ පිහිටීම් එම තැනැත්තාගේ ජීවිතයේ සිදුවන සෑම කරුණු කාරණා සඳහා...

මුහුණේ හැඩයෙන් සහකරු හඳුනා ගනිමු

මුහුණ කෙනෙකුගේ චරිත ලක්‍ෂණ කියාපාන කැඩපතක්‌ යනුවෙන් දේහ ලක්‍ෂණ විද්‍යාවේ සඳහන් වේ. මේ අනුව යුවතියකට ඇයට හිමි සහකරු කෙබඳු අයෙක්‌ද යන්න...

සාර්ථක විවාහයකට දේහ ලක්ෂණ අනුසාරයෙන් යුවතිපතියන් තෝරා ගනිමු….

විවාහය ජීවිතයේ වැදගත්ම සංධිස්ථානයකි. මිනිසාගේ දෙවන උපත විවාහයයි. ප්‍රේම සබඳතා හා යෝජනා මගින් විවාහ ගිවිස ගැනීම අද සුලබව දැකිය හැකිය. යහපත්...

පර්ස් එකටත් ධන වාසනාව

ජීවිතය වර්ණවත් කරගන්න පුළුවන් විදියේ පුංචි පුංචි ෆෙංෂුයි ක්‍රමවේදයන් ටිකක් අපි පසුගිය කලාපවලින් කියලා දුන්නා. විශේෂයෙන්ම කාන්තාවන්ට. සමහරු ඒ ක්‍රමවේද ක්‍රියාත්මක...

ඇස් දෙස බලා ඇය ගැන දැනගන්න

මවක විසින් දියණිය ඇස සේ රැකගත යුතුය. ඇයට “මියුලැසි කියන්නේ මුව දෙනකට සදිසි සසල නෙත් ඇති බැවිනි. ළඳුන්ගේ ඇස්‌ විවිධ වර්ණවලින්...

බඛෙක් ලැඛෙන්න ඉන්නව නම් ගෙවල් හදන්න හොඳ නැතිද?

කාන්තාවක් විවාහවී දරු පිළිසිඳ ගැනීමෙන් පසූ නිවසක් ඉදිකිරීම සූදුසූද නූසූදුසූද යන්න අද අපි කතා කරන්නට සූදානම් වෙන මාතෘකාවයි. මෙම කාරණාව බොහෝ...