කවුරුත් බයවෙන මොනවද මේ කෝණ මාස…
කෝණ මාස නිතරම භාවිත කෙරෙන වචන දෙකක්. බොහෝ කටයුතුවලදී ජ්‍යොතිෂය සම්බන්ධ කරගැනීම මෙරට ජනයාගේ ප්‍රධාන කාරණාවක්. මන්ද තමන් කරන්නට සූදානම් වන කටයුත්ත කුමක් වුවද ඊට සුදුසුම වෙලාව කලාව බලා ගළපා සුදුසු නැකැතක වැඩ ආරම්භයට හැම කෙනකුම විශේෂ අවධානයක් යොමු කරනවා. මේ නිසා වසරේ අවස්ථා හතරකදී කෝණ මාස කෙරෙහි ජනයාගේ අවධානය බහුලව යොමුවෙනවා. විශේෂයෙන්ම නිවාස ඇතුළු ඉදිකිරීම් කටයුතු කෙරෙහි බලපාන කාරණාවක් ලෙස ප්‍රසිද්ධ කෝණ මාස ගැන ඔබ හොඳින් දැනසිටීම වැදගත් වේ.
අප නිවෙසක් තැනීමට පෙර ඒ සඳහා සුදුසු නැකැතක් සාදාගැනීම සිදුකරයි. නැකැතක් සෑදීමේදී සෑම මසකම අපට අවශ්‍ය දිනයකට නැකැතක් සාදාගැනීමට නොහැකිය. එයට හේතුව නම් අපට සෑම මාසයක්ම නිවාස තැනීමේදී යොදාගත නොහැකි වීමයි. මෙය වාස්තු විද්‍යානුකූලවද අනුමත කෙරෙන කරුණකි. රාශි 12, නැකැත් 27 සහ දිශා අට මුල් කරගෙන වාස්තු විද්‍යාව බිහිවී ඇති බව ඔබ දන්නා කරුණකි. අවුරුද්දකට ඇති මාස 12 තුළ ඇති නැකැත්වලට කෝණ මාස ඇතුළත්වී ඇත. මෙයින් අප තෝරාගත යුත්තේ කෝණ නොවන මාස තුළ ඇති නැකැත් පමණි.
මේෂ රවිය, වෘෂභ රවිය යනුවෙන් සූර්ය මාස උදාවෙයි. ඒ අතරින් මිථුන රවිය කෝණ මාසයකි. ජුනි 15 සිට ජූලි 16 පමණ තෙක් මෙය පවතියි. නැවත කන්‍යා රවිය කෝණ මාසයකි. එනම් සැප්තැම්බර් 16 සිට ඔක්තෝබර් 16 දක්වා කන්‍යා කෝණ මාසය ලෙස හඳුන්වයි. නැවත දෙසැම්බර් 16 සිට ජනවාරි 14 දක්වා ධනු රවිය හෙවත් ධනු කෝණ මාසය ලෙස හඳුන්වයි. මාර්තු 14 සිට අප්‍රේල් 13 දක්වා මීන කෝණ මාසය ලෙස හඳුන්වයි. මෙය මීන රවිය ලෙසද සලකනු ලැබේ. මෙම කාලසීමාව තුළ නව නිවෙසක් තැනීම සඳහා අත්තිවාරම් දැමීම, බිත්ති බැඳීම, උළුවහු තැබීම හෝ වහල ගැසීම යනාදී කිසිදු කටයුත්තක් සිදු නොකළ යුතු බව මතකතබා ගන්න. එවන් කටයුතු මෙම කෝණ මාස තුළ සිදුකිරීමෙන් ගෙහිමියාට නොසිතූ විපත් කරදර ඇතිවන බව පැවසෙයි. නිවෙසේ ඇති සුබ තත්ත්වය පලාගොස් එම නිවෙස පාළු වන බව පැවැසේ. එනිසා මෙම කෝණ මාස මඟහැර නිවෙස තැනීමට වගබලාගත යුතුය.
එක් එක් කෝණ මාසයක් තුළ නිවාස ඉදිකිරීමෙන් ලැබෙන අසුබ ප්‍රතිඵල
මිථුන කෝණ මාසයේ නිවාස ඉදිකිරීමෙන් තම ඥාතීන්ගෙන් විවිධ කරදර බාධකවලට මුහුණ දීමට සිදුවෙයි. අසල්වැසියන් පවා අමනාප වේ. සොර සතුරු බිය ඇතිකරයි.
කන්‍යා කෝණ මාස තුළ නිවාස තැනීමෙන් තම බිරියට හා දරුවන්ට විපත් ගෙනදෙයි. ලෙඩදුක් ඇතිකරයි. නඩුහබවලට පැටලීමට සිදුවෙයි. විවාහ මංගල කටයුතුවලට බාධා පැමිණෙයි.
ධනු කෝණ මාසයේ නිවාස වැඩ ආරම්භ කළේ නම් රැකියා අහිමි වීම, විවිධ කරදර බාධා, පෞද්ගලික ජීවිතයේ විවිධ දුක් කරදරවලට මුහුණපෑමට සිදුවීම, වැඩිහිටියන්ට විපත් ගෙනදීම යනාදිය සිදුවෙයි.
මීන කෝණ මාසය තුළ නිවාස තැනීමෙන් දිළිඳුභාවය, පවුලේ අසමගිය, මුදල් අගහිඟතාවලට මුහුණපෑමට සිදුවෙයි. නිවෙසේ වැඩකටයුතු නිමා කරගැනීමට නොහැකි වේ.
මෙම කරුණු හේතු කරගෙන ඉහත කී කෝණ මාසයන් මඟහැර තමාගේ සුබසිද්ධිය උදෙසා නිවාස තැනීමට සුදුසු මාසයක් තුළ යොදාගන්නා නැකැත් අනුව මෙම නිවාස තැනීමේ කටයුතු සිදුකිරීමට වගබලා ගන්න.
ජ්‍යොතිෂවේදී ටී.බණ්ඩාරඋපුටා ගැනීම මව්රට
නැකැත් ඉතිහාසය වසර දහස් ගණනක් වෙයි. එදා නැකැත් තනාගෙන මිනිසා විශ්මිත පල නෙළාගත්හ. නැකැත යනු විශ්වයේ සාධනීය හේතු සමූහයක්. තමතමන්ගේ දෛවයට...
මිනිසුන් සතු හැකියාවන් ඉතා පුදුම සහගත අයුරින් වරින් වර ලෝකයා හමුවේ ප්‍රදර්ශනය වන අවස්ථා බොහොමයක් අප දැක තිබෙනවා. කායික ශක්තිය හා...
යම් පුරුෂයකු උපත ලබන මොහොතේදී හිමිකර ගත් ලග්න රාශිය සහ එහි ග්‍රහ පිහිටීම් එම තැනැත්තාගේ ජීවිතයේ සිදුවන සෑම කරුණු කාරණා සඳහා...
ලියන් සුරූපිනියන් කරන ප්ර්රධාන අංග අතර දත් දෙපළ මුල් තැන ගනී. ලොව වෙසෙන සතුන් අතර සිනහසිය හැකි එකම සත්ත්වයා මිනිසාය. සිනාසෙන...
සැප්තැම්බර් මාසයේ උපන් ඔබ ගැඹුරු තාර්කික හා විශ්ලේෂණාත්මක මනසකට හිමිකම් කියයි. සමහර අවස්ථාවලදී නොසිතූ ලෙස අවිනිශ්චිත භාවයට පත්වේ. ඔබට ඉතා ක්‍රමානුකූලව හා...
මේෂ ලග්නය වී කුජ ලග්නයේ සිටීම ස්ව තීරණ මත කටයුතු කරයි. දියුණු වීමට දැඩි ආශාවක් දක්වයි. ආරම්භ කරන වැඩ කටයුතු හොඳින් කරගෙන...