මුහුණ බලා චරිතය හඳුනාගන්න

ස්‌ත්‍රියකට හෝ පුරුෂයෙකුට දර්ශන පරුෂ වූ මුහුණ පිහිටියේ නම් :

කෲර ගතිය ද මුහුණ හොඳින් පෙන්නා කෲර ක්‍රියා කිරීමට සමත් වන්නෝ ද වෙති. අවස්‌ථාවට අනුව මුහුණින් මවාපෑම් කරති. මෙවැන්නෝ අද බහුලය. පිරුණු වට මුහුණ නම් යහපත් බව ද විශ්වාස බව ද සෞභාග්‍ය භාවය ද ක්‍රීඩා ලෝලී බව ද යහපත් සිහි නුවණ ඇති බව ද සත්පුරුෂ බව ද වන්නේ ය. සිහින් කඩවසම් මුහුණ නම් කඩිසර බව ද තියුණු නුවණ ඇති බව ද මිහිරි කතාවට ප්‍රිය බව ද වෙයි. හකු ඇටය පෙනෙන සේ නම් සියලු කටයුතු සුපරීක්‍ෂාවෙන් කරති. කර්මාන්තකරුවන්ට මෙම පිහිටීම වෙති. සුදුමැලි මුහුණ නම් මාංෂ භක්‍ෂණයට ප්‍රිය තැති ගන්නා සුළු අයෙකි. පැල්ලම් සහිත මුහුණ නම් නපුරු කටයුතුවලට ආශා කරයි. සට කපට වේ.

ග්‍රීවය නොහොත් කුළල :

මයුර සුනඛ ආදීන්ගේ මෙන් දික්‌ වූ බෙල්ල නම් ඉතා දිළිඳුය. සැඟවුන ඇට නහරින් හා මසින් පිරි බෙල්ල පිහිටියේ නම් ස්‌ත්‍රී පුරුෂයනට ඉතා වාසනාවන්තය. මිහිරි තෙපුල් ඇත්තෙකි. කථාවට දක්‍ෂය. මඳක්‌ මහත වට වූ පිරුණා වූ බෙල්ල සම්පත් ගෙන දෙයි. ඉතා මහත් වූද, ඉතා කෘෂ වූද, බොහෝ දික්‌වූ ද, විශාල වූ උගුරු දණ්‌ඩය ද යන මේ ග්‍රීවා ලක්‍ෂණ අනිටි පල උදා කරයි. පියුම් පතකට සමාන ප්‍රිය ජනක කුලල ධන ලාභ ගෙන දේ. භාග්‍යවන්තයි. කලයක්‌ සමාන පුෂ්ටිමත් කුලල නම් නොයෙක්‌ දුක්‌ දෙයි.

ස්‌ත්‍රී පුරුෂ නිකට : 

වට වූ නිකට සහ තොල යට වල වැටුණු ආකාර නම් කාරුණිකය. යහපත් ගුණ දහම් අගයයි. ප්‍රඥාවන්තයි. අවංකයි. නිකට පැතලි නම් මෝඩ අදහස්‌ දරයි. උමතුවෙන් කටයුතු කරයි. උඩට නෙරුනා වූ නිකට ඇත්තේ උපා යෙදීමෙහි සමතෙකි. කපටිය. අනුන්ගේ සිත් දිනා ගැනීමට දනී. සොර සිත වේ.

කම්මුල් :

එල්ලෙන ආකාර කම්මුල් අනුන් විසින් පිදුම් ලබන බව තීක්‍ෂණ කල්පනා හා නිත්‍යානුකූලව ක්‍රියා කරන බවද, මසුරු ගතිය ඇතත් පටන් ගත් දෙයක නිමාව දකින බව ද පැවසෙයි. පිරුණු කම්මුල් නම් අදහස්‌ සඵල කර ගන්නට විනා අනුන් ගැන අනුකම්පාවක්‌ නොකරති. රාගාධිකය. තමා යහපත් බව ලෝකයාට පෙන්වයි. මදක්‌ පිරුණු කම්මුල් නම් තියුණු නුවණ ඇති බව ද දියුණුවන අදහස්‌ ඇති බව ද ධනවත් බවද කියෑවේ.

නාසය :

නාසය ලොකු නම් ධනවත් බව ලබයි. ක්‍ෂණිකාවබෝධය ඇත. නාසය දිග නම් සාමදානයට ප්‍රිය වේ. දුබල සිරුර ඇත. ප්‍රඥවන්තය. නාසය කුඩා වී නම් පරෝපකාරයෙහි ඇලෙයි. උඬඟු සිත් ඇත. ක්‍ෂණික කෝපකාරියි. නාසා සිදුරු මහත් නම් තේජවන්තයි, නැණවත්ය.

දෑස :

ඇස සිත් ඇද ගන්නා දෙනෙත් නම් ඉතා වාසනාවන්තයි. බොර ඇස්‌ බළල් ඇස්‌, වපර ඇස්‌, විකෘති නෙත් අශුභ ඵල උදා කරයි. මෘගයන් සේ සමාන වට වූ ඇස්‌ උන්මාන්විතයි. කුඩා ඇස්‌ ඇත්තෝ ඉවසිලිවන්තයි.

ඇසිපිය :

කාලවර්ණවත් වූ මහත් ඇසිපිය ඇතොත් තරමක්‌ වාසනාවන්තයි. ගුප්ත අදහස්‌ දරයි. ඝන වූ කාල වර්ණ වූ ඇසිපිය ඇත්තෝ භක්‌තිවන්තය. ධන සැප ලබති. දුඹුරුවන් ඇසිපිය නොයෙක්‌ දුක්‌ විපත් ගෙන දෙයි. දුසිරිතෙහි ගැලෙන්නේය.

ඇසිබැම :

යමෙකුගේ ඇසි බැම එකිනෙකට සම්බන්ධ වී නම් කෲර සිත් ඇත්තෙකි. රළු ලොම් සහිත ඇසි බැම සතුරු ක්‍රියා කරවයි. සියුම් රෝම සහිත නම් කාටත් උපකාර කරයි. සැර පරුෂ නැත.

නළල :

පටු නළල පුරුෂයින්ට අශුභ දායකයි. ස්‌ත්‍රීන්ට නම් ශුභයි. නළල මැදින් උස නම් ප්‍රධානත්වයට උරුමකම් කියයි. ස්‌ත්‍රී නළල පුරුෂයන්ගේ මෙන් එක පැත්තකට දික්‌ වී නම් වැන්දඹු ලක්‍ෂණයකි. පුළුල් නළල ද ගැහැනියට ශුභ නැත. අඩ සඳට සමාන පටු නළල වාසනාව ගෙන දෙයි. කන් ලොකු නම් දිගාසිරි ලබයි. රෝම සහිත නම් සට කපටයි. කන් කුඩා නම් ප්‍රඥාවන්තයි.

උපුටා ගැනීම දිවයින

Share This Article

ජීවිතයම බබලවන මැණික්‌ ගලේ බලේ

මැණික්‌ අගය කණා නොදනී. එය පෑගී ගියද එහි වටිනාකම, ලක්‌ෂණ ඔහු නොදනී. නොදකී, එහෙත් ඇස්‌ ඇති අයට නම් එය ධන උල්පතකි....

අයිතිකරුට අහිමි වූ මන්දිරයක රහස

ධනසේකර මුදලාලි හැත්තෑව දශකය වනවිට ලක්‌ෂපතියෙකි. අද නම් ලක්‌ෂපතියන් ඕනෑ තරම් සිටී. එහෙත් එදා ලක්‌ෂයක්‌ යනු ලොකු මුදලකි. එකල ප්ලෙන්ටියක්‌ සත...

ඇත්තම ඇත්තයි පුදුම හිතෙන සත්‍ය කතාවක්‌

වික්‍රමරත්න වෙනුවෙන් කළ යුතුව තිබූ සේවාව නිම වෙමින් තිබූ අතර ඔහු මගෙන් සමුගන්නට සූදානම් විය. මා හමුවීමේ බලාපොරොත්තුවෙන් තවත් ටික දෙනෙක්‌...

මෙන්න නිමිති ශාස්‌තරේ

“නළ මුදු සුවඳ පිරිකුඹු මියුරු අඹ ගෙඩීපුල හෙළ කුසුම ලිය, පිය, තෙපළ රන් කෙසල සුදු සෙමෙර සේසත් ගිජිඳු ඔද වැඩී බල සුබ...

දකින සිහින සැබෑ වෙනවාද?

අප වැඩි දෙනකු හොඳින් දන්නා සැබෑ වූ සිහින දෙකක් තිබේ. ඉන් පළමු වැන්න මහ බෝසතාණෝ පිළිසිඳ ගැනීමට පෙර මහාමායා දේවිය දුටු...

සමාජ ජීවිතය අප්‍රසන්න විවාහ දිවිය ප්‍රසන්න වෘශ්චික

මෙලොව උපදින ඕනෑම කෙනකුට පළමුවෙන් හිමිවන්නේ ලග්නයයි. ඔහුට හෝ ඇයට නමක් පවා හිමිවන්නේ ලග්නය ලැබීමෙන් පසුයි. කෙනකු උපදින මොහොතේ නැඟෙනහිර ක්‍ෂිතිජයෙන්...