දොසක් නැතිව බබාගේ මුල්ම කෙස් රොද කපන්නේ මෙහෙමයි
අලුත උපන් කිරිකැටියාගේ නැකැතකට කියා මුලින්ම සිදුකළ හැකි එකම කාරණය හිසකේ කැපීමයි. පළාතෙන් පළාතට විවිධ වූ අයුරින් දරුවාගේ හිසකේ කැපීමේ මංගල්‍යය සිදු කරනු ලබන අතර ඒවා එකිනෙකට වෙනස් විය හැකි වුවත් දරුවාට අවැඩක් අකැපක් සිදු නොවන අයුරින් නිසි ලෙස කාරණාව සිදු කිරීම මවුපිය වැඩිහිටි ඔබ සැමගේ යුතුකමක්. මෙම මූලික කටයුත්ත නිසි අයුරින් සිදු නොකොළොත් ජේයාතිෂයට අනුව මවුපියන්ගේ වැරදිවලට දරුවන්ට වන්දි ගෙවීමට සිදුවිය හැකි අවස්ථාත් තියෙනවා. එහෙයින් ඔබත් අලුත උපන් ඔබේ දරුවා එවන් තත්ත්වයකට ගොදුරු නොකර නිසි වත් පිළිවෙත් මත පිහිටා දරුවාට යහපතක් සිදුවන අයුරින් හිසකේ කැපීමේ කටයුත්ත සිදුකිරීමට සිතට ගැනීම යහපත්.
සාමාන්‍යයෙන් ජේයාතිෂයට අනුව දරුවකුගේ හිසකේ කැපීම වසර 03-05-07දී සිදුකිරීමට උපදෙස් දුන්නද වර්තමානයේ උපදින සමහර දරුවන්ගේ හිසකේ ඉතා බහුලව පිහිටන්නේය. මේ තත්ත්වය මත දරුවන්ගේ හිසකේ නොකපා වසර ගණනාවක් තබා ගැනීම ප්‍රායෝගික නොවේ. එනිසා මෙවැනි අවස්ථාවකදී දරුවා උපන් මොහොතේදීම හිසකේ යම් ප්‍රමාණයක් කපා දැමීම සිදුකළ හැකිය. මෙය සාමාන්‍ය සිරිතයි. බොහෝ මවුවරු මෙය සිහියේ තබාගනිමින් බිලි¼දා උපන් මොහොතේම ශුභ නැකැත් ගැළපීමකින් තොරව රෝහලේදීම හිසකේ සුළු ප්‍රමාණයක් කපා ඉවත් කිරීම සිදුකරති. නමුත් මෙම කාරණාව අතපසු කර ගන්නා මවුපියන්ද බොහෝ සිටිති. එසේ නොකළේ නම් දරුවාගේ උපන් නැකැතට බලවත් වන නැකැතකදී හිසකේ කපා දැමීම සිදුකළ හැකිය. නැකැත් වදුලේද දරුවන්ගේ හිසකේ කැපීම පිළිබඳව යොදා ගත යුතු නැකැත් කාරණාවන් මෙසේ දක්වා ඇත.
කිවි ගුරු සඳු යන මින් එකකු බල යුතීසය තුන දහය සහ එකොළොසෙ සිටිය යුතීඑම කල යෙදේ චූඩා යෝගය සොදැතීහිසකේ රැවුල් මේ යෝගෙන් කපනු යුතී
මෙහිදී සීහුම් නැකැත් වශයෙන් අස්විද, මුවසිරස, පුෂ, හත, සිත, සුවණ, දෙට, රේවතී යන නැකැත් යොදා ගත යුතුය. ත්‍රිජන්ම නැකැත් චන්ද්‍රඅෂ්ටක නැකැත් අශුභ වන්නේය. එසේම පිරිමි දරුවන්ට පියාගේ නැකැතද ගැහැනු දරුවන්ට මවගේ නැකැතද යොදා ගැනීම අශුභ වන්නේය. තවද මව ගැබ්බරව පස් මස ගත කොට සිටින කල්හිද දරුවන්ගේ හිසකේ කැපීම සිදු නොකළ යුතුය. පුර පක්ෂයේ 2-3-5-7-10-11-13 තිථි නිසි ලෙස ගළපා ගැනීමටද නැකැත්කරුවා වගකීම ගත යුතුය. අනෙක් වැදගත්ම කාරණාව වන්නේ දරුවා බහ තෝරන අවස්ථාවේ හිසකේ නොකැපීමයි. යම් හෙයකින් එසේ සිදු වුවහොත් දරුවාගේ කතාවේ දුර්වලතා මතු වීම ඇති වන බව දැක්විය යුතුය.
මෙම කාරිය දරුවාගේ හිසත් සම්බන්ධව කටයුතු කෙරෙනා බැවින් මෙය ජේයාතිෂ ආයුර්වේදයට අනුකූල වන පරිදි බලවත් කටයුත්තක් ලෙස ඉටුකිරීමේ අවශ්‍යතාවද මෙහිදී පෙන්වා දිය යුතුය. පැරණි මුතුන්මිත්තන්ද තම දරු මුනුබුරන්ගේ හිසකේ කැපීමේදී මේ බෙහෙත් වට්ටෝරු ළංකර ගනිමින් දරුවාට ආශීර්වාදය මෙන්ම නිරෝගීභාවයද දිවියට එකතු කළේය. නැවුම් කළයක් ගෙන එයට නිවා ගත් මඳ උණුසුම් ජලය දමා එයට එළ අබ, දෑසමන්, කඩසාල්, ඊතණ, සඳුන්, පිණිදිය දමා එම කළය දරුවාගේ හිසකේ කැපූ පසු හිස වටා තෙවරක් කරකවා ආශීර්වාද ලබාදී එයින් කොටසක් නෑවීම සිදු කරන්න. එවිට දරුවාගේ බලවත් ෙදා්ෂ සමනය වී නිරෝගී සම්පත්තියත් දීර්ඝායුෂත් උදා වනු ඇත. ඔබත් ඔබේ දියණියට, පුතණුවන්ට හිසකේ කැපීමේදී මේ චාරිත්‍ර ඉටුකොට උතුම් පල උදාකර දෙන්න.
උපුටා ගැනීම මවුබිම
රාශි චක්‍රයේ අංශක 120 ත් 150 ත් අතර දිවෙන ගිණිකාරක රාශියකි සිංහ රාශිය. මේ රාශියෙන් උපන් කාන්තාවන් දැඩි රෞද්‍රත්වයෙන් යුක්ත එඩිතර...
කාන්තාවක් විවාහවී දරු පිළිසිඳ ගැනීමෙන් පසූ නිවසක් ඉදිකිරීම සූදුසූද නූසූදුසූද යන්න අද අපි කතා කරන්නට සූදානම් වෙන මාතෘකාවයි. මෙම කාරණාව බොහෝ...
සිංහ ලග්න හිමි ඔබට ලග්නාධිපති රවි ග්‍රහයා වන අතර, රවිගේ දසා කාලය ඔබට ජීවිතයේ අති විශිෂ්ට ප්‍රතිඵල උදා කරන දසා කාලයකි....
ශ්‍රී ලංකාවේ පුරාණ පාරම්පරික දැනුම අනාගතයට රැගෙන යැමේ පරම පවිත්‍ර චේතනාවෙන් ක්‍රියා කළ මහැදුරු අදිකාරම් මැතිතුමාගේ දැවෙන සිරුරෙන් නික්මෙන දුම් වලාවන්...
අංක විද්‍යාව මනුෂ්‍ය වර්ගයාගේ ඉතිහාසය තරම්ම පැරණිය. මනුෂ්‍යයින් මිහිමත ඇවිදිමින් තමන්ගේ කාර්යයන් කරන්නේ අහඹු ලෙස චලනය වන අංශු ලෙස නොවේ. ඔහුගේ...
නූතන ලෝකයට විද්‍යාව බිහි කළ පුරෝගාමී විද්‍යාඥයින් අතරින් ප්‍රබලයෙක් වන "ඇල්බර්ට් අයින්ස්ටයින්" මෙසේ කීවේය. මේ විශ්වය තුළ අපගේ ඇසට නොපෙනෙන අනන්තා...