Biz Log
Classifields
Biz Log
Classifields

ග්‍රහ අපල පිළිබඳ විද්‍යාත්මක ඇත්ත


අපලය කිව්වාම කවුරුත් බයය. මොන හෙණගෙඩියක් පාත්වෙන්නේ දැයි කිව නොහැකිය. ලෙඩ රෝග, කරදර කම්කටොලු එන නිසා බය නැති කෙනකු නැත. පිටතට පේන්න 'අපි බය නෑ' යි කියන අය පවා සිත යටින් ග්‍රහයන් විශ්වාස කරති. ඔවුන් අපල කරන බව අකැමැත්තෙන් හෝ පිළිගනියි. ‍ෙදාර ජනෙල් වසාගෙන අහල පහළට නෑහෙන්න අපල සඳහා ශාන්ති කර්ම කරවා ගන්නා අය මා දැක තිබේ. ග්‍රහයන්ගෙ බලපෑමක් මිනිසුන්ට නැතැයි කිව හැක්කේ ග්‍රහ ලෝක කියා දෙයක් මේ චක්‍රාවාටයේ නැතැයි ඔප්පු කළ දවසටය. එහෙම වෙන්නේ කොහොම දැයි අපි විචාර බුද්ධියෙන් යුතුව විමසා බලමු. ඇත්තටම අපලයකදී වෙන්නේ මොනවා දැයි ගැඹුරින් සලකා බලන විට මොන තරම් දුරකට එය විද්‍යානුකූල දැයි දැන ගන්න පුළුවන. ජේ‍යාතිෂය මැනවින් ප්‍රගුණ නොකොට එය අසත්‍යකැයි ප්‍රකාශ කිරීම වැරැදිය. සමහරුන්ට අවශ්‍ය කරන්නේ මෙය බොරුවක් බව ඔප්පු කරන්න මිස ඇත්ත නැත්ත සොයන්න නොවේ.

ඉර එළිය ලෝකයට වැටෙන බව දෘශ්‍යාබාධිතයෝ හැර හැමෝම දකිති. එහෙත් එහි පාට කුමක් දැයි ඇසුවොත් ඔබේ පිළිතුරු විවිධාකාර වෙයි. ඇත්තෙන්ම එයින් ආලෝකයක් මිස පැහැයක් පොළොව මතට පතිත වන බව පැහැදිලිව දැක ගත නොහැකියි. පාරජම්බුල කිරණ, ප්‍රභාසංශ්ලේෂණය වැනි වචන සහ හිරු එළියෙහි වර්ණ අතර සම්බන්ධතාවක් පවතියි. ඉරබටු තරුව ලෙස හඳුන්වන සිකුරු ග්‍රහයා සැන්දෑ යාමයේ හා උදෑසන දැක ගත හැකිය. පොළොව සමීපයෙන් ගමන් ගන්නා දිනවල ග්‍රහ යුද්ධ ලෙස පවසන එක් ග්‍රහ ලෝකයක් තවත් ග්‍රහ ලෝකයක් ආසන්නයට පැමිණීම අපට පෙනේ. ඉතාම මෑතකදී එනම් සැප්තැම්බර් 01 වැනි දින කුජ හා සිකුරු තරු ඉතා ආසන්නයෙන් ගමන් කරනු පැහැදිලිව දැක ගත හැකි විය. ඒ සංසිද්ධිය යනු ග්‍රහ ලෝක දෙක යුද වැදීමක් බව ජේ‍යාතිෂය අනුව හඳුන්වා දී තිබිණි. නමුත් සත්‍ය වශයෙන් සිදුවන්නේ ග්‍රහ ලෝක මුහුණට මුහුණලා සටන් කරන බවක් නොවේ. මෙසේ ආසන්නයෙන් ගමන් කිරීමේදී එක් ග්‍රහ ලෝකයක ආලෝක කදම්බ දුර්වල තත්ත්වයට පත්වෙයි. එවිට ඒ ග්‍රහ ලෝකය පැරැදුණා යැයි අපි කියමු. නැවැතත් ඔක්තෝබර් මස 8 වැනි දින කුජ හා ගුරු යුද වදිති. ඔබටත් එය දැක බලා ගැනීමට හැකි වනු ඇත. ඒවා අවිද්‍යාත්මක යැයි කියන්නට කිසිවකුටත් හැකියාවක් නොවේ.

අප ජීවත් වන විශ්වය පුදුමාකාර වූවකි. අපට සුළඟ පෙනෙන්නේ නැත. එහෙත් සිරුරට දැනේ. විද්‍යුත් ශක්තිය ඇති බව ඔප්පු කළ හැක්කේ විදුලි භාණ්ඩයක් හෝ බල්බයක් ක්‍රියාත්මක කිරීමෙන් පමණකි. ඇසට නොපෙනෙන නිසාම කිසිවක් අවිශ්වාස කිරීම වැරැදිය. එය මනා විචාර බුද්ධියක් සහිතව හැදෑරිය යුතු වෙයි. ජේ‍යාතිෂය බොරු කරන්න පමණක්ම දැඩි තීරණයකට එළැඹ සිටින කිසිවකු එම විෂය මනා ලෙස හැදෑරූ බවක් දක්නට නොලැබේ. එවැනි අදහසක් ඇති අය මුලින්ම කළ යුත්තේ ලංකාවේදී බැරිනම් අසල්වාසී ඉන්දියාවට ගොස් හෝ මනා පරිචයක් ලැබීමය.

අපට හිරු එළියේ පැහැයක් දැකිය නොහැකි නමුත් ප්‍රිස්මයක් තුළින් හෝ වතුර බිඳුවක් තුළින් ගමන් කිරීමේදී වර්ණ හතක් දක්නට ලැබේ. දේදුන්නක් නිර්මාණය වීමේදී ජල බින්දු තුළින් හිරු එළිය ගමන් කරන හෙයින් වර්ණ හතක් දැකිය හැකියි. දේදුන්නේ පාට හතයි' කියන්නේ ඒ හින්දාය. මතකයේ තබා ගැනීමේ පහසුව සඳහා එම වර්ණයන් ඍධ්ඕට්කර්ණීඅ යනුවෙන් කෙටියෙන් හඳුන්වයි. වයලට්, ඉන්ඩිගෝ, නිල්, කොළ, කහ, තැඹිලි හා රතු යන පාට හත මතකයේ තබා ගන්නේ ඒ ආකාරයෙනි. මේ වර්ණ ලැබෙන්නේ කොහොන්දැයි දන්නවාද? 

යම් අන්ධකාර වස්තුවක් මතට ආලෝකයක් පතිත වීමේදී එය පරාවර්තනය වන බව විද්‍යාත්මක සත්‍යයකි. අපට යමක් පෙනෙන්නේ ඒ නිසාය. පරාවර්තනය නොවන්නේ නම් පෙනෙන්නේ නැත. ග්‍රහ ලෝකයන්ටත් එය අදාළ වෙයි. සඳ මත පතිත වන හිරු එළිය පරාවර්තනය වී නැවැතත් පොළොවට පැමිණෙන හෙයින් හඳ එළිය ලැබේ. එය ළා කහ පැහැයෙන් යුක්ත බව අපි දකිමු. එසේ වන්නේ චන්ද්‍රයා අපට ඉතාම සමීපයෙන් පවතින ග්‍රහ වස්තුව නිසාය. අනෙක් ග්‍රහ ලෝකයන් ආලෝක වර්ෂ දහස් ගණනාවක් එපිට පවතින නිසා නිරුවත් දෑසින් පැහැදිලිව නැරැඹිය නොහැකියි. ඒවායින් නිකුත්වන පැහැය පෙනෙන්නේද නැත. එහෙත් කිරණ පරාවර්තනය වන හෙයින් අෑතින් තරුවක් ලෙසින් දිස් වෙයි. වයලට් හෙවත් දම් පැහැය සූර්යයාගෙන්ද, ඉන්ඩිගෝ හෙවත් දම් සහ නිල් අතර පැහැය සිකුරු ග්‍රහයාගෙන්ද, නිල් පැහැය ශනි ග්‍රහයාගෙන්ද, කොළ පැහැය බුධගෙන්ද, කහ පැහැය චන්ද්‍රයාගෙන්ද, තැඹිලි පැහැය බ්‍රහස්පති ග්‍රහයාගෙන්ද, රතු පැහැය කුජ ග්‍රහයාගෙන්ද පරාවර්තනය වෙයි.

අනෙක් වැදගත් කරුණ වන්නේ මිනිස් ඇසට පමණක් නොව කැමරා කාචයකටද අසු නොවන වර්ණ ලොව පවතින බවයි. පාර ජම්බුල යනු තද දම් පැහැයයි. ඒවා පොළොව මත පතිත වන නමුත් දෑසට නොපෙනේ. සිනමා තිරයේදී මහල් දහයක් පහළොවක් උස ගොඩනැඟිලිවලින් බිමට පනින්නේ කඹයක් ආධාරයෙනි. නිකම්ම පැන්නොත් බිමට වැටී බෙල්ල කැඩෙනු ඒකාන්තය. එවැනි අවස්ථාවන්හිදී යොදා ගන්නා කඹයේ වර්ණය කැමරා කාචයකටද සටහන් කර ගත නොහැකියි.

මේ ආකාරයෙන් අපේ නිරුවත් ඇසට පැහැදිලිව නොපෙනෙන කුජ, බුධ, ගුරු, සිකුරු හා ශනි යන ග්‍රහ ලෝක පහෙන් සහ චන්ද්‍රයාගෙන් පරාවර්තනය වන වර්ණ ආලෝක කිරණ සමඟ රවිගේ ආලෝකයෙන් නිකුත් වන වර්ණයද යන වර්ණ හතේ එකතුව හිරු එළිය ආකාරයෙන් අපට දැකීමට ලැබේ. මෙය සම්පූර්ණයෙන්ම විද්‍යාවට අනුකූලය. පාරිසරික දූෂණය නිසා පාරජම්බුල කිරණ වැඩි වශයෙන් පෘථිවියට ලැබීමෙන් මිනිසුන් විවිධ රෝගාබාධයන්ට ගොදුරු වන බව විද්‍යාඥයෝ පවසති. එහෙත් අපට ඒවා පෙනෙන්නේ නැත. එයින් පැහැදිලි වන්නේ අප වටා පවත්නා නොපෙනෙන වර්ණ කිරණ අපේ සිරුරට බලපාන බවයි. එම සත්‍යතාව කිසිවකුටත් බැහැර කළ නොහැකියි. ඒ අනුව අනෙක් ග්‍රහ ලෝකයන්ගෙන් හා හිරුගෙන් අප වෙත එල්ල වන ආලෝක කිරණ අපට බලපාන බව ඉතා පැහැදිලිය.

මෙලොව උපත ලබන මිනිසකු ඇතුළු ඕනෑම සත්ත්වයකුට මේ ධර්මතාව පොදුය. වේගයෙන් භ්‍රමණය වන පෘථිවි තලයේ මිනිසකුගේ හිස බිහිවන ස්ථානයේ සිට පාද බිහිවන ස්ථානය අභ්‍යවකාශයට විවෘත වන්නේ සැතපුම් දසදහස් ගණනක් දුරිනි. ඒ ඒ අවස්ථාවේදී අප එම රාශීන්හි පිහිටි ග්‍රහ ලෝකයන්ගේ කිරණවලට නිරාවරණය වෙයි. හඳහනක ග්‍රහයන් පිහිටුවන්නේ එම සිද්ධාන්තය අනුවය.

ඉන් අනතුරුව මිනිස් සිරුර කෙරෙහි ග්‍රහයන් බලපාන්නේ කෙසේ දැයි යන්න වටහා ගැනීම වැදගත්ය. අප සිරුර ක්‍රියාත්මක වන්නේ විද්‍යුත් තරංග හා චුම්බක තරංග බලයෙනි. විද්‍යුත් කන්තු රේඛනය (ඊ.සී.ජී.) මඟින් හෘදයේ විද්‍යුත් තරංග ගමන් කරන ආකාරයත්, විද්‍යුත් කර්පර රේඛනය (ඊ.ඊ.ජී.) මඟින් මොළයේ විද්‍යුත් තරංග ගමන් ගන්නා ආකාරයත්, විද්‍යුත් පේශි රේඛනය (ඊ. එම්. ජී.) මඟින් පේශීන් තුළ විද්‍යුතය ගමන් ගන්නා ආකාරයත් පරීක්ෂා කෙරේ. ඒවායේ පවතින අසාමාන්‍යතාවන් තීරණය කොට පවතින රෝග තත්ත්වය විනිශ්චය කෙරේ. පූර්ණ හෘද අවහිරය රෝගයෙන් පෙළෙන රෝගියකුට ප්‍රතිකාර ලෙස කෘත්‍රිම විදුලි කෝෂයක් සවි කිරීම කරන බව කවුරුත් දන්නා කරුණකි. එම කරුණු අනුව අප සිරුරේ ක්‍රියාකාරීත්වයට විද්‍යුතය අත්‍යවශ්‍ය බව පැහැදිලි වෙයි. එම්. ආර්. අයි. යන්නෙන් කියැවෙන්නේ මැග්නටික් රෙසොනන්ස් ඉමේජ් යන්නයි. එම පරීක්ෂණයෙන් සොයා බලන්නේ චුම්බක තරංග ක්‍රියාකාරීත්වයයි. එසේ නම් අප සිරුර ක්‍රියා කරවන්නට විදුලිය මෙන්ම චුම්බක ශක්තියද අවශ්‍ය බව අවිවාදාත්මකය.

උපතේදී මෙම තරංග සකස් කිරීමට ග්‍රහයන්ගෙන් නිකුත් වන ආලෝක කිරණ බලපායි. සමහරුන්ට උපතේදීම ආජන්මජ හෘද රෝග ඇති වන්නේත්, සමහර අයට රුධිරය සම්බන්ධ රෝග හටගන්නේත්, තවත් අය මානසික රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන්නේත්, තවත් කොටසක් පේශි දුර්වලතාවන්ට ලක්වන්නේත් මෙම ග්‍රහයන්ගේ කිරණ නිසාය. ඒවා බොහෝමයකට ප්‍රතිකාර නැත. අපි සුළු උදාහරණයක් බලමු. හය වැන්නේ කුජ පිහිටි කාන්තාවෝ ඔසප් දෝෂයන්ගෙන් පෙළෙති. එය විවිධාකාර විය හැකියි. බටහිර වෛද්‍ය විද්‍යාවේදී එම තත්ත්වය හෝමෝන ක්‍රියාකාරීත්වයේ වෙනසක් බවට තීරණ කොට අවශ්‍ය හෝමෝනය ලබා දෙයි. එය මුළු ජීවිත කාලයේම පාවිච්චි කළ යුතුය. ඔෟෂධය නොගත් විට නැවැතත් රෝගී තත්ත්වය ඉස්මතු වෙයි. ඔවුන්ට එය හෝමෝන දුර්වලතාවක් වුවත්, ජේ‍යාතිෂය අනුව එය ගර්භාෂයේ පවතින උෂ්ණාධික බවයි. මූලික රෝග නිදානය වන්නේ උෂ්ණාධික ග්‍රහයකු වන කුජගේ බලපෑමය. ශනි, කේතු යෝගය නිසා ස්නායු දුර්වලතා සහිත දරුවෝ බිහිවෙති. ඒවාටද වෛද්‍ය ප්‍රතිකාර නැත. මෙයින් සනාථ වන්නේ උපදින විට ඇතිවන ග්‍රහ බලපෑම වෛද්‍ය හෝ ශල්‍ය ප්‍රතිකාර මඟින් සුවපත් කළ නොහැකි බවය.

දශා අපලයකදී හෝ ගෝචර අපලයකදී සිදුවන්නේ කුමක් දැයි සලකා බලමු. චන්ද්‍රයා මෝරන විට ඇදුම හා මානසික රෝග උත්සන්න කරන බව වෛද්‍ය විද්‍යාවේදී පිළිගැනේ. එතරම් තදින් මිනිස් සිරුරට චන්ද්‍රයාගේ බලපෑම පැහැදිලිව පෙනෙන්නේ අපට ඉතාම ළඟින් පිහිටි ග්‍රහ ලෝකය චන්ද්‍රයා වන බැවිනි. එම පදනම මත අනෙක් ග්‍රහයන්ගේ කිරණයන්ගෙන් අපට බලපෑමක් නැතැයි කිසිවකුට කිව නොහැකියි. සිරුරේ මනා ක්‍රියාකාරීත්වය පාලනය කරන විද්‍යුත් තරංග හා චුම්බක තරංග මුල් වරට ස්ථාපිත වන්නේ උපදින මොහොතේ සිරුරට ඇතුළු වන ග්‍රහයන්ගෙන් එල්ල වන ආලෝක කිරණ අනුවය.

අපලයකදී සිදුවන්නේ කුමක්ද? සෑමදාමත් සිදුවන ආකාරයට ග්‍රහ ලෝකයන්ගේ ආලෝක කිරණ අප සිරුරට ඇතුළු වන අතර අපලය සිදුවන ග්‍රහ ලෝකයේ කිරණ වැඩි වශයෙන් ඇතුළු වෙයි. එසේ වන්නේ උපතේදී අප ලබා ගත් කිරණ ප්‍රමාණය හා ග්‍රහයාගේ පිහිටීම අනුවය. 6, 8, 12 යන ස්ථානවල සිටි ග්‍රහයන් දැඩි ආකාරයෙන් අපල කරන්නේත් 9 හා 11 යන ස්ථානයන්හි පිහිටි ග්‍රහයන් බරපතළ අපලයක් නොදෙන්නේත් ඒ අනුව. චන්ද්‍රයාගෙන් නිකුත් වන කහ පැහැති ආලෝක කිරණ සෞම්‍ය හෙයින් යහපත් ආකාරයෙන් පිහිටා ඇති චන්ද්‍රයාගේ මහ දශාවේදී සුබ පල ලැබේ. එහෙත් උපතේදී දුෂ්ට ස්ථානගතව පිහිටි විට ලැබෙන්නේ අයහපත් පලය.

සෙනසුරරු ඒරාෂ්ටකයකදී හෝ ශනි මහ දශාවකදී කළු පැහැයට හුරු නිල් පැහැය සහිත හෙවත් තද නිල් පැහැය සහිත කිරණ වැඩි වශයෙන් අපේ සිරුරට ඇතුළු වෙයි. ඒවායේ බලපෑම නිසා සිරුර තුළ පවත්නා ජෛව ක්‍රියාවලිය සඳහා මූලික දායකත්වය ලබා දෙන විද්‍යුත් හා චුම්බක තරංගයන්ගේ වෙනස්කම් ඇති කරයි. එම නිසා නිවැරැදි තීන්දු තීරණ ගැනීමේ අපහසුතාවක් ඇතිවෙයි. මෑතකදී දුම්රියක් ළඟ ළඟම එද්දී පාර මාරු වීමට ගිය උගත්, බුද්ධිමත් තරුණියක් පය පැටලී බිම වැටීමෙන් සිදුවීමට ගිය මරණයෙන් බේරී ඇත්තේ අසල සිටි පිරිස් විසින් ඉවතට ඇදගන්නා ලද හෙයිනි. එම සිදුවීමෙන් පසුව මා හමුවට පැමිණි ඇය ජන්ම හා ලග්න ඒරාෂ්ටක ද්විත්වයෙන්ම පීඩාවට පත්ව සිටි බව දැන ගත හැකි විය. ඇය පැවැසුවේ කෝච්චිය දුටු නමුත් පැමිණීමට පෙර පාර මාරු වීමට පුළුවන් බව සිතට දැනුණු බවය. රාහු මහ දශාවක් ඇත්තෝ රැකියාවේ කරදර ඇති කර ගනිති. පාසල් යෑම එපා වෙයි. හිතුවක්කාර, මුරණ්ඩු ගතිපැවැතුම් දැකිය හැකියි. මේ සියල්ලක්ම සිදුවන්නේ මොළයෙහි විද්‍යුත් තරංග අවුල් වීමෙනි. පරීක්ෂණ මඟින් ආවරණය කර ගත නොහැකි රෝග සෑදෙන්නේද මේ නිසාය.

22 වැනි දෙර්කාණාධිපති වන ශනි 11 වැන්නේ සිටි පුද්ගලයකු එම මහ දශාවේදී හදිසියේම දෙපා පණ නැතිව ගොස්, ශ්වසන අපහසුතාව නිසා හුස්ම ගැනීමට නොහැකිව රෝගාතුර වීමෙන් රෝහල් ගත කෙරිණි. වෛද්‍ය පරීක්ෂණ වාර්තා අනුව කිසිදු රෝග තත්ත්වයක් ඇතැයි නිශ්චය කර ගත නොහැකි විය. දැඩි සත්කාර ඒකකයට ඇතුළු කළ ඔහු ජීවිතය රැක ගත්තේ කෘත්‍රිම ශ්වසන උපකරණ ආධාරයෙනි. පසුව ජේ‍යාතිෂය අනුව නිසි පිළිවෙත් හා ප්‍රතිකර්ම නිවැරැදිව ඉටු කිරීමත් සමඟම දැඩි සත්කාර ඒකකයෙන් නිදහස්ව සාමාන්‍ය වාට්ටුවක ප්‍රතිකාර ලබා සීයට අසූවකින් පමණ ගුණ අත්විය. අතිශයින් දියුණු බටහිර වෛද්‍ය ක්‍රමයක් හා සූක්ෂ්ම රෝග නිශ්චය උපකරණ ඇති වර්තමානයේ මෙම රෝගය හරියාකාර විනිශ්චය කොට ඔෟෂධ ලබා දී සුවපත් කිරීමට නොහැකි වූයේ ඇයි? ග්‍රහයන්ගෙන් පැමිණෙන අපල උපද්‍රව කිසිදු උපකරණයකට හසු නොවන නිසා බව අපක්ෂපාතීව සිතන්නකුට වැටහෙනු ඇත. මෙවැනි සුව නොවන රෝග තත්ත්වයන්ට නියම හේතුව නිවැරැදිව තීරණය කළ හැක්කේ ජේ‍යාතිෂයෙනි.

මේ තත්ත්වය සත්‍යයක් දැයි විද්‍යාත්මකව පරීක්ෂා කිරීමට අතිවිශාල මුදලක් වැය කිරීමට සිදුවෙයි. ජේ‍යාතිෂයේ උන්නතිය සඳහා එවැන්නකට ඉදිරිපත් වන කෙනකු සොයා ගත නොහැකි වෙයි. ඉහත සඳහන් කළ ආකාරයට ශනි 11 වැන්නේ සිටින පුද්ගලයකුට ශනි මහ දශාවක් ආසන්නයේදී, නිරෝගීව සිටින විට ලබා ගන්නා ඊ.ඊ.ජී., ඊ.එම්,ජී. හා එම්.ආර්.අයි. ස්කෑනින් ආදී පරීක්ෂණ සිදු කොට අපල කාලයකදී නිශ්චය කළ නොහැකි රෝග තත්ත්ව උද්ගත වූ විට නැවැතත් එම පරීක්ෂණ සිදුකොට ඒවා පිරික්සීමෙන් ග්‍රහ අපලය විද්‍යාත්මක සත්‍යයක්ය යන අදහස සනාථ කළ හැකිය.

ජේ‍යාතිෂවේදී චන්ද්‍රසිරි සී. කළුබෝවිල

Share This Article