පෙරමග නිමිති ගැන ඔබ සැළකිලිමත්ද?

පෙරමග නිමිති ගැන ඔබ සැළකිලිමත්ද?

සුබ පල ගෙන දෙන පෙර නිමිති :

සුදු ඇඳුම් ඇද ගත් කන්‍යාවන්, එළදෙනුන්, රන් රිදී, මුතු පබළු, කස්තුරි ගෝරෝචන, සඳුන්, කැඩපත් මල් විකුණන ස්ත්‍රීන්.

ප්‍රාර්ථනා ඉෂ්ට වන පෙර නිමිති :

වතුර කළය පුරවා ගෙන දිය ගෙන එන ස්ත්‍රීන්, දරුවන් වඩාගත් ස්ත්‍රීන්, දෙමාපියන්, නෑදෑ හිතවතුන්, විවාහ නොවූ තරුණිය, පතිදම් රකින බිරිඳ

සුබ ශබ්ද පෙර නිමිති :

ඩෝල්කි, උඩැක්කි, වීනා, සත් බෙර

අභිමතාර්ථයන් ඉටු වීමේ පෙර නිමිති :

කඩ, කොඩි, සේසත්, පටපිළි, ඇඳගත් ස්ත්‍රීන්. අභිමතාර්ථයන් පමණක් නොව නිවැසියන්ගේ ආයු වැඩීමට, නිරෝගී සම්පත් වර්ධනයට මෙය හේතුවේ.

ධනය, සැප, බලය ලැබීමේ පෙර නිමිති :

සුදු ගොනෙකු, සුපිපි නෙළුම් මල්

තවත් සුබ පල ගෙන දෙන පෙර නිමිති :

මාල පැලද ගත් දැරියන්, මද වැස්ස

අනේක බාධා ගෙන දෙන පෙර නිමිති :

සර්පයින්, සර්ප හැව, දහයියා, අඟුරු, ලුනු, තෙල් බෙහෙත්

අපල ඇති කරවන පෙර නිමිති :

කපු, අසූචි

දුක් වේදනා ගෙන දෙන පෙර නිමිති :

ලෙඩ සෑදුනු තැනැත්තා, මත්පැන් බීපු මිනිසා, නිරුවත් උමතු අය, හිස මුඩු කර ගත් අය (භික්ෂූන් වහන්සේලා නොවේ)

දුක් කන්දරාවකට මුහුණ දෙන පෙර නිමිති :

දෑ දරමිටි රැගෙන එන අය, රණ්ඩු දබර කර ගන්නන්, ඇවිලෙන ගින්දර, දුම් ගසන දේ හෝ ගිනිගෙන දැවෙන දේ

ජනමාධ්‍යවේදී ජ්‍යොතිෂ්‍ය වාස්තු විද්‍යා උපදේක, ධර්මාචාර්ය විද්‍යාජෝති ධර්ම බන්දු දේශ කීර්ති සාම විනිසුරු (මුළු දිවයිනට) ජ්‍යොතිර් විද්‍යා කීර්ති ලංකා පුත්‍ර ප්‍රේමසිරි කහඳවලආරච්චි, 252/1, පුලිනතලාරාම පාර, මාගම්මන, රාගම.

Share This Article

Back