සිහිනවල දැවටී එන ජීවිතයට බලපාන දේ

එදිනෙදා ජීවිතයේදී නින්ද සමඟ අපට ලැබෙන සිහින ගැන අප දක්‌වන්නේ අඩු උනන්දුවක්‌. මන්ද සිහිනයක්‌ යනු සිහිනයක්‌ම යෑයි අප අතර ඇති විශ්වාසය නිසා. නමුත් මෙම සිහින වල විශාල අර්ථයක්‌ තිබෙනවා. ඒ නිසා අපි සිහිනවල අර්ථය මොනවගේද කියා දැන ගනිමු.

හදිසි අනතුරක්‌

හදිසි අනතුරක්‌ සිහිනයෙන් දැකීමේ අර්ථය වන්නේ ඔබගේ අවධානය ඔබ නොසිතන දෙයකට යොමුකළ යුතුව ඇති බවයි. උදාහරණයක්‌ ලෙස ඔබ සිහිනයෙන් දුටුවේ තමන්ව හදිසි අනතුරකට ලක්‌වෙන වානම්, එය ඔබේ ශරීරයේ ආබාධයක්‌ ඇති බව ඉඟිකරයි. එම නිසා වහාම වෛද්‍ය පරීක්‍ෂාවකට ලක්‌වීම නුවණට හුරුයි.

අනාචාරයක්‌

ඔබ ඔබේ සැමියාට හෝ බිරිඳට ද්‍රෝහි වන අයුරු සිහිනෙන් දුටුවානම් එහි තේරුම වන්නේ “කෙනෙක්‌ව පමණට වඩා විශ්වාස කිරීමේදී සැලිකලිමත්වන්න” යන්නයි. ඔබගේ ජීවිතයට අලුතින් එක්‌වන මිතුරන් ඔබටද්‍රෝහි වනු වනු ඇත.

ගුවන් යානයක්‌

ගුවන් යානයක්‌ සිහිනෙන් දුටුවා නම් එමගින් හඟවනු ලබන්නේ ඔබගේ සිතේ නිර්මාණශීලිත්වය අධික බවයි. එසේම යම් කිසි දෙයක්‌ හෝ කෙනෙක්‌ ගැන ඔබ මෙතෙක්‌ සිතාසිටි ආකාරය වැරදි බව ළඟදීම දැනගැනීමට හැකිවෙනු ඇත.

සතෙක්‌

කැලෑ සතුන් සිහිනයෙන් දුටුවානම් එම පුද්ගලයාගේ වෙළෙඳ ව්‍යාපාරික කටයුතු සාර්ථක වෙයි. නමුත් මෙම කැලෑ සතුන් ඔබට තර්ජනය කරනු හෝ එකිනෙකා සමඟ පොරකාගනු දුටුවේ නම් රැකියා ස්‌ථානයේ ප්‍රශ්න ඇතිවිය හැක. දුවන අශ්වයන් සිහිනෙන් දැකීම තරගයකින් ඔබ පරාජය විය හැකි බව දන්වයි. නමුත් සුරතල් සතුන් සිහිනෙන් දැකීම විශේෂ අර්ථයක්‌ නොදක්‌වයි.

දුක්‌ තැවුල්

ඔබ දුකින් සිටිනවා සිහිනයෙන් දුටුවා ද? එසේ නම් නම් එහි අර්ථය ඔබට උරුමව තිබූ දුක්‌තැවුල් ඇති නම් ඒවා ඔබගෙන් ඉවත් වන බවයි. ඉතා හොඳ සිහිනකි.

පක්‍ෂීන්

හොඳ අර්ථවත් සිහිනයකි. මෙයින් කියෑවෙන්නේ වාසිදායක යම් දෙයක්‌ ඔබට උරුම බවයි. නමුත් සිහිනයෙන් දකින පක්‍ෂියා අනුව මෙය වෙනස්‌ වේ. ලස්‌සන කුරුල්ලෙක්‌ සිහිනෙන් දුටුවහොත් වාසනා ශක්‌තිය අධික වෙයි. අලුත් අවස්‌ථාවන් උදාවනු ඇත. දියුණුවේ ඉහළටම යා හැක. පියාඹන පක්‍ෂීන් දැකීමේ අර්ථය ඔබේ විජයග්‍රහණය වැඩි ඈතක නොවන බවයි. පක්‍ෂීන් දෙවියන්ගේ දූතයන් ලෙස සැලකේ. එසේම උන් කීර්තියේද සංකේතයන්ය. ඔබගේ නිර්මාණශීලි අදහස්‌ ඵල ගැන්වෙන බවද පක්‍ෂීන් සිහිනෙන් දැකීම මගින් ඉඟි කරයි.

උපුටා ගැනීම දිවයින

Share This Article

ජේ‍යාතිෂය බඩගෝස්තරයක්ද?

අද ශ්‍රී ලංකාවේ ජේ‍යාතිෂ පුනරුදයක් ඇතිවී තිබේ. පෙර කිසිම කලකට වඩා ජේ‍යාතිෂ චැනලින් වැඩිවී ඇත. දැනට දශක දෙකක පමණ පෙර සිට...

ජීවිතයම බලාගන්න හතරවැන්න තේරුම් ගන්න

~කම්මං සත්තේ විභජති යදිදං හීනප්පණිත්තාය~ පුද්ගල වෙනස්‌වීම්වලට හේතුවන්නේ පෙර ආත්ම භවයන්හි කළ කර්ම ශක්‌තීන් බව බුදුන්වහන්සේ දේශනා කළ සේක. කේන්ද්‍ර සටහනක හතරවැන්න...

හොයන සල්ලි ඉතුරුවක් නැද්ද මෙන්න ආදායම් දෙගුණ කරන ක්‍රමයක්…

එදා ජීවන වියදමත් අද ජීවන වියදමත් අහස පොළොව මෙන් වෙනස් වෙමින් තිබේ. එහෙයින් සියලු ජනයාට ඉතිරි කිරීමට නොව ලැබෙන මුදල අවශ්‍යතා...

එන විදියකට මුහුණ දෙන මිථුන ලග්නයෙන් උපන් ඔබ ගැනයි මේ

කන්‍යා ලග්නය හැරුණු විට මිනිස් රූප මගින් සංකේතවත් වන එකම රාශිය වන මිථුනය සංකේතවත් කරන්නේ පෙම් යුවළකි. නර රාශියක් වූ මිථුන...

අපල දුරු කරගන්න හොඳම මග

ශනි අපල, කුජ අපල, රාහු අපල, කේතු අපල විදියට අපි දකින්නේ තමන්ගේම පව්වල විපාක මිස වෙනයමක්‌ නොවෙයි. මිනිහෙක්‌ ජීවත්ව ඉද්දී පෙර...

තහනම් ආදරයකට හිත ඇදෙන නාරි දේහ ලක්‍ෂණ

ඉසිවරු පැරැණි තල්පත් ඉරුවල ස්‌ත්‍රියකගේ දේහ ලක්‍ෂණයන් හඳුනා ගැනීමේ හා පලාපල කීමටද දේහ ලක්‍ෂණ විද්‍යාව උපයෝගී කොට ඇත. ඒ දේහ ලක්‍ෂණයන්...