රාජ්‍ය පාලකයන් සහ ප්‍රභූවරුන් වසඟ කරවන ජය සිකුරු රාවණා රාජ වශී යන්ත්‍රය
මෙය පැලඳ ගැනීම තුළින් තමාට වඩා උසස් අය හා රාජ්‍ය පාලකයන්ද ප්රභූවරුන්ද තමාට වසඟවීම, නම්‍යශීලීවීම, තම අදහස අනුමත කිරීම, එකඟවීම, තම බස පිළිගැනීම හා ලාභ සත්කාර ලැබීම සිදුවේ. එමෙන්ම රාජ්‍ය සභාවේදී, විවාදයේදී, මහජනයා ඇමැතීමේදී තමාට ජය ලැබෙයි. අත්දුටු සත්‍ය යන්ත්‍රයකි.
යන්ත්‍රය ඇඳීම :
ද්විත්ව රේඛාවෙන් ඇඳ, ත්‍රිශූල පිහිටුවා මැද "නම" ලියන්න. ග්රාහකයාගේ සුබ නැකැතට හා පාක්ෂියා රජ කරන වේලාවක තඹ හෝ රත්රන් තහඩුවක ඇඳීම, පන්හිඳට සුවඳ දුම් අල්ලවා - පුන්කළසක් හා සරස්වතී දේවියගේ රූපයක් මේසය මත තබා පහන් දල්වා මරුවාට පිටුපා පරමාර්ථය අධිෂ්ඨාන කර ආරම්භ කළ යුතුය.
ජපාරම්භය සඳහා මඩුවක් හෝ සුදුසු කාමරයක් තෝරාගෙන සිවු අධිපතීන් සඳහා යහන් සතරක් සාදා උඩුවියන් බැඳ පුන්කළස් හතරක් මැදිකර ගත් යන්ත්‍ර ආසනය, මල්, බුලත්, පුවක් මල්, කපුරු, පිනිදිය, හඳුන්කූරු, ආදියෙන් අඩු නොකොට, කැවිලි වර්ග 07, පලතුරු වර්ග 07, ගිතෙල් 1/2, මීපැණි, උක්හකුරු, හබල පෙති, තම්බාපු කඩල, පස්ගෝරස, යහන මත තබා පොල් ගෙඩි 01, තැඹිලි ගෙඩි 01, පොල්තෙල්, අබතෙල්, පස්තෙල්වලින් පහන් 02 බැගින් දල්වා, ලදපස් මල්, යහන මත ජප භූමිය තුළ විසුරුවා කිලිහරණ සාදා ජපයට ලෑස්ති විය යුතුය.
ජප කාලය තුළ ඇඳුරු තෙමේ දිනපතා ස්නානයෙන් පිරිසුදුව, ස්ත්‍රී සංවාසයෙන් තොරව, කිලිකුණු ආහාර පාන වර්ගවලින් මිදී, සැහැල්ලු එළවළු වර්ග පමණක් යැපීම හා දිනපතා උදය හා සවස යන්ත්‍ර ජප කිරීම කළ යුතුය.
ජප ආරම්භයට සර්ව දිෂ්ටි, සර්ව යන්ත්‍ර, මන්ත්‍ර දිෂ්ටි, දේව දිෂ්ටි ආදී පොදු දිෂ්ටි භාවිත කළ හැකිය.
එසේම සරස්වතී දිව්‍යාංගනාව ප්‍රධාන කර සියලු දේව ස්තෝත - කච්ච ආදිය ජපකිරීම සුදුසුය.
ජපයට පළමු කස්තුරි, ගෝරෝචන, කුංකුමප්පු, සුදුහඳුන් යන මේවා හඳුන් තෙලෙන් අඹරා යන්ත්‍රය කළුමැද නව පොට අඹරා කන්‍යා හුයෙන් යන්ත්‍රය වෙළා ගත යුතුය.
ජපය :
ඕං අච්චිලක්කට්ටි තෝඩා පච්චිලක්කට්ටි තෝඩා අඩා බල තෝඩා බල විෂ්ණු බල කදිර බල මා බල, මාගේ ගුරුන් බල, බුද්ධ බල, මුනි බල, මාගේ මූණ බලා නැමි නැමි වර වර ඒ ස්වාහ--.
ඕං හංතානී සහංතානී භගවතානී ඉරිට්ටි ඒ ස්වාහ--
ඕං බුද්ධ බලා, මා බලා, මාගේ මූණ බලා නැමි නැමි වර වර ඒ ස්වාහ--
1008 වරක් - ජපකොට පැලඳ ගැනීම යහපති.
මව්බිම
වාලම්පුරි ගැන කතා කරන විට සියල්ලන්ටම පාහේ මතක් වෙන්නේ වාසනාවයි. මන්ද වාලම්පුරියක් ළඟ තබා ගැනීමෙන් වාසනාව සෞභාග්‍ය ඇති වන බව කාගේත්...
නව යොවුන් වියට පත්වන විට තරුණ ඔබට විවාහය ගැන උනන්දුවක් ඇතිවීම ස්වාභාවිකය. කායිකව පමණක් නොව මානසිකවද පරිවර්තනයකට ලක්වන මෙම වයසේදී විවාහයට...
දරුවන් නොමැති යුවළකගේ ශාරීරික දුබලතාවන් දුරු කරවන දරුපල හිමිකරුවන පහසු කෙම් පිළිවෙත් රැසක් අතීතයේ පැවැතුණි. අතුරු ආබාධවලින් තොරව පහසුවෙන් කරගත හැකි...
“ලෝකය රඟමඬලකි. අපි එහි නළු නිළියන් වෙන්නෙමු” යෑයි ලෝක ප්‍රකට නාට්‍ය ශිල්පියෙකු වූ විලියම් ෂේක්ස්පියර් පවසා තිබේ. ඇත්ත වශයෙන්ම සමාජයේ විවිධ...
විශ්ව කේන්ද්‍ර ක්‍රමයට අනුව කන්‍යා ලග්නය රාශි චක්‍රයේ හයවැනි රාශිය හැටියට සැලකෙයි. ලග්නාධිපති ග්‍රහයා වන්නේ බුධය. බුධ ග්‍රහයා මිථුන හා කන්‍යා...
ස්ත්‍රියකට මායම් 64ක් ඇති බවත් ඒවා තමන්ගේ යම් යම් අවස්ථාවන්ට උපයෝගී කර ගන්නා බවත් ජනවහරේ මතයකි. මෙහි සත්‍යයක් තිබේ. ස්ත්‍රී අංග...