දෙවියන්ට පහන් දැල්වීම සහ දේව දඬුවම්

දෙවියන්ට පහන් දැල්වීම සහ දේව දඬුවම්

අප සමාජය තුළ සිටින බොහෝ දෙනා දෙවියන් විශ්වාස කරන අතර එයින් සමහරෙක් දෙවියන්ගේ පිහිට පතා දෙවියන්ට පහන් දැල්වීමක් තමන්ගේ නිවෙස තුළ හෝ නිවෙසින් පිටත සිදු කරයි. බොහොමයක් දෙනා මෙය සිදු කරන්නේ නිසි අවබෝධයකින් තොරව වන අතර මෙයින් ඇතිවන අහිතකර බලපෑම් නිසා දෙවියන්ගේ පිහිට වෙනුවට අමනුෂ්‍ය බලපෑම් හේතුවෙන් නොයෙක් කරදරවලට මුහුණ පෑමට සිදුවනු ඇත. මුලින්ම මන්ත්‍ර විද්‍යාවට අනුව අප අදහන දේව කොටස් දෙකකට වර්ග කළ හැකිය. එනම් දේව සමාගමේ පින් ගන්නා දෙවියෝ සහ දේව සමාගමේ පින් නොගන්නා දෙවියන් වශයෙන්ය. මෙම දේව සමාගමේ දෙවියන් එකම යහනේ පුද ලබන අතර ආකාසට්ටාච බුම්මට්ටා යන දෙවියන්ට පින් දීමේදී සාමූහික වශයෙන් මෙම දේව කොටස් පින් ලබා ගනී. එක පහනක් දල්වා වුවද දේව සමාගමට සම්බන්ධ සියලු දෙවියන්ට ආරාධනා කිරීමේ හැකියාවක් ඇත. එපමණක් නොව මෙම දෙවියන්ට දින පතා නිවෙස තුළ වුවද පහනක් දැල්වීමට හැකියි. නමුත් ඉතාමත් පිරිසුදු ආකාරයෙන් නිවෙස තබා ගත යුතු අතර නිවෙසේ ජීවත් වන අයද පිරිසුදු කිලි කුණුවලින් හා හරක් මස් අනුභවයකින් තොරව ජීවත් විය යුතුයි. දේව සමාගමට අයිති දෙවියන් දඬුවම් දීම් සිදු නොකරන අතර තමන්ට කැමැති විටක පවා පහන් දැල්වීමට නැවැත්වීමට හැකිවෙයි. යම් අත් වැරැද්දක් සිදුවන්නේනම් දේව බැල්ම නොවැටීම පමණක් මෙහිදී සිදු වෙයි. නමුත් දේව සමාගමේ දෙවියන්ට නිවෙස තුළ පහන් දල්වා කරදර පැමිණි විට පහන දැල්වීම නැවැත්වීමෙන් තිබූ කරදර දෙගුණ තෙගුණ වූ බැව් ඇතැමෙක් සිදු කරන චෝදනාවයි. එය සිදුවන්නේ දේව සමාගමේ දෙවියන් කෝප වීමෙන් නොවේ. දෙවියන්ට පහන් තබා නිවැරැදි ලෙස දෙවියන්ට ආරාධනා නොකරන්නේ නම් එනම් අදාළ දෙවියන්ට පහන කැප නොකරන්නේ නම් පහත් භූත කොටස්වල බැල්ම එම පහනට වැටෙනු ඇත. ඇතැම් විට මුලදී උදවු උපකාර මෙම අයගෙන් ලැබිය හැකි නමුත් නිවෙස අඳුරු වීම, දුර්ගන්ධයක් ඇතිවීම, දියුණුව අඩාල වීම වැනි කාරණා පසුව මෙහිදී බල පවතී. මෙම විට පහන දැල්වීම නැවැත් වීමෙන් මෙම පහත් භූත කොටස් කරදර කරනු ඇත. මෙම භූතයන් පොල් තෙල් පහන් ආලෝකයට ඉතාමත් ප්‍රියතාවක් දක්වයි. නමුත් නියමිත ලෙස දෙවියන්ට කැප වූ පහනත් කැප ගැනීමට භූතයන්ට හැකියාවක් නොමැත. මන්ත්‍ර ස්තෝත්‍ර නොදන්නේ නම් අඩුම තරමේ දෙවියන්ගේ නම කියා මෙම පහන ඔබ වහන්සේගේ නමට කැප වේවායි කැප කරන විට පහත් භූත කොටස්වලට එම පහනට පැමිණීමට නොහැකියි. නමුත් අදාළ දෙවියන්ගෙන් වරම් ගත් ඥාති දේවතාවෙක්ට එම පහන කැප ගැනීමට හැකියාවක් පවතී. එවිට අසුබ බලපෑම් ඇති නොවේ. දේව සමාගමට අයිති දෙවිවරු වශයෙන් විෂ්ණු දෙවියෝ, කතරගම දෙවියෝ, පත්තිනි මෑණියන්, සරස්වතී මෑණියන්, සමන් දෙවියෝ, ගණ දෙවියෝ, විභීෂණ දෙවියෝ, නාථ දෙවියෝ යන දෙවිවරු ලංකාවේ අදහන ප්‍රමුඛ පෙළේ දෙවියන්ය. නමුත් විභීෂණ දෙවියන්ට නිවෙසින් පිටත පහන් දැල්වීමක් සිදුකළ යුතුවෙයි. දේව සමාගමේ පින් නොගන්නා දෙවිවරු වශයෙන් සූනියං දෙවියන්, කඩවර දෙවියන්, කාලි මෑණියෝ, අයියනායක දෙවියෝ, ගලේ බණ්ඩාර දෙවියෝ, වීර මුණ්ඩ දෙවියෝ යන දෙවිවරු ප්‍රධාන වෙති. මීට අමතරව ප්‍රාදේශීය වශයෙන් අදහන රන්වල දෙවියන් වැනි දේව කොට්ඨාසද මේ අතර වෙති. මෙම අයට නම් කියා පින්දිය යුතු අතර නැතිනම් මෙම දේව කොට්ඨාසය දේව සමාගමට අනුමෝදම් කරන පින් ලබා නොගනී. නමුත් දේව සමාගමට අයිති නොවන දැඩිමුණ්ඩ දෙවියෝ දේව සමාගමේ පින් ගන්නා බව පැරැණි ඇදුරන්ගේ මතයයි. මෙම අයට නිවෙසින් පිටත පහන් දැල්වීම සිදු කළ යුතුයි. එපමණක් නොව මෙම අයට පහන් දැල්වීමේදී එම කටයුත්ත නොකඩවා සිදු කිරීම වැදගත්ය. අනවශ්‍ය භූත කොටස්වල බලපෑම්වලින් මිදී ඔබට අවශ්‍ය දෙවියන්ගේ පිහිට ආශීර්වාදය ලබා ගැනීමට පහත මන්ත්‍රයෙන් දෙවියන්ට ආමන්ත්‍රණය කරන්න.

මා මේ ඕං ගුරුභ්‍ය නම--ඕං පරම ගුරුභ්‍ය නම--ඕං පරා පර ගුරුභ්‍ය නම--ඕං පරමේෂ්ටි ගුරුභ්‍ය නම--දක්ෂිනේ ඕ-- ගනේශාය නම--උධ-- ඕං බ්‍රාහ්මණ නම--අධ-- ඕං අනතාය නම--මධ්‍යම් ඕං (දෙවියන්ගේ නම) නම--

පහන් තැබීමට දෙවි දේවතා කොටස්වල බැල්ම වැටෙන බලවත් වේලාවන්. මෙය දිවා රාත්‍රි දෙකටම යෙදේ.

06.48 - 7.12  සූනියන් යකා07.12 - 7.36  කඩවරයා08.08 - 8.24  භද්‍ර කාලී10.00 - 10.24  සූනියම් දෙවියන්10.24 - 10.48  දැඩිමුණ්ඩ දෙවියන්10.48 - 11.12  කතරගම දෙවියන්11.36 - 12.00  පත්තිනි මෑණියන්12.00 - 12.12  සරස්වතී මෑණියන්12.12 - 12.24  විෂ්ණු දෙවියන්01.00 - 01.24  සමන් දෙවියන්01.24 - 01.48  විභීෂණ දෙවියන් 

මෙම වේලාවන් දැනට භාවිත වන ඔරලෝසු වේලාවෙන්. නමුත් උදේ 6.00ට ඉර උදා වෙන බව සැලකිල්ලට ගෙන මෙම වේලාවන් දක්වා ඇත. ඔබත් දෙවියන්ගේ පිහිට ආශීර්වාදය පතන අයෙක් නම් මෙම වේලාවන්වලට දෙවියන්ට නියමිත ලෙස ආරාධනා කර නිවැරැදි දෙවියන්ගේ පිහිට ආශීර්වාදය ලබාගන්න. සැමට සියලු දෙවියන්ගේ පිහිට ආශීර්වාදය ලැබේවා.

ජේ‍යාතීර් විද්‍යාපති  ජී.ඩී. අසංක වීරසිරි මව්බිම

Share This Article

මුහුණේ හැඩයෙන් සහකරු හඳුනා ගනිමු

මුහුණ කෙනෙකුගේ චරිත ලක්‍ෂණ කියාපාන කැඩපතක්‌ යනුවෙන් දේහ ලක්‍ෂණ විද්‍යාවේ සඳහන් වේ. මේ අනුව යුවතියකට ඇයට හිමි සහකරු කෙබඳු අයෙක්‌ද යන්න...

ඔබේ ආත්මීය සහකරු  තවමත් හමු වූයේ නැද්ද?

ඔබට තවමත් බඹා කෙටූ කෙනා හමුවූයේ නැද්ද? විවාහ ලාභී දරුන් සිටින දෙමවුපියන් නිතර පවසන දෙයක්‌ තමයි අපි කොච්චර හෙව්වත් හරියන්නේ නැහැ....

මේෂ ලග්නයේ ග්‍රහ ගමන

තම දශා කාලයන්හිදී එක එක ලග්නයට විශේෂිත වූ ශුභ හා අශුභ පල දෙන ග්‍රහයන් පිළිබඳව විස්‌තර ජ්‍යෙතිෂ්‍ය ග්‍රන්ථවල සඳහන් වේ. මෙම...

උපන් ලග්නයට අනුව ඔබේ පලාපල - 2

ජ්‍යෙතීර් විද්‍යාව නිර්මිතව ඇත්තේ නිවැරැදි පලාපල කීම මතයි. ග්‍රහයන්ගේ බල දුබලකම් හා භාව බලයෙන් සිටින ග්‍රහයන් ගැන විශේෂයෙන් දැනුවත් විය යුතු...

ධනවත් වීමට දැඩි රුචිකත්වයක් ඇති කන්‍යා ලග්න හිමියන්

මෙලොව උපදින ඕනෑම කෙනකුට පළමුවෙන් හිමිවන්නේ ලග්නයයි. ඔහුට හෝ ඇයට නමක් පවා හිමි වන්නේ ලග්නය ලැබීමෙන් පසුයි. කෙනකු උපදින මොහොතේ නැඟෙනහිර...

නැකත් වලින් හෙළිවන ඔබගේ ගතිගුණ

ජ්‍යෙතිෂ ශාස්‌ත්‍රාණුකූලව නැකත් 27 ක්‌ පමණ ඇති අතර ඉපැරණි “මානසාගරී” ජ්‍යෙතිශ ග්‍රන්ථයට අනුව නම්, නැකත් 28 කි. අස්‌විද, බෙරණ, කැති, රෙහෙණ,...