වාලම්පුරියේ වාසනාවෙන් පරෙස්සම් වන්න
වාලම්පුරි ගැන කතා කරන විට සියල්ලන්ටම පාහේ මතක් වෙන්නේ වාසනාවයි. මන්ද වාලම්පුරියක් ළඟ තබා ගැනීමෙන් වාසනාව සෞභාග්‍ය ඇති වන බව කාගේත් විශ්වාසයයි. වාලම්පුරියක් යනු දක්ෂිණාවෘත බෙල්ලෙකි. වාලම්පුරියක් හක්ගෙඩියකින් වෙනස් වන්නේ සාමාන්‍ය හක්ගෙඩියක් වාමාවෘතව කැරැකී තිබීමත් වාලම්පුරිය දක්ෂිණාවෘතව කැරැකී තිබීමෙන්ය. නමුත් මෙම වාසනාවට මූලික වන්නේ ස්ත්‍රී වාලම්පුරියයි. මෙයට ලක්ෂ්මී වාලම්පුරිය යනුවෙන්ද හඳුන්වනු ලබයි. ජීවී සියල්ලකම ස්ත්‍රී පුරුෂ භේදයක් පවතින අතර මෙම බෙල්ලන්ගේද ස්ත්‍රී පුරුෂ භේදය අනුව ස්ත්‍රී වාලම්පුරි සහ පුරුෂ වාලම්පුරි යනුවෙන් වර්ග 2කින් සමන්විත වෙයි. පුරුෂ වාලම්පුරිය විෂ්ණු වාලම්පුරිය කියාද හඳුන්වනු ලබයි. අප සමාජය තුළ වාලම්පුරියක් තිබුණු පළියට වාසනාව පැමිණෙන බවට මතයක් තිබුණද සැබැවින්ම එය එසේ නොවේ. එයට මන්ත්‍ර ශාස්ත්‍රය භාවිත කර බලයක් කාවැද්දිය යුතුයි. නැත්නම් එහි ඇති කිසිම වාසනාවක් නොවේ. ජීවම් කර ළඟ තබා ගන්නා වාලම්පුරියට උදේ සවස නිවැරැදි වත්පිළිවෙත් සිදු කළ යුතු අතර හඳුන් තෙල් ගැල්වීම සුවඳ දුම් ඇල්ලීම සිදු කිරීම කළයුතු අතර ස්ත්‍රී වාලම්පුරියක් නම් ලක්ෂ්මී මෑණියන්ට පහනක් දල්වා එම යහනේ වාලම්පුරිය තැන්පත් කළ යුතුයි. විෂ්ණු වාලම්පුරියක් පමණක් ඔබ සතුව ඇත්නම් එම වාලම්පුරිය නිවෙස තුළ තබා ගැනීම යෝග්‍ය නොවන අතර නිවෙසින් පිට දේව මන්දිරයක එය සුරක්ෂිත අයුරින් තැන්පත් කළ යුතුය. විෂ්ණු වාලම්පුරියක් පමණක් නිවෙස තුළ තැන්පත් කිරීමෙන් එයින් ඔබට දෙවි ඇති වීමටද හේතුවන කරුණකි. විෂ්ණු වාලම්පුරියක් ළඟ තබා ගන්නේ නම් ලක්ෂ්මී වාලම්පුරියක් සමඟ එක යහනේ නිවෙස තුළ එය තැන්පත් කළ යුතුයි. එයින් ඔබගේ වාසනාව දෙගුණ වෙයි. දක්ෂිණාවෘත පිරිමි වාලම්පුරියකින් ස්ත්‍රී වාලම්පුරියකට වඩා නපුරු අන්දමේ හාස්කම් පෙන්වන ක්‍රම ගණනාවක් මන්ත්‍ර ශාස්ත්රයේ උගන්වා ඇත. මෙය සාමාන්‍ය පුද්ගලයන්ට නුසුදුසු ක්‍රියාවක් වන අතර දක්ෂ යකැදුරන් පමණක් කළ යුතු කටයුත්තකි. රාම ශැරය නම් මන්ත්‍රයෙන් නියමිත පිළිවෙත් සිදු කර පිරිමි වාලම්පුරිය මතුරා ගත යුතු අතර මෙම වාලම්පුරියෙන් සතුරන්ට දඬුවම් කළ හැකි ක්‍රම හයක් මන්ත්‍ර ශාස්ත්රයේ උගන්වා ඇත.
මෙම කටයුතු කවුරු සිදු කළත් මෙයින් පාපකර්ම සිදු කිරීම යෝග්‍ය නොවේ. කෙටිකාලීනව එයින් පල ලැබුණද එහි කර්ම විපාක තමන් පසුපසු පැමිණීම කිසිදා වැළැක්විය හැකි නොවනු ඇත. නමුත් මෙහි සත්‍යතාව පරීක්ෂා කිරීමට කැමැති අයෙක් ඇත්නම් නිසි පිළිවෙත් පරිදි රාම ශැරයෙන් ජීවම් කර යකුන් ආවේශ වූ අයෙක් අබියසට ගොස් මෙම වාලම්පුරිය උස් හඩින් පිබීම මඟින් එම ආතුරයා සිංහල හත්පැයක් පමණ සිහි මුර්ඡාවී සිටින අතර ආතුරයාට පියවි සිහිය එළැඹෙන කල ආවේශ ගත මනුෂ්‍යා පලාගොස් රෝගය සුවවී ඇති බව පෙනෙනු ඇත. මෙය රෝගියාගේ ජීවිතය පවා හානි වීමට තරම් හේතු ඇති උග්‍ර උච්චාටන කර්මයකි. ප්‍රවේසමින් දක්ෂ ඇදුරන් විසින් පමණක් මෙම කටයුතු කළයුතු වෙයි. තවද ශ්‍රී විෂ්ණු කුමාර බන්ධනයෙන් නිසි පිළිවෙත් සපුරා ජීවම් කරගත් වාලම්පුරියක් විෂ්ණු ප්‍රතිමාවක ඇසින් දකුණු අංශයේ අතක තැන්පත් කිරීමෙන් (එනම් විෂ්ණු දෙවියන්ගේ) උසස් ශාන්ති කර්ම කළ හැකි දේව බලයක් ලබාගත හැකි නමුත් මෙම කටයුත්තද නිවෙසින් පිට සුද්ධ වූ ස්ථානයක කළ යුතුයි. මෙවැනි ලෙස සිදුකරගත් දේව මන්දිරයක ලෙඩුන් සුව කිරීම පවා සිදුකළ හැකි අතර මෙවන් ස්ථානයන්හි කියන සෙත් කවිවලින්ද සුබ කටයුතුවලට බාර හාර වීමෙන්ද ක්ෂණික ප්‍රතිඵල ළඟාකර ගත හැකිය. විශේෂයෙන් පිරිහුණු සමාජ තත්ත්ව ඇත්තන්ටද විවාහ ප්‍රමාදයටද කිහිපවරක් කළ විභාග වැනිදෑ උත්සාහ කළත් අසාර්ථක වූවන්ටද එම බාර වීමෙන් තම බලාපොරොත්තු සපල වෙයි. බොහොමයක් දෙනකුට වාලම්පුරියක් ළඟ තබා ගැනීමෙන් සුබ හෝ අසුබ ප්‍රතිඵල අත් නොවෙන හේතුව එම වාලම්පුරි ව්‍යාජ ඒවා වීමයි. හරියට නොදැන වාලම්පුරියක් ළඟ තබා ගන්නවාට වඩා ව්‍යාජ වාලම්පුරියක් ළඟ තබා ගැනීම වටී. මොකද එයින් කිසිම අසුබ ප්‍රතිඵල අත් නොවන බැවින් තාක්ෂණයේ දියුණුව නිසා කොතරම් වාලම්පුරි අතගෑව කෙනකුට වුවද ව්‍යාජ වාලම්පුරියක් එකපාරටම හඳුනා ගැනීම අසීරු කරුණකි. කිමද ඒවා සත්‍ය වාලම්පුරි සමානව නිමවී ඇති බැවිනි. ඔබ මිලෙන් අධික වාලම්පුරියක් මිලදී ගන්නේ නම් විද්‍යාගාරයකට ගොස් රසායනික වශයෙන් ඔබ මිලදී ගන්නා වාලම්පුරිය පරීක්ෂා කර ගැනීමට හැකි නම් එය වඩාත් යහපත්ය.
ජේයාතිර් විද්‍යාපති ජී.ඩී. අසංක වීරසිරිමව්බිම
දේව වන්දනාව කියන්නේ මුළු ලෝකයේ සිටින බොහොමයක් දෙනා නිරතුරුව ඈත අතීතයේ පටන් සිදුකරගෙන එන්නක්.තමන්ට ලැබී තිබෙන ජීවිතය හොඳින් ජීවත්වීමට,තමන් සිදුකරන වැඩකටයුතුවලින්...
නම ඇසූ පමණින් සැවොම බිය වද්දන සෙනසුරු හෙවත් ශනි ග්‍රහයා, ග්‍රහ පවුලේ මෙහෙකරු වන අතර දුකට අධිපතියා ද වේ. පුද්ගලයකුට ශනි...
දරුවෝ දෙවියන්ට බාර කළාම ඒ කාලය පුරාම දෙවියෝ ඒ දරුවන්ව රැක ගන්නවා. එතකොට ඒ දරුවෝ දෙවියන්ගේ. දෙවියන්ගේ දේවල් අයිති දෙවියන්ට. දෙවියන්ට...
දෙළොස් රාශියේ අවසාන රාශිය වන මීන රාශිය සංකේතවත් කරන්නේ මත්ස්‍ය ජෝඩුවකිනි. ගුරු හෙවත් බ්‍රහස්පති හිමි මීන ලග්නය ස්ත්‍රී දක්ෂිණ ආපෝ හෙවත්...
සිත තුළ හටගන්නා කල්පනාවට විතර්ක යෑයි කියති. යමෙකුගේ කල්පනාවක් වාග් ශබ්දයෙන් හෝ ශරීරාංග විකාරයෙන් බැහැර වීම රාග කෝප ආදී චරිත සම්මිශ්‍රණයෙන්...
• අඟහරුවාදා දිනකට එළිවෙන්න උදේ 4ත් 5ත් අතර දුටු සිහිනයක් තම නිවෙසේ දෙහි ගසට ඊසාන දිශාව බලා කීමෙන් සිහිනයෙන් යහපත් ප්‍රතිඵල ලැබේ.• සැබැවින්ම...