සෙත් කවි ගායනා කිරීමේ ප්‍රයෝජන

සෙත් කවි ගායනා කිරීමේ ප්‍රයෝජන

සෙත් කවිය යනුවෙන් අදහස් කරන්නේ මන්ත්‍ර විශේෂයක්. ශබ්ද විද්‍යාවට අයත් විශේෂිත වූ අංශ දෙකක් ලෙස සෙත් කවි සහ වස් කවි හඳුන්වා දිය හැකියි. ශාන්ති කාව්‍ය, ඉෂ්ට කාව්‍ය යනුවෙන්ද සෙත් කවි හැඳින්වෙයි. පැරැණි ආචාර්යවරුන්ගේ සෘෂි භාෂිතයට අනුව න්‍යාය, පද්ධති, ආචාර ධර්ම, නීතිරීති උපක්‍රමවලට අනුකූලව සෙත් කවි රචනා කරනු ලැබේ. ශබ්ද විද්‍යාවට අනුකූලව ස්වර වේද ගැන සැලකිල්ල දක්වනු ලැබේ. සිද්ධි චක්‍රවලට අනුව කාව්‍ය, සීහුම් කර ගනු ලැබේ. යහපත් ප්‍රතිඵල උදාකර ගත හැක්කේ නියමානුකූලව සෙත් කවි රචනා කළොත් පමණි.

සෙත් කවි රචකයකු තුළ තිබිය යුතු මූලික ගුණාංග :

  • ප්‍රීති සහගත මුහුණක් තිබිය යුතුය.
  • දුක් කම්කටොලු විඳ දරා ගැනීමේ හැකියාව සහ ලද දෙයින් සතුටු වීම.
  • සිතෙහි හට ගන්නා වූ කෝපය සංසිඳුවා ගැනීමේ හැකියාවක් තිබිය යුතුය.
  • ආගමට, රටට, ජාතියට ළැදි නිර්ලෝභී අයෙක් වීම.
  • කේලාම්, කැත වචන සහ දුසිරිත් ක්‍රියාවලින් වැළකී සිටිය යුතුය.
  • සුළු වශයෙන්වත් චෛතසික බලය දියුණු කර ගත් අයෙක් විය යුතුය.
  • තම සිත දිනාගත් යම් කිසි ප්‍රශ්නයක්, දෙවියෝ, ගහක්, ගලක් යන ආදී කිසියම් වස්තුවක් පිළිබඳ විශ්වාසයක් ඇති වීම.
  • අන්‍යයන් ගැන මෛත්‍රි කරන්නෙක් විය යුතුය.
  • අහංකාර, උඩඟු අයෙක් නොවිය යුතුය.

සෙත් කවියෙන් ලබාගත හැකි ප්‍රතිඵල

  • රෝගීන් සුවපත් කිරීම.
  • සතුරන් මිතුරන් කිරීම.
  • ගුණ දෝෂයන්ට විසඳුම් ලබාදීම. (යක්‍ෂ, ප්‍රේත, පිසාච, භූත, කුම්භාණ්ඩ දෝෂ වැළැක්වීම)
  • මාරක, බාධක, ග්‍රහදෝෂ දුරුකිරීම.
  • පැන ගිය අය නැවැත ගෙන්වා ගැනීම.
  • නඩු හබවලින් ජයග්‍රහණය ලැබීම.
  • අසාධාරණයට ලක්වූවන්ට සාධාරණය ඉෂ්ට කර දීම.
  • තරග විභාග ආදියෙන් ජය ලබා ගැනීමට.
  • දරු සම්පත් නොමැති අයට දරුපල ලැබීමට.
  • පොදු අරමුණක් ජයග්‍රහණය කිරීම පිණිස.
  • ජනතා යහපත උදෙසා කැපවන ජාතික මට්ටමේ නායකයන්ගේ අපේක්‍ෂා ඉටු කර දීම.
  • දරදඬු පාලකයන් ජනතා යහපතට හැරවීම.
  • පිරිසුදු චේතනාවකින් අපේක්‍ෂා කරන ඕනෑම සත්කාරයක් ඉෂ්ට කරගැනීමට හැකිවීම.

සෙත් කවි රචනා කර ගැනීම සඳහා පැමිණෙන විශාල පිරිසක් පිය නඟන්නේ ග්‍රහයන්ගෙන් සිදුවන අපල දුරුකර ගැනීමට සෙත් කවිය තුළ පවතින විශේෂ බලය නිසාය. අපලය ඇති වී ඇත්තේ කුමන ග්‍රහයන්ගෙන්ද යන්න සොයා බලා එම ග්‍රහයාට අදාළ දෙවියන් වෙනුවෙන් සෙත් කවිය රචනා කිරීම සෙත් කවි රචකයා සතු ප්‍රධාන කටයුත්තකි. ජේ‍යාතිෂය ගැන වැටහීමක් මෙම උතුම් සත්කාරයට තිබිය යුතුමය. අපලය උදා කරන ග්‍රහයාත්, එම ග්‍රහයා අයිති එනම් කවිය ඔප්පු කළ යුතු දෙවියාත් පිළිබඳ සෙත් කවි රචකයාට හොඳ දැනුමක් තිබිය යුතුමය. සෙත් කවි රචනයේදී කාව්‍ය නායකයා (අභිධායකයා) යනුවෙන් හඳුන්වනු ලබන අතර, ඔහු පළමුවැනි ගණයට වැටෙයි. කාව්‍ය කතෘ සෙත් කවි රචකයා වන අතර ඔහු දෙවැනි ගණයට වැටෙයි. කාව්‍ය කියවන්නා එනම් සෙත්කවිය ගායනය කරවන්නා තුන්වැනි ගණයට වැටෙයි.

උපුටා ගැනීම මව්බිම

Share This Article

ගුප්ත විද්‍යාවේ අෂ්ටකර්මය

ගුප්ත යනු සැඟවුණු රහස් යන තේරුමයි. විද්‍යාව නම් ශිල්පයයි. මේ සැඟවී ඇති රහස් ශිල්පය කවදා කවර කලෙක ආරම්භ වීදැයි නොදනිමු. ඍෂීන්...

මේෂ ලග්නයේ ග්‍රහ ගමන

තම දශා කාලයන්හිදී එක එක ලග්නයට විශේෂිත වූ ශුභ හා අශුභ පල දෙන ග්‍රහයන් පිළිබඳව විස්‌තර ජ්‍යෙතිෂ්‍ය ග්‍රන්ථවල සඳහන් වේ. මෙම...

තුලා ලග්නයට යෝග කාරක වන ශනි බුද සංයෝගය

තුලා ලග්න හිමියන්ගේ ජන්ම පතේ ලෝකයාගේ පැවැත්මට මුල්වන ආත්ම පාලන ශක්‌තිය පාලනය කරන ශනි ග්‍රහයාද මිනිසාගේ බුද්ධි මට්‌ටම පාලනය කරන බුද...

අසුබ ශක්තීන් දූරින්භූත කරන පළිඟු

හෙළ ඉතිහාසය සාක්ෂි සහිතව මීට වසර පන්දහසකටත් එහා දිවෙන බවට අද මුළු ලෝකයම පිළිඅරන් තිබෙනවා. මැණික් විද්‍යාව, ජොතීර්වේදය සහ හෙළ වෙදකම...

ඔබේ ආත්මීය සහකරු  තවමත් හමු වූයේ නැද්ද?

ඔබට තවමත් බඹා කෙටූ කෙනා හමුවූයේ නැද්ද? විවාහ ලාභී දරුන් සිටින දෙමවුපියන් නිතර පවසන දෙයක්‌ තමයි අපි කොච්චර හෙව්වත් හරියන්නේ නැහැ....

මිථුන ලග්නයෙන් උපන්  කාන්තාවන්ට පමණයි

ජ්‍යෝතීෂ්‍ය විද්‍යාවට අනුව රාශි චක්‍රයේ අංශක 60 සිට අංශක 90 දක්‌වා දිස්‌වෙන 3 වැනි රාශිය මිථුන රාශියයි. ඔබත් මිථුන රාශියෙන් උපන්...