මෙවැනි ස්ත්‍රීන් සමඟ දීග කන්න බැහැ

මෙවැනි ස්ත්‍රීන් සමඟ දීග කන්න බැහැ

මෙලොව උපත ලබන සියලුම මනුෂ්‍යයෝ ළදරු වියේ පටන් ක්‍රමයෙන් වැඩී යෞවනත්වයට පත්වූ පසු විවාහ දිවියට පා තැබීම සිරිත වේ. විවාහය ප්‍රමාද වී ක්‍රමයෙන් වයස ඉක්මවා ගොස් විවාහ නොවී සිටින ස්ත්‍රී පුරුෂ පිරිසක්ද සිටිති. විවාහ දිවියට පා තබා මාසයක් ඉකුත් වීම‍ට පෙර යුග දිවිය නීරස වී අඹු -සැමි දෙපළ වෙන්වන අවස්ථාද මේ අතර වෙයි. විවාහ දිවියට පා තබා සිටින අතරේම ස්ත්‍රී පුරුෂ දෙදෙනාම එකිනෙකාට හොර රහසේ වෙනත් පර ස්ත්‍රී පර පුරුෂ ගාමීව සිටින අවස්ථාද ඇත. දීග හතේම යන ස්ත්‍රීහුද, පුරුෂයෝද සිටිති. ඕනෑම ආගමක විවිධ වු කුමන පරිසරයක ජිවත් වුවත් විවාහ ගැටලු ඇතිවන අවස්ථා තිබේ. විවාහ දිවියේ ගැටලු ඇතිවන ආකාරය හා ඊට හේතුවන ග්‍රහ බලපෑම් පිළිබඳ ජ්‍යොතිෂයේ විග්‍රහාත්මකව පෙන්වා ඇත. මේ කරුණු ‍මෑත දී පෙන්වා දුන් ඒවා නොවේ. ජ්‍යොතිෂය පිළිබඳ සැබෑ විද්වතුන් අතීතයේ පෙන්වා දුන් කරුණු හේතු සාධක සහිතව මෙහි වේ.  විවාහය ,පොරොන්දම් පරීක්ෂාව ආදී කරුණු ඉතා වැදගත් වෙයි. පොරොන්දම් බැලීම ආවට ගියාට නොකළ යුත්තකි. කෙසේ නමුත් මාතෘකාවට අදාලව මෙතැන් සිට කරුණු කීහිපයක් පෙන්වා දෙමි.

  • දෙවෙනි තිථිය ලත් අස්ලිස නැකත යෙදී ඉරිදා දින උපන් ස්ත්‍රීය විවාහයට සුදුසු නැති බව පුරාණාචාර්ය මතයයි. පුර පස හා අවපස දියවක තිථිය මීට අයත් වන අතර එදින ඉරිදා දිනය වීමත් අස්ලිස නැකතද එදින යෙදී තිබී‍මත් එවැනි ග්‍රහ තත්ත්වයක් යටතේ ස්ත්‍රී උපතක් සිදුවී නම් ඇය විවාහයට නොසුදුසු විෂ යෝනියක් හිමි ස්ත්‍රීයක් බව දැක්වේ .මෙහිදී රාක්ෂ ගණය වීමත් බැළලි යෝනියත් නිසා මනුෂ්‍ය ගනයේ පුරුෂයෙක් විවාහ වුනොත් ඔහුට වැඩි කල් දීග කන්ට ලැබෙන්නේ නැත. ආරවුල් ගැටුම් මධ්‍යයේ විවාහයට කණ කොකා හඬනු ඇත.
  • හත්වෙනි තිථිය ලත් කැති නැකත යෙදී සෙනසුරාදා දින උපන් ස්ත්‍රීය විවාහයට අසුබ දායක වේ. පුර පස හා අවපස සතවක තිථිය සමග සෙනසුරාදා දිනයේ කැති නැකතින් උපත ලද ස්ත්‍රීය විවාහයට ඉතා අසුබ බව කියැවේ. නිතර දඩබ්බර වදන් මාලාව මෙවැනි ස්ත්‍රීන්ගේ හොඳින් පෙන්නුම් කෙරේ. ස්වාමිපුරුෂයා සමඟ නිතර ගැටුම් ඇතිකර ගන්නා මෙවැනි ස්ත්‍රීන් ඉතා දරුණු චරිතයක් ඇති අය වේ.
  • දෑතේ,පාදවල, උඩු තොල,යටි නිකට ස්ථානවල තද රෝම කූප ඇති මෙන්ම ඇහි බැම දෙක එකට රෝම කූපවලින් යාවී තිබීම කාන්තාවන්ට ඉතා නපුරු පිහිටීම් ලෙස විශ්වාසයයි.
  • පාදයේ ඇඟිලි හා වි‍ශේෂයෙන් පළමු ඇඟිල්ල දකුණට හැරවී තිබීම ඉතා අසුබ දායකය. ඕනෑම පුද්ගලයෙකු සමඟ තද වචන හුවමාරුව මේ ස්ත්‍රීන්ගේ විශේෂ ලක්ෂණයකි. මේ ලක්ෂණ ඇති ස්ත්‍රීන් සමඟ දීග කන්නට සාමාන්‍ය පුරුෂයකුට අපහසු යැයි පිළිගැනීමයි.
  • දොළොස් වෙනි තිථිය ලත් සියාවස නැකත යෙදී කුජ දින උපන් ස්ත්‍රීන් සමඟද විවාහය ගත කිරීම අපහසුවේ. උපතින් රාහු කුජ සංයෝගයද හත්වැන්නේ යෙදුනේ නම් එම දසාවකදී තමන්ගේ පතිවත විනාශ කර ගන්නා බව කියයි. ස්ත්‍රීන් සමඟ විවාහ වන පුරුෂයාගේ ජීවිතයටද හානි විය හැක.
  • සියාවස නක්ෂත්‍රය හිමි රාහු අධිපති කුජ සමඟ කේන්ද්‍රයේ අටවැන්නේ යෙදීමද චරිතය විනාශ කර ගන්නා බව සඳහන්ය.
  • ලග්නයේ හා හය වැන්නේ පාප ග්‍රහයින් සිටින ස්ත්‍රීන්ටද විවාහය අසුබදායක වේ. මෙවැනි ස්ත්‍රීන් සමඟ විවාහ වන පුරුෂයා සැමදා මානසික පීඩනයට ලක්වේ.
  • දරුණුම පාපියා වන කුජ ස්ත්‍රී කේන්ද්‍රයක ලග්නයේ සිටියේ නම් එම ස්ත්‍රීය සමඟ දිග කෑම පහසු නොවේ. පුරුෂයා සමඟ නිතර ගැටීමට ලක්වේ.
  • ලග්නයේ කුජ සමඟ හය වැන්නේ සෙනසුරුද යෙදුනේ නම් එම ස්ත්‍රීය සමඟ ද දීග කෑම පහසු නොවේ. කුජ රවි ලග්නයේ සිටින ස්ත්‍රීන්ද විවාහයට අසුබ වේ. පාප ග්‍රහයින්ගේ මේ පිහිටීම මත එම ස්ත්‍රීයගේ මානසිකත්වය හැසිරීම, කථා බහ. සමාජ ඇසුර, මේ ආදී සියලුම අංශ යහපත් ස්වාමි පුරුෂයකුට නොගැලපේ.
  • ලග්නය , පස්වැන්න, නවවැන්න යන ප්‍රධාන ත්‍රිකෝණයේ ශනි ලග්නයේත් රවි පස්වැන්නේත් කුජ නව වැන්නෙත් යෙදේ නම් එම ස්ත්‍රියද විෂ යෝනි සහිත විවාහයට ඉතා අසුබ නො සුදුසු යැයි සම්මතය.
  • ලග්නාධිපති හා සත්වැන්න අධිපති සත් වැන්නේම සංයෝගව යෙදි ලග්නයේ සෙනසුරු කුජ සංයෝගය යෙදී නම් එම ස්ත්‍රීය සමඟ විවාහ ජීවිතය ගත කිරීමට සිදුවන්නේ ආරවුල් කලහ මැද්දේය.
  • ලග්නය කුමක් වුවත් මිථුන රාශියේ කුජ, සෙනසුරු ස්ත්‍රී කේන්ද්‍රයක යෙදුනේද අතර මගදී විවාහය කඩා කප්පල් වේ.
  • ස්ත්‍රී කේන්ද්‍රයේ සෙනසුරුගෙන් අටවැන්නේ කුජ රාහු, රවි යෙදුනේ නම ඇයගේ පුරුෂයා හදිසි අනතුරකින් මිය යයි.
  • විවාහ වීමට පළමු කේන්ද්‍රය නියමාකාරව පරීක්ෂා කරවා සොයා බැලිය යුතුවේ. තරුණ වියේ ඇතිකර ගන්නා සම්බන්ධතා අනුව උඩින් ඔපේ නමුත් යටින් ඇති අවදානම ගැන විශේෂයෙන් සොයා බැලිය යුතුය. නැතිනම් දෙමාපියන්ට සිදුවන්නේ තම පුත්‍ර රත්නය කෙරෙහි ඇඬු කඳුලෙන් කටුක විවාහය දෙස බලා සිටීමටය. සුබ ග්‍රහ දෘෂ්ඨි පවතී නම් මේ දොස් දුරුවන පවද දත යුතුය.

සෙත්මිණ

Share This Article

කාක්‌ හඩින් කියන අනාවැකි තේරුම් ගන්න

සතුන්ගේ හඬින් විවිධ සුබාසුබ මැනගත් අයුරු පැරණි ග්‍රන්ථ හා කර්ණ පරපුරෙන්ද පෙනී යයි. කපුටා අද ගම්බදව හිඟ වෙමින් පවතී. නාගරික ගම්බද...

ලෙඩ රෝග ග්‍රහ දෝස හා ප්‍රතිකාර

ලෙඩ රෝග පිළිබඳව ජන්ම පත්‍ර පරීක්ෂා කිරීමේදී විශේෂයෙන් ක්ෂේත්‍රයේ රාශි පිළිබඳ සැලකිලිමත් විය යුතුය. මිනිස් ශරීරය සෑදී තිඛෙන්නේ ආපෝ, තේජෝ, වායෝ,...

එන විදියකට මුහුණ දෙන මිථුන ලග්නයෙන් උපන් ඔබ ගැනයි මේ

කන්‍යා ලග්නය හැරුණු විට මිනිස් රූප මගින් සංකේතවත් වන එකම රාශිය වන මිථුනය සංකේතවත් කරන්නේ පෙම් යුවළකි. නර රාශියක් වූ මිථුන...

රන් මලක් ලෙස දෙවි බඹුන් දෝතින් පිදූ මේ පින් බිමේ රටම වසඟ කළ මේ ගීතය වස්කවියක් වුණේ මෙහෙමයි

විශ්වය තුළ ශක්තිය ගැබ් වනුයේ අපටත් නොදැනීමය. ඒ ශක්ති කදම්බවලට යම් යම් අවස්ථාවන්වලදී ගැබ් වන අහිතකර දේ නිසාම විශ්වයේ රටාවන් පවා...

ඔබේ කනත් මේ වගේද? කනෙන් පෙනෙන ඔබ...

කන යනු මිනිසාට මහත් උපකාරී වන අවයවයකි. ඕනෑම පුද්ගලයකුට උපතින් කන් දෙකක්‌ ලැබී ඇත. තමා අවට ඇති ශබ්ද හොඳින් අසා හඳුනා...

සැප්තැම්බර් මාසයේ උපන් ඔබ ගැන අංක විද්‍යාත්මක විග්‍රහය

සැප්තැම්බර් මාසයේ උපන් ඔබ ගැඹුරු තාර්කික හා විශ්ලේෂණාත්මක මනසකට හිමිකම් කියයි. සමහර අවස්ථාවලදී නොසිතූ ලෙස අවිනිශ්චිත භාවයට පත්වේ. ඔබට ඉතා ක්‍රමානුකූලව හා...