නෑඹිලිය කැඩුණොත් හැමදාම අගහිඟකම්
විවාහක, අවිවාහක සියලු ස්ත්‍රීන් කරන කියන සහ දෛනික ක්‍රියා කලාපවල ඇති සුබ අසුබ තුළින් ඇයගේ පවුලේද යහපත හෝ අයහපත තීරණය වෙයි. පෙර රජ කාලයේ පරාක්‍රමබාහු රජුටද, සුභද්‍රා නම් බිසව ලැබීමෙන් පසු රජුන්ටත් රටටත් ඉතා වාසනාවන්ත කලක් උදා වූ බවද සියලු කෙත්වතු සරුසාර වූයේ ඇයගේ අත් ගුණය නිසා බවද ජනප්රවාදයේ කියැවෙයි. එබැවින් එවැනි වාසනාව ගෙන දෙන ස්ත්‍රීන් සිටියි. ක්‍රෝධය, වෛරය, ශික්ෂාව තදින් සිතේ ඇති ස්ත්‍රීන් කරන ක්‍රියාවන්ද ඇයට හා අන් අයට අයහපත මිස යහපත උදා නොකරයි.
- දිය රෙදි වනන, රෙදි වැල්පට අල්ලාගෙන කතා කරන හෝ දිය රෙදි වනමින් කතා කරන ස්ත්‍රීන් තම සැමියාගේ සියලු සේසත විනාශ කරයි.
- කෝටුවක්, පිහියක්, යකඩ කූරක් බිම අනිමින් කතා කරයි නම් ඇය කරන්න බලාපොරොත්තු වූ සියලු දේ සිහින බවට පත් වෙයි.
- ලියන පෑන කටේ ගසයි නම් ඇයගේ සියලු අදහස් ක්ෂණයකින් වෙනස් වෙයි.
- හිරු අවරට ගිය වෙලාවේ, උළුවස්ස මත හෝ ගෙපිළ මත සිට වී හාල් කුල්ලෙන් පොළයි නම්, ඇය දුප්පත් වී තනි වෙයි.
- දෙවියන්ට බුදුන්ට පහන් දල්වන තෙල් බෝතලයේ තෙල් හිසේ ගාන ස්ත්‍රීන් දියුණුව අනාගතය ගැන හරි හැටි තේරුමක් නැති අයයි.
- කතා කරන සෑම විටම, හත් ඉළව්වයි, දෙයි හාමුදුරුවනේ, මළ ඉළව්වයි, හත්වලාමේ වැනි වචන කියයි නම් පවුල් ජීවිතය අසාර්ථක වෙයි.
- පාවහන් පලදා නිවෙස තුළ ඇවිදින ස්ත්‍රීන් තම සැමියාට ස්වාමි භක්තියෙන් නොසලකන අහංකාර ස්ත්‍රියකි. දෙලොවටම පලක් නැත. ඇයගේ ධනය විනාශ වෙයි.
- හාල් ගරන නෑඹිලිය කැඩී ඇත්නම් ඇයගේ නිවෙසේ සැමවිටම අගහිඟකම් පවතී.
- පාවහන් පලදා කෑම කන ස්ත්‍රියගේ කිසිදු ප්‍රශ්නයක් අවසන් නොවේ.
- ඉදල් මිටි, කොහු මිටි, උදලු මිටි දරට ගෙන ළිපට දමන ස්ත්රීන්ට ශ්රියාකාන්තා බැල්ම හිමි නොවේ. සියලු දේ අසාර්ථක වෙයි.
හංසි ආටිගල
යූවතියකගේ වටිනාම වස්තුව ඇයගේ මූහූණය. එය මූසාවක් යැයි පැවසිය නොහැකිය. කාන්තාවකගේ මූහණේ ඇතිවන හැඟීම් ප්‍රකාශ කිරීම තුළින් දිනාගත නොහැකි දෙයක් ලොවෙහි...
මෙලොව උපදින ඕනෑම කෙනකුට පළමුවෙන්ම හිමිවන්නේ ලග්නයයි. ඔහුට හෝ ඇයට නමක් පවා හිමි වන්නේ ලග්නය ලැබීමෙන් පසුයි. කෙනකු උපදින මොහොතේ නැඟෙනහිර...
තුලා ලග්නය වන ඔබ රැකියාව පිළිබඳ කියැවෙන දහවැන්න අධිපතියා සඳු ග්‍රහයාය. ඔබගේ උපන් කේන්දරය තුළ සඳු බලවත්ව පිහිටා ඇත්නම් ඔබ හොඳ...
වර්තමානයේ පාසල් අධ්‍යාපනයට ඇත්තේ අතිශය තරගකාරී ස්වභාවයකි. මේ හේතුවෙන් එක වසරේ සිටම දරුවා යම් ඉලක්කයකට අරමුණකට රැගෙන යෑමට මවුපියන් දැඩි වෙහෙසක්...
තම දශා කාලයන්හිදී එක එක ලග්නයට විශේෂිත වූ ශුභ හා අශුභ පල දෙන ග්‍රහයන් පිළිබඳව විස්තර ජ්‍යෙතිෂ්‍ය ග්‍රන්ථවල සඳහන් වේ. මෙම...
හනුමා ගැන කියන විට අප කාටත් මතක් වන්නේ අංජනම ගැනයි. එහෙත් හනුමා රාම සීතා පෙම් සබඳතාවයදී යුද්ධයේදී ඔහුට හිමි වන්නේ ප්රමුඛස්ථානයකි....