සුබ පල ගෙන දෙන සිහින
නෙළුම් කොළයේ දමා ගෙන යම් දෙයක් බීම දැකීම, නෙළුම් කොළයක කෑම දමා ගෙන ආහාරයට ගැනීම දැකීම, සිහිනෙන් නෙළුම් කොළ කඩාගෙන සිනාසීම සතුටුවීම දැකීම :
රටේ ඉහල පෙලේ නම්බුනාම, සැප සම්පත්, රජ සැප, ගෞරව පිළිගැනීම් වාසනාවක් පෙන්නුම් කරයි.
ජලයේ පිහිනා ගොස් එගොඩ වීම, හිරු සඳු ගිණි කදු ගිණි කදු සෙලවීම පහන් සුදු බත් දැකීම :
තමාගේ හෝ තමාට දුක් ගෙන දුන් පවුලේ ඥාතියෙකුගේ ලෙඩ රෝග ඉක්මණින් දුරු වී සුවය අත්පත් වේ.
ශරීරය පුරා ලේ ගලා යෑම් දැකීම :
වාසනාවන්ත දරුවෙකු හෝ මුණුපුරෙකු ලැබ සිතූ පැතූ සම්පත් ලැබ වාසනාව අත් වේ.
ලියකියවිලි වල යෙදෙන අය දැකීම, සතුටින් සිටින ඉහල පෙලේ අය පින් දහම් කරන රජ පවුල් වැනි අය දැකීම :
තමාට යස ඉසුරු ලැබීමට වාසනාව ඇත.
පහන් පත්තු කිරීම, කැඩපත් තුළින් සුදු වස්ත්‍ර දැකීම :ධන සම්පත් අත් වේ.
අන් අයට කතා කරනවා දැකීම, මත්පැන් බොනවා දැකීම :
පසුදින පහන් වීමට පෙර ජයග්‍රහණයක් දියුණුවක් අත් වේ.
දේවතාවියන් සිහිනෙන් දැකීම :
සිතේ අදහස් ඉතා ඉක්මණින් ඉෂ්ඨ සිද්ධ වේ.
බුදුවරුන් දෙවි දේවතාවන්, රහතන් වහ්සේලා සිහිනෙන් දැකීම :
මෙලොව පරලොව යහපත සඳහා ගුණ දහම් වලට සහභාගී වීමේ මහගු පුණ්‍ය බලවේගයක් ලැබීමේ වාසනාව උදා වේ.
මාළු රංචුවක් දැකීම :
ගෙදර අයෙකු ගැන සුභ ආරංචියක් ලැබීම.
විහාරස්ථානයක් දැකීම :
ජීවිතය පුරාම සතුටින් සිටිය හැකි පරිදි සියළු කටයුතු යහපත්ව සිදුවේ.
ඝන්ඨාර වාදනය වීම සිහිනෙන් දැකීම :
කෙටි කාලයකින් අනාගත අභිවෘධිය සලසන කරුණු යෙදේ.
මල් පූජා කරනු දැකීම :
ඉහල පැලැන්තියේ අයෙකු සමඟ එකමුතුකමක් ලෙන්ගතු වීමක් සම්බන්ධතාවක් පෙන්නුම් කෙරේ.
පුරාණ දාගැබ් විහාර දැකීම :
ප්‍රසිද්ධියට පත්වීම, උසස් වීම්, උසස් තානාන්තර ලැබීම සිදුවේ.
බුදුන් වැඳීම, වෙහෙර විහාර දැකීම :
දුක් කරදර නැති වී සැනසිලිදායක කාලයක් උදාවේ.
පෞරාණික පඩි පේලි සහ ගල් කණු දැකීම :
බලාපොරොත්තු වෙනස්වීම් සහ සතුට සම්පත් ලැබී වාසනාව අත් වේ.
මුදුවක් තමා විසින් පළඳිනවා දැකීම :
තමාට අවශ්‍ය අයෙකු හා එක්ව සහයෝගයෙන් සහ සමඟියෙන් සියළු දෑ කරගැනීමට ඇති හැකියාව අත් වේ.
කූඩැල්ලන් තමාගේ සිරුරේ ලේ බීම, නෙළුම් කොළයට සමාන කොළයකින් කිරි වැනි දේ බීම, සුදු අසකු දැකීම, සුදු නයින් පෙනීම, සුදු නෙළුම් මල් දැකීම, මී වද සහ කිරි වර්ග දැකීම :
පතා ආ පරිදි සියළු දුක් කම්කටොළු මැද මැණිකක් මෙන් වාසනාවන්ත පිරිමි දරුවෙකු ලැබී අඳුරෙන් ආලෝකයට පැමිණීමට හැකි වේ.
ඔරලෝසු දැකීම :
සෑම දෙනෙකුගේම සහයෝගය ලැබී ඔබේ අදහස් සඵල වනු ඇත.
රත්තරන් මාලයක් දැකීම :
ප්‍රීතිමත් සතුටුදායක ආරංචියක් ලැබේ.
සිත් ඇදී යන අලංකාර පක්ෂීන් දැකීම, රිදී කාසි විශාල ප්‍රමාණයක් දැකීම :
වෙළඳාම, ගොවිතැන් රැකියා සාර්ථක වී වාසනාවන්ත කාලයක් උදා වේ.
සුදු නයෙකු විසින් දකුණු අත සපා කා දෂ්ඨ කරනු දැකීම :
දින දහයක් ගතවීමට පෙර වාසනාව උදා වේ.
තම මෑණියන් සතුටු කඳුළු හෙළීම, මව ආදරයෙන් කිරි දෙනු දැකීම :
සිතූ පැතූ පරිදි ධන සම්පත් අත්වනු ඇත.
මව්පියන් නෑදෑ හිතවතුන් සියළු දෙනා එක්ව ආදර බස් සතුටු වදන් පැවසීම, උපදෙස් දීම් ආදිය දැකීම :
වටපිටාවේ සිටින නෑදෑ හිතවතුන්ගෙන් ආශිර්වාද ලැබේ.
මහ මුහුද නිශ්චලව දුටුවොත්, ඉතා අලංකාර ලෙස අහස දුටුවොත්, ඉතා අලංකාර ලෙස සඳ දැකීම :
ප්‍රීතිමත් උත්සව විනෝදකාමී දෙයට සහභාගී වී සතුට සැපත බලාපොරොත්තු ඉටුවීම් වැනි දෑ පෙන්නුම් කෙරේ.
පෙම්වතාගෙන් මුතු ලැබීම, පිරිපුන් දිය නෑම, උසස් සම්පත් හා පළඳනා පැළඳීම, සුවඳ දේ ගැල්වීම, නොකපන ලද මැණිකක් දැකීම :
යස ඉසුරු සම්පත් ලැබීම් පෙන්නුම් කෙරේ.
සුදු නයින් දැකීම, සුදු ගවයින් කිරි එළදෙනුන්, බොහෝ දිලිසෙන මැණිකක් දැකීම :
පෙර පින් මහිමයෙන් වාසනාව දෙපා මුලට පැමිණෙනු ඇත.
පහන් වැටක් දැකීම :හිමි වීමට නියමිත විශාල බූදලයක් හිමි වීමේ පූර්ණ අයිතියක් පෙන්නුම් කරයි.
මල් සහිත ගසක් දැකීම, විශාල ලෙස රිදී කාසි දැකීම :
ව්‍යාපාර දියුණුවක් බලාපොරොත්තු නොවූ ලෙස ලාභයක් අත් වේ.
මොණරුන්, කුකුළන්, ඉගිලෙන පරවියන් දැකීම, කොවුලන් දැකීම, කෞතුකාගාරයක් දැකීම :
වාසනාවන්ත පෙම්වතියක් සමඟ කාන්තාවක් නම් පෙම්වතෙක් සමඟ යුග දිවියක් ගත කිරීම ඉක්මණින්ම සිදුවනු ඇත.මදුරුවන් ලේ බොනවා දැකීම, සඳුන් ලී දැකීම, පබළු වළලු දැකීම :
වාසනාවන්ත අනාගතයකට පරනිමිති පහළ වේ.
තූර්ය භාණ්ඩ පරිහරණය දැකීම :
රාජ්‍ය උත්සවයකට සහභාගී වීමට හා ප්‍රීතිදායක ආරංචි හා ගරු සැලකිලි හා නොසිතූ ලෙස ලාභ ලැබේ.
තමන් සිංහයෙකු පිට නැගී යනවා දැකීම, මංගල පෝරු දැකීම, රන් රිදී ආභරණ දැකීම :
ධන සම්පත් පෑදී එන මාර්ග විවෘත වේ.
ඔබට හිමි සහකාරිය ලැබෙන දිශාව පිළිබඳවත් ලග්න ගැලපීම් පිළිබඳවත් කෙටි විග්රහයක යෙදීම මෙම ලිපියේ පරමාර්ථයයි. තමාගේ ජන්ම ලග්නයට අනුව ලග්නාධිපති ග්‍රහයා...
ස්ත්‍රියක් යනු ස්වභාවයෙන්ම බොළඳ, සුකුමාල තැනැත්තියකි. උපතින්ම අනුන් වසඟ කර ගැනීමේ හැකියාවක් ඇය සතුව පවතී, ස්ත්‍රියකගේ සිනහව, බැල්ම. ඇවිදීම, කථාබහ, ආදී...
ධනසේකර මුදලාලි හැත්තෑව දශකය වනවිට ලක්ෂපතියෙකි. අද නම් ලක්ෂපතියන් ඕනෑ තරම් සිටී. එහෙත් එදා ලක්ෂයක් යනු ලොකු මුදලකි. එකල ප්ලෙන්ටියක් සත...
මහපට ඇඟිල්ල :අත්ලේ සිකුරු මණ්ඩලයෙන් ආරම්භ වන ප්‍රබල ඇඟිල්ලකි. (පසුව එන ලිපියකින් අත්ලේ ඇති විවිධ මණ්ඩල ගැන විමර්ශනය කෙරේ.) මෙම මහපට...
යක්ෂයන් රහසිගතව කාන්තාවන්ට ප්‍රේමකරනවා කියලා ඔයගොල්ලො දන්නවද? මෙහෙම කිව්වම හිතයි ඕව තියෙන්නෙ අබිරහස් පරිවර්තන කතාවල විතරයි, ඇත්තටම කොහෙද යක්කු කාන්තාවන්ට ප්‍රේම...