ගුප්ත විද්‍යාවේ අෂ්ටකර්මය
ගුප්ත යනු සැඟවුණු රහස් යන තේරුමයි. විද්‍යාව නම් ශිල්පයයි. මේ සැඟවී ඇති රහස් ශිල්පය කවදා කවර කලෙක ආරම්භ වීදැයි නොදනිමු. ඍෂීන් වහන්සේ 9 දෙනකුගෙන් සකස් වූ ශාස්ත්‍රයක් වූ මෙසේ විවිධ ක්‍ෂේත්‍රයන්ට බෙදී වෙන්වී තිබේ. යන්ත්‍ර, මන්ත්‍ර, වෙද හෙදකම්, කෙම් ක්‍රම, බලි තොවිල්, ශාන්තිකර්ම මේ සියල්ලටම ගුප්ත වූ සැගවුණු රහස් ක්‍රමවේදයක් පවතී. බොහෝ අතීතයේ අපේ මුතුන් මිත්තන් මේ ශාස්ත්‍රය දිවි හිමියෙන් ආරක්‍ෂා කළේය. යකුන් භූතයන්ගේ පමණක් නොව වනේ වසන වන සතුන්ගෙන්වත් කිසිදු විපතක් ඇති නොවන පරිදි කටයුතු කළෝය. ප්‍රබල අක්‍ෂර සංයෝගයක් එක්කර සැදුම්ලත් මන්ත්‍ර විද්‍යාව කවරකුට හෝ වේවා ආවාට ගියාට කළ හැකි නොවේ.
අතීතයේ පුස්කොළ පොත්වල, රන්පත් ඉරුවල ලියා තිබූ බොහෝ යන්ත්‍ර මන්ත්‍ර ශාන්ති විධි නිදන් කිරීමෙන් හා විවිධ කරුණු මත විනාශ වී යෑමෙන් අද වන විට නිවැරැදි යන්ත්‍ර මන්ත්‍ර සොයා ගැනීමට පවා අසීරු වී ඇත. ඇතැම් යන්ත්‍ර මන්ත්‍රයන්හි "අද්දුටුවයි, සත්තයි, වට නොදෙනු" යනුවෙන් මෙලෙසින් ලියා ඇත්තේ කිසිවකුටත් අන්සතු නොවන පරිදි ආරක්‍ෂා කර ගැනීමට විය හැකිය. පැරැණි ජන සමාජයේ ඇදුරන්, වෙදැදුරන්, දේවත්වයෙන් සලකන ලද මේ අයද වර්ග කරමින් ඇදුරන්, බලි ඇදුරන්, යකැදුරන් වශයෙන් හැඳින්වූ අතර ඇදුරන් ශාන්තිකර්ම කටයුතු වලද බලි ඇදුරන් බලි තොවිල් ගම්මඩු ශාන්ති කර්ම වලද, යකැදුරන් යකුන්, භූතයන් මෙල්ල කරමින් දරුණු ක්‍රියාවන්ට සම්බන්ධ වෙමින් කටයුතු කළ පිරිසක් වෙයි.
ගැමි ජනයා වෙදරාල, කට්ටඩි මහත්තයා යනාදී නම්වලින් ආමන්ත්‍රණය කළේ බොහෝ ගෞරවයකිනි. මේ ගුප්ත විද්‍යාවෙන් විවිධ දස්කම් පෑ "බරණ ගණිතයන්, තොටගමුවේ රාහුල හිමියන්, කොණ්ඩදෙණියේ හිමියන්" වැනි ගිහි පැවිදි විශාල පිරිස් අදත් ජන හදවත් තුළ රැඳී ඇත්තේ ගුප්ත විද්‍යාවේ මහිමය ලොවට කියාපාන්නටය. සාමාන්‍ය රෝගියෙක් සුවපත් කිරීමේ සිට යකුන්, භූතයන් අල්ලා වැඩ ගැනීම දක්වා විහිදී ගිය ගුප්ත විද්‍යාවේ ශක්තිය අද වන විට ගිලිහෙමින් පවත්වන්නේ මෙහි ඇති මූලධර්මයන්ගෙන් බැහැරව කටයුතු කිරීමට යෑමෙන්. මේ ගුප්ත විද්‍යාවේ හොඳ පැත්තක් මෙන්ම නරක පැත්තක්ද ඇත. කිසි විටෙක එක් අයකුට මේ දෙකම සම සමව කළ හැකි නොවේ. මෛත්‍රියෙන් කරන ශාන්තිකර්මයන්, ද්වේශයෙන් කරන දරුණු ක්‍රියාත් එකට එක්ව කළ හැකි නොවේ. සෙත් කවි හා වස් කවි එකට රචනා කළ නොහැක්කාක් මෙන් ගුප්ත විද්‍යාවද පටලවාගෙන කළ හැකි නොවේ. යන්ත්‍ර, මන්ත්‍ර කරන ඇදුරුතුමා කායිකව, මානසිකව, වාචසිකව, ඉතා පවිත්‍ර විය යුතුයි. එසේම අෂ්ට කර්මය හොඳින් හඳුනාගත යුතුයි. එනම්,
- වශීකර්ම
- ආකර්ෂණ
- මෝහන
- ස්ථම්භන
- ශාන්ති
- විද්වේෂණ
- උච්චාටන
- මාරණ
යන කරුණු අට අවබෝධ කරගැනීම ඉතාම වැදගත් වෙයි.
මේ ශාන්තිකර්ම හෙවත් ගුප්ත විද්‍යා කටයුතුවලදී බොහෝ විට නොපෙනෙන දේව, භූත බලවේග සමඟ කටයුතු කරන්නට සිදුවෙයි. මේ නිසා ඒ හා බැඳුණු ආචාර ධර්ම පද්ධතියක් ඇත. ඒවා අවබෝධ කරගෙන කටයුතු කිරීම අනතුරු අවම කර ගැනීමට මෙන්ම පිහිට පතන්නාගේ යහපතම ඉෂ්ට සිද්ධ පිණිස හේතු වනු ඇත. අතීතයේ ගොවිතැන් කරන විට රිට්ඨා දින, පෝය දින, රාහු කාලය මේ සියලු පංචාංගයන් අවබෝධ කරගෙන ගොවිතැනින් නිසි පල ලැබුවා සේ ගුප්ත විද්‍යාධරයෝ ගුප්ත ශාස්ත්‍රය හෙවත් භූත විද්‍යාව නිසි අවබෝධයකින් කටයුතු කර උසස් ප්‍රතිඵල ලද්දෝය. එබැවින් ඔබත් හෙට දිනයේ ගුප්ත විද්‍යාවෙන් නිසි පල ලබන්න නිවැරැදිව අනුගමනය කළ යුතු ක්‍රමවේද මෙසේ කළයුතු වෙයි. මුලින් දැක්වූ අෂ්ටකර්මය හඳුනා ගනිමු.
- වශී කර්ම - සිත දිනා ගැනීමේ කටයුතු ඉටු කිරීම, නඩුහබ දිනීම.
- ආකර්ෂණ කර්මය - පැනගිය අය ගෙන්වීම, යන්ත්‍ර මන්ත්‍රවලට දිෂ්ටි කිරීම, වෙළහෙළෙදාම් වැඩි දියුණු කිරීම.
- සර්වජන වශීකර්ම - මෝහනයට රැවැටීම, මුළා කිරීම, ඇස්බැන්දුම් ආදිය.
- ස්ථම්භන කර්මය - බන්ධන ක්‍රියා, තදකිරීම, සතුන්ගේ මුඛ බන්ධනය, බෙර රබන් පැළීම, වෙඩි නොවැදීමට.
- ශාන්ති කර්මය - ඇස්වහ කටවහ දෝෂ දුරු කරලීම, යන්ත්‍ර මන්ත්‍ර, ශාන්තිකර්ම, දෙහි කැපීම, භූත උවදුරු දුරු කිරීම, බලි තොවිල් කටයුතු.
- විද්වේෂණ කර්ම - ඔවුනොවුන් වෙන් කිරීම, භේදභින්න කිරීම ඇතුළු ඡේදන කටයුතු මෙයට අයත් වෙයි.
- උච්චාඨන කර්ම - ගෙවල් ෙදාරවල්, වතුපිටි ආරක්‍ෂාව, වනසතුන් පලවා හැරීම විනෙදාස් කැපීම මෙයට අයත් වෙයි.
- මාරණ කර්මය - අනවින කොඩිවින කිරීම හා පුද්ගලයන් විනාශයට හේතුවන පාප ක්‍රියාවන්.
දැන් ඔබ දන්නවා අෂ්ටකර්ම මොනවද ඒවා කරන්නේ කුමන කරුණක් උදෙසාද යන්න ගැන. මේ අනුව ගුප්ත විද්‍යාවේ සඳහන් මේ කරුණු අට භාවිත කළ යුතු ක්‍රමයන් අවබෝධ කරගෙන එම කාර්යයේ යෙදීම ඉතා සුබයි.
මීළඟට මේ අෂ්ටකර්මයට අයත් වන දෙවි දේවතාවුන් ගැනද දැනගෙන සිටිය යුතුයි. එවිට ඔබ කරන කාරණය නිසි පල ලබන්නට හේතුවනු ඇත.
- වශී කර්මයට - රති කාමදේවතාවද
- ආකර්ෂණයට - සරසවි දේවියද
- මෝහනයට - මෝහිනී දේවියද
- ස්ථම්භනයට - ශ්‍රියාකාන්තාවද
- ශාන්ති කර්මවලට - සරස්වතියද
- විද්වේෂණයට - මූදේවියද
- උච්චාටනයට - දුර්ගා දේවියද
- මරණ කටයුත්තට - කාලි මෑණියන්ද
අධිපති බව දතයුතුයි. ඉහත කටයුතු කිරීමේදී මේ අධිපති දෙවියන් මුල් කරගෙන පූජා තබා ආරම්භ කිරීමෙන් උසස් ප්‍රතිඵල සැලැසෙයි. ඒ සමගම අෂ්ටකර්මයට අයිති දිශාවන්ද වෙයි. එම දිශාව අනුගමනය කළ යුතු වෙයි. එනම්,
- උතුර - ආකර්ෂණ
- ඊශාන - ශාන්තිකර්ම
- නැඟෙනහිර - ස්ථම්භන
- ගිනිකොන - වශීකර්ම
- දකුණ - මාරණ කර්ම
- නිරිත - විද්වේෂණ
- බටහිර - මෝහන කර්ම
- වයඹ - උච්චාටන
අෂ්ටකර්මය අනුගමනය කිරීමේදී එය නැකැත් 27ට වර්ග කර ඇති හෙයින් ඔබ කරන කර්මයට අදාළ නැකැත් පවතින දිනයක් වීම වැදගත් වෙයි.
- පුනාවස, පුවපුටුප, අභිජිත් - වශී කර්මයද,
- බෙරණ - පුවපල්, පුවසල - ආකර්ෂණයටද,
- රෙහෙන, හත, සුවණ - මෝහන කර්මයටද,
- දෙට, අස්ලිස, රේවතී - මුල නැකැත් ස්ථම්භනයටද,
- උත්‍රපල්, උත්‍රසල විසා නැකැත් - ශාන්ති කර්මයේදී ද,
- දෙනට, මුවසිරස, සිත, කැති - විද්වේෂණ කර්මයේදී ද,
- අද, සියාවස, සා, උච්චාටනයේදී ද,
- පුෂ, අනුර, උත්‍රපුටුප, අස්විද, මා - මාරණ කටයුතුවලදී ද
භාවිත කළයුතුයි.
පූජා තැබීමේදී අෂ්ටකර්මයට මේ පූජා තබන්න.
- එළකිරි, සමන්මල්, කනේරු මල් - වශී කටයුතුවලදී
- පුවඟු, කෑලමල්, අරලිය - ආකර්ෂණයේදී
- ගංජා, අබිං, කළුඅත්තන ඇට - මෝහනයට
- බෙලි, කෙසෙල් - ස්ථම්භනයට
- සුරුට්ටු, තුණුමාලු වැනි දේ - විද්වේෂණයට
- මීහරක් සම, අපිරිසුදු තැන් - උච්චාටනයට
- සීනි හිසකෙස් ඇතිරූ මිනීවල - මාරණයට
අෂ්ටකර්මයට නියමිත වර්ණයන් මෙසේ වෙයි.
- තද රතු පාට - වශීකර්ම
- රතු පාට - ආකර්ෂණයට
- ලා රතු - මෝහනයට, ස්ථම්භනයට
- කහ පාට, සුදු පාට - ශාන්තිකර්මයට
- රන්වන් පාට - විද්වේෂණයට
- අළු පාට - උච්චාටනයට
- කළු පාට - මාරණයට
අෂ්ටකර්මයට නියමිත කාල වේලාවන් තෝරාගෙන එම වේලාවන්හිදී කටයුතු කිරීම ඊළඟ කාරණයයි.
- වශීකර්ම - දිවා රාත්‍රි 6-10 අතර
- ආකර්ෂණ දිවා රාත්‍රි 10-12 අතර
- මෝහන දිවා රාත්‍රි 12-2 අතර
- ස්ථම්භන දිවා රාත්‍රි 2-6 අතර
- ශාන්තිකර්ම රාත්‍රි 6-10 අතර
- විද්වේෂණ රාත්‍රි 10-12 අතර
- උච්චාටන රාත්‍රි 12-2 අතර
- මාරණ රාත්‍රි 2-6 අතර
දැන් ඔබට අෂ්ටකර්මය පිළිබඳ දැනුමක් ලැබී ඇත. අෂ්ටකර්මයට අයිති යම්කිසි කටයුත්තක් කරන්නට ඔබ සූදානම් වේ නම් ඉහත ක්‍රියා පිළිවෙත බොහෝ උපකාරී වෙයි.
මීළඟට පංචෝපචාරය හඳුනා ගනිමු.
මල් - බුලත් - පහන් - සුවඳ දුම් - පඬුරු අවශ්‍ය වෙයි. පංචෝපචාරය සඳහා අගිල් - ගුගුල් - දේවදාර - රත්හඳුන් - සුදු හඳුන් - තුවරලා - සැවැන්දරා - සල්දුම්මල හෝ සාම්බ්‍රානි කුඩුකර මිශ්‍ර කර සාදාගත් සුවඳ ධූපය ඉතා සුදුසු වෙයි. බොහෝ විට මේ සුවඳ ධූපය ශාන්ති කටයුතුවලට ඉතා යෝග්‍යයි.
ප්‍රවීණ ජේයාතිෂවේදී අලුත්අම්බලම