නාසයේ හැඩයෙන් ගතිගුණ දැනගන්න
පොදුවේ ස්ත්‍රියගේ විවිධ අංග ලක්ෂණ සලකා බලන විට නාසයට ප්‍රධාන ස්ථානයක් හිමි වේ. නාසයෙන් ඒ ස්ත්‍රියගේ අනාගතය, වර්තමානය පවා හෙළි කරගත හැකිය. කෙනකුට හාදු දීම, සිප ගැනීම ආදී දේ සඳහා මුල් කරගන්න නාසය ස්ත්‍රියකගේ පිහිටීම අනුව ඇයගේ ගති ලක්ෂණ මැනවින් පෙන්වයි.
සිහින්ව දිගැටි නාසයක් පිහිටි ස්ත්‍රිය :
• පංච කල්‍යාණියක් බඳු, රුව ඇත්තියකි. ඇය බොහෝ කලබල නොවන නිහතමානී තැනැත්තියක් වේ.
නාසය කොට වී ඇහි බැම නාසය හා බැඳී ඇති ස්ත්‍රීන් :
• බොහෝ කලහාකාරි වේ. කණ්ඩායමක පෙරමුණ ගෙන ක්‍රියාකරයි.
නාස් පුඩු මැද උල්ව පිහිටා ඇති ස්ත්‍රීන් :
• බොහෝ රහස් සඟවා ගනී. කිසිවක් හෙළි නොකරයි. කතා බහ අඩුය.
නාස් ඇටය, මැද ඉස්සී පිහිටයි නම් :
• බොහෝ කපටිකම් කරන්නියකි. කිසිවක් නොමැති කෙනකු සේ ජීවත් වේ.
ඉහළින් නාසය වක්‍ර සහිතයි නම් :
• බොහෝ ආශාවන් පසුපස ලුහුබඳී. මායාකාරියකි.
නාස් පුඩු ගනව විශාලව පිහිටා ඇත්නම් :
• කිසිම දෙයකින් සෑහීමට පත් නොවේ. ලැබුණ දෙයද අගය නොකරයි.
උඩුතොල දක්වා නාසය මැදින් ඉස්සුණු දාර සහිතව පිහිටි ස්ත්‍රීන් :
• ඥානවන්තයි. කථිකත්වයක් ඇත. එමෙන්ම සිහි නුවණින් කටයුතු කරයි.
කතා කරන විට, නාසය නටවයි නම් :
• බොහෝ රාගාධික තැනැත්තියකි. එමෙන්ම සිත් ඇද ගැනීමට උත්සාහ දරයි.
නාස්පුඩු අඟ දෙකොනෙ වළ ගැසී ඇත්නම් :
• නිතරම තමා ගැන වර්ණනා කරයි.
නාසයේ සිදුරු වටා හම කළු නම් :
• කිසිම උපදෙසක් පිළිනොපදී. තම අභිමතයට කටයුතු කරයි. ඇය විවාහ වුවද අනියම් බැඳීම් ඇතිකර ගනී. එහෙත් තමා නිවැරැදි බව කීමට උත්සාහ දරයි.
මායාකඩුව ඉමදුව ගාමිණී මාරඹඋපුටා ගැනීම මව්බිම
ජ්‍යෙතිෂ ශාස්ත්රාණුකූලව නැකත් 27 ක් පමණ ඇති අතර ඉපැරණි “මානසාගරී” ජ්‍යෙතිශ ග්රන්ථයට අනුව නම්, නැකත් 28 කි. අස්විද, බෙරණ, කැති, රෙහෙණ,...
නූතන ලෝකයට විද්‍යාව බිහි කළ පුරෝගාමී විද්‍යාඥයින් අතරින් ප්‍රබලයෙක් වන "ඇල්බර්ට් අයින්ස්ටයින්" මෙසේ කීවේය. මේ විශ්වය තුළ අපගේ ඇසට නොපෙනෙන අනන්තා...
කන්‍යා ලග්නය හැරුණු විට මිනිස් රූප මගින් සංකේතවත් වන එකම රාශිය වන මිථුනය සංකේතවත් කරන්නේ පෙම් යුවළකි. නර රාශියක් වූ මිථුන...
සතුන්ට මිනිසාට තරම් දියුණු මනසක් නැතත් ඔවුන්ට ඇති සංවේදී බවින් යුත් ඉන්ද්‍රියන් පිහිටා ඇත. මේ නිසා ඉදිරි කාලයේදී සිදුවන යම් යම්...
සූර්යාගේ රාශිචාරය අනුව මනුෂ්‍යයාගේ ජීවිතය හැඩ ගැසෙන බව ජ්‍යොතිෂ්‍යයේ මතයයි. මේ අනුව එක් එක් මාසවල ඉපදුන අයගේ ගතිගුණ හා අනාගතය පිළිබඳව...
මෙවැනි ජන්මීන්ට සිකුරු ගේ රාහු අතුරු දශාව තිබේ. ආරූඪ ලග්නයෙන් 3 වැන්නේ සිටි සිකුරුගේ මහ දශාවේ ආරූඪ ලග්නයෙන් අට අධිපති වූද,...