දෙතොල් වලින් හෙළිවන ඔබේ පෞරුෂය ගැනයි මේ....
පිරිපුන් තොල් සඟලක් :
ඇතැම් කාන්තාවන්ගේ දෙතොල් පිරිපුන් වක්‍රාකාරව පිහිටා තිබෙන්නේ සරාගී බවක් ඊට එකතු කරමින්. ඇන්ජලිනා ජොලි, ස්කාලට් ජෙහෑන්සන් වැනි ප්‍රවීණ නිළියන්ට තිබෙන්නේ එවැනි තොල් සඟලක් බව සඳහන් වී තිබෙනවා. පිරිපුන් තොල් සඟලකින් යුතු කාන්තාවන් දැඩි ආත්ම විශ්වාසයෙන් යුක්ත ධෛර්ය සම්පන්න අය ලෙසයි හැඳින්වෙන්නේ. මෙවැනි සම්පූර්ණ, සම්මිතික තොල් සඟලක් පිහිටා තිබිම කාන්තා රූ සපුවට මන බඳනා පෙනුමක්ද එකතු කරනවා.
පුළුල් තොල් සඟලක් :
ජූලියා රොබට්ස් වැනි රංගන ශිල්පිනියන් පුළුල් තොල් සඟලක් ඇති අය ලෙස දක්වන අතර එවැනි දෙතොල් පිහිටි අය විවිධ රුචිකත්වයන්ගෙන් සමන්විත මිතුරු මිතුරියන් රාශියක් ඇසුරු කරන බව සඳහන් වෙනවා. එමෙන්ම තමාගේ දෛවයට දැඩි අධිෂ්ඨානයකින් මුහුණදී දෛවය තමා විසින්ම සකසා ගන්නා පරිපූර්ණ අය බවද විවිධ කුසලතාවලින් පිරිපුන් ජයග්‍රාහී පිරිසක් බවද දැක්වෙනවා.
වටකුරු තොල් සඟලක් :
බොත්තමක හැඩයෙන් යුතු වටකුරු තොල් සඟල් පිහිටි ප්‍රකට නිළියන් ලෙස රේචල් බිල්සන් සහ ඩෲ බැරිමෝර් හඳුන්වාදිය හැකියි. මෙවැනි දෙතොල් පිහිටි අය ගවේෂණාත්මක කටයුතුවලට කැමැත්තක් දක්වන කැරලිකාර අදහස් ඇති කාන්තාවන් ලෙස හැඳින්වෙනවා. ඒ විතරක් නමෛයි ඔවුන් ඉඟිබිඟි පාමින් ආල බස් දෙඩීමේ හැකියාවක් ඇති බවද පැවසෙනවා. මෙවැනි කාන්තාවන් කෙරෙහි දැඩි ආකර්ෂණයක් ඇතිවන්නේ ඔවුන් තුළ පවතින ප්‍රබෝධමත් බව සහ සිත් අලවන විලාසිතා තෝරා ගැනීමේ ගුණාංග නිසයි. එම ගුණාංග පිහිටන්නේ වටකුරු තොල් සඟලක් තිබෙන අයටයි.
සිහින් තොල් සඟලක් :
සිහින් තොල් සඟලක් උපතින්ම උරුම වූ කාන්තාවන්ට පිහිටා තිබෙන්නේ වෙනස්ම ආකාරයේ ගතිගුණ. ග්වේනිත් පැල්ටේරා්, කේට් හඩ්සන් යන රංගන ශිල්පීන්ගේ දෙතොල් සිහින් තොල් සඟලකට නිදසුන් කීපයක්. මෙවැනි තොල් පිහිටි අය සහජ ඥානයෙන් යුක්ත, සංවේදී පිරිසක් බව සඳහන් වෙනවා. සුන්දර ස්වභාවයෙන් යුක්ත මෙම කාන්තාවන් ලැජ්ජාශීලී අය ලෙස හඳුන්වනවා. සිහින් තොල් සඟලක් පිහිටි අය ඉක්මනින් රැවටෙන සුළු අය බවද අවධාරණය කර තිබෙනවා.
දුන්නක හැඩැති තොල් සඟලක් :
මේ ආකාරයේ දෙතොල් පිහිටි අය අතරින් ජීස් විදර්ස්පුන්, හේඩන් පැනෙට්ටියර් යන රංගන ශිල්පීන් ප්රකටයි. දුන්නක හැඩැති තොල් සඟලක් පිහිටි කාන්තාවන් තුළ ස්වාධීන බවින් යුක්ත වීම, අර්ථාන්විත නොමගට පොළඹවනසුළු සිතකින් යුක්තවීම වැනි ගුණාංග පිහිටා තිබෙනවා. එමෙන්ම මන බඳනා රූසපුවකින් යුක්ත මෙම කාන්තාවන් සිතට එකඟව කතා කිරීමට බියවෙන්නේ නැහැ. ඒ වගේම ජීවිතය ග්‍රහණය කරගෙන විනෝදයෙන් කාලය ගත කිරීමටද පසුබට වෙන්නේ නැහැ. මෙවැනි අය ෙදෙවය නිර්මාණය කරගන්නේ ඔවුන් විසින්මයි.
පහළට නැමුණු තොල් සඟලක් :
මෙවැනි තොල් සඟලක් පිහිටි කාන්තාවන් ගුප්ත චරිතයක් ඇති පෞද්ගලිකත්වයට නැඹුරු අය ලෙස දක්වා තිබෙනවා. මොවුන් අසාමාන්‍ය සහ අවස්ථාවට ගැළපෙන අයුරින් ජීවත් වන අය ලෙස තවදුරටත් හැඳින්විය හැකියි. මොවුන්ගේ බුද්ධි ස්වභාවය ඇත්තවශයෙන්ම සිත් ඇදගන්නාසුළුයි. මෙම කාන්තාවන් තෝරා බේරාගෙන කටයුතු කරන පුද්ගලයින් නිසා සතුටු කිරීම ඉතා අසීරුයි.
උපුටා ගැනීම ලක්බිම
සුබ ගමනක් පිටත්වීමට හෝ සුබ කටයුත්තක් ආරම්භ කිරීමට පෙර වේලාව සුබ දැයි සොයාබැලීම පුරාණ චාරිත්රයකි. මෙයින් ද සෑම සුබ වැඩක්ම අරඹනවිට...
අපගේ ජීවිතයේ විවිධ ක්‍රියාකාරකම් තුළින් සේම අපගේ සිරුරින්ද විවිධ අනාවැකි පළවන බව ඔබ දන්නේද?.මේ දේවල් පැරණි අයගේ හණමිටි අදහස් ලෙස සලකා...
තලගොයා, කබරයාට සමාන සතකු වුවද කබරයා තරම් තද කළු නොවෙයි. තලගොයා මිනිසාට සුබ පල ගෙන දෙන සතකු වන අතර කබරයා අසුබ...
නම ඇසූ පමණින් සැවොම බිය වද්දන සෙනසුරු හෙවත් ශනි ග්‍රහයා, ග්‍රහ පවුලේ මෙහෙකරු වන අතර දුකට අධිපතියා ද වේ. පුද්ගලයකුට ශනි...
ධනසේකර මුදලාලි හැත්තෑව දශකය වනවිට ලක්ෂපතියෙකි. අද නම් ලක්ෂපතියන් ඕනෑ තරම් සිටී. එහෙත් එදා ලක්ෂයක් යනු ලොකු මුදලකි. එකල ප්ලෙන්ටියක් සත...